543 පක්ක ගොධ ජාතකය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙර වැඩ වසන සේක් එක් කෙළෙඹියෙකු ඇරඹ මේ ජාතකය දේශනා කළ සේක.

එක් දුර ගමනක් යන පුරුෂයා සමඟ භාය්‍ර්‍යාවකට අතර මගදී හමුවූ වැද්දෙක් “දෙදෙනාම අනුභව කරවි” යයි එක් පිසු ගොයකු දුන්නේය. ඒ පුරුෂයා භාර්යාව පැන් ගෙන ඒමට යවා හොයා සම්පූරණයෙන්ම අනුභව කොට භාර්යාව පැමිණි කල්හි සොඳුර සොයා පැන ගියේ යැයි කීය. භාය්‍ර්‍යාවද පිසු ගොයත් පැන ගියවිට කුමක්කරමුද කියා පැන් බී දෙදෙනාම දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත් පසක සිටියේය.

බුදු රජාණන් වහන්සේ උපාසිකාව, නුඹගේස්වාමියා නුඹට ස්නේහවන්තද? උපකරකදැයි විචාරණ ලද ඕතොමෝ ස්වාමීනි, මම නම්මොහුට හිත කැමැත්තෙමි. ස්නේවන්ත වෙමි. උපකාර වෙමි. මොහු නම් මට එසේ ස්නේහ නැතැයි කීවාය. බුදුරජාණන්වහන්සේ උපාසිකාව මෙසේ නොස්ිතව, යම් කලෙක නුඹගේ ගුණය මොහු දැනගන්නේද එකල මොහු නුඹට සියලු සම්පත් දෙන්නේ යයි අතීතය ගෙනහැර දැක් වූ සේක.

අතීත කථාමද යට කියන ලද්දමෙනි. මෙහි වනාහි නැවතුනාවු ඔවුන්ගේ ක්ලාන්ත බව දැන මගදී එක්වැද්දෙක් දෙදෙනාම අනුභව කරව් යයි කියා එක් පිසු ගොයකු දුන්නේය. රාජදූතිකාව ඒගොයා වැලකින් බැදගෙන මඟට බැස්ාය. ඔවුහු ටික දුරක් ගොස් විලක් දැක හොයා අනුභව කිරීමට නැවතුනාහ. එහිදී කුමාරයා සොඳුර, මෙහිදී මසස්අනුභව කරමු. නුඹ ගොස් පියුම් පතකින් වතුර ටිකක් ගෙන එන්නැයි කීය. ඕ පැන් ගෙන ඒමට ගිය කල්හි කුමාරයා තනිවම හොයාගේ මස් සියල්ල අනුභව කොට වලිගය කෙළවර පමණක් අත තබාගෙන බිම බලාගෙන සිට කුමාරිකාව පැමිනිවිට සොඳුරිය, ගොයාපැන ගොස් බිලයකට පිවිසුණේය. මා වහා ගොස් වල්ගය අල්ලා ගත්විට වල්ගයක් කඩාගෙන බිලයට පිවිසුනේයයි කියා මේ අල්ලාගත් වල්ග කෑල්ලයයි අතේ තිබුණ වල්ගය පෙන්වීය. ඕ තෙමෝ ද ස්වාමිනි, පිසු ගොයත් පැන ගියවිට අපි කුමක්කරමුදැයි කියා ස්වාමියා සමඟ යන්නට පිටත් වූවාය. දෙදෙනාම බරණැස් නුවරට පැමිණියාහුය. පසුව කුමාරයා රජකම ලැබ ඈ අග මෙහෙසි තනතුරෙහ් තැබුවේය. නමුත් කිසිම සත්කාර සම්මානයක් නොකළේය.

බෝධිසත්වයන් වහන්සේ ඈට සත්කාර කරවනු කැමැත්තෙන් රජු සමීපයේ සිට ආය්‍ර්‍යාවෙනි, ඔබගෙන් අපි කිසිවක් නොලබමු. මොකද අපි ගැන බලන්නේ නැද්දැයි දේවීන් වහන්සේ ගෙන් ඇසීය. ඕතෙමෝ දරුව, මමද රජුගෙන් කිසිවක් නොලබමි. නුඹට අප දෙන්නේ මොන වාද? රජ තෙමේද එදා වනයේ සිට දෙදෙනාම දුකසේ එනවිට ගොයත් තනිව අනුභව කොට දැන් මට කුමක් දෙන්නේදැයි කීහ. දේවිය මෙසේ නොකියව. දේවයන් වහන්සේ එසේ නොකරන්නේයයි බොසත් තෙම කීය. එවිට දේවිය දරුව, එය නුඹට අප්‍රකටය. රජුටත් මටත් ප්‍රකටයයි කියා කීවාය.

එය අසා බෝසත් තෙම දේවයන් වහන්ස යමෙක් තමාට මෘදු සිතින් නැමේද තමාද ඔහුට නැමෙන්නේ විය යුතුය. තමාගේ වැඩ තමාට අවුන කරන්න හුගේ වැඩ තමාද කළ යුතුය. තමාට අවැඩ කැමැත්වුහට අභිවෘඪියෙන් නොකළ යුතුය. තමා හා එක් නොවන්නා හා එක් නොවිය යුතුය. තමන් අත්හරින තැනැත්තා අත්හළ යුතුය. තමාගෙන් වෙන්වන සිතැත්තහු හා එක්නොවිය යුතුය. පක්ෂියෙක් ඵල රහිත ගස අතහැර අන් ඵලහරිත ගසක් සොයායේය. එමෙන් අන් තමාට හිතැති කෙනෙක් සොයා ගතයුත්තේ යයි කීය.

රජතෙම බෝසතුන් කියත්ම දේවියගේ ගුණ සිහි කොට සොඳුර මෙපමණ කලක් නුඹගේ ගුණ නොසලකා හැරිමි. මාගේ අපරාධ සියල්ල ඉවසූ නුඹට මේ සියලුරාජ්‍යම දෙමියි කියා ඕහට සියලු සම්පත් දුන්නේය. මොහු විසින් මෑගේ ගුණ සිහිකරවන ලද්දේ යයි බොසතුන්ට මහත් සම්පත් දුන්නේය.

බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කොට සිව්වස් දක්වා ජාතකය නිමාව වදාළ සේක. ධර්මදේශනාව සාසනයෙහි ඒ අඹූසැමි යුවල සොවාන් ඵලයෙහි පිහිටියාහුය. එකල අඹුසැමි යුවල මෙකල අඹුසැමි යුවලමය. පණ්ඩාත අමාත්‍යයා නම් බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

544 විතිය කොසිය ජාතකය
542 අස්ථාන ජාතකය
IFBC Home Page