540 මහාබෝධි ජාතකය - IFBC Organization | Dhamma

තවද එක් සමයෙක්හි තිලෝතුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරනසේක් තමන් වහන්සේගේ මනොඥවූ ප්‍රඥපාරංමිතාව අරභයා මේ මහා බෝධි ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි කසීරට අසුකෙළක් ධනය ඇති මහා සාර කුලයක උපන් බෝධීකුමාරයොයැයි නම් ලත් බ්‍රාහ්මණ කුමාරයෙක් පංචගාම සම්පත් හැර හිමාලයට වැද පැවිදිව බොහෝ කාලයක් එහි වැස වස්සාන සෘතුවෙහි හිමවතින් බැස ක්‍රමයෙන් බරණැසට පැමිණ පිඩුසිඟායන්නේ රජ ගෙදරය වැඩිසේක, රජ්ජුරුවෝ ඒ තාපසයන්ගේ දැමුනු ඉඳුරන් දැක පැහැදී බණ අසා දන් වළදවා එම උයනෙහිම පන්සලක් කරවා එහිම වැස්වූ සේක. රජතෙම දිනකට තුන්වරක් උපස්ථානයට යන්නේය. තාපසයන් වහන්සේ දානය සඳහා රජ ගෙදරට වඩින්නා සේක. මෙසේු දෙළොස් වසක් ඉකුත්විය. ඒරජ හට අමාත්‍යයෝ පස් දෙනෙක් අර්ථ ධර්ම දෙකින් අනුශාසනා කරන්නාහ. උන් අතුරෙන් එකෙක් අහේතුකවාදීය. එකෙක් ඊශ්වර කරණාවාදීය. එකෙක් පුර්ව කෘතිය වාදීය එකෙක් උච්ජේදවාදීය. එකෙක් ශත්‍රවිද්‍යාවාදීය. මෙබඳු ප්‍රඥාවෙන් විරහිත ඔවුන් පස්දෙනා මෙසේ යුක්තිය නොවිසවා අත්ලස්කන්ට පටන්ගෙන අහිමියන් හිමියන් කිරිම වශයෙන් අනර්ථ කරන්නාහුය. දිනක් දන්වැලදීම සඳහා රජ ගෙට වඩිනා තාපසයන් වහන්සේ හමුවට පැමිණි එක් පුරුෂයකුගේ බලවත් ඉල්ලීම පරිදි නඩුවක් විසදීම සඳහා බොහෝ දෙනෙකුගේ ්ප්‍රශංසා ලබා සාධු කාර මධ්‍යයෙහි රජ ගෙට වැඩියේ රජතුමා ඉතා සතුටට පත්ව මෙතැන් පටන් නුඹ වහන්සේම නඬු විනිශ්චය කර වදාළ මැනවයි දැන්වූ සේක.

එතැන් පටන් ඉහත කී අමාත්‍යයෝ පස්දෙනා ලාභයෙන් පිරිහෙන්නට වූයේ තාපසයන් කෙරෙහි ක්‍රෝධ උපදවා මුසාවක් ගොතා ඔහු පලවා හරිමුයයි කතිකා කොට දිනක් රජ්ජුරුවන් හමුවට ගොස් නාරධිප්‍රතිවහන්ස තපස්තෙම ඔබ වහන්සේට අනර්ථ කිරීමට සුදානම්ව සිටින්නේය. සියලු නුවර වාසිහු තමන්ගේ හස්ත ගත කරන ලද්දේය. හුදෙක් ඔබට නොවෙනස්වූ මනස් ඇත්තෙන් අප පස්දෙන පමණක්ම යැයි කීවාහුය. දිනක් රජ්ජුරුවෝ සීමැදුරු කවුළුවෙන් පිටත බලන්නේ තාපසයන් හා එන්නාදු පිරිස් දැක ඒ උන්ගේ පිරිවර යැයි සිතා තාපසයන් කෙරෙහි කිපී අමාත්‍යයන් කැඳවා කුමක් කරමුදැයි විචාළහ. ඔහු අල්ලා මරා දැමුව මැනවැයි දැන්වුවාහුය. එවිට රජ්ජුරුවෝ බලවත් අපරාධයක් නොදැක කෙසේ අල්ලා මරමු දැය කීහ. එසේ වීනම් දේවයන්වහන්ස උපස්ථානය පිරිහෙලාලුව මැනව. හේ පිරිහීම දැක පලායන්නේයයි කීයෙන් රජ තෙම යහපතැයි ින කීපයක් තුල ක්‍රමයෙන් කරන සියළු උපස්ථාන සැලකුම ආදිය නවතා දැමුහ. තාපසයන් වහන්ස කිසිත්ගනන්නොගෙන ඒ ආහාර ස්වල්පය ගෙන ගොස් උයනෙහි වලඳන සේක. රජ්ජුරුවෝ අමාත්‍යයන් අමතා දැන් කුමක් කරමුදැයි විචාරා ඔහු සෙටම මරවා වදාල මැනවැයි කී කල්හි රජ්ජුරුවෝද යහපතැයි ගිවිස ඔහුන්ගේ අතෙහි තම කඩුව තබා තෙපි සෙට මාලිගාවට ඇතුළු වන ඔහුගේ හිස කඩ කඩ කොට අසුචී වලෙකක ලා එවයි කීහ. ඔවුන් පස්දෙනාද සෙට අළුයම එය කරම්වයි තම ගෙවලට ගියහ. ඔවුන් ඒ අනර්ථ කරමුයැයි සිතුපමණක්ම අකුසල් කරන්නා හට ලෙවුයෙහි රහසෙක් නම් නැත්තේය.

එහෙයින් වදාළහ

“නත්ථිලොකෙ රහොනාම – පාපකම්මං පකුබ්බතො

පසන්තවත භූතෘනි – තංබාලො මඤඤතී රහො”

ඉක්බිතියෙන් රාත්‍රි ආහාරයෙන් පසු නරේන්ද්‍ර තෙම ශ්‍රී යහන් හි සැතපී හිඳ තාපසයන්ගේ ගුණ සිහි කළේය. රජ හට ශෝක උපන්නේ ඩා වැගිරෙන්නට විය. ඉක්බිත්තෙන් එහි පැමිණ අග බිසව රජ්ජුරුවන්ගේ කනස්සලු භාවය දැක ඊට හේතුව විමසා තාපසයන් වහන්සේට කිරීමට නියම කළ ව්‍යසනය දැන සේවයන් වහන්ස හෙතෙමේ අපට සතුරු වූයේ නම් නැසීම ගැන කුමට ශෝක කරන්නෙහිදැයි කියා අස්වසාලූවාය. රජ තෙමේ බිසවගේ බස් අසා නිද්‍රාවට පැමිණියේය.

එකෙණෙහි තාපසයන් වහන්සේගෙන් නිතර බත් ලැබෙන කොලෙය්‍යක නම් සුනඛ තෙම ඒ කතාව අසා සිට තාපසයන් වහන්සේට ජීවිත දානය දෙන්ට වටනේයැයි සිතා දෙවෙනි දින උදයම මාලිගාවෙන් බැස තාපසයන් වහන්සේ එන එලිපත මත්තේ හිස තබා වැද හොත්තේය. ඇමතියෝ පස්දෙනද දොර මුල්ලේ සැඟවී සිටියාහුය. තාපසයන් වහන්සේද පාත්‍රය ගෙන රජ ගෙදර කරා එලඹි සේක. ඉක්බිති සුනඛ තෙම ඉදිරියට ගොස් කිමෙක්ද? වහන්ස දඹදිව් තලයෙහි අන් තෙනෙක්හි දන් නොලබන්නෙහිද? අප රජ තෙම තොප මැරීම සඳහා කඩු ගත් පස් ඇමතියන් දොර මුවායෙහි සිටුයේය. මෙතැනින් වහා ඔබ්බට වැඩිය මැනවයි මහ හඩින් හැඬීය. උන් වහන්සේ සත්වයන්ගේ ශබ්දයන්හි අර්ථ දන්නා හෙයින් ඒ දැන එතැනින් හැරී නැවත උයනට ගොස් වඩනා පිණිස පිරිකර ගත් සේක. එවිට සීමැදුරු කවුළුම සමීපයෙහි සිටි රජ තෙම තාපසයන් එන බවද යන බවද දැක ඉදින් මේ තෙම මට සතුරු නම් උයනට ගොස් පිරිස රැස් කොට සටන ට සැරසී එන්නේය. සතුරු නොවුයේ ගෙන පිරිකර ගෙන ගමනට සැරසෙන්නේය. එතෙක් ඔහුගේ ක්‍රියාව දැන ගනිමියි සිතා උයනට ගොස් නික්මෙන තාපසයන් වහන්සේ දැක වැඳ කිමෙක්ද ස්වාමිනී කවර කරුණක් නිසා පිරිකර ගෙන වඩිනා සේක්දැයි විචාලේය. තාපසයන් වහන්සේ මේ රජතෙම තමන්ගේ දුෂ්ටවූ ක්‍රියාව මා නෙදනිතියි කියා සිතන්නේය. ඒ මම දත් බව දන්වමියි සිතා සුනඛයාගෙන් දැනගත් පරිදි හෙළිකෙළේය. රජතෙම ඒ අසා තමා අතින්වූ වරදට සමාවී එහිම වැඩසිටියේ ආරාධනා කෙලේය. එවිට තාපසයන් වහන්සේ මහරජ, බොහෝ කලක් එක්තැනක විසීමෙන් ප්‍රියතැනැත්තේ අප්‍රිය වන්නේය. එබැවින් මහරජ, නැවතත් තොපට අපව අප්‍රිය නොවන්නේනම් එකල්හි තොපට දන්වායම්හයි වදාළසේක. ඉක්බිති රජතෙම නැවතත් වඩින ලෙස ආරාධනා කළහ. තාපසයන් වහන්සේ තවුස් පිරිකර ගෙන උයනින් නික්ම සහිමවි පියසටදම වැඩි සේක.

නැවතත් අමාත්‍යයේ පස්දෙන පෙරසේම අත්ලස් ගනිමින් රට නසන්ාහු මෙසේ සිතුවාහුය. ඉදින් තාපසතෙම නැවත මෙහි පැමිණියේ නම් අප දිවිනැත. එහෙයින් ඔහුගේ ගමන වැලක්වීමට කුමක් කරමුදැයි මන්ත්‍රණය කරන්ාහු අගමෙහෙසිය තාපසයන්ට හිතවත් බව දැන ඈ රහසින් මරමු යයි කතිකා කොට දිනක් මිහිපල්කරා එලඹ දේවයන් වහන්ස, මේ දවස්හි නුවරුන් අතර එක් කථාවක් පවතී. කවර කථාවෙක්ද? මහාබෝධි තාපසයන් හා අගමෙහෙසියද ඔබව මරා රාජ්‍යගැනීමට හසුන් පත් මාරුකරනාහුයයි දැන්වුවාය. එවිට රජතෙම මේ සැබවයි අදහා දැන් කුමක් කටයුතුදැයි විචාරා දේවිය මරන්නට උවමැවයි කී කල්හි අපරික්ෂාකාරීව එසේනම් මරාපියවයි කීයේය. අමාත්‍යයෝද එසේ කළහ. නිර්දෝෂ වූ බිසව මැරූ බව නුවර පතල විය. ඉක්බිති රජවරුන්ගේ පුතුන්සතර දෙනා නිකකරුනේ අපගේමැණියන් මරවන ලද්දේ යයි පිය රජ්ජුරුවන්ට විරුඬ වුවාහුය.

තාපසයන් වහන්සේද මිනිසුන් අතින් මේ දැන පියාගෙන් පළිගැන්ම සඳහා සූදානම් බව සිටින පුතුන්ව සමථයකට පත්කොට රජ්ජුරුවන්ට ජිවිත දානය දෙමි කුමාරවරුන්ද පාපයෙන් මුදවමියි සිතා එන්නේ මිනිසුන් මරාදුන් වඳුරු මස් ඵලදා ඒවඳුරු සමද පොරවාගෙන ක්‍රමයෙන් අවුත් කුමාරවරු කරා ැළඹ ඔවුන්ට අවවාදකොට ඇතුල් පුර උයනට පිවිස වානර සම ඵලා සල්වට මත්තෙහි වැඩ උන් සේක. උයන්පල්ලා ගොස් රජ්ජුරුවන්ට දැන්වීය. රජ්ජුරුවෝ පැමිණ තාපසයන්ට වැඳ හිඳ පිළිසඳර කථාකොට වඳුරු සම්කඩ පිරිමැද මැදම උන්සේක.

ඉක්බිත් රජ්ජුරුවෝ ස්වාමිනි, ඔබ වහන්සේ වඳුරු සමම පිරිමදිමින් සිටිනසේක. කිමෙක්ද? මේ වඳුරුසම ඔබ වහන්සේට බොහෝ උපකාර කරනලද්දැයි විචාළහ එසේය, මහරජ, මේ වඳුරා මට බොහෝ උපකාරය මොහු පිට නැගී ඇවිද්දෙමි. මොහු මට පැන් කල ගෙන වුත් දීලිය. වසනතැන් හැමැද්දේය. වත් පිළිවෙත් කෙළේය. මම දුර්වල බැවින් ඔහුගේ මස් කා සම වියලාගෙන අතුට හිඳිමියි කීසේක. මේ කිසිවක් මුසා නොවන්නේය. සමෙහි උන් බැවින් මොහු පිට ඇවිද්දෙමියි කී සේක. එය ඇකයෙහි තබා පැන් ගෙනා බැවින් පැන් ගෙනෙනලදැයි ද එයින් බිම් පිස දැමු බැවින් වසන තැන් හැමැද්දේ යයි ද කීසේක. සයින් පීඩීත කල ත්‍රිකොට පරිශුඬ තාවෙන් නිදොස්ව මස් වැළදු බැවින් සිත දුර්වල කල මස් අනුභව කෙළෙමියි වදාළ සේක. රජතෙම ඒ අසා ඇමතියන් අමතා බලව් තාපසයන්ගේ ගතිය තම්හට කීකරු වඳුරාගේ මස්කා සම්කඩ ගෙන ඇවිදින්නේය. අහෝ මෙබඳු ගුණැති මහත්තමයෝ ලොව තවත් ඇද්ද සිනාසී නින්දා කළේය. එවිට තාපසයන් වහන්සේ තොප මට කවර හෙයින් නින්දා කරම්දැයි විචාළේය. තාපසයෙනි මිත්‍රද්‍රෝහී වූ තොප කල ප්‍රාණඝාතය ගැන යයි කීහ. එවිට තාපසයන් වහන්සේ රජ්ජුරුවන් අමතා සූකර මස් ඌකර ගතම තබා සිඳන්නා සේ ඔහු ගේ වාදයෙන් ඔහුටම නිග්‍රහ කොට මිත්‍ර ද්‍රෝහී වන්නේ තොපමය. තෝ වූ කලී ප්‍රයෝජනයක් බලා සෙවණ දුන් වෘක්ෂය සහ මුලින් උපුටා දමන්නෙහියයි අවවාද කොට බාල පණ්ඩිත සූත්‍රය හා ගොඩ ජාතක, සංජිව ජාතක, අකිර්තී ජාතක වදාලා ඉදින් මෙසේ රජ තෙම අධර්මිෂ්ට වූ කල්හි සියලු රට දුකින් වසන්නේය. තවද මහ රජ භවයන් එතර කරන ගොපල්ලෙක් ගඟට බැස්ස ගවයන් අතරෙන් පෙරෙටුව යන ප්‍රධාන ගවයා කෙලින් එතෙරවයේද ඔහු පස්සේ සියල්ලෝ ද එසේම යන්නාහුද එමෙන්ම මනුෂ්‍යයා අතුරෙන් යමෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත වේද ඔහු පාප ධර්ම වලින් තොරව සුචරිත ධර්මයෙහි හැසිරේද එකල්හි විකල් වූ සියල් සත්හුද කුසල ධර්මයෙහි හැසිරෙන්නාහුයයි වදාළ සේක.

මෙසේ තාපසයන් වහන්සේ රජ්ජුරුවන්ට පහන්වන ලෙස දහම් සොඩ ක්ෂමා කරවීමට අමාරු කුමාරයන් සතර දෙන කැඳවා අපවාද නොවන ලෙසට අවවාද කොට ක්ෂමා කරවා මහරජ, මෙතැන් පටන් අපරික්ෂාකාරිව පරිභෙදකයන්ගේ වචනය ගෙන මෙබඳු සහාසික කර්මයන් නොකළ මැනවයි අවවාද දුන්සේක.

ඉක්බිතායෙන් මහරාජානෝ තාපසයන් වහන්සේට දන්වනුයේ ස්වාමිනි, මම ඔබ වහන්සේට හා බිසවට අපරාධකම් කෙළේ මොවුන් නිසාමය. මොවුන්ගේ කථාව ගෙන මෙසේ වූ අකුසලය කර්මයන් කෙළෙමි. එහෙයින් මාගේ ගුණ විනාශකළ මොවුන් පස්දෙනා මරමියිකී සේක. එවිට තාපසයන් වහන්සේ මහරජ, මනුෂ්‍ය ඝාතනය ඉතා දරුණුය. එහෙයින්එසේනොකරවයි වදාළ සේක. එසේනම් ස්වාමිනි, මොවුන්ට සිත් පරිදි සැප නොවින්දින්ට අත් පා සිඳුවයි කී සේක. මහරජ, ඒද නොවැනමයි වදාළ සේක. එවිට මහ රජ්ජුරුවෝ යහපත ස්වාමිනි පිළිගෙන ඔවුන් සියල්ලම හොරු කොට හිස, කොණ්ඩා පස බැගින් බඳවා බළු කනාවැල් කර බැඳ ගොම දිය ඉසීමෙන් අවමන් කොට වද බෙර ගස්වා රටින් නෙරපූහ.

මහාබෝධි තාපසයන් වහන්සේද කීප දවසක් එහිවැස හිමවතට ගොස් භාවනා කොට බ්‍රහ්ම ලෝකයට ගිය සේක.
එසමයෙහි පඤවවිධ දෘෂ්ටි ශතිකයෝනම්මෙසමයෙහි පූර්ණ කාශ්‍යපය, මණ්ඩලී ගෝසාලය, කකුධ කාත්‍යායනය, අජිත් කේසකම්බලය, නිගණ්ඨ නාථ පුත්‍රයයි යන මේ පස්දෙනා වන්නේය. මහාබෝධි තාපසයෝ නම් දැන් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

541 වෙස්සන්තර ජාතකය
539 උම්මාදන්තී ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.