519 මහා කුනාල ජාතකය

ත්‍රිභූමනෛක තිලකවූ සකලඥෙය සාගර පාරප්‍රාප්තවූ අනන්ත ගුණ ගණාධාර භුවනත්‍රයගත සකල සත්ව හිතොපදේශකවූ ජාති ජරා ව්‍යාධි මරණාදී සකල දුක්ඛසලීලාඝ සම්පූර්ණවු සංසාර ජලනිධිගමන සමස්ත සත්වයා අමෘත මහා නිර්වාණ පුරප්‍රවේශය කරන්නාවූ ලොවුතුරා බුදුහූ කුණාලවිල සමීපයෙහි පැළපස සැටයොදුන් උස ඇති රන්සිරියෙල් ගලතලමුදුනෙහි කල්පසාථායි සත්යොදුන් උස ඇති සල්රැක් මුල වැඩඋන්සේක් ශාසනයෙහි ඇලුම් මදව වෙහෙස විඳිනාවු පන්සියයක් භික්‍ෂුන් අරභයා මේ කුණාළ ජාතක ධර්මදේශනාව වදාළසේක,
මෙහෙි පිළිවෙළකථාව ශාක්‍යකොලිය දෙනුවර ඇත්තෝ වනාහි කිඹුල් වත්නුවර හා දෙවුදැහැනුවරට අතුරෙහි රෝහිණි නම් ගංගාව දෙනුවර ඇත්තෝ එක්ව අමුණුබැඳ ගොයම්කරන්නාහුය.

ඉක්බිති පොසොන්මස කිනගෙන් ගොයම් මියන්ට වන්කල්හි තොපටත් අපටත් නොසෑහෙන්නේය, අපගේ ගොයම් එකදියවරකින්ම පැසෙන්නේය. එහෙයින් මේ දිය පළමුකොට අපට හැරපියවයි කීහ.

එබස් අසා කිඹුල් වත් පුර ඇත්තො තොප ගොයම් පැසවා අටුවපුරා ගත්කල්හි අපි රත්රන් රිදි මැණික් කාවනුගෙණ කඩගම්පැසගෙන තොපගේ දොර දොර ඇවිදින්ඬ නොහැක්කම්හ. අපගේද ගොයම් එක දියවරකින් පැසෙන්නේය. එබැවින් අපට හැරපියවයි කී කල්හි කෝලිය නුවර වැස්සො අපි නොදෙම්හයි කීහ. කිඹුල්වත ඇත්තෝද අපි නොදෙම්හයි කීහ. මෙසේ ඒ කාරණයෙහි ඇත්තෝ ඔවුනොවුන් හා සමඟ කලහ වර්ධනයකොට එකෙක් ………… ගැසීය. එද පහරලැබ නැවත ඕහට ගැසියයි යනාදීන් ….. නොවුන් මරා රජ දරුවන්ට ජාතිඝඨන බණන්නාහු කෝලිය නුවර ……. රජ දරුවන්ට කොල තෙපි කැනහිලුන් බල්ලන් මෙන්……. රක්ෂාකොටගෙණ විසුවවුන් හැරගෙන ගජිජිනාකරාද උන්සේ වුවන්ගේ ඇතුන් අසුන් හා කඩුපලඟ ආදිය ඇතිද අපට කුමක්කොටගත එද්දැයි කීහ. ශාක්‍ය රජ දරුවන්ගේ ගොවීද තොපි දැන් අපට තිරිසනුන්මෙන් නිරාසව වදනා අත් නැති කොලොන් ගස් සිදුරෙහි වාසයකළාවු කුෂ්ට කොල්ලන් හැරගෙන භයගත්වවුද උන්ගේ ඇතුන් අසුන් හා කඩුපලඟ ආදීය අපට කුමක් කොටගතහෙද්දැයි කීහ.

මෙසේ ඒ ගොවි දරුවෝ ඔවුනොවුන් හා වාදකොටගෙන එකට යුත්තෙහි නියුක්ත අමාත්‍යයන්ට කීහ. ඔහුද රජ දරුවන්ට ගොස් දැන්වුහ. ඉක්බිති ශාක්‍යරජදරුවෝ නඟුන් බුන් හා විසුව වුන්ගේ බල හා ශක්ති දක්වම්හයි සටනට සැරහී නික්මුණාහ. කොලිය රජ දරුවෝ කොළොම් ගස් සිදුරෙහි විසුවවුන්ගේ බල පැමුත් නොහරිමියි කියා යුද්ධයට නික්මුණාහ. මෙසේ ඒ දෙනුවර වාසීහු සවස්වෙලෙහි ගන්තෙරට අවුත් වන්හ.

එසමයෙහි භාග්‍යවත්වූ බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම වැඩ වෙසෙමින් එදවස් ප්‍රතඃකාලයෙහි සූවිසිකොළ ලක්ෂයක් නයින් ප්‍රතිමණ්ඩිතවූ මහාකරුණා සමාපත්තියට සමවැද ලොව බලාවදාළසේක් උභය නගරවාසීන්ගේ සටන් දැකවදාරා තමන්වහන්සේ එතනට වැඩි කල මතුවන්නාවූ මහත් අභිවෘද්ධියක් දැක වදාරා සිරුරුපිළිදැග සැවැත්නුවර පිඬු සිඟා වළඳ ගඳ කිළියෙහි සැතපි වදාරා සවස්වෙලෙහි රත්ගල්ගුහාවෙන් පිටත්ව නික්මුණු කේසර සිංහරාජයෙකු මෙන් තමන් වහන්සේගේ පාත්‍රාචිවර දරා තමන් වහන්සේම එතන පෙණිවදාරා දෙසෙනඟ මැද ආකාශයෙහි පලක්බැඳ වැඩහිඳ ඔවුන්ට භයඋපදවන පිණිස නිල්කිසුණු සමවත් සමවැද තමන්වහන්සේ කෙශධාතුයෙන් නික්මුණාවූ නිල්රැස් පතරින් සියල්ලෝ දාකුස් අන්ධකාරකොට භය උපදවා වදාළසේක.

මෙසේ අන්ධකාරයෙන් මුඞවු ඒ රජදරුවන්ට උදාගල් තෙලෙන් අඳුරු බිඳ පහළවු ළහිරුමඩලක් මෙන් තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවණක් ඝණ බුදුරැස් විහිදුවා තමන් වහන්සේ දක්වා වදාළසේක.

එකල කිඹුල්වත් නුවර ඇත්තෝ සර්වඥයන් වහන්සේ දැක අපගේ මේ විවාද කාරණය දැකදෝ ඤාතිශ්‍රෙෂ්ටවූ අපගේ ස්වාමිදරුවාණන් වහන්සේ වැඩ වදාළසේක, අපි මුන් වහන්සේ වැඩ සිටියඳි අනිකකෙණෙකුන්ගේ ශරීරයෙහි ශස්ත්‍රප්‍රහාරයක්දීම අප විසින් නොපිළිවෙන කෝලිය නුවර ඇත්තෝ අප පරදවත්වා කපත්වා දවත්වා කිසිවකුත් නොකරම්හයි ආයුධ දැමූහයි. කෝලිය නුවර ඇත්තෝත් එමලෙසම ආයුධ දමා දෙපක්‍ෂයෙහි ඇත්තෝ බුද්ධාලංබන ප්‍රීතීන් ප්‍රජාලීව සිටියාහ. ඉක්බිති බුදුහූ ආකාශයෙන් බැස ගංතෙර රම්‍යවු ප්‍රදේශයක්හි වැලි තලාවක් මත්තෙහි පනවන ලද උතුම්වු බුද්ධාසන මස්තකයෙහි අවරන් ගිරි තලා මුදුනෙහි බබලන්නාවු සූර්ය මණ්ඩලය පරිද්දෙන් අනොපමෙය්‍යවූ බුද්ධඕ‍රින් විරාජමානව වැඩ හුන්සේක. ශාක්‍ය කෝලිය රජ දරුවෝ බුදුන් වැඳ පිරිවරා උන්හ. ඉක්බිති බුදුහු දැන දැනම රජදරුවන් රැස්වුයේ කුමක් පිණිසදැයි විචාළාසේක, ස්වාමිනි ගංගාවේ දියකෙළිනා පිණිස නොවෙයි සංග්‍රාමයක් අරභයා රැස්වුම්හයි දැන්වුකළහි තොපගේ සටන් කුමක් පිණිසදැයි විචාළසේක. ස්වාමින් දිය දබරයකැයි කීහ. රජදරුවෙනි පැන් නම් කුමක් අභිදැයි වදාළසේක, ස්වාමිනි ජලය නම් අල්පාර්ඝිවර්සතුවෙකැයි කීහ. ඉක්බිති බුදුහූ පොලාව කුමක් අගිදැයි වදාළසේක, පොළොව අනර්ග වස්තුවෙක්වේදැයි කීහ. නැවත රජ දරුවෝ කුමක් අගිදැයි වදාළසේක. ස්වාමිනි රජදරුවෝ ඉතා අනර්ඝයෝයි කීහ.

බුදුහු වදාරණසේක් ස්වල්පාර්ගීවු දිය පිණිස මාහැඟි රජදරුවන් ඔවුනොවුන් හා කලහ කොට නැසෙන්ට කාරණා කිම්දැයි තවද රජදරුවෙනි කලහයෙහි ආශ්වාදයෙක් කවර කලෙකත් නැත. තවද අසව රජදරුවෙනි නිස්කාරණයෙහි උපදවාගත් විවිදය පිණිස එක්තරා වෘක්‍ෂදේවතාවෙකු හා වලහකු බැඳගත් බද්ධවෛරය සියලුකප මුළුල්ලෙහි පවතීන්නේයයි කියා ඵන්දන ජාතක දර්මදේශනාකොට නැවතත් රජදරුවන්ට අනුන් කීවා කටයුතු යයි ගිවිසීම යුක්තනොවෙයි අනුන් කිවාහි විසීම හේතුකොටගෙණ එක් සාවකුගේ බස් ගිවිස තුන්දාසක් යොදුන් පමණ හිමාලය වනයෙහි සියලු සිංහ ව්‍යාඝ්‍රාදී චතුස්පාද ජාතිහු මුදුබත්වන්ට පටන්ගත්තා හුය. එසේහෙයින් රජදරුවෙනි අන්‍යවචනයන් ප්‍රමාණකළයුතු නොවෙයි කියා දද්දහ ජාතකය දේශනාකොට තවද රජදරුවෙනි දුර්වල සත්ව කෙනෙකුන් මහත්බල ඇත්තවුන්ගේ සිදුරු දන්නාහුය. කිසිකලෙක මහබලඇත්තෝ දුර්වලයන්ගේ අතුරක් දක්නාහුය. කෙසේද යත්. එක්තරා කැටකිරිල්ලක් ත්‍රිමදගලිත හස්තිරාජයෙක් ජිවිතක්‍ෂයට පමුණුවාලුදැයයි ලටුකික ජාාතකය දේශනා කළසේක. මෙසේ රජ දරුවන්ගේ කලහ සන්සිදුවන පිණිස ජාතක තුනක් දේශනාකොට නැවත සමගිකරණ පිණිස රජදරුවෙනි සමගීවු සත්වකෙනෙකුන්ට කිසි කෙනෙකුන් අවකාශයක් දැක්ක නොහෙන්නාහුයයි වෘක්‍ෂධර්ම ජාතකයද නැවත සමගි සත්වයන්ගේ බිඳිම දත් වැදි පුත්‍රයෝ වටුවන් ජිවිතක්ෂයට පමුණුවා තමන්ගේ අභිමතය මුදුන්පත් කෙළෝ වේදැයි වට්ටක ජාතකයද යන ජාතක දෙක දේශනාකොට උභය නගරවාසී රජ දරුවන් සමඟ සතුටුවූකොට මෙසේ ජඤචජාතක දේශනාව කෙළෙවර ස්වස්තානා වර්තීහු දෝෂ මදිනය කරුණු පිණිස ලැවුගිනි නිවා බස්නා ආකාශගංගා ප්‍රවාහයක්සේ අන්ත දණ්ඩ සුත්‍රය දේශනා කොට රජදරුවන් සතුටුකරවුයේය.

එසඳ වර්ගී ශ්‍රේෂ්ඨවු සර්වඥරාජෝත්තමයානන් වහන්සේගේ එතැන්හි ප්‍රවෘත්තිතවු ධර්මදේශනා ශ්‍රිතයෙහි ඇස් තබන මගුලට රැස්වු රජ දරුවෝ සතුටු සොම්නසින් පිණා ඉදින් ස්වාමිදරුවෝ මෙතනට නොවැඩිසේක්විනම් අපි හැමදෙනාම ඔවුනොවුන් මරා ලේ ගඟක් කරම්හ. බුදුරජානන් වහන්සේ නිසා අපි දිවි ලද්දේයයි සතුටුව ඉඳින් මුන් වහන්සේ ගිහිගෙයි විසුසේක් විනම් දෙදෙහසක් කොදෙව් පිරිවරණ ලද සකල චක්‍රවාට ගර්භයෙහි අසදෘශාභිෂේක ප්‍රාප්තව තමන් වහන්සේ හා සමබල දහසක් පුතුන් ඇතිවනසේක. අපි හැමද පිරිවර රජදරුවෝම්හය. එසේවු සත්දවසකින් පහළවන්නාවු සක්විති රාජ්‍යය හා කිඹුල්වත් පුරය වැනි ජයභූමිය හා සතළිස් දහසක් නළුවන් හා එක්ගව් දෙගව් තෙගව් සිව්ගව් පමණ මුවවැටිය ඇති සංඛය ඵලකය කුමුදාය පූණ්ඩරිකය යන දියපොළොව දක්වා එරිසිටි සත්රුවන් නිධාන සතරක් හා සමඟ රාජ්ජය හැරගොස් අප ඇමදෙනා කෙරෙහි කළ කරුණාවෙන් උතුම්වූ සර්වඥපද ප්‍රාප්තවුසේක. දුනුදු රජසිරි හා සමග වසනසේක්වයි දෙනුවරවාසීවූ රජ්ජුරුවෝ එක්ව දෙසිය පණහක් දෙසිය පණසක් බැගින් පන්සියයක් රාජ කුමාරවරුන් දුන්හ.

බුදුහූ ඒ පන්සියයක් දෙනා මහණකොටගෙන හිමාලය හා ඒකාබද්ධවු අඹදඹ කොළඹ කරඹ රඹ සමුනාපනා කොබොලිල පලොල් කිණි හිරි හෝපලු ඇසළඑරහැන්ද කණේරු දුනුමඬලාවැටකේ කරාකේ ඇතුළුවූ අමු ලාග්‍රාස මල්ඵල්ලෙන් සැදුම් ලද්දාවු නොයෙත් ලියකතුන් විසින් වැළඳි තුරු පතරින් ප්‍රතිමණ්ඩිතවූ ඒ ඒවෘක්‍ෂාග්‍රයෙහි ඉඳ මකරද පලාපස අනුභවකිරීමෙන් මත්වැරාවක ප්‍රතිරාවක දෙනලද ගිරා බෝකල මොණර සැළලිහිණි සක්වා ලිහිණිකුණාල චිත්‍රාචිත්‍රවූ නොයෙක් ජාතියෙහි පක්‍ෂි සමුහයන්ගෙන් රමණිය මඩුළු යටන්හි සමහර තෙනෙක්හි සම සුභ්‍රවාළුකාථලයෙන් කිසිතෙනෙක්හි නොයෙක් ජාතියෙහි කුසුම් මුවරද පෙති පතරින් සැදුමුලද අතල ගල්මුදුනෙහි සෙබඩ සමූහයා පිරිවරා බහවී නැවුම්ගත් මත්තමයුරයන්ගේ නාද යෙන් කන්කළුවු තවද ඒ වනයෙහි ලාතඹපලුවත් ඇ නොයෙක් ගොදුරු අනුභව කෙරෙමින් ස්වකීයවූ මෘගංගනාවන් හා සමඟ බැහැවි ගමන්ගත් වරහ මෙහෙවර සමර රූරූ එණි පාදාදීවු නොයෙක් ජාතියෙහි වස්තු පදයා විසින් සමරතවූ හංසචක්‍රවාකiනෙකප්‍රකාර විජගණෙප කුජිත ප්‍රසන්න සිතල මල ජලහරිත පූර්ණවූ ඇඹුල ඉපුල කල්හාර හෙල්මැලි ආදීවු නොයෙක් ජලකුසුමයෙන් සොභමානවූ තවද තීරන්තයෙහි නදුන් සඳුන් කළුවැල් කපුරු දෙවුදුරු තුවරලා ආදීවු වනඝට පංන්තින් විරාජමානවු පුෂ්පකරණීශතසහශ්‍රයෙහි අනවරතයෙන් පිපිසිටිනා පංචවර්ණ පද්මසුගන්ධයෙන් හා අහසින් අඬාබස්නා භාංගසමූහයාගේ නාදයෙන් සෝභමානවූ අතිරම්‍යවු රළ නමාති අතින්ගෙණ බුපූජාවට උඩට ඉස්නාවු මුක්තාතිලකාවන් බඳවු සිහිල් ජලබින්දුයෙන් දෙහයන් සොභමාණවු ඒ ඒ පර්වත ප්‍රාන්තයෙන් වැගිරෙන්නාවූ ස්ථටික මාණික්‍ය ප්‍රභානිර්විශේෂ සුවඳ මුවරද රොණින් වළදනා නොයෙක් ඇලි සියගණනින් හෙබියාවු ඇල හෝ කඳුරැලි සිය දහස්ගණනින් හා ඇමකල්හි වසනෙතාiානයක් මෙන් සැදුම්ලද මහවනයට වැඩ වදාරා ඒ පන්සියයක් දෙනා විසින් පිරිවරණලද බුදුහු දෙවෙනි දවස් පටන්ගෙණ සදවසක් කිඹුල්වත් නුවරටය. දවසක් කෝලිය නුවරටයයි කියා සිඟාවඩනා සේක. මෙසේ දෙනුවර ඇත්තෝ මහත් පුජාසත්කාර කරන්නාහුය. බුදුපා මොක් මහසංඝයා දවස දවස මෙසේ වසනසඳ ඒ මහණවු පන්සියයක් දෙනා වහන්සේ නොසිතින් මහණවු හෙයින්ද ශාසනයෙහි උකටලීවුසේක. උන් වහන්සේගේ අභිප්‍රාය දන්නා පිණිස පූර්වදුතියිකාවු ස්ත්‍රීවු කෙළෙස් පිළිබඳඒ ඒ අසුන් යවුහ. එකල ඒ දැක ඒ භික්ෂූන් වහන්සේ විදුරුලායේ ඇළුණාක් මෙන් පුරාණ දුතියිකාවක් කෙරෙහි සක්තව අතිශයෙන්ම උකටලීවුසේක.

බුදුහු උන්වහන්සේලාගේ විත්තාචාර පරීක්‍ෂාකරණසේක් අනභිරතොත්පාදය දැන මෙහක්‍ෂුහූ මාබඳු සර්වඥකෙණෙකුන් හා එක්ව වසන්නාහුන් උකටලීවුහ. මුන්ගේ අනභිරතිය හරවන්ට කෙසේවු ධර්මදේශනාවක් රම්‍ය දෝහෝයි පරීක්ෂා කරණ සේක් කුණාල දේශනාවන් නිසියයි දැන වදාරා ප්‍රභාතකාලයෙහි සිරුර පිළිදැගුම් කොට කයින් සිවුරු හා අතින් පාත්‍රයගෙන කිඹුල්වත පිඬු පිණිස වැඩ ආහාරකෘත්‍ය නිමවා වදාරා පසුබත පන්සියයක් දෙනාවහන්සේ තමන් වහන්සේ සමීපයට කැඳවා මහණෙනි සික්කළුවූ හිමාලය වනය දුටුවිරුදැයි වදාළසේක. ස්වාමිනි දුටුවිරුනැතැයි දැන්වුකල්හි හිමාලය වන චාරීකාවට එවුදැයි විචාරා වදාළ සේක. ඉක්බිති භීක්ෂූන් වහන්සේ ස්වාමිනි එබඳු සෘද්ධියක් අපට නැති හෙයින් කෙසේයමෝදැයි දැන්වුකල්හි ඉදින් කෙණෙක් කැඳවාගෙන යෙත් නම් යවුදැයි විචාරා යහපත ස්වාමිනි දැන්වුකල්හි බුදුහු පන්සියයක් දෙනා වහන්සේ තමන් වහන්සේගේ සෘද්ධියානුභාවයෙන් හැරගෙණ පියුම් විලකට දුවන්නාවු රාජහංස සමූහයක්මෙන් ආකාශයෙහි පැනනැගී හිමාලයවනයට ගොස් ආකාශයෙහි වැඩ සිටිසේක්ම ආයාමවිස්තාරයෙන් තුන් දහසක් යොදුන් පමණ හිමාලය පර්වතයෙහි පිහිටියාවු රන්පර්වත රිදිපර්වත මැණික් පර්වත ඉගුල් පර්වත අජන පර්වත පාංශූ පර්වත ස්ඵටික පර්වතාදී නොයෙක් සුවාසු දහසක් රුවන් කුළුද ගංගා යමුණා අචිරවති සරඟු යනාදිවු පඤච මහා ගංගාවන් හා කර්ණ මුන්ඩ රථකාරා සිංහ ප්‍රතාප ජද්දන්ත මන්දාකිනි කුණාල ආදීවු විල්ද තියග්ගලා නම් අතළගල තවද පණසක් රුවන් ආකාරයද යන සියලු හිමාලය විස්තරයද තාක් එකවිටම පෙණිගියාක්මෙන් තමන් වහන්සේගේ ආනුභාවයෙන් පන් සියයයක් දෙනා වහන්සේට දක්වා වදාළසේක. මෙසේ ඒ බුදුන් විසින් පානා හිමාලය වනයශ්‍රිය දුටුවාවූ පන්සියයක් දෙනා වහන්සේට පුරාතණ භාර්යාවන් කෙරෙහි බඩාභිලාෂව තුනීව ගියේය.

ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ හැරගෙන අකාශයෙන් බැස හිමවත පශ්චිමභාගයෙහි සැටයොදුන් පමණ ගලතලමුදුනෙහි සත්යොදුන් උස ඇති සල්රුක්මුල තුන්යොදුන් පමණ රන්සිරියෙල් ගලතල මත්තෙහි පන්සියයක් භික්ෂූන් පරිවරණලදුව සවණක් ඝණ බුදුරැස් විහිදුවාමින් සමුද්‍රජලතලය හොබවන්නාවු සහස්‍රරස්මීන් විරාජමානවූ තරුණසූර්ය මණ්ඩලය පරිද්දෙන් වැඩ හිඳ අංගසමන්විතවූ කුරවිකනාද නිර්විශේෂ බ්‍රහ්මස්වර විහිද මුඛසුගන්ධයෙන් සියළු හිමාලය එකසුගන්ධකරමින් භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට මහණෙනි මේ හිමාලය වනයෙහි අනික් තොප නොදුටුවිරූ දෙයක් ඇත්නම් කියවයි වදාළසේක. එසඳ විසිතුරු කෙවිල්ලෝ දෙදෙනෙක් දඬුකෝටුවක් දෙකෙළවර ඩැහැගෙණ කොවුල් රජක්හු ඊ හිඳවාගෙණ ගමන්ගත් සඳ ඉදිරියෙහිය. පස්සෙහිය. දැලයෙහිය. යටයයි යනතැන්හි කෙවිල්ලන් අට දට දෙනා බැගින් අටසාලිසක් පමණ කෙවුලග‛නන් හාත්පසින් පිරිවරා ආකාශයෙහි නික්මුණාහුය. ඒ භික්ෂූන් වහන්සේ ඒ ආශ්චර්යය දැක මේ කෙසේවු පක්ෂිකෙණෙකුන්දැයි විචාළාසේක. ඉක්බිති සර්වඥයන් වහන්සේ මහණෙනි මේද යටගිය දවස මාගේ වංශයෙක පෙර අපටත් මෙලෙසම උපස්ථාන කළෝය. එකලට පක්‍ෂිහූ බෙහෙව එකි එකී දිසාවෙහි පන්සියයක් පන්සියයක් බැගින් උපස්ථාන කරන්නාහුය. ඒ කුණාල රජවූ මා නොමිරිකෙන පිණිසයයි කෙවුලගනන් දෙදෙනක්හු විසින් දණ්ඩක් ඩෑගෙණ එහිහිඳුවාගත් කල්හි පන්සියයක් පමණ පක්ෂිකන්‍යාවෝ ඉදින් මුන්වහන්සේ අසනයෙන් ගිලිහි වැටෙනසේක්විනම් අපගේ පියායෙන් පිළිගණුම්හයි යටින් නික්මෙන්නාහුය. තවද පන්සියයක් පමණ කෙවුලඟණෝ අව්ව වලකන පිණිස ආකාශය වියනක් මෙන් මුදුනෙන් ඒකාබද්ධව නික්මුණාහුය.

තවද පන්සියයක් පමණ කෙවුළඟනෝ අපගේ රජ්ජුරුවන් වහන්සේට සීත සුලං ග්‍රිෂ්ම රජස් පරඬලා ආදියෙන් පිඩාවෙන් නොවේවයි දැලයෙහි බැඳි තිරමෙන් නික්මෙන්නාහුය. තවද පන්සියයක් කෙවුලඟනෝ වනයෙහි හැසිරෙන්නාවු හොපලු වැදි වනකර්මකාදීවු වල්මි මියලුන් සියල්ලන් විසින් කැට කැබලි පොදු මුගුරු ලිදඬු ආදින් වන්නාවු උපද්‍රව වලකන පිණිස වෘක්‍ෂ පර්වත ලතාදීයෙහි නොගැසෙන පිණිසදැයි රැකවල්ගෙණ ඉදිරියෙහි නික්මෙන්නාහුය. තවද පන්සියයක් පමණ පක්‍ෂිකන්‍යාවෝ අඹ දඹ එල්කෙහෙල් ආදි නොයෙක් පලවැල නොයෙක් දිගින් ගෙන හැර ක්‍ෂුධාසන්තර්පණය කරවමින් මෙසේ තුන්දාස් පන්සියයක් කෙවුලඟනෝ ඒ කුණාල රජ්ජුරුවෝත් උයනින් උයනටද ගංතෙරින් ගංතෙරටද පර්වතයෙන් පර්වතයටද අඹ වහනයෙන් දඹ වනයටද දඹ වනයෙන් දෙල්වනයටද දෙල් වනයෙන් පොල් වනයටද පොල් වනයෙන් තල් වනයටද තල් වනයෙන් ඉදිවනයටද මෙසේ ඒ රම්‍යස්ථානයෙහි කුණාල රජ්ජුරුවන් සිත අසුරුවන පිණිස හැරගෙන ඇවිදිනාහුය. ඒ කුණාලරජතෙම පක්ෂි කන්‍යාවන් විසින් පිරිවහණ ලදුව යථොක්තවූ සම්භාවනාවන් විඳිනේද හැමවෙලෙහිම කෙවුලඟන්නට නීචකෙල්ලෙනි සෙර කෙල්ලෙනි ධුර්තීකෙල්ලනි අසත් ුපරුෂකෙල්ලෙනි දුරාචාරකෙල්ලෙනි කෙළෙහිගුණ නොදන්නාවු සියලු දිග අමන්නාවු පවනක්මෙන් සිත් හුණු තැනකටම යනසුළුවු චණ්ඩාලකෙල්ලෙනි නැසියව නැසීයවවැයි නොසතුටු බණන්නාහුයයි වදාරා මහණෙනි මම තිරිසන් නමුදු ස්ත්‍රී ජාතිය කෙළෙහිගුණ නොදන්නා බවද බොහෝ වඤචාවන්හි නිපුණ බවද අතාව රසීලීබවද දැන උන්ගේ වසඟයෙහි නොපැවත මාගේ වසඟයෙහි පමුණුවා විසූයෙම් වේදැයි වදාරා භික්ෂූන් වහන්සේගේ අනභිරතිය තුනුකොට නොබැන වැඩ උන්කල්හි. එකල කෑලිකෙවිල්ලෝ දෙදෙනෙක් යටකීයන ලද ක්‍රමයෙන් කෙවිලි රජහු දණ්ඩක් ඔසවාගෙන පළමු කියනලද ෂට්විධවු දික්හි සතරදෙනා බැගින් පිරිවරණලදුව ඒ ස්ථානයට අවුත් වන්නාවුන් දැක ඒ පන්සියයක් දෙනාවහන්සේ පළමුපරිද්දෙන් මොහු කවුරුන්දැයි විචාළසේක.

මහණෙනි යම් කලෙක මම කුණාල රජවිම්නම් එකල මාගේ මිත්‍රවු පූර්ණමුඛනම් ඵුස්සකොකිලයයි යනකෙනෙක් ඇත. මේ උන්ගේ වංසයයි වදාරා පළමුපරිද්දෙන්ම ඒ භික්ෂූත් ඒ උන්ගේ ප්‍රවෘත්තියද ඇසීමෙහි උත්සාය ඇතිබව දැන මහණෙනි නොයෙක් ජාතියෙහි ජලජ කුසුමයෙන් විවිධවු පද්මජාතියෙන් ත්‍රිවිධවු උත්පල ජාතියෙන් සැදුම්ලද මේ කුණාලවිල වටාසිටි දෙල්ඵලකිදි ඇසතු පියුම් තුරු නා කීණ ඇසළ බක්ම සපු දුනුකේ ආදිවු නොයෙක් ජාතියෙහි තුරු පතරින් සැදුම්ලද්දාවු තවද යක්ෂ රාක්ෂස නාග සුපර්ණි ලියකිඳුරු සිද්ධවිiාධරාදීන් විසින්ද අතිගහණවු මේ හිමවත් වනයෙහි අතිශයින් දුරවු ශබ්ද ඇති මනොඥවු ඇස්සඟලක් ඇති සම්පූර්ණ වු මුඛයක් ඇති පූර්ණමුඛනම් ඵුස්සකොකිල රජ්ජුරුකෙණෙක් වාසය කරන්නාහු මහණෙනි එකල ඵුස්ස නම් කෙවිලි දුට කියනලද ක්‍රමයෙන් පණස් පණස් දෙනා බැගින් උඩය යටය ඉදිරියෙහිය පස්සෙහිය දැලයෙහියයි යථොක්ත දසදිග රැකවල්ගෙණ නික්මෙන්නාවු කෙවුල්ලෝ තුන්සියයෙක නොයෙක් ඵලාඵල ගෙනවිත් කවන්නාවු කොවුලෝ පණස් දෙනෙකැයි මෙසේ තුන්සිය පණසක් කෙවුලගනෝ පසුපස්සෙහි කෙවිලි දු කුණාල රජ්ජුරුවන් මෙන් ආරාමයෙන් ආරාමයට උiානයෙන් උiානයට අඹ වනයෙන් දඹ වනයට දඹ වනයෙන් තල් වනයට තල් වනයෙන් පොල් වනයට පොල්වනයෙන් දෙල් වනයට ගලින් ගලටද විලින් විලටද ගංතෙරින් හෝ තෙරටද වඩාගෙණගොස් ඔහුගේ චිත්ත ප්‍රීති වර්ධනය කෙරෙමින් දවස් යවන්නාහුය.

මෙසේ ඒ ඵුස්සකෝකිල රජ්ජුරුවෝ කෙවුලගණන්ගේ උපස්ථාන විඳමනැවත මෙබඳුවු වක්තුස්වාමිහූ පොෂ්‍යකිරීම තොපබඳු කුලංගනාවන්ට සුදුසුයයි දවස්පතා ගුණ කියමින් වාසයකරන්නාහුය. එක්දවසක් මිත්‍රවු කුණාල රජ්ජුරුවන් දක්නා පිණිස සපිරිවරින් නික්ම එන්නාවුන් දුරදීම දැක කුණාල රජ්ජුරුවන්ගේ පක්‍ෂිකණ්‍යාවෝ පෙරගමන්කොට අවුදින් ආදර දක්වා ස්වාමිනි මේ කුණාල රජ්ජුරුවෝ අතිශයිනම පරුෂයහ. තදවු තෙපුල් ඇති යහ. රාත්‍රීන් දිවාභාගයෙහිත් මෙලෙස නොයෙක් පරිද්දෙන් අපි උපස්ථාන කරන්නාවුන් අපි කිසිදවසෙකත් ප්‍රියවචනයෙන් අස් වැසිලි නොලදුම්හයි කිවාහුය. එපවත් අසා පූර්ණමුඛ රජ්ජුරුවෝ වන්නාට ඇසු බැවින් හැක්කේවෙයි, දැන් කෙවුළඟනන් අස්වසා කුණාල රජ්ජුරුවන් කරා ගොස් පිළිසඳර කථාකොට ඉක්බිති කියන්නාහු. සබඳ කුණාල රජ්ජුරුවෙනි උගතෝයුජාතවූ හෙවත් මනාවු ජාති ඇති ස්වාමි පුරුෂයන් කෙරෙහි මනාවු පිළිපැදීම් ඇති උත්තමාංගනාවන්ට එක්වන් බැණ දෙඩිම් සුදුසුනොවෙයි මිත්‍යාප්‍රතිපන්නවූ අනාචාර ස්ත්‍රීන්ට ආචාර තබා කියයුතුම්යයි සිතම්හයි කිහ.

මෙසේ කී කල්හි කුණාල රජ්ජුරුවෝ ඵුස්සකෝකිල රජ්ජුරුවන්ට නොසතුටුව අනාචාරීවු චණ්ඩාලය නැසීයව නැසියව කොල සබඳ කවර නම් නුවණැත්තෙක් ස්ත්‍රීයකට යටත්ව පැවතුම් ඇත්තෙහිදැයි නොසතුටුව දොඩනලද්දාවු බස් අසන්නාවු ඇතිකල කිසිවක් කියනොහි නැවැත්තාහ.

ඉක්බිති නොබෝ දවසකික් ඵුස්සකොකිල රජ්ජුරුනට ලේ අතීසාරයෙක් ්ඇතිවිය. බලවත්වු ශරීරවේදනාව උපන මෙසේ අටවන නවවන අවස්ථාවට පැමිණිකල්හි ඒ රජු පිරිවර පක්‍ෂිකන්‍යාවෝ මෙතෙමි අතිශයෙන් රෝගි විය. මොහුගේ ජිවිතය රැකෙන්නාසේ නොවෙයි ඉනිඹ මොහුගෙන් අපට කින්දැයි ඔහු අත්හැර එකකුත් නොරඳා කුණාල රජ්ජුරුවන් කරා ගියහ.

සමූහ වශයෙන් තමන්කරා එකපැතිර එන්නාවු කෙවුළගනන් දැක දුරදීම චණ්ඩාල කෙල්ලෙනි තොපගේ ස්වාමිපුරුෂයෝ කොයිදැයි විචාළාහ.

එසඳ කොවුලඟනෝ ස්වාමිනි අපගේ ඵුස්සකෝකිල රජ්ජුරුවන්ට ලේ ග්‍රහණියක් ඇතිව ජිවත් වියනොහෙන හෙයින් නුඹ වහන්සේ අප රැක වදාරණසේක්දෝහෝයි සිතා නුඹ වහන්සේ සමීපයට ආම්හයි කීහ.

එපවත් අසා කුණාල රජ්ජුරුවෝ ගින්නට දැමු ළුනු මෙන් කිපි සෙරවු ධුර්තීවු අසත්පුරුෂවු නුවණ නැති ලඝුවසිත් ඇති කෙළෙහිගුණ නොදන්නා සුළගක්මෙන් වහා කරකැවෙන සුළුවු චණ්ඩාල කෙල්ලෙනි නැසියච නැසියවයි බෙණෙමින් දොඩමින් වහා නැගිසිටව ඵුස්සකෝකිලයන් වසනතැනට ගොස් සමීපයට එළඹ සබඳ පූර්ණ මුඛරජ්ජුරුවෙනි බණවා ගිලන් බැවින් මහත් දායාසයෙන් මුහුණබැලුකල මමය කුණාල රජ්ජුරුවෝයයි වදාරා ඉක්බිති ලෙඩ තැනැත්න් තුඩින් හා දෙමාපියායෙන් හා ඔලොඹා තමන් වහන්සේගේ ශරීරයෙහි වතුරුවාගෙන හිඳ ව්‍යාධියට අනුරූපවු නොයෙක් බෙහෙත් ගෙන්වා ගෙන කවා පොවා ලෙඩින් ගොඩනගා සුවපත් කොට වදාළසේක.

ඉක්බිති පළමු අත්හැරගියාවු උන්ගේ පක්ෂිකණ්‍යාවෝ උන් නිරෝගිබව දැන පළමුසේම ඇවිත් උන් පිරිවරාගත්හ. කුණාල රජ්ජුරුවෝද කීප දවසක් මියුරු ඵලාපල ගෙනකවා ශරීරයෙහි බලහිඳගත්කල්හි සබඳ තෝ නිදුක්වු යෙහි සබඳ තාගේ පිරිවර ස්ත්‍රීන් හා සමඟ සුවසේ වසව මමද මාගේ වාසස්ථානයට යෙමි වදාළසේක.

එසඳ පූර්ණ මුඛ රජ්ජුරුවෝ සබඳ මේ මාගේ කෝකිලාංගනාවෝ මා අතිශයින් ගිලන්වුව හැරපියා මුන නොබලා පැලඟ එබඳවු ධුතිර්ත කෙල්ලන් ගෙන් මට ප්‍රයෝජන නැතැයි කීහ.

ඒ අසා බෝධිසත්වයෝ තොපගේ සිතට නැගීපසු මමද මාදත් විවරක් ස්ත්‍රීන්ගේ නුගුණ කියාබලමි. ඒසේකල අසාබලවයි ඵුස්සකෝකිලයන් කැඳවා ගෙණ මහණෙනි මෙම හිමවත් පසක් යොදුන් පර්වත මුදුනෙහි එම යොදුන් පමණ සල්රුකක්යට තුන්යොදුන් රත්සිරියහල් ගලතල මුදුනෙහි ගොසින් උන්හ.

එක්පාර්ශවයක ඵුස්සකෝකිල රජ සහපිරිවරින් බැස උන ඒසා මහත් සියළු හිමාලය වනයෙහි පර්ස්ථ දෙවියෝ අද දවස් කුණාල රජ්ජුරුවෝ මනොසිල තලමස්තකයෙහි හිඳ සර්වඥවිලාසයෙන් ධර්මදේශනා කෙරෙත්ලා ඒ ධර්මදේශනාව අසනු පිණිස රැස්වවයි ඔවුනොවුන්ට මහත්ඝෝෂා පැවැත්වුහ.

ඒ ශ්‍රුත පරම්පරාවෙන් චාතුස්භාරාජිකාදීවු සදෙව්ලොව දෙවියෝද බොහෝසේ එතනට රැස්වුහ. බොහෝ නාග හුපර්ණාදිහුද හිමාලය වනයට ආසන්නව වනයෙහි වසන්නාවු බුමාටුදෙවියෝද මහත්වු උද්ඝෝෂණය කළාහුය. අනදනම් ගිජුලිහිණි රජෙක් දස දහසක් පමණ ගිජුලිහිණියන් පිරිවරා ගෙණ ගිජුකුළු පව්වේ වසන්නේ මේ ධර්ම දේශනාකාලය අසා මම ඔමුගේ විසිතරු ධර්මදේශනාව අසමි. සහ පිරිවරින් අවුත් එකත්පසෙක උන.

තවද දස දහසක් තපස්වින් හා සමග අභිඥාලාභිව ඒ හිමාලය වනයෙහි වසන්නාවු නාරද නම් තපස්වි කෙණෙක් දෙවියන්ගේ උද්ඝෝෂණය අසා මාගේ මිත්‍රවු කුණාල රජ්ජුරුවෝ ස්ත්‍රීන්ගේ නුගුණ සංඛ්‍යාතවූ ධර්මදේශනාවක් කෙරෙත්ල. මා විසිනුත් ඒ ධර්මදේශනාව ඇසිය යුතුයි දස දහසක් තපස්වින් හා සමග අවුදින් එකත්පසෙක උන්හ. සර්වඥකෙණෙකුගේ දේශනාවෙහි සන්නිපාතයක් මෙන් එදවස් වහා සමාගම විය.

ඉක්බිත්තෙන් කුණාල නම් බෝධිසත්වයෝ ජාතිස්මරණඥාණයෙන් ස්ත්‍රීන් දෝෂ ප්‍රතිසංයුක්තව ගිය දවස බොහෝසේ තමන්ම දුටුවාවු කාරණයන් පූර්ණ මුඛ රජ්ජුරුවන්ට සාක්‍ෂි කොට කියන්ට පටන්ගත්තාහුය. සබඳ පූර්ණමුඛයෙනි ගිය දවස දඹදිව පියන් දෙදෙනකු ඇති ස්වාමිපුරුෂයන් පස්දෙනෙකු ඇති ක්‍රිෂ්ණා නම් රාජ කුමාරිකාවක් ඇති ඇගේ ස්වාමිපුරුෂයෝ පස්දෙනෙක් ඇත්තහුය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් මහත්වු සේනාවාහන ගෙන කොසොල්රජ්ජුරුවන් මරා රාජ්‍යයගෙන ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් තමන්ට අග්‍රමෙහෙසිකා කළහ. බිසවු මෑත භාගයෙහි තමන්ට දියණිකෙණෙකුන් වැදුහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේද පළමු දූදරු කෙණෙක් නැතිහෙයින් දරුවන් දැක සමාධිව සොඳුර වරයක් දෙමි හැරගණුවයි අභිමත වරයකින් නිමන්ත්‍රණය කළහ.

බිසවුවරය හැරගත්තාක්කොට තබා ඒ කුමාරිකාවන් ක්‍රිෂ්ණා නම් තබා ඈ වැඩිවිය පැමිණිකල්හි එක් දවසක් බිසවු දියනියන් කැඳවා පුත තොපබාල කළ තොපගේ පියාණන් වහන්සේ තොප උදෙසා කැමතිවරයක් හැරගණුවයි වදාළසේක් තොප අභිප්‍රාය වරයක් දැන් ඇරගණුවයි කීහ.

ඉක්බිති ඒ ක්‍රීෂ්ණා නම් රාජකුමාරිකාතොම මට අවිiමානවු කිසි වස්තුවෙක් නැත. කෙසේවු වරයක් හැරගනිම්දෝහෝයි කල්පනාකොට තමා කෙලෙස් වසඟ බැවින් හිරි ඔතප් බිඳ සමන කෙණෙකුන් උවමැනවයි මැණියන්ට කිව බිසවුද රජ්ජුරුවන්ට එපවත් දැන්වුහ. රජ්ජුරුවෝද අභිප්‍රායයන්ට කිව බිසවුද රජ්ජුරුවන්ට එපවත් දැන්වුහ. රජ්ජුරුවෝද අභිප්‍රාය පුරුෂයක්හුම ඕ ලැබවයි නුවර බෙරපියවිකරවා පුරුෂයන් රැස්කරවුහ. ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා නම් කුමාරිකාද මල් සුමුගක් අතින් ගෙන උතුරු සිවුමැදුරු කවුළුවෙහි සිට සර්වාලංකාරයෙන් ප්‍රතිමණ්ඩිතව රාජාංගනයෙහි රැස්වු හැම පුරුෂයන් බලා තමා රුස්නා එකෙකුන් නැතිහෙයින් බලාගෙන සිටියාහ. එදවසම පාණ්ඩිව රාජගොත්‍රයෙහි අර්ජුන යන කුලය භිමසේනය. යුද්ධිෂටිරය සහ දෙවය යන රාජකුමාරයෝ පස්දෙන තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි සකල ශාස්ත්‍ර ඉගෙන නිමවා දේසාචාර පරීක්ෂා කරම්හයි දඹදිව ඇවිදිනාහු ක්‍රමයෙන් බරණැස් නුවරට පැමිණ ඇතුලු නුවර කොලහලය අසා කිමෙක්දැයි විචාරා එපවත් දැන අපිදු එතනට ගොස් බලම්හයි ස්වර්ණප්‍රතිමා බඳු උතුම්වු රූ ඇති කුමාරවරහු පස්දෙනම පිළිවෙලින් ගොස් සිටගත්හ. ඒ ක්‍රිෂ්ණතොම පස්දෙනා කෙරෙහිම පිළිබඳසිත් ඇතිව මෑණියන් වහන්ස මේ පස්දෙනා අතරෙහිම අභිප්‍රාය ඇත්තෙමි කියා ඒ පස්දෙනා මල්දම් එළුව බිසවුද එපවත් රජ්ුරුවන්ට කිවාහුය. රජ්ජුරුවන්ද එපවත් අසා නොසතුටු වත් පළමුව වරදුන් හෙයින් වැලකීයානොහි වන්නාට මොහු කවරකුන් පුත් දැයි විචාරා පාඩව රාජකුමාරුවන් බව අසා සතුටුව මහත්වු සත්කාර සම්මාන කොට ඒ කුමාරිකාව රාජ කුමාරවරුන් පස්දෙනාට පාදපරිචාරික කොට පාවා දුන්හ.

ඒ කුමාරිකාද සත්මහල් ප්‍රාසාදයෙහි පස්දෙනා හා සමඟ කෙලෙශාභිරතියෙන් දවස් යවන්නීය, එකල එම ප්‍රසාදයෙහි දොරකඩ රැකවල්ගෙන සිටියාවු විසුළු මුහුණු ඇති බුන්කඳට ඇති බැවින් බඩරූපමෙන් ලෙහි තිබෙන්නාවු මුහුණු ඇති පිලකු කෙරෙහි ප්‍රේමකොට ඒ රාජකුමාරවරුන් පස්දෙනා පිටත නික්මුණු වෙලෙහි අවකාශලදින් කෙලස වසඟව උන් හා සමඟ දුරාචාරයෙහි යෙදි සමඟ ප්‍රියකරන්නී ස්වාමිනි නුඹ වහන්සේ හා සමාන ප්‍රියකෙණෙක් නැත. මේ රාජ කුමාරවරුන් පස්දෙනා මරාපිය උන්ගේ ගලලෝභිතයෙන් නුඹ වහන්සේගේ ශ්‍රිපාදය ධොවනා කැමැත්තෙම්යි යනාදීන් කියන්නීය. අවශේෂයෙන් අතුරෙනුත් වැඩුමාළු රාජකුමාරයන් එක්වු කල්හි ස්වාමිනි මුන් සතර දෙනා විවරට නුඹ වහන්සේ මට ප්‍රියකරුසේක. මාගේ ජිවිතයත් නුඹ වහන්සේ නිසා පරිත්‍යාග කරන්නා කැමැත්තෙමියි මාගේ පියරජ්ජුරුවන් වහන්සේගේ ඇවෑමෙන් රාජ්‍යය නුඹ වහන්සේට මම දෙමියි යනාදින් කථාකොට අවශේෂවු සතරදෙනා හා කැටුවත් එක්වු කල්හිත් මෙලෙසම කියන්නීය. ඔහු වෙන වෙනම සිතනකල මෝ අප කෙරේම සෙනහ ඇත්තීය. මත්තෙහි අපට වන්නාවු රාජාභිවෘද්ධියත් මෑ නිසාම පැමිණෙන්නේයයි ඇය කෙරෙහි අතිශයෙන්ම වෙන වෙනම සෙනෙහස වර්ධනය කෙරෙති. මෙසේ දවස් යවන කල්හි ඈට ලෙඩක් ඇතිවිය. ඉක්බිති රාජ කුමාරවරුන් පස්දෙන කෙරෙන් වැඩිමාළු අර්ජුන කුමාරයෝ ඉස ඔර තබාගෙන උන්හ.
තෙසු සතරබෑයෝ දැත දෙපය මඩිමින් උන්හ. කුදාදාපාමුල සිටියේය. එකල ඉස අල්වාගෙන උන්නාවු අර්ජුන කුමාරයන්ට ස්වාමිනි නුඹ වහන්සේ තරම් මට ප්‍රියකෙණෙක් නැත. නුඹ වහන්සේ මළතෙනමියමි. ඉදින් සුවසේ උන්නේම්විනම් පියරජ්ජුරුවන් වහන්සේගේ අයාමෙන් රාජ්ජය නුඹ වහන්සේට ගෙණදෙමියි ඉසින්සන් කරන්නීය වැඩමාළු රාජකුමාරයන් සිප ගත. අවසේෂවු සතර බෑයන්ටත් මෙම වචනයන් උන් උන් අල්වාගෙන උන් හස්ත පාදාදින් එලෙසම සංඥාකොට පාමුල සිට කුදුට තොප මට ඉතා ප්‍රිය යේය. ඉදින් මෙලෙසින් මාගේ ජිවිතය තිබෙන්නේ විනම් තාකෙරෙහි සෙනඟනැයි දිවින් සංඥාකළහ. මෙකී සදෙනම් පෙර තමන් තමන්හාම වෙනවෙනම කථාකොට තබුහෙයින් තම තමන්ට කළ සංඥා මතුදත්හ. වැඩිමාළු අර්ජුන කුමාරයෝ වනාහි ඇගේ හස්තපාද ජුව්හා විකාරයෙන් දැක යම්සේ දැක මට සංඥා කළානම් මෙකුදු ඇතුළුවු තෙස්සන්ටත් මෑ කෙලේ මේ සලකුණුමයයි දැන කුදු හා සමගත් මෑගේ සම්බන්ධය ඇති නියාවනැයි දැන මල්බෑයන් කැඳවා ගෙන පිටතට නික්ම විචාරණසේක් පබපතිකාව විසින් මට ඉසින් කරණ සලකුණු දුටුදැයි විචාළසේක. ස්වාමිනි අපි සතරදෙනම දුටුම්හයි කීහ. වන්නාට ඒ කාරණය දැනුදැයි විචාරා නොදනුම්හයි කී කල තමන්වහන්සේට කළ සංඥායට කී පරිද්දෙන්ම ඒ සතරබෑයන්ට කියා තොප ඇමට හස්තපාදාදීන් කළ සංඥය දනුදැයි කියා ස්වාමිනි අපටත් එම කාරණමයයි වෙන වෙනම කී කල කුදුටකළ ජිව්හා සංඥාව දුටුදැයි විචාළසේක.

එයිදු අපි නොදනුම්හයි කී කල අප හැමටම කළ සංඥාවෙක් ඇත්නම් ඕහටත් කෙලේ එම ලෙසමයයි වදාරා උන්හැම නොඅදහාගන්නා හෙයින් පිලා ගෙන්වාගෙණ විචාළසඳ එයිත් තත්වු පරිද්දේන්ම කීයේය. මෙසේ ඒ රාජ කුමාරවරුහු පස්දෙනම ඇගේ අනාචාර ප්‍රවෘත්තිය ප්‍රත්‍යක්‍ෂකොට දැක අපබදු ජාතිසම්පත්ත උතුම් රූ ධරන්නාවු පස්බෑකෙනෙකුන් කෙරෙහිද මෙපඳුවු ඇදකුදුවු විසුලුකුනු වැකුනු සිරුරු ඇති පිළුද හා සමග නිල්පජිව අනාචාරයෙහි යෙදී වසන්නාවු මිනි කුණෙහි ඉවලත් කැණහිල් බැල්ලකයෝ අනාචාරසේවු ස්ත්‍රීන් කෙරෙහි නුවනැති කවරෙක් සෙනහතබා වසන්නේයයි යනාදීනි ස්ත්‍රින්ට නින්දාකොට තව අපට ගිහිගෙයි වාසය එහෙත් සැහෙන්නේයයි පස්දෙනාම පිටත්වුවාසේම ආපසු නොබලා හිමාලය වනයට වැද සෘෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව කිසුණු පිරියම් භාවනාකොට ආයුසංස්කාරයාගේ කෙළවර කම්මානුරූපවූ පරිද්දෙන් සංසාර යාත්‍රාකළාහුයයි වදාරා එම්බා මහණෙනි ඒ අර්ජුන කුමාරයෝ නම් මෙදවස කුණාලරජව තමන් දුටු කාරණය ථුස්ස කෝකිලයන්ට කියා නැවතත් අතීත භාවයෙහි තමන්ම දුටු කාරණයක් කියන්නාවු කුණාල රජ්ජුරුවෝ මහණෙනි යටගිය දවස බරණැස් නුවර පණ්ඩිතපාලිනියයි කියන එලකඩ පෙරව ශිලය රකින්නියක් සොහොනෙක්හි පන්සලක් කරවාගෙන සතරදවසකින් දවස බත් අනුභවකරන්නි බරණැස් නුව නිසා ඒ සුසාන පර්ණණි ශාලාවෙහි උග්‍රවු තපස් කරන්නී බරණැස් චන්ද්‍රසුර්යයන් මෙත් ප්‍රසිද්ධ විය.

එනුවර යම්කිසි සත්වකෙනෙක් කිඹිසපියා වේවයි පැකිලපියා වේවයි යම්කිසි චකිතයක් උපන් කල්හි නමෝ පණ්ඩිත පාලිනියයි කියති. මෙසේ ඈ සියළු රාජ්‍යවාසීන් විසින් පූජ්‍යව වසන කල්හි එක් සමයෙක්හි සැණකෙළියක් කෙළින්ට පටන්ගත් කල්හි පළමුදවස්ම තරහල් දරුවෝ එක්ව එක්කෙතෙක්හි මණ්ඩපයක් කරවා රාමසවුලු කැටිකොට සඳුන් සුවඳ ආදීවු දෙයින් විහවානූරූපවූ පරිද්දෙන් ඒ මණ්ඩපයෙහි ද සුරා බොන්නට පටන්ගත්කල්හි එක්තරා තරහල් දරුවක්හු අතින්ගත් රාවඩමලීපිය වැටිගිය කල්හි නමොපණ්ඩිත පාලිනියයි කිය. එය වත් අසා එම රාජ්‍යමණ්ඩලයෙහි රා බොන්නවුන් අතුරෙන් එක් පණ්ඩිත පුරුෂයෙක් අඥනවු කාලකන්නිය මලසිත් ස්සත්‍රීන්ට නමස්කාර කිරීම අඥනයන්ට සුදුසු කටයුත්තෙකැයි කිය.

මෙසේ කී කල්හි සබඳ එසේ නොකියව උතුම් ගුණ ඇති උන්වහන්සේට වරදවා කියා නරකයෙහි නූපදිවයි කියා ඉක්බිත්තෙන් පණ්ඩිත පුරුෂතෙම නුවණැත්තව තෝ බැන නොනෑගෙවයි කිව.

නැවත වට්ටඩිකොට දහසක් දනතබයිනම් තා කියන ඒ පණ්ඩිත පාලි නියම යටසත්වන දවස් ඇගේ තවුස්වෙස් හරවා සර්වාලංකාරයෙන් සැරහී මෙම කමඩලයෙහිදි රාවඩමක් අතින්ගෙන නටට නටවා රාබොන පරිද්දෙන් කෙරෙමියි කියා එඹල පැවැත්තව ස්ත්‍රී ජාතිහුනම් ස්ථිරශිල නොවන්නාහුයයි කීය.

එපවත් අමා ඒ පුරුෂතෙම ඒකාන්තයෙන් උන්ගේතපස් කාවිසිනුත් උගුලුවාපිය නොහැක්කැයි කියා ඉදින් එලෙස කරවාපිනම් දහසක් දෙමියි ගිවිස්සේය. මෙසේ ඔවුනොවුන් හා සමග ගිවිස අනිකුත් තරාලුන් කීපදෙනෙකු සාක්ෂිකොට පසුව දවස් තපස්වි වෙසෙක්ගෙණ සොහොන් ළඟ ඇගේ පන්සලට නුදුරුතැන්හි සූර්යනමස්කාර කෙරෙමින් සිටියාහුය. ඕතොමෝ සිඟායන්නි ඔවුන් දැක මුන් වහන්සේ මහානුභාව ඇති තපස්වි කෙනෙකුන් වහන්සේ වනැයි සමීපයට එලඹ මමද ස්වාමිනි මේ සමසාන මධ්‍යයෙහි උග්‍රවු තපස් නිශ්‍රිතව වසන්නා එකෙකිමි නුඹ වහන්සේ ශාන්තගුණයෙහි පැහැද ආදරයෙන් වඳිමි වැඳගෙන ඔත්තීය. ඒ දැක හොරතවුස්තෙම ඈ හා කථා කරන්නක් ඈ දිසාව බලන්නාවක්වත් තමා ඉතා අපිස්බව අඟවනු පිණිස දෙවෙනි දවසුත් එලෙසම කෙළේය. තුන්වෙනිදවස් බහුමානයෙන් ඇවිත් වැඳලා සිටිකල්හි කියන්නේ කථා බොහෝ නොකොට කරතබාගෙන නැගියායිකිය. සතරවෙනිදවස් වැඳලා සිටි තැනැත්තිට කිමෙක්ද භික්ෂාවෙන් යපෙදැයි යන බස් විචරකින් පිළිසඳර කථාකොට ශ්තොමෝ තපස්විහු කෙරෙන් සාමිවිලදිමියි සතුටු සතුටුව ගියාය. පස්වෙනිදවස් ආගේ සිත පැහැරගැන් මෙහි අභිප්‍රාය ඇතිව ඔහු විසින් බොහෝ කොට පිළිසඳරකථා ලදින් එතැන් හිඳලා පලාගියාය. සවෙනි දවස් අවුත් වැඳලාඋන් තැනැත්තිය හා කථාකරන්නේ නඟණ්ඩ අද බරනැස්නුවර මහත්වු ගිතවාදිත ශබ්දයක් උපන්නේය. ඒ කුමක්දැයි විචාළ ස්වාමිනි නුඹ වහන්සේ දැන වදාරන්නේ නැත්තේවේද නුවර සැණකෙළියට පටන්ගත් හෙයින් කෙලෙනාවු මනුෂ්‍යයන් කොලාහලයයි කිවුය.

ඉක්බිති ඒ අපෙක්‍ෂා නැති කෙනෙකුන්ගෙන් පරිද්දෙන් ඉන් අපට කිම් කිම්දැයි නගණ්ඩ කිදවසකින් බත් අනුභවකළාදැයි විචාළේය. ස්වාමිනි සතරවෙනි දවසින් දවස බත් අනුභව කරන්නෙමියි කිව තොමෝද නුඹ වහන්සේද කීදවසින් දවස අනුභවකරණසේක්දැයි විචාළාය. ඉන්බිති තරහල් තවුස්තෙම නිරන්තරව අනුභවකොට නොකෑවාසේ දහවල් දවස තපස් සිටිහෙයින් නඟඩ සත් දවසින් දවස බත් අනුභව කරන්නෙම් සාවුරුද්දක් උග්‍රතපස් කෙළෙමි ඉන්මා උපදාවගත් ගුණ විශේෂයෙක් නැත. නඟ තෙපිද දොළෙෘස් අවුරුද්දක් ඝොරතපස් රැක කවර ගුණ විශේෂයක් උපදවාගතුදැයි විචාරා ඇ විසින් ස්වාමිනි මා විසින් උපදවාගත්තහුද අධිගම විශේෂයෙක් නැතැයි කී කල නඟඩ පංචකාම සම්පත් නැතිකල නෛෂ්ක්‍රමය සැපයක් නැතිකල පලකින්ද නරක සන්තාපය ඇත්තේ අපටමද බොහෝදෙනා අනුභව කරන්නාවු අතිශයින් මධුරවු පංචකාම සැපය අනුභව කරම්හ. මාගේ කුශලක්‍රියා ගතවු බොහෝ දෙනා අනුභව කරන්නාවු අතිශයින් මධුරවු පංචකාම සැපය අනුභව කරම්හ. මාගේ කුශලක්‍රියාගතවු බොහෝ දෙනා ඇත. එබැවින් මම ගිහිසම්පත් අනුභවකෙරෙමි දුක්විඳගත නොහෙමි කීහ. එපවත් අසා චපලවු සිත් ඇතිහෙයින් තමන්ගේ බොහෝදවසක් පුජ්‍යව සියළු සත්වයන් කෙරේ ආශ්චර්යමත්ව පැවැත්තාවු ගුණධර්මයෙහි පවත්නා උත්තමත්වය පරීක්‍ෂාකොටගතනොහි උන්කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ආර්යය මමත් තපසෙහි ඉතා උකටලීවිමි. ඉඳින් නුඹ වහන්සේ නොහරණසේක්විනම් මම නුඹට අඹුවෙමි කීව. එපවත් අසා නීනොහරිමියි ප්‍රතිඥාකොට මලෙක බැඳුනු මුවදෙනක්මෙන් වචන නැමති ඝොර මලෙහි බැඳුනු ඈ නුවරට ගෙන වුත් දුරාචාරයෙහි යෙදී සුරාපාණමණ්ඩලයට ගොස් රාඔඩමක් ගෙන්වාගෙන ගොස් එකට ඉඳ සුරා පුවාහුය.

අවනික්‍ෂුහු තෙනැත්තේ තමාගිවිසි දහසක් වස්තුදින මෙසේ ඒපඩිත පාලිනිය පසුව අපංඩපාලිනීව ඔහු පිණිස ගර්යක් ලදින් දූ දරුවන් හා සමඟ වැඩි පංචකාමරසය අනුභවකළායයි එදවස් කුණාල රජ්ජුරුවෝ සුරාධ්‍රුතීරවූ තරහල් දරුව ඉපද ඈ ස්ථිරශිලීනොවන බව ලොවට ප්‍රකාශකෙළෙම් මම්යයි තමන්ම දුටු කාරණය ඵුස්ස කෝකිල රජ්ජුරුවන් ප්‍රධාන කොට ඇති සියළු දෙවි මිනිසුන්ට ප්‍රකාශ කෙළේයයි වදාරා –

තවද මහණෙනි යටගිය දවස කසීරට බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් කොසොල් රජ්ජුරුවන් මරා රාජ්‍යයගෙන උන්ගේ දැරි ඇති අගමෙහෙසුන් බිසවුන් බරණැස් නුවරට ගෙනවුත් උන් ගර්භනීබව දැනදැනම අගමෙහෙසුන් කළා හුය ඔහුද මුකළ ගබ ඇති රන් රුවක් හා සමාන පුතණුකෙනෙකුන් වදා සිතන්නාහු මේ බරණැස් රජතෙම මුන් වැඩි වයසට පැමිණියත් මාගේ පසමිතුරාගේ දරුවෝයයි මරාපියන්නාහුය. අනුන් අත නැසෙන්නාහුය අනුන් අත නැසෙන්නා බලාත් මාගේ දරුවන් නිරායාසයෙන් නැසීයාම යහපතැයි සිතා කිරීමව කැඳවා අම්මා මේ දරුවන් රෙදි කඩක් අතුරලා අමුසොහොනෙහි වැදහොවා පියා එවයි කිව ඕද මෙලෙසම කොට ඉස්සෝධා නහාපියා රජගෙට පලාඅව කොසොල රජ්ජුරුවෝද මියගිය තමන් පුතනුවන්ට ආරක්ෂා දේවතාව ඉපද එදවස් සෝනට වැද එදවස් පටන්ගෙනම රැකවල්ලාගත්හ. ඒ ආරක්ෂා දේවතාවානන්ගේ ආනුභාවයෙන් එළුගොපල්ලක්හුගේ එතැන්හි ගොදුරු කන්නාවු එළුවන් අතුරෙන් එක් එළුදෙනෙක් තොම කුමාරයන් සතර කුකුල් අස්සෙහි තබාගෙන පුත්‍ර සෙනහ උපදවා දන බිම ඇනගෙන කිරිපොවා මෙසේ දවසකට තුන් සතරවිටක් කිරිපොවා දුර නොගොස් මව ඇවිද දැවටී ගොදුරු කන්නීය. ඒ එළුගොපල්ලාද ඒ එළුදෙන කරන්නාවු ක්‍රියාව දැක සමීපයට ගොස් පිරික්ෂාකරණුයේ වැදහොත් දරුවන් දැක පුත්‍රසෙනහ උපදවාගෙන ගෙට ගෙනවුත් අඹුව අතට වැඩිය ඔද වඳහෙයින් තනයෙහි කිරි නැත්තේය එහෙයින් එළුදෙන්ම කිරිපොවන්නිය. ඒ කුමාරයන් ගෙට ගෙනාවක් තපටන් ගෙන එළුදෙන්නු දෙතුන්දෙනෙකු දවසකට මියයන්නාහුය.
එපවත් දැන ගොපළුතෙම මේ දරුවන් ගෙට ගෙනවුත් වඩන්නටවන් තැන් පටන් මාගේ එළුදෙන්නු හැම මියන්ට වන්නාහුය. මුන්ගෙන් මට ප්‍රයෝජන කිම්දැයි සැළි යක් ඇතුළෙහිලා මලාවකින් වසා කඩබැද උදුපිටියෙන් පැන් නොවඳිනාසේද පිධානය නොහරණසේද තරකොට අල්වා ගඟ දියට හැරපිය. මෙසේ දියෙන් යන කල්හි එම රජ්ජුරුවන්ගේ රජගෙයි කටුකොල් කර්මාන්ත කරන්නාවු වණ්ඩාලයෙක් අඹුව හා සමඟ යටිගඟතොට වැව මුණ සෝධන්ට බටුවාවු සැල දැක වේගයෙන් දුවගොස් හැරගෙන අවුත් ගොඩතබා පියන්පත ගලවා බලා ඒ කුමාරයන් දුටුයේය. අඹුද දැක පුත්‍රසෙනඟ උපදවාගෙන ගෙට ගෙන වුත් වඩා සත් අට ඇවිරිදි වයස්වු තැන් පටන් ඒ වැඩු දෙමව්පියන් හා කැටිව රජගෙට ගොස් පුරුදුව සොළොස් ඇවිරිදි වයසට පැමිණිකල බොහෝසේ තනිවම ගොස් රජගෙයි කටුකොල් ආදීවු දෙය කර්මාන්ත කරන්නේය. ඒ රජහුගේ අනික් අගමෙහෙසුන් බිසවුන්ගේ කරඟවි නම් දුවක් ඇත්නීය. ඔද උතුම් වු රූ ධරන්නීය. කුමාරාද සැඩොල් ගෙයි වැඩිවර්ධනයද උතුම් රජකුලෙහි උපන් හෙයින් විශිෂ්ටවු භාවනාව හා ශශ්‍රිකවු වචනයන් ඇත්තේ ඒ කුරඟවිතොම ඒ කුමාරයන් දුටුතැන් පටන්ගෙන පිළිබඳසිත් ඇතිව අනික්කෙනෙකුන් කෙරේ මද ඇල්මක් මදව ඔශු කර්මාන්ත කරණතෙන අවුදින් සිටින්නීය.මෙසේ ඔවුන් දෙදෙනම ඔවුනොවුන් එකවන් දැකීමෙන් බංධාඝිලාස ඇතිව ඇතුළු රාජභට නයෙහි මුවාතැන්හි ඉඳ දුරාචාරයෙහි පවත්නාහුමය. මෙසේ කල්යාමසක් පලාගිය කල්හි පිරිවාර ස්ත්‍රීහු රජ්ජුරුවන්ට දැන්වු කල්හි රජ්ජුරුවෝ කිපි අමාත්‍යයන් රැස්කරවා මේ චණ්ඩාල පුත්‍රයා විසින් මෙබඳුනොකටයුත්තක් මෝහට කෙසේවු වධයක් කළ යුතුදැයි විචාළාහ. අමාත්‍යයන්ද මහා කරණ ලද මෝහට නොයෙක් නොකළමනා වධකොට පසුව මරාපුවහොත් යහපතැයි කීහ.

එක්‍ෂණයෙහි කුමාරයන්ගේ පියවු ආරක්ෂා දේවතාවානෝ එකුමාරයන් මව්වු තමන්ගේ පූර්වජාතියෙහි අඹුවු බිසවුන් ඇඟ ආවේශවගෙන රජ්ජුරුවන් කරා ගොස් මහරජ මේ දරුවෝ වැලිත් චණ්ඩාලපුත්‍ර නොවෙති කොසල රජ්ජුරුවන්ට දාව බඩින්ගෙන ඒත් නුඹ වහනසේගේ මේ රජගෙයිදී වැදූ දරුවෝය. එදවසම මාගේ දරුවන් මරාපියනසේක්දෝහෝයි සිතා මලහයි කියා වංචාකොට අමුසොහොනකට දමාපියමි එතනදී එළුගොපල්ලෙක් ගෙනගොස් පොෂ්‍යකෙළේය එතෙම තමාගේ එළුදෙනුන් මියනහෙයින් සැළියකලාදීයෙන් යවාපිය ඉක්බිති දියෙන් යන දරුවන් දැක අපගේ රජගෙයි කටුකොල්කරන්නාවු චණ්ඩාලයා දැක හැරගෙණ පෝෂ්‍යය කරවිය.

එපවත් අසා ඉදින් නුඹ වහන්සේ අදහනොගන්නාසේක්විනම් හැම දෙනාම ගෙන්වාලා විචාළ මැනවැයි බිසවුන් ලවා දේවතාවා කියවිය.

එපවත් අසා රජ්ජුරුවෝ කිරි මවය එළුගොපල්ලාය චණ්ඩාල පුත්‍රයා යයි කියන තුන් පක්ෂයෙහි ඇත්තවුන් ගෙනිවාගෙණ විචාරා තත්වයවු පරිද්දෙන් අසා දැන ජාතිසම්පන්නවු කුමාර කෙනෙකුනැයි සුවඳ පැන් සොළොස් කලයකින් ඉස් සෝධා නාවා ආභරණයෙන් සරහා රාජ කුමාරිකාව උන්ටම පාවාදුන්හ.

ගොපල්ලාගේ එළුවන් මළකාරණයෙන් රාජකුමාරයන්ට එළකකුමාරයෝයයි නම් තුබුහ. ඉක්බිත්තෙන් බ්‍රහ්ම දත්ත රජ්ජුරුවෝ උන්ගේ පියරජ්ජුරුවන්ට සන්තකවු සේනාවාහනාදීවු තොපගේ පියාණන් සන්තක රාජ්ජය ගනුවයි යවුහ.

ඒ එළකුමාර රජ්ජුරුවෝද කුරඟවිනම් බිසව කැඳවාගෙන මහපොළ හරින් ගොස් ප්‍රවෙනි රාජ්ජයෙහි පදසථවුහ.

ඉක්බිති බරණැස් රජ්ජුැරවෝ මෙතෙම අනාථව වැඩුනුහෙයින් කිසි ශිල්පයක් නොදන්නේයයි ඔහු ශිල්ප උගන්වන පිණිස ජලඟ කුමාරයෝයයි යන කෙනෙකුන්ට ආචාරී තනතුරදී ඔහු කරා යවිය. ඒ එළ කුමාර රජ්ජුරුවෝද උන් සමීපයෙහි උගන්නාලද ශිල්ප ඇතිව මාගේ ආචාරීයයි ගෝචරයෙන් සෙනෙවිරත් තනතුර දින.

මෑත භාගයෙහි කුරඟවි නම් බිසෝතොම ඒ ජලඟකුමාරයන් හා සමඟ සැලසිතින් අනිවාර්යකෙළිනිය, ඉක්බිති ජලඟ නම් සෙනෙවි රජදු තමන්ගේ ධනනෙවාසිකම් අතවැස්සහු අත කුරඟවිනම් බිසවුන්ට වස්ත්‍රාභරණාදිය සොරායවන්නාය. ඒ ධනනෙතවාසිකයා හා සමඟ අනිවාර්ය කළාව.

මෙසේ කුණාල රජ්ජුරුවෝ එකල ජලඟකුමාරව ඉපද තමන් ප්‍රත්‍යක්‍ෂකොට දුටුවාවූ ඒ කුරඟවිනම් අඟනාවගේ අනාචාරය එදවස් රැස්වූ පර්ෂිදට ප්‍රකාශකොට කීවාහුය.

තවද තමන්ම ස්ත්‍රින්ගේ නුගුණ ප්‍රකාශකොට කියන්නාහු යටගිය දවස රජ දරුවෝ කොසොල් රජ්ජුරුවෝ බරණැස් රජ්ජුරුවන් මරා රාජ්‍යගෙණ ගර්භිනිදේවින් තමන්ට අගමෙසෙුන් කොට තමන්ගේ නුවරටම ආවාහුය. ඉක්බිති ඒ බිසව් දසමස් පිරුණුසඳ පුතනුකෙනෙකුන් වැඳුහ. රජ්ජුරුවෝ තමන්ට දරුවන් නැති හෙයින් ඒ කුමාරයා පුත්‍රසෙනහයෙන් වඩා සියළු ශිල්පශාස්ත්‍ර උගන්වා වැඩි සොළොස්වයසට පැමිණිකල්හි තොගේ පියානන් සන්තක රාජ්‍ය ගනුවයි ප්‍රවේනි රාජ්‍යය දී යවුහ. ඒ කුමරාද බරණැස් නුවර රාජ්‍යය කරන්නේය.

ඉක්බිති ඔහුගේ මව් බිසව් පුතනුවන් දක්නට යෙමියි කොසොල් රජ්ජුරුවන් අනුදන්වාගෙන මහපෙළහරින් බරණැස් නුවරට යන්නී කොසොල් බරණැස් දෙරටට අතුරෙහි එක්තරා නියංගමෙක්හි ලැගුන්ගත්හ. ඒ ගම විශිෂ්ටවූ රූ ඇති පඤාලවර්ණඩ නම් බ්‍රාහ්මණ කුමාර කෙණෙක් ඒ බිසවුන්ට පඬුරු යවා ඒ බිසවුන්ට සිත් ඇත්ත ඇඟවුහ. බිසව්ද ඒ පඬුරුදැක උන්ගේද ස්වරූපය දැක පිළිබඳ සිත් ඇතිව උන් හා සමඟ ලෝකාස්වාද රතියෙහි යෙදී දවස් යවන්නීය. කීප දවසක් එහිම වැස බරණැස් නුවරට ගොස් පුතනුවන් දැක උන්ගේද ස්වරූපය දැක නැවත එම ගමට අවුත් එතනින් කිප දවසක් එහි වැස බ්‍රාහ්මණ කුමාරයන් හා සමඟ අනාචාර ශිලීව දවස්යා කොසොල් රටට අවුය. මෙසේ ඒ බිසව් එතැන්පටන් කොට නොයෙක් කටයුතු කියාගෙන රජ්ජුරුවන් දක්නටයෙයි ලදින් එනකල එමගම උන් හා සමඟ දොපෝයක් පමණකල් උන් හා සමග වැස යන්නී එන්නීයයි මේ අතීත කථාව ගෙණ හැර දක්වා සබඳ පුණුමුඛයෙනි ස්ත්‍රී ජාතිහුනම් දුස්සීලවු බොරු කියන්නාවු සුළුද නොයෙක් සඨප්‍රයෝග ඇත්තාහයි යනාදීනි තමන් ගියදවස පංචාල වර්ණඩ නම් බමුණිව ඉපද ප්‍රත්‍යක්‍ෂ කොට තමන් දුටු ස්ත්‍රීන්ගේ නුගුණ දක්වා තවද කියන්නාහු සබඳ පූර්ණමුඛය යම්සේ පොළොව රන්රුවන් මුතු මැණික් ආදීවු සත්රුවන්ද වෘක්‍ෂ පර්වතාදී ද සියළු සුගන්ධ නොයෙක් දුර්ගන්ධ යන නොයෙක් උත්තමාධව වස්තුන්ට පිහිටවේද එමෙන්ම ස්ත්‍රිජාතිහුත් කෙලෂ වශයෙන් සියළු රජ බමුණු වෙළඳ ගොවි ආදී උත්තමයන්ද රදා පදු කෙවුළු කිඩ එනා ආදීවු නොයෙක් අධමයන්ද යන සියල්ලන්ටම කාමරතිවශයෙන් පිහිටවන්නාහුය.

තවද සබඳ යම්සේ චණ්ඩවු සංහතෙම සතර පසුරෙන් හා මුඛය යන පංචස්ථානයෙන් මෘගදින් තරකොට අල්වාගෙන ලේ මස් අනුභව කෙරෙද එපරිද්දෙන්ම මේ ස්ත්‍රිහුත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂය යන පස ගැන්මෙන් කෙතරම් සවර්ණිදාස පණ්ඩිතයන් වැනි විරශිල පුරුෂයනුත් අල්වාගෙන ශිල සංවර නමැති ලෝහිතමාංස භක්ෂණය කරන්නාහුය.

තවද සබඳ මහත්වු අටවිමධ්‍යයෙහි පංචායුධ සන්නද්ධව සිටියාවු සොරහු එතනට පැමිණියාවු සත්වයන් පැහැර එලවා වස්තුවිළුමපනය කෙරෙද්ද එමෙන් ස්ත්‍රීජාතිහුද තමන් විෂයෙහි පවත්නාවු රූපාදී පස් අරමුණෙන් පුර්ෂියන් පොළඹවා විiාමානවු උන්ගේ වස්තුව පැහැරගන්නාහුය. තවද සබඳ විෂ මිශ්‍රවූ රා අනුභව කළ සුරාධුර්තීයන්ට වු විෂපන්තියක්මෙන් පස්කම් නමැති විෂරායෙන් පිරුණු ස්ත්‍රී වසඟවු පුරුෂයෝ කටයුතු නොකටයුතු දැනගත නොහී කළමනා කටයුතු විවරට නොකටයුතෙතිහම බොහෝසේ ව්‍යාවෘත වන්නාහුය.

තවද පූර්ණමුඛයෙනි යම්සේ වෙළඳහු තමාගේ බඩුයෙහි වර්ණනාව කෙරෙද්ද එපරිද්දෙන්ම ස්ත්‍රී ජාතිහුද තමන්ගේ බොහෝ නුගුණ සඟවා නැති ගුණ වර්ණනා කෙරෙමින් විකපත කරන්නාහ.

ඉස්සනම් මුවන්ගේ කරකැට නැගෙන්නාවු අගමෙන් ලඝු ප්‍රවෘත්තීවු සිත් ඇත්තාහුය. බොරුකීමම ස්වභාව කොට ඇති හෙයින් දෙදිව් ඇති සර්පයන් වැන්නහ. බොරු අතට සඟවනුලද අසුචි වලක් මෙන් වස්ත්‍රාලංකාරයෙන් පිළි සන්ව කෙලෙ පැටිකොට ඇවිදිනා කසල පිරුණු වලක් වැන්නහ.

ලක්ෂ ගණන් ගංගාවෙහි ජලය අනවරතයෙන් වැදත් නොපිරෙන්නාවු සමුද්‍රය මෙන් මේ ස්ත්‍රී ජාතිහුද මෛථුන සංවාසයෙන්ද දරුවන් වැදීමෙන්ද සැරහිමෙන්ද පුරාලිය නොහැකි සිත් ඇත්තාහ. යම්සේ රාක්‍ෂ සඳ මාංස අනුභවයෙන් ගිජුහෙයින් සම්පත්දීමෙන් වැලකිය නොහැකිව මාංසයම ප්‍රාර්ථනා කරන්නේද එපරිද්දෙන්ම මේ ස්ත්‍රී ජාතිහුද ලෝකාස්වාද රතියෙහි ගිජු බැවින් බොහෝ සම්පත් ඇත්තන් කෙරෙහි වැසදූ තද කාමාස්වාදයම ප්‍රියකොට ඇත්තාහ.

යම්සේ යමරජ තමා කරා පැමිණි සියළු සත්වයන්ගේ ගුණ ගුණ පරික්ෂා නොකොට මරුමුඛයට පමුණුවාදඑපරිද්දෙන්ම මේ ස්ත්‍රී ජාතිහුද කුලගෝත්‍ර ගුණ විෂේශ පරික්ෂා නොකොට කේලශවසඟයෙන් සිල විපත්තියට පමුණුවා දෙවනුව නරකයෙහි උපදනාහුය. යම් ගිනි ඇත්කුණු අස්කුණු මිනිකුණු බලු කුනු ගැරඩි කුණු ආදියෙන් භක්‍ෂණයකොට පියන්නේ විනම් උත්තම අධමයන්ගේ විපාකයක් නැතිව කෙලෙස් නමැති ගින්නෙන් භක්ෂණය කරන්නාහුය.

අසූචි භුමියත් පියුම් වනයත් නොහැර අමන්නාවු පමණක් මෙන් චණ්ඩාල කුලපුත්‍රාදීන් කෙරෙහි කාමරතියෙහි එක් සිත්හ.

සිනේරු පර්වතය ආශ්‍රය කළාවු කපුටුවන් එක්පෑයුවාසේ තමන් කරා පැමිණ යම් කෙනෙකුන් තමන් වැනියාව කරන්නාව හා අඹ ගස් වැනි එකසට හන් ඇතිවු වසවෘක්‍ෂය මෙන් සදා එලිත බැවින් සහ මල්පල්ලෙන් සැදුන් බැදුවදුරන්ට රම්‍යවු දර්ශනය ඇතිව පෙනෙනහෙයින් වර්ණගන්ධයෙන් නොවෙනස් බව අනුභව කළ සත්වයා වහා මියෙද්ද එමෙන්ම පස්කම් ගුණයෙන් ඇළුනු සිත් ඇතියහයි ස්ත්‍රීන් වසඟවු වහා විභව විනාශයට පැමිණෙන්නාහුය.

තවද පුර්ණමුඛය විහට ඇති ස්වාමිහු ජරාවෙන් මිරිකිර රතික්‍රිඩාවට අයොග්‍යකල්හි ඔහු සන්තක වස්තුව ගෙන අන්න්ට යවා උන් හා සමඟ අතිචාර යෙන් මිත්‍ර ප්‍රිය කරන්නාහුයයි මෙසේ කුණාල බෝධිසත්වයෝ අනෙකප්‍රකාරයෙන් තමන්ගේ ධර්මවිලාසය දක්වා මත්තෙහිද ස්ත්‍රීන්ගේ නුගුණ දක්වන්නාහුය.

සබඳ මේ ස්ත්‍රී ජාතිහු නම් මුළුලොව බඳපිණිස මාරයා එලු සොරමලක් වැන්නය. එසේහෙයින් එසේවු ස්ත්‍රී ජාතින් කෙරෙහි ලෝභය කරන්නාවු සත්වයෝ මිරිගුයෙහි ජලබුද්ධිකරන්නාවු මෘගයන් වැන්නහ.

තවද ශෝකයට කාරණය හා රෝගයට වාසස්ථානය හා උපද්‍රවයට මරුවවැන්නාහ තවද දඟගෙයක් වැන්නහ. මායමටගුහවක් වැන්නහ. එබඳුවු ස්ත්‍රීන් කෙරෙහි විශ්වාසීවු කෙනෙක් ඇත්නම් ඔහු සත්වයන් කෙරෙහි අධමහයි යනු පුරාගනයෙහි සත්පුරුෂයන්ගේ වචනයෙක් වන්නේය.

සබඳ පූර්ණමුඛයෙනි මේ ලෝකයෙහි ස්ත්‍රන්ගේ නුගුණ බොහෝවුවද බඹලොව හැර තෙසුතැන්හි ස්ත්‍රීන් ඇති හෙයින් නුවණැති පුරුෂයෙක් ස්ත්‍රීන්ගේ ප්‍රයෝජන විඳින්නේ චතුවිධස්ථ නයෙක්ති සුශික්‍ෂිතව රක්නේය.

අනුන්ට පිරුළු වශයෙන් දෙනලද්දාවු රථය ප්‍රමාණතික්‍රාන්තවු වාහනයෙන් චක්‍රහංසය කෙරෙද්ද එසේම ගොන්ද පමණ ඉක්මවා ඉසිලීමෙන් නසා පියද්ද එසේම දෙනුන්ගේ අතිදොහනයෙන් වස් සනාපියද්ද එමෙන් බන්ධු කුලයට ගොස් කල්යවන්නාවු පතිනි අඹුවක වුවද පාපමිත්‍ර සමවායෙන් චිත්ත දුශ්‍යකරන්නාහුයයි දැන නුවණැත්තෝ මේ සතරකායෙන් ස්ත්‍රිය දුරුනා හරින්නේය.

තවද සබඳ ස්ත්‍රී ජාතිහු ස්වාමිපුරුෂයා දිලිඳුකලක් ලෙඩරෝගීකලක් යොවුන් සිඳුනුකලක් සුරාධුර්තීවුකලත් මාත්‍යුකලත් සම්පත් සෙවිමෙහි සියළුම කටයුත්තෙහි නොබෙඳනාකලය යන අටවැදෑරුම්වු තැන්හි ස්වාමිහු අරිනාහුය තවඳ සබඳ පූර්ණමුඛය ස්ත්‍රී ජාතීන්ගේ පාපක්‍රියාවෝ බොහෝදෙනය. ඔහු කවුරුදයත් ස්වාමින් නොවිචාරාම පුෂ්ඵාරාමයට ගොස් එතැන්හි චෞර පුරුෂයන් හා කැටුව වාසයකොට අදම අත්සා වෘක්‍ෂදේවතාවාට යාග බලි කර්මාන්ත දිය කරන්ට ගියෙමි. ස්වාමිහූ සන්හිඳුවන්නාහුය. තවද අසොහිත මිත්‍රයන්ගේ ගෙයි කියාලු කටයුත්තෙක් ඇත. දිලුනයෙක් ඇත. ඉල්වාගන්ට ගියෙමි යනාදීන් ස්වාමිපුරුෂයන්ට වඤාචාකොට ගොස් චෞරපුරුෂයන් කරා ලැගීසිත ඇති දුක් පහකොට එන්නාහුය. කවුළුදොර ආදියෙහි සිටගෙන තමාගේ අග්‍රප්‍රත්‍යංගයන් බැහැර සිටියාවුන්ට දක්වන්නාහුය.

තවද උන්ගේ සතළිසක් පමණ ස්ත්‍රීලීලා ඇත්තෝය.

ඒ කෙසේද යත්,

පුරුෂයෙකු හා කැටිව පළමුව මේ ආකාරය කළ කල්හි අවකාශ ඇත්ත නැත්ත දැනගත මැනවැයි කථාකොට තබාගත් හෙයිනුත් කථාකෙළේද ඔහු සිත්ගත මැනවැයි යන අදහසින් ස්වාමිපුරුසයා සමීපයෙහි සිට විජමහනය කරන්නිය.

තවද යම්කිසි වස්තුවක් බිම එලාවේවයි හැරගන්නා පිණිස නැඹුරු වන කෙණෙකුන් පරිද්දෙන් නැමි පිටදිසාවට පානාහුය. යාම් භිම් ඉඳිම් සිටිම් සක්මන් කිරීම් පලන් ආභරණ කැනීම් වශයෙන් විලාස දක්වන්නාහුය.

ලජ්ජා ඇත්තවුන්මෙන් වහා උතුරුසළුව පෙරව භික්ති කවුළු දොර ආදියෙහි ඇලෙන්නාහුය.

හස්තපාතාදියෙහි නියඟින් ඊපාන්නාහුය. දණෙඩන් බිම ඉරි අඳනාහුය. තමන්ගේ හෝ අනුන්ගේ හෝ දැවන් වඩාගෙන උඩට එසවීමය පාතට බෑමය උන් හා තමන් කෙළිමය තමන් හා උන් කෙළිමය සැනීමය සැනුම් හැරගැන්ම උන් කැවිමය තමන් කවාගැන්මය තවද බාලදරුවන් අතට යම්කිසි මලක් හෝ ඵලයක් හෝ දිලිමය නැවත එය ඉල්ලීමය උන් කෙළි පිණිස කළ කළ යම්දෙයක් තමන් පෙරලා කිරීමය නැවත එම දරුවන්ගේ සුරතල්විඳ සෙනෙහයෙන් වදනක වලදනකමක් උසස්කොට කථාකිරීම ඒ හැම සමඟ සිටි ඇත්ත අඟවා සමීපයෙහි සිටි සොර පුරුෂයන්ගෙන් ආරහසියන්ට කියයිත්තක්කියාම්ය. බොහෝ දෙනා මැදයෙහි කෙළි පිණිස ව්‍යජවශයෙන් බොරුයයි අඟවා ඇයි යුද්ධය සමහන් කොට කීමය නැවත විවේකීව ඇත්ත ඇතිසැටියේ කිමය නැටීම වෙණවැයිමා බෙරගැසීමෙන් ගී කිමෙනැයිද වැසි වස්නා දවසෙක පළමුකියා තබාගත් කටයුතු නියාවට වැස්සතෙමිනා නා කැමතිව අඬාපියා ගිවිස්සාගෙන සීමැදුරු කවුළුයෙන් පිටත්ව සිටුකුමාරයා අතමාරුකරදී රාජ කුමාරයා හා කැටිව ගිය කුමාරිකාවමෙන් ඇඬීමෙන් හා කිසිලිඹසවා පෑමෙන් පිටිතොල ඩෑහැමෙන්ද බැම ඉස්සීමෙන්ද ඉසකෙහෙ බැඳිමෙන්ද පිලිමිදීමෙන්ද ඇදීමෙන්ද යටසින් එක්වන් බෑලිමෙන්ද උකුල මදක් නටවා බැලීමෙන්ද රහසිනාහය චලිතකිරීමෙන්ද කලවා පලල් කිරීමෙන්ද නැවත වහා අකුළුවා ගැම්මෙන්ද පයෝදරයන් සෙලීමෙන්ද පිලී සිථිලකොට පෙකනී පෑමෙන්ද අත්දික්වු පෙරලා කෑමෙන්ද දිවු ලෙලීමෙන්ද යනාදීන් දක්වන ලද සතලිසක් පමණ චෞර ස්ත්‍රීවිලාසයෙන් පුරුෂයන්ට බෑවෙන්නාහුය.

තවද පූර්ණමුඛය ස්ත්‍රී ජාතීහු අවකාස ලබනු පිණිස අසෝගමට නයදුන් වස්තුව ඉල්වාගෙන එවයි කියාද අසොක කටයුත්ත පිරිමසාගෙන එවයි කියා ස්වාමිහූ යවනලද අවකාශ ඇතිව දුරාචාරයෙහි යෙදෙන්නාහුය තවද ස්වාමිහු පිළිබඳව කෘෂීවර්ණ්‍යජාදීවු කටයුත්තෙහි අවැඩක්ම නොකළමනා දෙයක්ම යොදන්නීය.

පිලීතරකොට ඇද පිටිපැවෑදළුව කෝලාහල කොට සමීපයෙහි වැදහොත් මිනිසුන් පුබුදුවා පහන් ලවා ඉසරූජාය බඩ රුජාය යනාදීන්වු ප්‍රලාප කියා ස්වාමිහුගෙ කෙලෙසරතිවිනාසය කරන්නීය. ස්වාමිහු සීත උෂ්ණභොජන කැමති උනුභෝජනය එලවන්නීය. උනුකැමති සිහිල්ඵලවන්නීයයි යනාදීනි ප්‍රත්‍යනික ප්‍රවෘත්තීය ස්වාමිහු දුකින් උපයන ලද සම්පත් රා මස් මල් සුවඳ ආදියෙහි කරණ ලද ලෝභයෙන්ම විසුරුවන්නීය. හැමවෙලෙහිම අතීචාරීවුවන් කරා ගමන් ගෙණ සිටිනීය.

තවද සබඳ තොරඹුරක් ලදහොත් යටත්පිරිසෙයින් කුණු පණු හුණු ශරීර ඇතිකරගන්නා සාමුලින්ම නැති දෙඅත් දෙපා හුන් සත්වයකුදු නොහරණ බව පදුම ජාතකයෙහි කී නියායෙන් දතයුතු

යටත් පිරිසෙයින් ඉතා පිලිකුල්වු පිළුන්කෙරෙහිම මහත්වු ස්නෙහයෙන් ස්ත්‍රීජාතින් වාසය කළ තැන් බොහෝ සේ ඇත.

ඒ කෙසේද යත්,

සබඳ යටගිය දවස බරණැස් නුවර කඩාරීනම් රජෙක්විය. එතෙම වසවත් දෙවුපුතුමෙන අති මනෝහරවු රූපසෝභා ඇත්තේ එතෙමහැම වෙලෙහිම පස්කම් ගුණයෙහි ඇලි වෙසෙයි. ඔහුගේ විභවසක්තියත් දවස්පතා ඇමතියන් ගෙණහැර ඵලවන ලද දහසක් සුවඳ කරඬුපලා සුවඳ දරින් ගිනිදල්වා රාජභෝජනය සපයා මේ වඩන්නාහුය. මෙරජහුගේ ආවර්ණනියාවු රූප ඇති කිනනරාදෙවි නම් අගමෙහෙසඅන් බිසවක්වුව ඒ රජහු හා සමවයස් ඇති ඒකාචාරීවු කුලෙහි සිල්ප උගත් පංචාලවණ්ඩ නම් පුරෝහිතයෙක් ඇති විය.

ඒ රජ්ජුරුවන්ගේ ප්‍රාසාදය ගාවා පවුර ඇතුලෙහි කඳවෙලෙප් සහිතවූ පවුරු මුදුනට එල්ලෙන්නාවු ශාඛාපතර ඇති දඹරුකක් විය. එඳඹරුක සෙවනැල්ලෙහි ඉතා පිලිකුල්වු බැලිවනොහැකි ශරීරාවයිවයන් ඇති සතර ගාතය කොරවු පිලෙක් වසන්නේය. එක් දවසක් කින්නරාදෙවිද සීමැදුරු කවුළුයෙන් පිටත බැළුවාහු ඔහු දැක පිළිබඳ සිත් ඇතිව රාත්‍රිභාගයෙහි රජ්ජුරුවන් කෙලෙසරතියෙන් සතපා යානට වැඩපිකල නිදිවරබලා සෙමෙන් නැගී සිට නොයෙක් රසමසවුලෙන් යුක්තවු ආහාරය රන්තැටියෙහි පුරාගෙණ එතුරතු පොට අස්සෙහි තබාගෙණ කඩරෑනක් සීමැදුරු කව්ළුයෙහි සිරිගම්පයෙහි බැඳ ප්‍රාසාදයෙහිම පලයට වැඩිතිබෙන්නාවූ දඹ අත්තට බැස අත්ත ඔස්සේ ගොස් බිමට බැස පිලා බත්කාවා ඌ හා සමඟ පාප ක්‍රියායෙහි යෙදී පළමු බටුවාවු ක්‍රමයෙන්ම ප්‍රාසාදයට නැගී ශරීරයෙහි වැකීගියකුණු පැටිකරණු පිණිස සඳුන් සුවඳින් ඇඟ උලා රජ්ජුරුවන් හා එක්යාන් පුරුදුව සැතපෙන්නීය. මෙම ක්‍රමයෙන් නිරන්තරම ඌ හා සමඟ නොකටයුත්තෙහි හැසිරෙන්නීය. රජ්ජුරුවෝද නොදන්නාහුය.

එකල එක් දවසක් රජ්ජුරුවෝ නුවර පැදකුණු කොට රජගෙට වන්නාහු එදඹසෙවනේ එල්ලේ වැදහත්තාවු පැහැපත්වු එපිලා දැක තමන් හැමවෙලෙහිම ගොචර හෙයින් පුරෝහිතයන් මූන බලා බලව මනුෂ්‍යප්‍රෙතයක-ගේ සැටියෙක සබඳ මෙසේවු ප්‍රතිකුලයන් හා සමග වාසයකරන්නාවු ස්ත්‍රීන් මේ ලෝකයෙහි ඇද්දෝහෝයකීහ. එපවත් අසා පිලා මහත්වු අභිමාන උපදවාගෙන දොහොත් මුදුනෙහි තබාගෙණ මේ දඹ ගස අධිගෘහිත දේවතාවාණෙනි ඇසුව මැනව නුඹ වහන්සේමය දන්නේයයි කීය.

පුරෝහිත බමුණානෝ ඔහු කල ක්‍රියාව දැක සිතන්නාහු ඒ කාන්තයෙන් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන්වු බිසවුන් දඹගසින් අවුදින් මු හා සමඟ නොකටයුතු කරන්නාහුවනැයි දැන මහරජ රාත්‍රීභාගයෙහි බිසවුන් ශරීර පහස් කවරේදැයි විචාළේය. ඒ අසා රජ්ජුරුවෝ සබඳ අනික් කාරණයක් නොදනිමියි මධ්‍යම රාත්‍රියෙහි බිසවුන්ගේ ශරීරය සිතලයයි කීහ.

එසේ විනම් රජ්ජුරුවෙනි තෙසු ස්ත්‍රීන් තබා තොපගේ අගමෙහෙසුන් කින්නරාදේවිම් මුන් හා සමඟ කෙලෙස සංගර්ය ඇත්තාහුයයි කීහ.

එසඳ රජ්ජුරුවෝ කිමෙක්ද පුරෝහිතය ඉතා සොභණවු රූ ඇති උන්ත මාංගනාව ඉතා පිලිකුල් වු මොහු හා කෙසේ වෙසෙද්දැයි කීහ

ඉක්බිති පුරෝහිතයෝ මහරජ මාගේ වචනයෙහි ඇදහිලි නොකරණ සේක්විනම් මෙතැන් පටන් පරීක්ෂාකළ මැනවැයි කීහ.

එසඳ රජ්ජුරුවෝ යහපතැයි ගිවිස එදවස් රෑ මෙහෙනිමවා බිසවුන් හා සමඟ සැතපී අදකලි මෙම පරීක්ෂාකරන්ට උවමැනවැයි පළමු නිදනවෙලාවට නිදාපුකෙණෙකුන් මෙන් ඇඟවුහ. බිසවුද රජු නිදන්නේ කවරවිටකදෝහෝයි සිත සිතාම ඉඳිනාහෙයින් නිදාපිවනැයි නැගීසිට රන්තැටියේ බත් ඉන තබාගෙණ කඩරෑනෙන් එපිට බටුවාහුය. රජ්ජුරුවෝ දඹසෙවනැල්ල හස හා සමඟ ඇලි සිටියාහ. පිලාතෙම බිසවුන්ට කිපී ඉතා කල්යවා එන්ට කාරණා කවරේදැයි තමාගේ කොර අතින් කංසට ගැසිය ඉක්බිති බිසවු ස්වාමිනි රජ්ජුරුවන් නිදාපියනතෙක් කල්යවමියි නොකිපුන මැනවැයි යනාදීන් උන්ගේගෙයි ඇතිදා ඇති පාදපරිචාරිකාවක මෙන් ඔහු අස්වසා අවන්තවුව ඒ ගැසු පහර හා සමඟ බිසවුන්ගේ කනපලන් සිඟමුඛ කුණ්ඩලාභරණය රජ්ජුරුවන්ගේ පයසමිපයට පැනපියා රජ්ජුරුවෝ මෙතෙක් මට සෑහෙන්නේයයි ඉනිඹ උන්ගේ ඕලාරික ක්‍රියාව නොදක්වමි රජගෙට පලාආහ.

බිසවුද ඔහු හා සමඟ අනිවාරයෙහි යෙදී පළමපරිද්දෙන්ම අවුදින් රජ්ජුරුවන් හා සමඟ සැතපෙන්නට උත්සහඛලහ. රජ්ජුරුවෝ තමන් සමීපයට වැද්දනොදී පසුව දවස් කින්නරාදේවීන් මා විසින් දෙනලද ස්වරණාලංකාරයෙන් සැරගීගෙන එන්ට කියවයි විධානය කළහ.

එසඳ බිසවු කුණ්ඩලාභරණය බඩාල්ගෙදරයයි කියන්නාහුය. පසුව තත්පරවම එන්ටකියවයි විධාන කරණහෙයින් පලම්කුණ්ඩලාභරණයෙම්ම අවුත් සිටියාහුය. එසඳ රජ්ජුරුවෝ ඇයි සොඳුර තොපගේ කුණ්ඩලාභරණය කොයිදැයි විවාළාහුය. ස්වාමිනි කොතුරක් ඉගිලිගියහෙයින් බඩාලුන් අතට ලැවීමයි කීහ.

එසඳ රජ්ජුරුවෝ බඩාලුන් ගෙන්වාගෙණ බිසවුන්ගේ ආභරණ තාගෙගෙයි බොහෝදවසක් තබාගෙණ නොදෙන්ට කාරණා කවරේදැයි කීහ. එසඳ තරහල් භයින් ඇකීලි නොගත්මි ස්වාමිනි කිය. රජ්ජුරුවෝ මෙසේ බිසවුන්ගේ දෝස ගිවිස්වා චණ්ඩාලකෙල්ල මෙවකට බඩාල්ලු තොපට අපිසයයි තමන් වහන්සේ අතතුබු කුණ්ඩලාභරණය ඉදිරියට දැමුහ. එවිට බිසවු කරබැහැ එබස්ද රජ්ජුරුවෝ පුරෝහිතයන් කැඳවා සබඳ තොප කීයේ සැබැවැයි උන් කෙරෙ පැහැද බිසවුන්ට කිපී තෙල ගෙනගොස් ඉසකපා පියවයි සම්මත කළහ.

එසඳ පුරෝහිතයෝ බිසවුන් එම රජගෙයි එක්තෙනක්හි සඟවා ඉදුරා රජ්ජුරුවන් කරා එලඹ මහරජ බිසවුන් කෙරෙහි නොකිමුණ මැනවැයි සියලු ස්ත්‍රීන්ගේ නුගුණ මෙතෙක්මය. ඉදින් නුඹ වහන්සේ ස්ත්‍රීන්ගේ නුගුණ හා නොයෙක් සටප්‍රයෝග දක්නා අභිප්‍රාය ඇතිසේක්විනම් අප්‍රසිද්ධ වේසයෙන් දනවු සැරිසරා ඇවිද පරීක්ෂා කරම්හයි කීහ.

රජ්ජුරුවෝද මැනවැයි ගිවිස මෑණියන්ට රාජ්‍යය පාවාදී පුරෝහිතයන් හා සමඟ අප්‍රසිද්ධවේශයෙන් නුවරින් නික්ම යොදනක් පමණතැන් ගොස් මාවත සැතපී උන්කල්හි එක් කෙළෙඹි පුත්‍රයෙක් තමාගේ පුතුට එක් කුමාරිකාවක මහත් මගුල්කොට පිළිසන් යානාවෙක්හි ඉඳුවාගෙන මහපෙරහරින් යන්නේය. එපවත් දැක පුරෝහිතයෝ මහරජ ඉදින් නුඹවහන්සේ කැමති සේක්විනම් පෙරපුරුෂයන් හා නොහසලවිරූ කුමාරිකාව නුඹ වහන්සේ හා සමඟ සතප්පාපියමි කීහ.

එපවත් අසා රජ්ජුරුවෝ සබඳ කුමක් කියයිදැයි මහපෙරහරින් එන්නියට කෙසේ අවකාස ලැබේද නොපිළිවනැයි කීහ. එසඳ පුරෝහිතයෝ එසේ වී නම් මාගේ සපන්කම බැලුවමැනවැයි කියා පෙරෙත්තුව ගොස් මගින් ඉවත්ව තිරයක් බැඳ රජ්ජුරුවන් තිරය ඇතුලේ හිඳුවා තුමු මගට බැස දෙපය දික්කොට අඬමින් උන්නාහුය. ඉක්බිති කෙළෙඹිපුත්‍ර අඬමින් උන් බමුණානන් දැක කුමක් පිණිස අඬාදැයි විචාළේය.පින්වත්නි මාගේ බරින්ද ගර්භනිහ. අපි උදකලා හෙයින් උන්ගේ දෙමව්පියන්ගේ ගෙයි හැරලාපියන පිණිසයයි කැඳවාගෙන මගට ආකලට අතරමග විලිපහරින්ට වන ඕතොමෝ තීරය ඇතුලෙහි මහත්වු ආයාස විදිනීය. කිසි භයකුත් නැත. මාත් එතනට නොයාහැක්ක එක ස්ත්‍රියක ලද්දොත් යහපතැයි කීහ. වන්නාට බොහෝ ස්ත්‍රීහු අප හා කැටුව ඇත. ඉන් එක්කෙනෙකුන් ප්‍රසව කරතියි තෙපි නොහඬවයි කීහ. ඒ අසා බමුණු තවද අපගේ කුලක්‍රමගතවු චාරිත්‍රධර්මයෙක් ඇත.
කන්‍යාස්ත්‍රියක විසින් ප්‍රසව කලයුතුය එතමාත් උන්ට මහත්වු වැඩෙයි කිහ. එපවත් අසා කෙළෙඹිපුත්‍රතෙම මුන්කියේ සැබැවයි සිතා මේ පුර්වනිමිත්තයෙන් අපගේ පුතනුවන්ට දරුවන් ලැබෙගෙදල ස්ථිරවන්නේයයි චතුර්වේදයෙහි නිෂ්පණ්ණ බමුණු දැනමකීයේයයි සතුටුව තමාගේ යෙහෙලි කුමාරිකාවම ප්‍රසව කරවයි යවිය. ඕතොමෝ තිරය ඇතුල්වන්නී මලවියා බදු උතුම් රූ ඇති සශ්‍රීක වු රූ ඇති රජ්ජුරුවන් දැක පිළිබඳසිත් ඇතිව රජ්ජුරුවන් හා සමඟ ඛ්‍යාතික්‍රමයේ යෙදුනාය. රජ්ජුරුවෝද ඇගෙ අභිනව ක්‍රියාව පවා මෙසේ වනැයි ඈකෙරේ සතුටුව තමන්ගේ ලක්ෂයක් වටනා පේරැස් ගලවා ඇඟිල්ලෙහි ලුහ. ඉක්බිති කරන ලද ඛ්‍යාතිවාර ඇතිව පිටත්වුහ. ඇගෙන් කුමක්ද වදාපුදැයි විචාළහ. එසඳ ඕතොමෝ එසේය රන්රුවන් පුතනුකෙනකුන් වදාපුවයි කීහ. කෙළෙඹි පුත්‍රද ඈ කැඳවාගෙන නික්මින පුරෝහිතයොදා රජ්ජුරුවන් සවමීපයට ගොස් රජ්ජුරුවෙනි පෙර පුරුෂයන් හා නුපුරුදු කන්‍යස්ත්‍රී කුමාරිකාවරුන්ගේ පාපක්‍රියාව මෙසේ කල පුරාතන ස්ත්‍රින්ගේ සොර කම් කියනුම කිම්දැයි රජ්ජුරුවන් සිතට මනංවා ඇඟිල්ලෙහි තුබු පේරැස්මුද්ද නොදැක මහරජ ඈට දුන්කිසිවක් ඇද්දැයි විචාළෝය. එසේය පේරෑස්මුද්ද දෙන ලදැයි කී කල්හි එසෙර කෙල්ලට දෙන්ට කාරණා කවරේදැයි කී කල්හි ඒ සොර කෙල්ලට දෙන්ට කාරණා කවරේදැයි පසෙසහි ලුහුබඳවාගෙණගොස් ඈ නැගී යන්නාවු යානාව අතින් අල්වාගෙන රැඳවුහ. ඇයි මේ කුමක්දැයි විචාළ කල මේ කුමාරිකාවෝ බැමිණියගේ ඉස්දොර තිබූ මුන්ද හැරගෙණ පලාඅවුයයි කියා ලුහුබඳවාගෙන ගොස් ඈ නැගී යන්නාවු යානාවේ තිබු මන්ද අම්ම මෙසේ දෙන්නැයි ඉල්ලුකල මුදූදෙන්නාවු කුමාරිකාවෝ අනේ තාගේ සොරකමකැයි ඕහට අඟවනු පිනිස බමුණාගේ අත්ල නියෙන් කණලාදුන්හ.

මෙසේ ඒ පඤචාලවර්ණද නම් පුරෝහිතයා නොයෙක් නොයෙක් උපායන් බොහෝ උපායෙන් ස්ත්‍රීහුගේ ගුණ ඒ රජ්ජුරුවන් සිතට නංවා තවද ස්ත්‍රීන්ගේ නුගුණ පරීක්‍ෂා කරණු පිණිස දඹදිව ඇවිදිම්හයි කීහ.

එකංගරීනම් බරණැස් රජ්ජුරුවෝ සබඳ සියලුම දඔදිව ඇවිදිත් ස්ත්‍රින්ගේ නුගුණ මෙසේ මෙසේම දැක්කහැක්ක. ඉන් අපට ප්‍රයෝජන කින්දැයි වැලක නැවත බරණැස් නුවරට අවුත් මහරජ ස්ත්‍රී ජාතිහූ නම් මෙසේවු පාප අදහස් ඇත්තාහුමයයි එසේ හෙයින් කින්නරාදේවින් කෙරෙහි ක්‍ෂමා කොට වදාළ මැනවැයි පුරෝහිතයන් විසින් යච්ඤාකරණ ලද රජ්ජුරුවෝ ක්‍ෂමාකොට තනතුරු පිරිහෙලා රජගෙන් පිටත්කොට අනික් බිසවක අගමෙහෙසුන් කොට එපිළුද මරා නෑර දඹගස රජගෙ දසාවට නැමුනු අත්ත කප්පවා පුරෝහිතයන්ගේ අනුශාසනාවෙන් රාජ්ජය අනුශාසනාකළහයි මෙසේ මහණෙනි කුණාල බෝධිසත්වයන් පඤචාලවර්ණඩ නම් පුරෝහිතව තමන් ප්‍රත්‍යක්‍ෂකොට දුටුකාරණය ගෙනහැර දක්වා ස්ත්‍රීන් ගේ නුගුණ ප්‍රකාශ කළහ.

තවද යටගිය දවස අනික් බරණැස බකනම් රජ්ජුරුකෙණෙකුන් ධර්මිෂ්ඨයෙන් රාජ්ජය කරන්නාහුය.

එකල එමනුවර නැගෙනහිර වාසල් දොරන් පිටත විථියෙහි එක් දිලිඳුකුල යෙහි ඉපිද මැටි අනාගෙන භිතතියෙහි මැටිගසනකල්හි එක්පසේබුදුතෙනෙකුන් වහන්සේ වැඩ වසන ප්‍රාග්භාරයෙහි වැලි මැටිලන පිණිස මැටිකෙසේලැබේදැයි ආවර්ජනාකරනසේක් බරණැස් නුවර සවමීපයෙන් ලැබගත හැක්කැයි දැන වදාරා ගැටවවු ගන්වාගෙන පාත්‍රය සිවුරු අසෙස ධරා ඇට නුදුරු තෙනක වැඩහුන්සේක බත් උදෙසා වැඩිසේක්වනැයි අහරනැති බව ඇඟවුවද නොවැඩ සිටි හෙයින් ඕතොමෝ කිපී බලන්නී මහණ තට මැටිත් අරුමනියා වේදැයි මහත් මැටිපිඩක් ගෙණගොස් පාත්‍රයෙහි ලාපුව ඔබද එ මැටිගෙණගොස් තමන් වහන්සේ වසනතෙන වැලිමැටි ලාවදාළසේක. මෙසේ එපසේබුදුන්ට නොඅදහත් මැටි පිලිගැන්වු කුශල ඵලයෙන් දිව පහස් බඳු ශරීර පහස් ඇති විය කිපී බැළුහෙයින් මුන්ද නාසයද දැත දෙපයද යන පඤචස්ථානය විරූපවිය. ඒ කාරණය හේතුකොටගෙන පඤචපාපයයි නම් තුබූහ.

එකල බක නම් බරණැස් රජ්ජුරුවෝ රාත්‍රී භාගායෙහි අප්‍රසිද්ධ වේසයෙන් නුවර පරික්ෂා කරනු පිණිස පිටත්වුහ. රජ්ජුරුවෝ ඇගේ ගෙදරට පැමිණියාහුය. ඒ පඤචපාප නම් කුමාරිකාද කෙළිමුලන් හා සමඟ කෙළින්නී රජ්ජුරුවන් නොදැන ගොස් අත ඇල්ලුව රජ්ජුරුවෝද හස්ත පර්ෂියෙන් දිවපහස් වැදගත් කෙනෙකුන් පරිද්දෙන් ස්වභාවයෙන් සිටපිය නොහිපහසෙහි ඇලුනාහු විරූපවත් ඈ අත අල්වාගෙන තෙපි කාගේ දියනිකෙනෙක්දැයි විචාරා දොර වසන්නාවු දුප්පත් කුලයෙක එකකිමි කී කල අස්වාමික භාවය විචාරා නියම දැන මම තිට ස්වාමිපුරුෂවෙමියි ගොස් තිගේ දෙමව්පියන්ට තත්වු පරිද්දෙන් කියාලයි කීහ. ඕද දෙමව්පියන් කරා ගොස් එක් පුරුෂයානකෙනෙක් මා කැමතිව විචාලහ. කලමනා කින්දැයි කිහ. එපවත් අසා ඇගේ දෙමව්පියෝ අනේ ඔහු අපටත් වඩා දුක්පත් එකෙකු නියාවේද වන්නාට තොපසේ වුවනුත් කැමතිවු නම් ඉතාම යාපත්වේදැයි කී කල්හි ඕගොස් එපවත් රජ්ජුරුවන්ට කී කල්හි එදවස් රජ්ජුරුවෝද උන්ගේ ගෙයි සැතපී උදෑසන රජගෙට ගියාහ. එතැන් පටන් නිරන්තර වසයෙන්ම අප්‍රසිද්ධ වේශයෙන් රජගෙන් පිටත්ව ඇය සමඟ සැතපෙන්නාහුය. අවසේස ස්ත්‍රීයක මුනත් නොබලන්නාහුය. මෙසේ කලක් ගියකල ඇගේ පියාට ලේග්‍රහණියක් ඇති විය.
ඊට බේත් වෙදවරුන් විචාලකල වෙදවරුන් කියන්නාහු පැන්නුමුසු කිරි මී ගිතෙල් ෂකිරා බහා පිසන ලද කිරි බත් අනුභව කිරීමට මීට බෙහෙත් වේදැයි කීහ. ඔහු තමන් දිලිඳු හෙයින් උපදවා ගත නොහී පංච පාපාවන්ගේ මෑණියෝ පුත තොපගෙ සමනෝ මෙබඳු කිරි බතක් අපට උපද වාලිය එද්දැයි විචාරා බලවයි කීහ. එබස් අසා ඕතොමෝ අම්ම අපට වඩා උන් දුක්පපත් කෙනෙකුනැයි සිතෙයි එතකුදු උවත් විචාරා බලමි නුඹ සොකනොකරන්නෙහි අස්වසා රජ්ජුරුවන් එන වේලාවට දුර්මුඛවගෙන උන්නීය. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ අවුදින් දොම්නස් කරනු කින්දැයි විචාල කල්හි එපවත් කිව ඒ අසා රජ්ජුරුවෝ සොඳුර ඉසුරුමත් බේදක අනේ මේ කෙසේ ලැබගත ඒමෝදෝහෝයි කියා නැවත සිතන්නාහු මට හැමදවස්ම මේ සැටියේම මෑනිසා ඇවිදිනාකල්හි අතරමග යම්කිසි උපද්‍රවයෙක් පැමිණියෙනු මුත් නපුර තවද මෑ අන්තපුරයට ගෙනගොස් තිබී නම් අපගේ රජ්ජුරුවෝ යකින්නක ගෙවුත් අන්තඃපුරයේ රැඳෙවුහයි පුරවනිතාවෝ මා හා කෙළනාහුය. එබැවින් සියලුනුවරවාසීවු සත්වයන්ට මැගේ ශරීර පහස්වු පරිදි දක්වා නින්දාවෙන් මිදිගෙනයායුතුයයි සිතා ඈට කියන්නාහු සොඳුර තොපි ඊට සොක නොකරව එබඳු කිරිබත් ගෙනෙමි කියා ඈ හා සමඟ රමණයකොට සැතපී පසු දවස් රජගෙටගොස් යටකී පරිද්දෙන් කිරිබත් ඉදිකරවා පත්ගෙන්වා දෙමුලක් කොට බඳනාහු එක්මුලෙක බත් අතුරෙහි සිඛාමාණික්‍යලා බත් මුළු දෙක හැරගෙණ පළමුසේම රෑ පලාගොස් සොඳුර අපි ඉතා දුක්පතුම්හ. මේ මහා ආයාසයෙන් සපයාගත් බත තොපගේ පියාණැන්දෑ අද මේ මුලෙහි බත් කා සෙට මේ මුලෙහි බත්කන්ට කියවයි. මුළුදෙක වෙන වෙනම පෑලා දුන්හ. උයිත් එලෙසම කියා පියාණන්ට දුන්හ. මහත්වු ඹජාසමපන්නවු බත හෙයින් සුඟක් අනුභවකොට සිත්නිවී ගියේය. අවශේෂවු බත් මෑණියෝද තුමුද අනුභවකළාහ. සිළුමිණිය බහලු බත්මුල පසුව දවසට තුබූහ.

රජ්ජුරුවෝද පසු දවස් රජගෙටගොස් මූණට පැන් වඩා පලඳනට චූඩා මාණික්‍ය ගෙනවයි කී කල්හි ස්වාමිනි නුදුටුම්හයි කියා කී කල්හි වහා ඇතුලු නුවර රැකවල් ලවා පරීක්ෂාකරවයි කී කල්හි එලෙස පරීක්‍ෂාකොට නුදුටුම්හයි දැන්වු කල්හි එසේවීනම් පිටිනුවර යටත්පිරිසෙයින් දිළිඳුකුලවල පටන් සැලි වලින් ආදියෙහිද පත බැඳි බත් මුළු ආදියෙහිද වහා පරික්ෂාකරවයි කීහ. මෙලෙස පරීක්ෂාකරන්නාහු එගෙයිම මැණික දැක ඇගේ දෙමව්පියන් බැඳලා සොරුයයි ගෙනගොස් රජ්ජුරුවන්ට පෑහ. ඇගේ පියානෝ කියන්නාහු ස්වාමිනි අපි නොවෙයි අනිකෙක් බත් මුලෙහි ලා මැණික ගෙනගියේයයි කීහ.

ඒ කවරකේදැයි විචාළ කල අපගේ බෑණෙකැයි කීහ. දැන් ඒ කොයිදැයි විචාලහෙයින් ස්වාමිනි අපගේ දියනියො ්දනිති කීහ. එසේකල උන් විචාරා නියම දැන කීයාලවයි සම්මතකළ කල්හි දියණියන් කැඳවා පුත තොපගේ ස්වාමිපුරුෂයා දනුදැයි විචාළ ඕතොම ස්වාමිනි රාත්‍රියෙහි අව්දින් රාත්‍රියෙහිම පිටත්වන හෙයින් අඳුනාගත නොහෙමි කීව.

රාජ පුරුෂයෝ එපවත් රජ්ජුරුවන්ට දැන්වුහ. එපවත් අසා නොදන්නා කෙනෙකුන් පරිද්දෙන් එසේවිනම් ඒ ස්ත්‍රිය රාජංගණය ඇතුලෙහි ලා අත පමණකට කවුළුවක් කොට නුවරවැස්සන් රැස්කරවා තිරසදුරෙන් අතඇතු ලට පොවා හස්තපර්ෂයෙන් සොරුන් අල්වාදෙන්ට කියවයි විධානකළහ. අමාත්‍යයෝද එලෙසම කරම්හයි ඈ සමීපයට පලාගොස් ඇගේ රුවදැක නොසතුටුවුවාහු ඉතා පිළිකුල්ව අතින් නොඅල්ලාම වටකොට ලාගෙනවුත් රාජාංගනයෙහි තීරය ඇතුලෙහිලා නුවර වැස්සන් කැටිකොට කවුළුවෙන් තීරය ඇතුලට අතපොවන්ට සම්මත කළහ.

ඕ තොමෝ ඇතුලෙහි සිට පෙවු අත අල්වා බලා ඒ නොවෙයි කියා අල්ලා හරිනීය ඈත අතපෙවු යම් පුරුෂයෙක් ඇත්නම් දිවපහස් බඳු හස්ත පහසෙයි බැඳි ඈත පලා නෙඑන්නාහුය. ඉදින් මෑට දඩ ඉනිනම් දඩ අපි දිත් මෑනියා වහල්වත් අපගෙගෙහි පාදපරිචාරිකා කරම්හයි සිත සිතා යානොහි සිටිනාවුන් රාජපුරුෂයෝද දඬුගෙන මරා ඉවත්කරවන්ට පටන්ගත්හ. සෙනෙවිරත් ඇපා මාපා යුවරජ්ජුරුවන් ආදිකොට සියල්ලෝම වියරුහුණුවන්මෙන් වුහ. සියළුම නුවරවාසීන් තේරිගියකල්හි ඉක්බිති රජ්ජුරුවෝ මාවිනා අනික් තෙරණුකෙනෙකුන් නැත. එසේවිනම් සොරහු මානියාවේදැයි නැගී සිට ගොස් තීරය අස්සෙන් අතපෙවුහ.

රජ්ජුරුවන්ගේ අත අල්වාගෙන දැන් අතපෙවු තැනැත්තා සොරුයයි අල්වාගෙන මහත්කොට අඬගෑව රජ්ජුරුවො ඈට අතදීලාම සිට අමාත්‍යවරුන් කැඳවා හැමකුමක් සිතත්දැයි විචාළහ. අමාත්‍යවරහුත් තමන්සිතු සිත් තත්වු පරිද්දෙන් කීහ. එසඳ රජ්ජුරුවෝ එඹා අමාත්‍යවරුනි මැගේ පහස පලමුනොදන්නාවු තොපි හැම නින්දාකෙරෙති. යන සිතින් මාගේ අන්තඃපුරයට ඇරගන්නා පිණිස මෙලෙස කෙළෙමි තෙපි හැමම කියව මෝ කාටනිස්සීදැයි විචාළාහ. ස්වාමිනි නුඹ වහන්සේට නිස්සීයයි කීහ.

ඉක්බිති ඈ සත්රුවන් රැසක් මත්තෙහි පිහිටුවා ත්‍රිවිධ සංඛායෙන් පැන් වත්කොට අගමෙහෙසුන් තනතුරෙහ තුබූහ.

ඇගේ දෙමව්පියන්ට මහඉසුරු දුන්හ. ඒ පංචපාප නම් බිසවු අගමෙහෙසුන් තනතුරෙහි තුබූ තැන් පටන් ඒ රජ්ජුරුවන්ගේ අධිකරණයෙහි ඉඳිමෙක් කාරිය කාරිය විදීචිරීමෙක් නැත්තේය. අන්තරවු සොළොස් දහසක් බිසොවරුන් කෙහෙි එක් කෙනෙකුන්ගේ මුණත් අනුරාගයෙන් බලනගමනෙක් නැත.

ඒ් තෙසු ස්ත්‍රීහු සම්පත් නිරෝෂයෙන් තොරතුරු පරීක්ෂාකරන්නාහුය. ඉක්බිති එක් දවසක් පංචපාප නම් බිසවු රජදරුවන් දෙදෙනකුට අගෙමෙසුන් වන බව ස්වප්නයෙන් ලක්ෂණයක් දැක රජ්ජුරුවන්ට දැන්වුහ. රජ්ජුරුවෝ ස්වප්නයෙහි අර්ථදන්නාවුන් ගෙන්වා බිසවු රාත්‍රිභාගයෙහි ස්වප්නයෙන් ඇලිඇතකුපිට ඉඳ සඳපිරිමදිනුදුටුල ඒ ස්වප්නය ගැන කියවයි විචාළහ.

ඒ නිමිත්තපාටකයා අවශේෂවු ස්ත්‍රීන්ගෙන් පලමුව අත්ලස් ඇරගත් හෙයින් ස්වප්නයෙවු පරිදි තබා විරුද්ධකොට කියන්නාහු ස්වාමිනි බිසවුන් ඇලි ඇතුපිට උන් බවනම් නුඹ වහන්සේට මෘත්‍යුකාරණයට පූර්ව නිමිත්ත ඇතුපිට ඉඳ සඳ පිරිමැදිනම් නුඹ වහන්සේගේ සතුරුවු රජ්ජුරුවන් අතට අසුවන නිමිත්තතයහයි කීහ.

එසඳ රජ භයපත්ව ඉනිඹකලමනා කින්දැයි විචාළෝය. මහරජ ස්ත්‍රීවධකළ නොහැක්ක බල එතකුදුවුවත් බිසවුන් නැවකලා ගඟට හැරපුවොත් යහපතැයි කීහ. එපවත් අසා රජ්ජුරුවෝ කෑම්පීම් ආදිය හා වස්ත්‍රාලංකාරය හා සමග බිසවුන් නැව ඉඳුවා මධ්‍යම රාත්‍රියෙහි ගඟදියට හළහ. ඒ ගඟ දියෙහි යන්නාවු බිසවු යටිගඟ නැවුනැගී දියකෙළිනාවු පාවාරිය රජ්ජුරුවන් සමීපයට පැමිණියාහ. ඉක්බිති ඒ රජ්ජුරුවෙන්ගේ සෙනවිරද්දු දියෙහි එන්නාවු නැව දැක පළමුව නැව මාසන්තකයයි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ නැවෙහි තුබූ වස්තුවෙක් මා සන්තකයයි කීහ.

මෙසේ කථාකෙරෙමින් සියියදී සමීපයට ඇවිත් වන් නැව උන් බිසවුන් දැක යකින්නකබඳු තෙපි කවුරුදැයි විචාළාහ. ඉක්බිති බිසවු සිනාසී බකරජ්ජුරුවන්ගේ අගමෙහෙසුන්වු පංචපාපිකා නම් මමයයි යනාදීන් ස්වප්නය දුටු තැන්පටන් සියළු කටයුතු පරිද්දෙන් රජ්ජුරුවන්ට කියව පළමුවම ඈ පාංචපාපීයයි ප්‍රසිද්ධයෙහින් මුන් බිසවුන් නියාවේදැයි අත අල්වාගෙන එවුහ.

අත ඇල්ලු ගමණ හා සමග ශරීරපහසෙහි රක්තව එරජද අගමෙහෙසුන් කොට අනික් ස්ත්‍රියක මූණ නොබලා දවස් යවන්නේම ඒ පංචපාපී තොම පාවාරිය රජහට ජිවිත සමානවුහ. බක රජ්ජුරුවෝ එපවත් අසා මහත්වු අභිමාන උපදවා ගෙන එරජහට අගමෙසෙුන් වූවිය. නොදෙමි සේනා රැස්කරවා ගෙණ පාවාරිය රජ්ජුරුවන්ගේ නුවර මෙගෙඩහ නුවරක් කරවාගෙන ඉඳ මාගේ බිරින්ද හෝ එවුවමැනව සටන් හෝ කළ මැනවැයි අසුන් දුන්හ. එපවත් අසා පාවාරිය රජද සටනට සැරසුණෝය. එපවත් දැක රජ්ජුරුවන් දෙදෙනා ගේ මන්ත්‍රීවරහු ඔවුනොවුන් හා කථාකරන්නාහු පළමු සස්වාමික හෙයින් මේ බිසව් බක රජ්ජුරුවන් සන්තකයෙහ. නැවිත් ලත්හෙයින් පාවාරිය රජ්ජුරුවන් සන්තකයහ ඒ කාරණය හේතුකොට ගෙන එකී එකී රජ්ජුරුකෙනෙකුන්ගේ ගෙයි සත් සත් දවස විසිය යුතුයයි රජ දරුවන් දෙදෙනාම සන්හිඳුවුහ.

ඇමැත්තවුන්ගේ වචනය අසා රජ දරුවන් දෙනො සමාධිව එතෙරමෙතර යන එනකල රජදරුවන් දෙනො මදහෙයින් ඔරුපදිනා මාලු කබර කොර කෙව්ලා හා සමඟ ගංමධ්‍යයට පැමිණිකල්හි පාපක්‍රියායෙහි යෙදින්නියයි මෙසේ කුණාල රජ්ජුරුවෝ එකල බකනම් රජව ඉපිද තමන් දුටු කාරණය ගෙනහැර දක්වා කීහ.

තවද පුණ්මුඛය යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන්ගේ පිංගියානි නම් අගමෙහෙසුන් බිසවු සීමැදුරුකවුළුව හැර බැලුවාහු මගුල් අස් ගොව්වා දැක රජ්ජුරුවන් නිදාපිකල්හි සිමැදුරුකවුළුයෙන් බැස ඌ හා සමග අනිවාරයෙහි යෙදී නැවත ප්‍රාසාදයට අවුත් සඳුන් සුවඳින් ඇඟඋලා රජ්ජුරුවන් හා සමඟ සැතපෙන්නීය ඉක්බිති එක් දවසක් රජ්ජුරුවෝ සිතන්නාහු මධ්‍යමරාත්‍රියෙහි බිසවුන් ශරීරය සිතලය පරීක්ෂාකළයුතුයි සිතා එක් දවසක් නිදාපුකෙනෙකුන් පරිද්දෙන් ඇඟවුහ. එවිට සෙමෙන් නැගීසිට යන්නාවුන් දැක උන් හා කැටිවම ගොස් අස්සලයා හා සමඟ නොකටයුත්තෙහි යෙදෙන්නීය දැක නැවත අවුදින් යානට වැඩියහ. බිසවුද අවුත් සුළුයහන ඔත්හ. දෙවෙනි දවස් රජ්ජුරුවෝ අමාත්‍යමණඩලයා මධ්‍යයෙහිම හොනාකටයුත්තක් ප්‍රකාශකොට ස්ත්‍රී ජාතිහු නම් මෙබඳු ගුණ ඇත්තෙහියයි කලකිරි ඇගේ වධ බන්ධනයට සුදුසු වරද ක්‍ෂමාකොට තනතුරෙන් පිරිහෙලා අනික්බිසවක අගමෙහෙසුන් කෙළේයයි මෙසේ ඒ කුණාල බෝධිසත්වයෝ බ්‍රහ්මදත්ත රජව තමන් දුටුකාරණය ගෙණහැර දක්වා අන්නතරවු නොයෙක් කාරණයෙන් ස්ත්‍රින්ගේ නුගුණ කියන්නාහු සබඳ ලඝුවස්තුවක් පිණිස ස්වාමිපුරුෂයන්ගේ ජිවිතාන්තය කරන්නාහු ප්‍රාණය සමානවු මහත්වු අනුකම්පා ඇති බොහෝ දවසක් පුරුදු පුරුෂයන් හැර ඉදින් අවකාශයක් ලදුනම් ඔහු මැඩපවත්නාහ. තවද වඳුරන් මෙන්ද සුලගින් සැලෙන අතුපතර මෙන්ද වහා පෙරලන්නාවු ගැල් සකක් මෙන්ද වහා පෙරලෙන සුළුවූ වඤාසිත් ඇත්තාහ.

බොහෝ දෙනා බැස ස්නානය පාණයකරන්නාවු ගංතොරක්මෙන්ද රා මණ්ඩලයක්මෙන්ද සන්තාගාරයක් මෙන්ද සියළු සත්වයන්ට සාධාරණයහ.

කෙතෙක් දවස් පුරුදු උවද රජ දරුවන් සෙයින්ද සර්පයන් මතතුන් සෙයින්ද විසවාස නොකොටහැක්කැයයනාදීන් කුණාල රජ්ජුරුවෝ සර්වඥ විලාශයෙන් අනෙකපර්යායෙන් තමන් දුටුවාවුද ලෝකයෙහි පැවතඑන්නාවුද ස්ත්‍රීන්ගේ නුගුණ සංඛ්‍යාතවූ ධර්මදේශනා කළහ.

මෙසේ කී කල්හි එතැන්හි රැස්වු මහජනයා වදාළයේ යහපතැයි යනාදීන් දොහොත් මුදුණෙහි බැඳ සියදහස් ගණන් සාධුකාරනාද පැවැත්වුහ.

එපවත් අසා එතැන්හි ඔබගේ අනදනම් ගිජුලිහිණි රජ්ජුරුවෝ කුණාල රජ්ජුරුවන්ගේ ආදිමධ්‍යය පරියෝසාන මනාකොට දෙසානාකළ ධර්මය අසා තවද තමන් දත් විතරත් සබඳ මේ සත්වලෝකයෙහි මේ කිසි සත්වයෙක් තමාගේ සත් බවද හේතුකොටගෙණ අනේකවිධ රත්නයෙන් පිරුණාවු සතරමහා සාගරය කෙළවරකොට ඇත්තාවු මේ පොලෝතලයෙහි රාජ්‍යශ්‍රීය යම් ස්ත්‍රියකට දුන්නේ විනම් ඔහු කෙරෙන් අවකාශයක් ලදහොත් එවැන්නවුන් ඉක්ම අනිකකුකරා ලැගෙන්නීය තවද කුමාර අවස්ථාවෙහි පටන් පුරුදුව ප්‍රියවු ස්වාමිපුරුෂයන් කටයුත්තක් පිණිස ඉවත්වු කල්හි ඔහු හැර අනිකක්හු ලැගීමක් ස්වභාවකොට ඇත්තාහ. තවද මේ ස්ත්‍රි මා කැමත්තිවද මා දුටුකල්හි මෙතෙක් දවස් නුඹ කෙරෙවියොව උන්නෙමි යනාදින් සෙනහ අඟවා සමීපයෙහි සිට අඬන්නිද විනමුත් ස්ත්‍රන්කෙරෙහි විශ්වාස නොකොට හැක්ක පලමු අතුට තිබු කෝල ඇතිරියද පළමු මිත්‍රයයි ගම් පහරණ සොරහුද අපට ඉසිරුදී සෙනෙහයෙන් රක්නාහුයයි රජ්ජුරුවන්ද බාලයෙහි පටන් පුරුදුවුද පුතුන් දසදෙනෙකු වදාගෙන උන් අඹුවෝයයිද විශ්වාසය නොකොට හැක්ක. තවද සෙරයඟ චපලය වක්‍රවු අදහස් ඇත්තාහ. කිසිත් අභිවෘද්ධි කාරණ කාරණයක් නොදන්නාහ. හැමවෙලෙහිම මිනිසුන් වංඤාකරණ සුළුය ඉදින් සැබෑවසක් කියත් නමුත් බොරු මුසුකොට මුත්නොකීයන්නාහ. තණබිම් නොඑළුබු සරකට ඉදිරි ඉදිරියෙ තණ යහපත්සේ වැටහෙනහෙයින් සියක්යාල පමණ බිම පසුකොටකොට කෙළවර නොළුඇන වලක්නාසේ සබඳ මේ ස්ත්‍රී ජාතිහුත් හීනය උත්තමයයි යනාදීන්වු සියළු සත්වයන් දැක මේ උතුම් මේ උතුමැයි වැටහෙනහෙයින් එක්කෙනෙකුන්සේ ලැගීමෙන් කෙළවර දැක මහරනහ යනාදීන් ගිජුලිහිණි රජ්ජුරුවෝ තමන්ගේ ඥානබලයෙන් දත් විවරක් ස්ත්‍රන්ගේ නුගුණ දේශනාකළහ.

එසඳ නාරදනම් තපස්විහු තමන්ගේ නුවණ බලයෙන් ස්ත්‍රීන්ගේ නුගුණම දක්වන්නාහුය. යම්සේ දහසක් ගංඟාවෙහි ජලය අනවරතයෙන් වදුත් නොපිරිහෙන්නාවු සමුද්‍රය පරිද්දෙන් චතුර්වේදය අදාරත් රිසිනොයෙන්නාවු බමුණන් මෙන්ද අනේකවිධ රත්නයෙන් උපක්‍ෂිතවූ සියලු පොළාව ජයගෙනත් පරතෙර පතන්නාවු රජ දරුවන් මෙන්ද ස්ත්‍රීජාතිහුත් පුරාලිය නොහැකි සිත් ඇත්තාහ. එකී කල ස්ත්‍රයකට සෞරවිර්ය ඇති මහත්වු කායබල හා ඥාන බල අර්ථබල තන්ත්‍රබල ආදී සියලු වස්තුකාම කෙලහකාමයන් අනුනකොට දිලින්ට සමර්ථවු සැමියෝ අට අට දෙනෙක් ඇත්ත මුන් නවවැනිය සොර සැමියා පතන්නීය.

තවද චෞරක්‍රියා ඇති බොහෝ සිතිවිලි ඇති ස්ත්‍රින්ගේ සැබෑගුණයක් නොලබහැකි හෙයිනුත් දියෙහි යන මසුන් මෙන් ස්වභාවය නොදැන හැකි හෙයි නුත් තමන්ගේ වසඟත්වයට පැමිණියවුන් කෙලශ නමැති ගංගාවෙහි ගලා මරණ හෙයිනුත් මහත්වු වඤචාදන්නාහෙයිනුත් බ්‍රහ්මවර්යාව විනාසකරණ හෙයිනුත් ස්ත්‍රීජාතින් දුරින් දුරුකළ යුතුය තවද යම්පුරුෂයකු කරා ප්‍රෙමයෙන් වේවයි ධනලෝභයෙන් වේවයි ලැගුනහොත් ගිණිපුපුරක් තිබු තෙනින් දාගෙණ නික්මුණාසේ කෙලෙස් නමැති ගින්නෙන් වහාම ඔහු දවන්නාහුයයි දැන නුවණැත්තෝ ඒකාරණයෙන් ස්ත්‍රීජාතිය දුරින් දුරුකරන්නාහුයයි යනාදීන් තමන් දත් විවරක් නුගුණ කීහ.

ඉක්බිති බෝධිසත්වයෝ නැවත වදාරණසේක් සබඳ යම් පණ්ඩිතවු පුරුෂයෙක් සියුම් මුවහත් ඇති කඩුගත් සොරහුහාද මිනීකන රාක්‍ෂදුන් හාද උග්‍ර විසතේජස් ඇති සර්පයින් හාද කථාකරන්නේවිනමුත් ස්ත්‍රීන් හා මනාව කථා නොකරන්නේය.

තවද මහත්වු තේජස් ඇති ස්ථානෝචිත ප්‍රඥා ඇති බොහෝ දෙනා විසින් සත්කාර සම්මාන ලබන්නාවු ලොකපුජවු උත්තම පුරුෂයෙක් වි නමුදු ස්ත්‍රි වසඟවුයේ නම් රාහුමුවපත් සඳක්මෙන් නිෂ්ප්‍රභාවන්නේයයි වදාරා නැවත මේ ආදී නොයෙක් කාරණයෙන් ස්වර්ගමෝක්ෂ බාධවු ස්ත්‍රියකට නොපැමිණ හිරිඔතප් පිහිටුවා සත්පුරුෂධර්මයෙහි පිහිටි උත්තම පුරුෂතෙම ස්ත්‍රීවසඟනොව විසුයේ වී නම් සරාගී හිරුමෙන් ලොවබැලී සියලුදුක් නිවු අතිසයෙන් සාන්තවු නිවන්පුරයට වැද සැනහෙන්නේයයි කුනාල රජ්ජුරුවෝ සර්වඥතා ඥාණයෙන් පැහැර අමාමහනිවන් මිලකොට දේශනාව කුළුගෙනවදාළහ.

එදවස් එකුන්දහසක් යොදුන් පර්වතයෙහි කින්නරාරහ සිද්ධවිධරාදීහුද ආකාශ කුහරය පුරාසිටි සදෙවුලොව දෙවියෝද මහත්වු සාධුකරා දී බෝධිසත්වයන්ට ස්තූතිකොට වැඳ සමුදුන්හ.

අනද නම් ගිජුලිහිණි රජ්ජුරුවෝ නාරද නම් බමුණු තවුසානෝද ඵුස්ස කොවුල් රජද තමතමන්ගේ පිරිවර හා සමග ස්වකීය ස්ථානවලට ගියාහ.
බෝධිසත්වයෝද තමන්ගේ පිරිවර හා සමඟ වාසස්ථනයට ගියහ. මෙසේ කුණාල නම් බෝධිසත්වයන්ගෙත්‍රීවිධකල්‍යාණයෙන් උපලක්‍ෂිතව දේශනා කරණලද්දාවුද ධර්මයෙහි පැහැද යථොක්තවු සියලු දෙවිමිනිස් පර්ෂිත් දිව්‍යලෝකයෙහිම උපන්නායි යනාදීන් බුදුහු ගාථාශතප්‍රතිමඩිතවු මේ කුණාල දේශනාව ගෙනහැර දක්වා එදවස් ඵුස්සකොවුල් රජ නම් උදායි ස්ථවිරයද එකල්හි ගිජුලිහිණි රජ්ජුරුවෝ නම් මෙකල ආනන්ද ස්ථවිරයෝය. එකල නාරද ඍෂි මෙකල දක්‍ෂිණ ශ්‍රාවකවු ශාරීපුත්‍ර ස්ථිවිරය. එදවස් මුඩවිලාශයෙන් ධර්මදේශනා කල කුණාල රජ්ජුරුවෝ නම් දැන් ලොවුතුරා බුදුවු මම්ම වේදැයි වදාර ජාතක දේශනාවගෙ කෙළවර එපන්සියයක් දෙනාවහන්සේ නිසෝසාකවු සෝවාන් මාර්ගයෙහි පිහිටුවා ගෙන යන තමන් වහන්සේගේ ආනුභාවයෙන් වැඩි එපන් සියයක් දෙනාවහන්සේට ඉර්ද්ධි දේවාවදාරා අලුත පියාසර උගන්නාවු ගුරුළු පැටවු සමූහයන් පස්සෙහිලාගෙන ආකාසයෙහි නැවත මගා වනයට වැඩ වදාරා ඒ පන්සියයක් දෙනා වහන්සේට කර්මස්ථානාදී රහත්කොට රාජ අරභන්ත සමාගමයෙහි සතුටුවු රැස්වු දසසහශ්‍රී ලෝකධායෙහි දෙවි යන්ට ආවික්ඛස්සාමි භික්ඛවේ දේවකයානං නාමැනි යනාදිවශයෙන් මහා සමය දේශනාව වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

520 චුල්ලසුතසෝම ජාතකය
518 සුධාභොජන ජාතකය

Join the discussion One Comment

Leave a Reply

IFBC Home Page