Skip to main content

518 සුධාභොජන ජාතකය

ජාතිකාන්තාරාදීන් සත්වයන් තරනය කරවා නිර්වාණක්‍ෂ්මභූමියට පමුණුවනහෙයින් ශාස්තෲ නම්වු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් දන්දීමේ බලවත් අදහසක් ඇති එක්තරා භික්‍ෂුකෙනෙකුන් අරභයා මේ සුධාභො ජන ජාතකය වදාළසේක.
සැවැත් නුවර එක්තරා කුල පුත්‍රයෙක් බුදුරාජනන් වහන්සේ ධර්මශ්‍රවණයකොට පහන් සිත් ඇතිව බුදුසස්නෙහි මහණව අඛණ්ඩකොට සිල් රක්‍ෂා කරන්නේ යෙහෙන් පමණ ධ්‍රතාංග ගුණයෙන් යුක්තවූයේ සබ්‍රංසරුන් වහන්සේ කෙරෙහි පවතීන ලද මෙත්සිත් ඇතිව දවස තුන්වෙලේ තුනුරුවන් විසයෙහි කළමනා උපස්ථානයෙහි අප්‍රමාදවු යේ ආචාර සමාචාරයෙන් යුක්තවු දානාධ්‍යසය ඇතිව සාරණයධර්මයන් පුරමින් තමන් විසින් ලබන ලද ආහාරය පිළිගැන්වුන් දැක සුන්බත්ව දන්දෙන්නේමය. ඔහුගේ දාන්‍ය්‍යාසය ඇති නියාව භිකෂුන් වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධව ගියේය.

ඉක්බිති එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවු මහා කාෂ්‍යප ප්‍රමුඛ භික්ෂූ සංඝයා වහන්සේ ඇවැත්නි අසවල් නම් මහණ දානාධ්‍යාසයෙන් යුක්තව ඉදින් පැන් සරළුවක් විවිරවත් ලදක් එහිලෝභය හැර සබ්‍රම සරුන් වහන්සේට දන්දෙන්නේය. බෝධිසත්වයන්ගේ අධ්‍යනය හා සමානවු අදහස් ඇත්තේය. යනාදීන් ඒ භික්ෂුන්ගේ ගුණ කථනය කෙරෙමින් උන්සේක. එසඳ ගඳකිළියෙහි සැතපී වැඩඋන්නාවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ කථා ප්‍රවෘත්තිය දිව කණින් අසා වදාරා මා ගිය කල බෝහෝ සත්වාභිවෘද්ධි වන්නේයයි දැන ධම්සභාමණ්ඩපයට වැඩ පනවන ලද බුද්ධාසන මස්තකයෙහි පීපීවැනිගියාවු රත්පියුම් වන මධ්‍යයෙහි පැමිණ ස්වර්ණ හංස රාජවිලාසයෙන්ද උදයගිරි පර්වත මුදුනෙහි තෙවුනාවු ලහිරුමජලක් මෙන්ද සවණක්ඝන බුදුරසින් සිල්ලෝ ධාතු එකළුකෙරෙමින් වැඩ ඉඳ තමන් වහන්සේ විසින් සාරසංඛ්‍ය කප්ලණයක් මුළුලෙහි සකසා පුරණලද සත්‍ය පාරමිතාවන් නැමති සුගන්ධ වාතයා විසින් සුවඳ ගන්වන ලද ශ්‍රී මුඛයෙන් නික්මුනාවු සුගන්ධයෙන් ධම්සභා මණ්ඩපය එක සුවඳකෙරෙමින් මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කවර කතාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි දැන්වු කල්හි මහනෙනි මේ භික්ෂූතෙම පළමු දානාධ්‍යාසයක් නැත්තේය. තද මසුරුය තන අග තෙල් බින්දුවක් විවරකුත් අන්කෙනකුන්ට නොදෙන්නේය. එකල මොහු මම දමනෙහිලා මසුරුසිත් හරවා දන්දීමෙහි අනුසස් කියා දානයෙහි පිහිටීවීම එකල පැන්සරලුවක් ලැබත් දන්නොදි අනුභව නොකෙරෙමි මාගෙන් වරලද්දේය. ඒ කාරණයෙන් දානධ්‍යාසය ඇතිව දානයෙහිම ගැලී වාසය කරන්නේයයි වදාරා එක භික්ෂුන් වහන්සේ විසින් ආරාධිතවු සර්වඥයන් වහන්සේ ඉකුත්වත් ගෙනහැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි දාන ප්‍රියවචන අර්ථචරියා සමානාත්මතායයි යන සතර සංග්‍රහවස්තුවෙන් ජනරංජනය කරන කල්හි එක්තරා කෙළෙඹි පුත්‍රයක් ඉතා ප්‍රසිද්ධව අසූකෙලක් සම්පත් ඇත්තේය. එකල රජ්ජුරුවෝ ඕහට සිටුතන තුරුදුන්හ. එතැන්පටන් රාජ්‍යසම්මතව සියලුසත්වයන් විසින් පුදන ලදුව වෙසෙමින් එක් දවසක් තමන්ගේ ……. බලා මේ සමුර්ධියට ජාතියෙහි මා විසින් කරණලද කාය දුශ්චරිතාදිය නිසා ලබනලද්දේ නොවෙයි සුචරිත ධර්මයෙන් ලබනලද්දේ වෙයි මතුත් මට පිහිටක්කොටගත මැනවැයි සිතා රජ්ජුරුවන් කරාගොස් දේවයන් වහන්ස මාගේ ගෙයි අසූකෙළක් සම්පත් ඇත්තේය. ඒ ගෙන්වාගත මැනවැයි කීය. රජ්ජුරුවන් විසින් තොපගේ ධනය මට ප්‍රයෝජන නැත නොකැමැත්තෙමි කීය. මාගේ සම්පත් බෙහෙවඉන් සම්පත් කැමතහොත් ඇරගනුවයි කියද එසේවිනම් දේවයන් වහන්ස මාගේ සම්පත් දන්දෙනු කැමැත්තෙමියි කීය. රජ්ජුරුවන් විසිනුත් කැමැත්තක් කරවයි කියා අවසර දුන්හ. එකල්හි නුවර සතර වාසල මධ්‍යයේය. තමන්ගේ ගෙදරයයි සඳහන් කරවා දවස සලක්ෂයක් ධනය වියදම් කරවා දුගී මගී යාචකාදීන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන් විෂයෙහි ජිවිතාන්තය දක්වා මහදන් පවත්වමින් මේ දානවංශය නොකඩව පවත්වාලවයි තමන්ගේ දරුවන්ට අනු ශාසනාකොට ජිවත්වන්නේ එයින් සැවගොස් ශක්‍රදේවේන්ද්‍රව උපන්නේය. ඉක්බිති ඔහුගේ පුත්‍රතෙම පළමුපරිද්දෙන් දන්දී පින්කොට චන්ද්‍ර දිව්‍ය පුත්‍රව උපන්නේය.

ඔහුගේ පුත්‍රයාද සුර්ය දිව්‍යපුත්‍රව උන්නේය. ඔහුගේ පුත්‍රද මාතලී දිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ පුත්‍ර පචසිඛදිව්‍යපුත්‍රවිය. ඔහුගේ පුත්‍රවූ මච්ජරිය කෝසිය නම් සිටුපුත්‍රයෙක්ව තමාගේ අසූකෙළක් සම්පත් දැක ඒතෙම තමාගේ පියමුතුන් ආදීහු නුවනැත්තාහ. දුකින් රැස්කරණලද ධන සමූහය නොදැන නැසුහ. මම වනාහි කිසිවක්හට කිසිවකුත් නොදී ඉඳුරා තබා රකිමියි සිතා දන්හල් ගිණිලානසාතද මසුරුවු සිත් ඇතිවිය. එකල සියලු යාචකයෝ ඔහුගේ දොරකඩ රැස්ව සිටානන් වහන්ස නුඹ පියතුමාන් මී මුතුන් ආදි සිටුවරුන් නොනසාා පවත්වන ලද දාන වංසය නොනසාා දන්දුනමැනවැයි දෝත් ඔසවා මහත්කොට කොලහාල කලාහුය. එනුවර වාසී බොහෝ දෙන එකොලොහකල ශබ්දය අසා මේ නුවන නැති මසුරු කෝසිය සිටානෝ තමන්ගේ පරම්පරාවෙන් නෙකඩකොට පවත්වන ලද දානවංශය නැසීයයි යනාදින් නින්දාකළහ.

තෙම ලජ්ජාවට පැමිණ එතැන් පටන් තමන්ගේ දෙදරට යාචක කෙනෙකුත් නොවදිනා නියායෙන් රැකවල් සැලැස්විය. එතැන් පටන් සියලු මායාවක යෝ කිසියම් දෙයක් නොලැබ ඔහුගේ ගෙය ඇසදල්වාත් නොබලන්නහුය. එතෙම එතැන් පටන් ධනය රැස් කෙරෙමින් තෙමේත් අනුභව නොකරන්නේය.පුත්‍රදාරාදින්ටත් නොදෙන්නේය. කාඩිදෙවනකොට ඇති නිවුඩුසාලේ බත් අනුභව කරන්නේය. තුඹුවැල්සාහුයින් වියන ලද චක්කාරි කඩම අදනේය. පත් කුඩයක් ඉසට කරවාගෙන ජරාගොන් යොදන ලද දිරාගිය රථයකට නැගී ගමන්කරනනේය. මෙලෙසින් පාපීවු අෂත්පුරුෂයා විසින් ලබන ලද ධනය බල්ලන්ට පොල් නොබලා ලුකලක් පරිද්දෙන් නස්ප්‍රයෝජන විය. ඒ මසුරු සිටානෝ එක් දවසක් රාජසේවයට යන්නේ අතවැසි සිටානන් කැඳවාගෙන යෙමි සිතා ඔහුගේ ගෙට ගියේය.
එකල අතවැසි සිටාණෝ තමන්ගේ අඹුදරුවන් හා සමඟ ගිතෙල් ශකිරායෙන් සකස්කරණ ලද පැන් නුමුසු කිරිබත් අනුභව කෙරෙමින් උන්නාහ. සිටානෝ මසුරු කොසිය සිටානන් දැක ……දැක මුඛ පිරුණු කල ඇතිව කනු කැමැතිවත් අද දවස් මේ බත් කෑයෙන් නම් මොහු මාගේ ගෙට ගිය වෙලෙහි ප්‍රත්‍යුපකාර කළ මැනවැයි සිතා එහෙයින් නොකමියි සිතා නැවත නැවත යාච්ඤාකරණ ලදුවත් දැන් බත් කාලා ආ හෙයින් සායමදය යනාදින් කියා ප්‍රතික්‍ෂ්ප කොට ඔහුබත් අනුභව කරණතෙක් බඩ පුරා කෙළ උරාබොමින් බලාහිඳ බත් කෑ ඉක්බිති ඔහු හා සමග ගොස් රාජ්‍යසේවය කොට නැවත තමන්ගේ ගෙට ගොස් කිරිබතෙහි කළ ලෝභයෙන් පෙළෙමින් ඉඳින් කිරිබත් අනුභව කරන්නා කැමැත්තෙමියි කිනම් බොහෝ දෙන කනු කෑමතිවෙති බොහෝ සාල් ආදීවුදෙය නස්නේය. එහෙයින් කිසිකෙණෙකුන්ටත් නොකියමි සිතා රෑ දවල් කිරිබතෙහි කළලෝභයෙන් දුක්විඳිමින් කිසිකෙනෙකුන්ටත් නොහඟවා ඉසවසාගෙන දවස් යවන්නාහුය. ඉක්බිති කල්යාමෙන් දුක්ඛ වේදනා ඉවසිය නොහී සුදුමැලිව කිසිකෙනෙකුන්ටත් නොහඟවා මෑත භාගයෙහි දුර්වල ඇද වැලද සිපගෙණ වැදහොත්තේය. එකල ඔහුගේ භාර්යාතොම සිටානන් කරා ගොස් අතින් පිට පිරිමදිමින් සිටානන් වහන්ස නුඹ වහන්සේට කවර අළුසුවෙක්විද කුමන අභිප්‍රායෙක් ඇද්දැයි විචාළාය.
තොපට යම් අපාසු ඇතිනියාය මට අළුාසුයෙක් නැතැයි දොඩමින් සිටිද්දී සිටානන් වහන්ස ඉතා සුදුමැලිව ශරීරය දුර්වලව ගියේය. නුඹ වහන්සේට සිතුවිල්ලෙක් ඇද්ද නොහොත් රජ්ජුරුවන් වහන්සේගෙන් උදහසෙක් ඇද්ද නොහොත් දරුවන් විසින් අවඥාවක් කරණ ලද්දේද නොහොත් නුඹ වහන්සේට තෘෂ්ණාවෙක් විද මට කිව මැනවැයි යනාදීන් විචාළාය.
ඒ අසා එසේය සොඳුර මට ත්‍රිෂ්ණාවෙක් උපණ ඒ අනිකෙකුන්ට නොකියා රකින්ට පුළුවන්දැයි විචාරා උන් විසින් රැක්කයුත්තෙක් විනම් රකිමියි කී කල්හිද සම්පත් ලෝභයෙන් නොකියා නැවත නැවත දැවිටිලිකොට විචාරන ලදුව එසේ වී නම් සොදුරු එක් දවසක් අපගේ අතවැසි සිටානන්ගේ ගෙට යම් කිසි කටයුත්තක් නිසා ගොස් තෙල් සකීාමියෙන් සකස් කරණ ලද කිරිබතක් අනුභව කරන්නා දැක එතැන් පටන් එහිකළ තෘෂ්ණාවෙන් මෙවැනි දුර්වලතාවට පැමිණියෙමියි කීහ.

ඒ අසා සිටුදියනියෝ සත්පුරුෂවු සිටානන් වහන්ස මා ඉන්දදි මෙවැනි දුර්වලතාවට පැමිණෙන්නට කාරණා කිම්දැයි බරණැස් නුවර වැසි සත්වයන්ට සෑහෙන පරිද්දෙන් කිරිබත් පිසන් පුළුවනැයි කිව ඒ අසා සිටානන් ඉසමුල මුගුරකින් පහකරණ කලක් පරිද්දෙන් බොහෝ දුක්ඛ වේදනාවට පැමිණ තොපගේ විසාරද කම් පලමුත් දැනුම්හ තොපගේ දෙමව්පියන් ගෙනා දායාදයෙක් ඇත්නම් පිසවාදෙවයි සිටුදියනියන්ට කීහ. එසේ විනම් එක විථියක ඇත්තන්ට සෑහෙන පරිද්දෙන් පිසවා දෙමෝදැවි විචාරා ඊටත් කිපී ඔවුන්ගෙන් තීට ප්‍රයෝජන කිම්ද ඔහු කැමැත්තෝ නම් තමන් තමන්ගෙන් සම්පත් වියදම් කොට කන්නාහුයයි කී සඳ එසේ වීනම් දෙපිටින් ගෙවල් සතරක් විචරට පිසම්දැයි විචාරා ඊටත් නොලැබෙන හෙයින් මෙගෙයි මිනිසුන් විචරට පිසෙම්දැයි විචාරා ඒ හැමදෙනා කෑමෙන් මට ප්‍රයෝජන කිම්දැයි කී හෙයින් නුඹ වහන්සේ විවරට ඉදිකෙරෙම්දැයි නොහොත් එසේ වී නම් අපගේ දරුමල්ලන් විවරට පිසමෝදැයි විචාරා ඔහුන්ගේත් ප්‍රයෝජන කිම්දැයි නොලබන හෙයින් නුඹ වහන්සේටත් මටත් විචාර පිසම්දැයි විචාරා තොප කෑමෙන් ප්‍රයෝජන කිම්දැයි කී හෙයින් නුඹ වහන්සේ විචරට ඉදිරකෙරෙම්දැයි විචාළ හෙයින් වන්නාටය මා විචරය මේ ගෙයිදී පිසන්ට වන්කළ බොහෝ දෙන කන්ට ප්‍රාර්ථනා කෙරෙති මට වනාහි සාල් නැලියක්ද කිරි සතර නැලියක්ද සකිරා ඇසුරක්ද ගිතෙල් මුළු තුනෙක්ද මී මුළු තුනෙක්ද පිසන්ට නිසි භාජනයෙක්ද දෙව මම වලට ගෙණගොස් පිස කම්හයි කිවුය. සිටු දියනියෝත් එපරිද්දෙන් සපයා දුන්හ. ඒ සියල්ලම කුඩා කොල්ලකු අතට දී මේ හැරගෙණ ගොස් අසවල් තැන සිටුවයි සලකුණු කියා පළමුත් ඔහු නික්මවා තුමූ උදකලාව ඉසව්සා පෙරට අප්‍රසිද්ධ වේසයෙන් ගොස් ගඟක් සමීපයෙහි එක් කැලබඩෙක උදුනක් බැඳ ගිණි දර පැන් ගෙණ තෙපි පළාගොස් දමංසංන්ධියෙහි සිට යන එන කෙණෙකුන් ඇත්නම් සලකුණක් කරවා මා කැන්දුකල එවයි ඔහු නික්මවාගිණිමොලා කිරිබත් පිසන්ට පටන්ගත්තාහුය.

එක්ෂණයෙහි සක්දෙව් මහරජතෙම දස දහසක් යොදුන් අවට ඇති සර්ව සමුර්ධියෙන් සමන්විත වූ තව්තිසා භවනයද සැටයොදුන් පමණ දිග ඇති ස්වර් විථියද පන්සියයක් යොදුන් උස ඇති සුදර්මා නම් දිව්‍යසභාවද සැට යොදුන් පමණ උස ඇති පාන්ඩුකම්බල ශෛලාශනයද පණස් යොදුන් පමණ ඇති රන්මුතුදැලින් හෙබනාවු ධවලාතපත්‍රදෙකද ලදපණස් ලක්‍ෂයක් පුරඟනාවෝද සරහා පිළියෙල කරණ ලද්දාවු තමන්ගේ දිව්‍යාත්මභාවයද යනාදි උදාරවූ ශ්‍රී විභුතිය බලා කවර කුශලයක් කළ හෙයින් මේ සා සම්පත් ලබණ ලද්දේදැයි සිතා පරික්ෂා කරන්නේ බරණැස සිටුපුත්‍රව ඉපිද පවත්වනලද දානය දැක ඉක්බිති මාගේ දරුමුණුබුරු ආදීහු කොයි උපන්නාහුදැයි බලන්නේ මපුතුනුවෝ චන්ද්‍රදිව්‍යපුත්‍රව උපන්හ. ඔහුගේ පුතනුවා් සුර්යපුත්‍රව උපන්නාහයි යනාදින් සියල්ලවුන්ගේ උත්පත්තිය දැක පංචසිඛ දිව්‍යපුත්‍රයාගේ පුත්‍රතෙම කුමක් කෙරෙද්දැයි බලා තමන්ගේ දානචංගය නසාපු නියාව දැක මේ අඥාන සත්වයෝ තුමූත් අනුන්ටත් නොදි තද මසුරුව නරකාදී සතර අපායට යන්නෝයයි මෝහට අවවාද කොට මාගේ දානවංශය පවත්වා මොහු ශක්‍රභනයෙහි උපදනා උපායක් කරවමි සිතා චන්ද්‍ර දිව්‍යපුත්‍රාදීන් කැඳවා මසුරු කෝසිය සිටුතෙම අපගේ දානවංශයන් නසා දන්හල් ගිණිදල්වා තෙමේත් නොකා අනුන්ටත් නොදි දැන් කිරිබතක් අනුභව කරණු කැමතිව ගෙයිදි පිසුකල අන්නටත් දිලුව මැනවයි යන ලෝභ සිතින් උදකලාව වලට ගොස් තෙමේම කිරිබතක් පිසන්නේය. මනුස්‍යලෝකයට ගොස් ඔහු දමනයෙහි ලා දානයෙහි විපාක ඕහට කියා එකවිට ගොස් ඉල්ලුවෝ නම් එතනදි මලය පැලීයන්නේය මා පළමුව ගොස් කිරිබත් ඉල්වා උන්කල තෙපි හැමත් බ්‍රාහ්මණවේශයෙන් ඔහු කරා ගොස් ඕහට පෙනිසිට පින්වත්නි බරණැස් නුවර යන මග කවරෙක්දැයි විචාළාහුය. ඒ අසා මසුරු කොසිය සිටුතෙම තෝ උමතුව ගිය එකෙක්ද බරණැස් නුවරට මගක් නොදනීද මග තබා මෑත කුමට එවුද?. ඇත පලායවයි යනාදින් දොඩන්ට පටන්ගත්තේය. ශක්‍රබ්‍රහ්මණද ඔහුගේ බස් අසණ කෙණෙකුන් මෙන් කුමක් කරව්දැයි ළඟට ගියාහ.

එකල සිටුද එඹල බමුණ නොබිහිරි ගිය එකෙක්ද මෑත නොඑව මෑත නෙඑනවි මහත්කොට මොරගාමින් සිටියෙදීම ඔහු සමීපයට ගොස් ඇයි තොප මොරගානේ කුමක්නිසාද දුමුත් නැගෙන්නේය. ගිනිත් පෙනෙන්නේය. කිරි බතුත් පැසෙන්නේය. බමුණන්ට දන්දෙන තෙනක් වියයුතුය. බමුණන්ට දන්දෙනවිට ඉන් සුඟක් ලැබෙමි මා කුමට නෙරනෙහිදැයි කියේය. ඒ අසා මසුරු සිටානන් විසින් මෙතන බමුණන්ට දානෙක් නැතැයි කිය එසේවිනම් කුමක් නිසා දොඩවුද තොප බත් අනුභව කරණ කල මමත් මඳක් ලබමි කී යේය. ඒ අසා මම් තොපට මින් බත් උලක් විවරත් නොතබමි මෙයින් සුහෙක මා විවරට විනා වඩානැත්තේය. මාත් ඔබකින් ඉල්වා ගෙනාදෙයක තොපිත් ඔබකින් ඉල්වාගනුව මා මෙවක් පෙරටුව මා අනුන්ට බතක් විකිර්ණවිරූත් නැත. අනුන්ගෙන් විකිනි ගත්විරුත් නැත. මාගේ රැටිය දාවලට තිබීමකුත් නැ. මෙතෙම මා විසින් ඉතාදුකසේ ලබනලද්දේය. ඉතා ස්වල්ප සාල් නැලියකින් පිස නලදහෙයින් දෙන්නෙකුට නොසෑහෙන්නේයයි යනාදින් දෙඩුයේය. ඒ අසා ශක්‍ර බ්‍රාහ්මණයෝ මම තොපට මිහිරි සොලොවක් කියමි ඒ අසවයි ඔහු නවතමින් සිටියදී ඒ නැසුතැන්ව එඹා සිටාණෙනි මේ ලොකයෙහි කෙනෙක් ස්වල්පමාත්‍රාවුත් ආහරයක් ලදින් භාගයෙන් භාගයක් වේවයි බොහෝ දෙයක් ලදින් බොහෝ කොට වේවයි දුන් දෙයක් දානමයවන්නේය එහෙයින්ම කෝසිය සිටානෙනි සෑහෙන පමණක් ශ්‍රමණ බ්‍රාහ්මණාදින් විෂයෙහි දානපරිත්‍යාග කෙරෙමින් තෙපිත් අනුභවකොට මේ උතුම්වු ප්‍රතිපත්තියෙන් ආර්ය මාර්ගයට පැමිණියව යමෙක් උදකලාව තමාට පැමිණියාවු ආහාරය අනුන්ට නොදි අනුභව කෙරේද එම උපඋපන් ජාතියෙහි කිසි කායික මානසික සැපයක් නොලබන්නේයයි යනාදින් මධුර වචනයෙන් ධර්මදේශනා කළහ.

ඒ අසා කොසිය සිටානෝ මදක් මොලොක්වු සිත් ඇතිව බමුණානෙනි තොප කී බස් ඉතාම මැනවැයි ප්‍රශංසාකොට කිරිබත පැසෙනතෙක් වැඩහිඳුවයි කියනලදුව ශක්‍රබ්‍රාහ්මණයානෝ එකත්පස්ව උන්නාහ.

ඉක්බිති චන්ද්‍ර දිව්‍යපුත්‍රයා බ්‍රාහ්මණවේශයෙන් අවුත් ඔහු හා සමග කථාකොට ඔහු නවතමින් සිටියදීම මිහිරිතෙපුලෙන් එඹා කොසිය සිටාණෙනි මේ ලෝකයෙහි සා පිපාසයෙන් පිඩිතවු අමුත්තන් ඉන්දදි උලතලාව අනුභව කෙරෙද්ද ඔහු විසින් කරණ ලද අර්ථසත්කාරද සම්පත් ඉපදී මෙහි කරණ ලද උත්සාහය නිෂ්ප්‍රයෝජන වන්නේය. පින්වත්වු සිටාණෙනි ඒ කාරණය හේතුකොටගෙණ මෙතැන් පටන් ශ්‍රමණ බ්‍රාහ්මණාදි දුගී මගී යාචකයන් විෂයෙහි ශක්ති පමණින් දානම නාදිය කෙරෙමින් තෙපිද සැපසේ අනුභවකොට සවර්ග මෝක්ෂ දෙක අත්කොට ගනුවයි යනාදීන් අවවාද කීහ. එබස් අසා සිටානෝ තතනමින් දුකසේ කටහැර මදක් වැඩ හිඳුවයි කීහ.

ඒ අසා චන්ද්‍ර දිව්‍යපුත්‍රයා ශක්‍රදේවේන්ද්‍රයන් සමීපයෙහි උන්නාහ.

ඉක්බිති සූර්ය දිව්‍යපුත්‍රයෝත් බමුණවෙසක් ගෙනවුත් පැමිණ ඔහු හා කථාකොට නොයෙක් පරුෂ වචනයනකියා බැණ නවත්ව නවත්වා භාග්‍යවත් සිටාණෙනි මේ ලොකයෙහි යම් සත්වයෙක් සාදුකින් පිඩිතවු අමුත්තන් දැක උදකලාව අනුභව නොකරන්නේය. ඔහුගේ දානමානාදියද කෘෂි වණිජ්‍ය දී නිසා කරණ ලද උත්සාහය විර්යයද සැබෑම වන්නේය. සාර්ථක වන්නේය. ඒ කාරණයෙන් දානාමානාදියක් කොට තෙපිත් අනුභවකොට සත්පුරුෂ ගුණයෙහි පිහිටියවයි යනාදින් සුභාෂිත වචනයෙන් කීහ.

සිටානෝ ඔහුගේද බස් අසා කෙඳිරිපරගාමින් මදක් වැඳහිඳුවයි නියෝග කළහ.

එකල සූර්ය බ්‍රාහ්මණද ගොස් චන්ද්‍ර දිව්‍යපුත්‍රයන් සමීපයෙහි උන්හ. ඉක්බිති මාතලී දිව්‍යපුත්‍ර අවුත් බණමින් දොඩමින් එඹා පින්වත යම් සත්වයෙක් යක්‍ෂ රාක්‍ෂසදින්ට බලිකර්මය කරමි කියා බාහුකා නම් ගංතෙර පයා ගයා නම් පොකුණය දොනත්ඹරුය යන තීර්ථස්ථනයෙහි ගංගා ප්‍රවාහයෙහිද යාගකෙරේද ඒ මෙකී තෙන ඔහු විසින් කරණ ලද්දාවු යාගය ඉදින් යාගයටම සැලසේ නම් ඔහුගේ උත්සාහ විර්යයන් ව්‍යර්ථ නොවෙනම් ඉෂ්ට විපාකයට කාරණ වි නම් යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකයන් විෂයෙහි කරණ ලද සත්කාර සම්භාවනා සාර්ථකවෙති කිවමැනවයි නැවත ඒ කාරණයෙන් කොසිය සිටාණෙනි දානාමානාදි සුචරිත කර්මකොට බුද්ධාදී උත්තමයන් විසින් පසස්නා ලද සත්පුරුෂපථයෙහි පිහිටා සහශ්‍රව මොක් අත්පත්කරව යමෙක් අඳුරු ගෙයෙක්හි හිඳ අපවිත්‍රයක් අනුභව කරන්නාක් පරිද්දෙන් කිසිකෙනකුන්ටත් නොදි උදකලාව අනුභව කෙරෙද්ද එතෙම කිසි කලෙකත් දිව්‍ය මනුෂ්‍ය සම්පත්තියට නොපැමිනෙන්නේයයි යනාදින් ධර්මදේශනා කළහ.ඔහුගේ සුභාසිත වචනයන් අසා ඉක්මවියනොහි පර්වතයකින් මඩනාලද කෙනෙකුන් පරිද්දෙන් තතනමින් මදක් වැද ඉඳුවයි කීයේය. මාතලී දිව්‍යපුත්‍ර ගොස් සූර්යදිව්‍යපුත්‍රයානන් සමීපයෙහි උන්නේය.

ඉක්බිති පංචශිඛ දිව්‍යපුත්‍ර අවුත් ඕහට පෙනි ඔහු වලකමින් සිටියදී පළමු පරිද්දෙන් කථාකොට එඹා භාග්‍යවත්වු සිටානෙනි මෝ ලොකයෙහි යම් සත්වයෙක් මෙතනට පැමිණ දුගී මගී යාචකයන් බල බලාඉන්දදී තෙමේ අනුභව කෙරේද එතෙම තරවු යොත් ලනු ඇති අමුණුනලද ගොදුරු ඇති මහත්වු බිලිකටුව ගන්නාවු මත්ස්‍යයෙකු වැන්නේය. ඒ කාරණයෙන් කොසිය සිටානෙනි පැමිණ යාචකයන්ට දානපරිත්‍යාග කෙරෙමින් මසුරුසිත් දුරුකොට සැපසේ අනුභවකොට අනන්තපාන වස්ත්‍රාභරණාදිය දීමෙන් පුත්‍ර මිත්‍ර කලතා බන්ධු වර්ගයා පෝෂ්‍යකෙරෙමින් සත්පුරුෂපථයෙහි පිහිටා දිව්‍ය මනුෂ්‍ය සම්පත් සාධුගනුවයි යනාදින් මධුර වචනයෙන් කථා කළාහ.

ඔහුගේ ධර්ම අසා මසුරු කෝසිය සිටානෝ මසුරු බරින් පුරණලදුව දුක්ඛ වේදනාවෙන් පෙලී තතනමින් කෙඳිරිගාමින් මදක් වැදහිඳුවයි කීහ. ඒ අසා පන්සිළු දෙම්පිත් ගොස් මාතලී දිව්‍යපුත්‍රයන් සමීපයෙහි උන්නේය. මෙසෙයින් ඒ බ්‍රහ්මණ වේශ ඇති දෙවියන් පස්දෙනා එක්තැන්ව උන් කල්හි කිරිබත් පැසීගියේය. එකල කොසිය සිටානෝ කිරිබත උදුනෙන් බහා තබා පත්කඩාගෙන එවයි බමුණන්ට විධාන කළහ.

බමුණෝ පස්දෙන උන්තෙනම වැදහිඳ දිව්‍යානුභාවයෙන් අතදික් කොට හිමාලවනයෙන් මාලුවාපත් ගෙනාහ. ඒ දැක කොසිය සිටානෝ කිපී ඒ දමා කිහිරපත් කඩාගණිත්වයි කීහ. ඔහුත් මහකුඩයක් පමණ දිග පලල ඇති කිහිරිපත් ගෙන්වුහ. සිටානෝද බමුණන් පස්දෙනට එකී එකී බත් හැන්දක් බැගින් ඉඳුන් පස්දෙනාටත් දී සැලියේ බත් අඩුවක් නුදුටුවාහුය. තුමු සැලිය පිටින් තිබාගෙණ කන්ට වැදඋන්හ, එක්‍ෂණයෙහි පංචශිඛ දිව්‍යපුත්‍රයාද නැගි සිට බ්‍රාහ්මණ වේශයෙන් හුන්නාහු හැර බලු වේශක් මවාගෙණ ඔවුන් ඉදිරි යෙහි දියසලින් නික්මුණාහුය. බමුණා තම තමන්ගේ බත් පතින් වසාගත්හ. සිටාණොත් සැලිය අතින් වැසූහ.

එසඳ සිටානන්ගේ පිටි අත්ලේ වැදගත එකල බමුණෝ කෙන්ඩිකාවිල පැන් ඇරගෙන පැන් හිස බත් අනුභවකරණ ආකාර දැක්වූහ. එසඳ සිටාණන්ගේ අතට පැන් ඉල්වා නොලැබ තොපත් පැන් ගෙණවුත් අතසෝදා පිසවයි කී විසින් මා කිරිබත් දුන්කල මා අත පැන් වත්කළෝ කිම්දැයි කීහ.අපි ඔවුනොවුන් හා ගණුදෙනුනොකරම්හයි කිවාහුය. ඒ අසා සිටාණෝ මා අත සෝදාපියා එතතෙක් මේ සැලිය බලවයි කියා ගගට ගියාහ. එකෙණෙහි බලුතෙම සැලියපුරා දිය සැලුයේය. එසඳ දියසලන්නාවුන් දැක මහත් දඬුකඩක් හැරගෙන භයගන්වමින් ලඟට ගියාහුය, එකෙණෙකහි බලුතෙම අජානිය සෛන්ධවයකුමෙන් මහත්වු ශරිරයක් මවාගෙන කලුය සුදුය රන්වන් කඹුරුවන් යනාදි පැහැයෙන් යුක්තව උස්වෙමින් මිටිවෙමින් මහත් වෙමින් නොයෙක් අකාරයෙන් භයගන්වා තැතිගන්වමින් ලුහුබඳවා ගත්තේය.

එසඳ සිටාණෝ මරණභයින් පිඩිතව මහ හඬින් මොරගාගෙණ බමුණන් කරා ගියාහුය. ඔහු ලඟට යන්නාහ උන්තෙනින් නැගීසිට බමුණෝ ආකාශයට පැනනැංගාහ.

එසඳ සිටානෝ බමුණන්ගේ ඉර්ඩියානුභාවයෙන් සිටියාහු දැක මහත් ඉර්ඩියානුභාව ඇති විශිෂ්ටවූ රූ දරන්නාවු බ්‍රහ්මණයෙනි මේ තොපගේ බලුතෙම මා භයගන්වමින් අනෙකප්‍රකාරවූ සටහන් ඇති ආත්මභාවයකදක්වන්නේය. ඊට කාරණා කවරේදැයි තොපි හැම කවුරුදැයි විචාළේය.

එබස් අසා ශක්‍රදේවේන්ද්‍රයා ඔවුන් දිසාවට අතදික්කොට මොහු චන්ද්‍ර සූර්ය පුත්‍රදෙදෙනාය මෙතෙම මාතලී දිව්‍යපුත්‍රය මම වනාහි දෙදෙව්ලොව දේවතාවන්ට අධිපතිවු ශක්‍රදේවේන්ද්‍රවෙමියි මෙබඳු වේෂයෙන් පෙනුනේ පචශිඛදිව්‍යපුත්‍රය යනාදින් තම තමන්ගේ හැමගේ ඇති ස්වභාවය කියා පංචශිඛ දිව්‍යපුත්‍රයාගේ යස වර්ණනා කියන්නාහු එඹා සිටාණෙින මොහුගේ ප්‍රසාදය උදය කාලයෙහි මනාවු ධවනි ඇති ගැට පහ වූ බෙරය යනාදි පංචාංගික තූර්ය නායදයක් පවත්වන්නාවු සිය දහස්ගණන් දිව්‍ය නාටකස්ත්‍රීහු නෘත ගීත වාi පවත්වමින් මොහු පොබයන්නාහුය. යනාදින් අනෙක ප්‍රකාරයෙන් පංචශිඛ දිව්‍යපුත්‍රයාගේ ඓශ්චර්යය වර්ණනා කළහ.

සිටානෝද ඒ අසා විශ්මය පත්ව මෙබඳුවු දිව්‍යසම්පත් කුමක් කළ කෙණෙක් ලබන්නාදැයි විචාළාහ.

ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයෝ එඹා සිටාණෙනි මේ ලෝකයෙහි යම් සත්ව කෙණෙක් දානා සීලාදී ගණ නොදන්නාහුද මසුරු සිත් ඇත්ත හුද ශ්‍රමණ බ්‍රාහ්මනාදින්ට නින්දා පරිභව කෙරෙද්ද එබඳු පාපී සත්වයෝ දිව්‍යලෝකයෙහි නූපදනාහ. කාබුන් මරණින් මත්තෙහි නරකාදි අපායෙහිම උපදනාහුය. යනාදි පාපි සත්වයන් උපදනා නරකාදි දුක් දක්වා සිටාණෙනි යම් සත්වකෙණෙක් දශකුලධර්මයෙහි පිහිටා දාන සංවිභාග සීලව ශ්‍රමණ බ්‍රාහ්මණාදින්ට දාන මානාදිය කොට සුගතිය කැමතිවෙද්ද ඒ සත්වයෝ මිය පරලොව ගියකල්හි දිව්‍යලෝකයෙහි උපදනාහුය.

තවදසිටාණන්ට කියන්නාහු දිව්‍යලෝකයෙහි සිට එන්නාවු අපි ඇම තොපගේ මේ කිරිබත් නිසා ආමෝ නොවෙම්හ. තෝ වනාහි පූර්වජාතියෙහි අපට බන්ධුත්වයක් ඇත්තවල තද මසුරුව ශ්‍රමණ බ්‍රාහ්මණාදින් විෂෙයෙහි කෝපිය පාපි ධර්මයෙහි ගැලී වාසයකරණුය. ඒ ාකරණයෙන් තොපකෙරේ අනුකම්පායෙන් මේ කාලකන්නි සත්වතෙම පව්කොට නරකාදී අපායට යන්නේයයි එයින් වලකණ පිණිස අපි ආම්හයි කීහ.

ඒ අසා කෝසිය සිටානෝ මොහු මට හිතකැමැත්තාහ. පව්කොට නරකාදි අපායට යන්නාවු මා එයින් වලකා ස්වර්ගයෙහි පිහිටුවන නිසා ආ කෙණෙක්ලයි සතුටුව ඒකාන්තයෙන් මට හිතකැමති නුඹ වහන්සේලා යහක් වදාළසේක්ද එපරිද්දෙන්ම පිළිපඳිමි අද මෙවෙලේ පටන් මාගේ මාත්සර්යය සිත හැර සියලු පාපයෙන් දුරුව ඉදින් පැන් පමණකුත් අනිකෙනෙකුට දාන විෂයෙහි නොදී අනුභව නොකෙරෙම්යි කියා තවද ශක්‍රදිව්‍යරාජයානන් වහන්ස මාගේ ඇති සියළු සම්පත් මුළුල්ලම දානමුඛයෙහි යාචකයන්ට දී නිමවා ඉක්බිත්තෙන් වස්තුකාම කේලශකාමයෙහි ලොහහැර තපසට යෙමි යනාදින් කීහ.

ශක්‍රදේවේන්ද්‍රයෝද සිටානන්ට ධර්මදේශනාකොට අකුසල් කිරීමෙහි අනිෂ්ටවිපාක හා කුසල් කිරීමෙහි ඉෂ්ට විපාක ප්‍රකාශ කොට මසුරුසිත් හරවා දමනයෙහි ලා තෙසු දෙවියන් හා සමග දිව්‍යභවනයටම ගියාහුය.

ඉක්බිති කෝසිය සිටානෝ නුවරට වැද රජගෙට ගොස් රජ්ජුරුවන්ට දන්වා නුවර බෙර පියවි කරවා රැස්වු සියලු දුගි මගී යාචකයන්ගේ ගෙන ගෙනා භාජන මුක්තා මාණික්‍ය සංඛ සිලා ප්‍රවාලාදී සත් රුවනින් පුරාදී එදවස්ම ගිහිගෙය හැර නික්ම ගොස් හිමාල පර්වතයට දකුණුදික්භාගයෙහි ගංගා වකටත් එක් විලකටත් අතුරෙහි සිත්කළුවු ගෙන වනමුල් ඵලාහාරයෙන් ජීවත්වෙමින් බොහෝ කලක් වාසය කොට ජරාවට පැමිණියාහුය.

එකල සක්දෙව්රජහුගේ අසාය, ශ්‍රද්ධාය, හිරිය, සිරියයි යන නම් ඇති දු සතරදෙනෙක් වුහ. ඔහු සතරදෙන බොහෝ වු මල් සුවඳ විලවුන් හැරගෙණ ජල ක්‍රිඩාව පිණිස අනොතප්ත විලට ගොස් එහි දියකෙළ රත්ගල් තලා මුදුනෙහි උන්නාහුය. එකල නාරද නම් බ්‍රාහ්මණ තාපස කෙණෙක් දිවා විහාරය පිණිස තවුතිසා භවනයට ගොස් නන්ද වන චිත්‍රලතා වනයෙහි දිවා විහාරය කොට පරසතුමදාරා මලක් කුඩයක් මෙන් ඡායාව පිණිස ඉසව්කොට ගෙණ දිව්‍යංගනාවක උන්නාවු සල්වට මුදුනෙන් තමන් වසන්නාවු රත්ගල් ගුහාවට යන්නාහුය, එසඳ දිව්‍යාංගනාවෝ නාරද තාපසයන් අත තිබු මනාවු ප්‍රබුද්ධවු විශිෂ්ඨවු දේවියන් විසින් පළදනා ලබන්නාවු අනික් මනුෂ්‍ය නාග යක්‍ෂාදින්ට නොලැබෙන්නාවු පරසතු මදාරා මල දැක ජාඹොනද ස්වර්ණයට බඳුවු ඡවිවර්ණය ඇති උත්තමරු දරන්නාවු ඒ දිව්‍යප්සරාවෝ නැගීසිට උත්තම ගුණ දරන්නාවු මහත්වු තපස් තෙජස්ඇති බ්‍රාහ්මණයන් වහන්සෙ නුඹ වහන්සේ විසින් එක්කෙණෙකුන්ටයයි නොඋදෙසන ලද්දේවිනම් ඒ අපට දී අපගේ අභිප්‍රාය සිද්ධකොට එපරිද්දෙන් නුඹ වහනසේ අභිප්‍රායෙක් ඇති නමුත් සිද්ධකොට ගත මැනව තවද මේ පරසතු මදාරා මල අපට දීමෙන් අපට පියවූ ශක්‍රදේව රාජයානන් වහන්සේ පරිද්දෙන් අපගේ මනොරථ පූර්ණය කළ මැනවැයි කීහ.

ඒ අසා තාපසයෝ එම්බා දිව්‍යප්සරාවෙනි මේ මල මාගෙණා පමණක් විනා කිසිකෙණෙකුන් උදෙසන ලද්දක් නොවෙයි මාලගන්ධ විලොපනයෙන් වැලකී හෙයින් මටත් ප්‍රයෝජන නැත්තේය. තෙපි හැම මා නිසා විවිද නොකොට මේ මල හැරගෙන තොප හැමගෙන් වැඩිමහළු කෙණෙක් පලදිත්වයි කීහ.

ඒ අසා දිව්‍යංගනාවෝ තාපසයාණන් වහන්සේ නුඹ වහන්සේ අප සතර දෙනාගෙන් යම් කෙණෙකුන්ට දෙනු කැමතිසේක්ද උන්ට දුන මැනවැයි ඔහුම ප්‍රධාන වෙතියි කීවාහුය. ඉක්බිති නාරද තාපසයෝ දිව්‍යප්සරාවෙනි එසේ කොට විවාද වැඩිම තපස්විවරයන්ට සුදුසු නොවන්නේය. තොප හැම අතුරෙන් උත්තමකෙනෙකුන් තෝරණු කැමැත්තා නම් තොප හැමට පියවු දෙදෙව්ලොව දේවතාවන්ට නායකවු ශක්‍රදේවේන්ද්‍රයන්ම විචාර නියම දැන ගනුවයි කීවාහුය.

ඒ අසා දිව්‍යාංගනාවෝ මළ නුදුන් හෙයින් හා තොපගේ පියාණන් අතින් විචාරා නියමදනුවයි කීහෙයින් තපසයන්ට කිපි ශක්‍රදේවේන්ද්‍රයන් සමීපමට ගොස් පියානන් වහන්ස අප සතරදෙනාගෙන් ශ්‍රෂ්ට කවුරුදැයි විචාළාහුය. එසඳ බංජාලිව සිට විචාළවු දිව්‍යප්සරාවන්ගේ බස් අසා භද්‍රා වෙනි තොපි සතරදෙනා රූපයෙන් වර්ණයෙන් වයසින් ඓශ්චර්යයෙන් සමානය කවරෙක් තොප ඔවුනොවුන් හා විවාද ඉපදවුදැයි විදාළාහුය.

ඉක්බිති දිව්‍යප්සරාවෝ පියාණන් වහන්ස දිව්‍යලෝක මනුෂ්‍යලෝකාදී යෙහි අසඛලිතවු ගමන් ඇති උතුම් තාපස ධර්මයෙහි පිහිටියාවු තපස්තේජස් ඇති නාරද නම් තාපසයානන් වහන්සේ ගඳමහන් පව්වෙහි අප සතරදෙනා දැක මෙලෙස කිවුය. ඉඳින් නුඹ වහන්සේ දක්නා සේක් වී නම් විශිෂ්ටවු කෙනෙකුන් කිවමැන්වැයි කිවාහුය.

ඒ අසා ශක්‍රදේවේන්ද්‍රයෝ මොහු සතරදෙනා මාගේ දරුවෝය. ඉන් මොවුන්ගෙන් එක්කෙණෙකුන් ගුණයෙන් විශිෂ්ටයයි කිනම් තෙස්සෝ කිපෙන්නාහුය. මේ තෝරා කියන්ට නොපිළිවන මෙවුන් හිමාලය වනයෙහි කෝසිය තාපසයන් සමීපයට යවමියි ඒ තාපසයෝ මොවුන්ගේ විවාද සන් සිඳුවන්නාහුයයි සිතා දරුවෙනි මේ විවාදය මා විසින් විචාළ නොහැක්කේය. හිමාලය වනයෙහි කෝසිය නම් පසකෙණෙක් ඇත. ඕහට මම සුධා භෝජනය යවමි තාපසයෝ අන්කෙනෙකුන්ට නොදී අනුභව නොකෙරෙති ගුණවත් කෙණෙකුන්ටම දෙන්නාහුය. තොප හැම අතුරෙන් යමක් ලබන්නීදහේ තෙම උතුම්වන්නීයයි කියා ඔවුන් එතනින් නික්මවා මාතලී දිව්‍යපුත්‍රයා කැඳවා එඹල රථාචාරීනි හිමාලය වනයට දකුණු දික්භාගයෙහි ගංගාතීරයෙහි කෝසිය නම් තාපසකෙණෙක් තපස්කෙරෙති ඌතුමූ අමුනුෂ්‍යවාසයෙහි වසන හෙයින් කිසි අන්නපානාදියක් නොලබන්නාහුය. මේ සුධාභොජනය ගෙනගොස් ඒ තාපසයන්ට දෙවයි විධාන කළහ.

ඒ නියෝගලත් රථාචාරීතෙම සුධාභොජ්නය ඇරගෙන දහසක්ම මනොමය සෛන්ධවයන් යොදන ලද්දාවු දිව්‍යරථවට පැනනැගී ආශ්‍රමයට ගොස් තුමූ නෙපෙනි උදය කාලයෙහි ශරීරකෘත්‍යය කොට ගිණිදෙවියාට පුදා සූර්යදේවතාවාට නමස්කාර කරමින් සිටි තාපසයන් අතට සුධාභොජනය දුන්නේය. එසඳ කෝසිය තාපසයෝ තමන් අතට දුන්නාවු ඒ සුධාභෝජනය දැක ගිණිදෙවියා පුදා සූර්යවචනය කෙරෙමින් සිටියාවුමා අතට දෙන ලද සක්සේ සුදුවු ඉතා පිරිසිදුවු අසදෘශවූ දිවසුවඳ විහිදුනාවු ආශ්චර්ය ස්වරූපවු පෙර නුදුටුවිරුවාවු සුධාභෝජනය ශක්‍රදේවේන්ද්‍රයෝ දොහෝ නොහොත් අන්‍යවු දෙවතාවෙක්ද මධුරවූ මේ අමෘතභොජනය මා අතට දුන්නෝ කවුරු දැයි යනාදින් කථාකළාහ.

ඒ අසා මාතලී දෙව්පුත්තෙම මා දෙදෙව්ලොව දේවතාවන්ට නායකවු සක්දෙව් රජ්ජුරුවන් වහන්සේගේ නියෝගයෙන් සුධාභෝජනය ගෙනාවාවු මාතලී දිව්‍යපුත්‍රයායයි දතමැනව මේ උතුම්වු කිරිබත අනික් සැකයක් නොකොට අනුභවකළ මැනව තවද තපස්වින් වහන්ස භෝජනය අනුභව කළකල සාදුක්ද පැන් පිපාසද ගැන්මය නොහැල්මය කුසිතකම විධාවයකොපයනැවත වෛරබැඳිමය ඔවුනොවුන් හා විවාද කිරීමය කේලාම් කීමය සිතපිඩාව උෂ්ණ පිඩාවය මැලිකමය කියන ලද දොළොස්වැදෑරුම් වු නුගුණ දුරුකරන්නේය. ඒ කාරණයෙන් මේ සුධා භොජනය අනුභව කළ මැනවැයි කීය.

එබස් අසා කොසියතාපසයෝ එම්බා මාතලි නම් දිව්‍යපුත්‍රයාණෙනි පළමු මා විසින් ලබන ලද ආහාරය අන්කෙනෙකුන්ට නොදී අනුභව නොකෙරෙමි යන ව්‍රතසමාදානය කරනලද්දේය. එහෙයින් අන්කෙනෙකුන්ට නොදී අනුභවකිරීම සට නොවටනේය. තවද උදකලාව අනුභව කිරීමද උත්තමයන් විසින් පසස්නාලද්දේ නොවෙයි තවද ලබන ලද ආහාරය අන්කෙණකුන්ට නොදි අනුභව කරන්නාවූ සත්වතෙම කිසිකලෙකත් සැපයක් නොලබන්නේ යයි යනාදි කීහ.

ඒ අසා මාතලී දිව්‍යපුත්‍රද තපස්වින් වහන්ස නුඹ වහන්සේ විසින් අනුන්ට නොදී අනුභව කිරීමෙහි කවර දෝෂයක් දැක මේ ව්‍රතසමාදානය කරණ ලදැයි විචාළේය.

ඒ අසා කෝසිය තාපසයෝ එම්බා දිව්‍යරථාචාරීනි මේ ලොකයෙහි යම් කෙණෙක් ස්ත්‍රීවධාදීවු ප්‍රාණවධද මිත්‍රද්‍රොහි කම්ද පරදාර කර්මයද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා පරිභවයද තද මසුරුකමයයි යන මෙකී දෙයින් යුක්තවු මේ පස්දෙන අතත්‍යන්තයෙන් අධර්ම නම් වෙති. ඒ කාරණයෙන් පැන් පමණක් ලදින් අන්කෙනෙකුන්ට නොදී අනුභව නොකෙරෙති තවද මේ දානවෘතය සමාදන්වු තැන්පටන් නුවැණැත්තාවු බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධාදී ශ්‍රාවකාදින් විසින් උතුමැයි පසස්නාලද දානය ස්ත්‍රීන්ට වේවයි පුරුෂයන්ට වේවයි දන්දෙම්මයි මේ දානපරිත්‍යාගයෙන් යුක්තවු සත්වයේද ඇත්තාහ. පහවු මසුරුසිත් ඇත්තාහ මනාවු සත්වධර්මයන් යුක්තයමයි උත්තමයන් විසින් උපස්ථාන ලද්දේයයි කීහ.

එකල කෝසිය තාපසයන් විසින් කියනලද සුභාෂිත වචනයන් අසා දිව්‍යපුත්‍රතෙම සතුටුව තාපසයන්ට පෙණෙන පරිද්දෙන් සිටියේය.

එකල ශක්‍රදේවේන්ද්‍රයන් විසින් නියෝග කරණලද ඒ දිව්‍යාංගනාවෝ සතරදෙන ආශ්‍රමයට ගොස් රන්වන්වු ශරීරශෝභාවෙන් දසදිගුන් බබුළුවමින් දකුණුදිග අසාය, බටහිර සද්ධාය, උතුරුදිග ගිරිය, නැගෙනහිර ශ්‍රියයි සතර දෙන සතරදිසාවෙහි සිටියහ.

එසඳ කොසියතාපසයෝ මනාවු ශරීරශෝභාවෙන් දසදිගුන් බබුළුවා වහ්නිශිඛාවක්මෙන් දිලියෙන්නාවු භාවභාවලීලා කටාක්‍ෂ මන්දසම්තාදීවු චතු රාගයෙන් යුක්තවූ ඒ දිව්‍යංගනාවන් සතරදෙනා දැක උතුම්වු සනෙතාෂයට පැමිණියාවු සවර්ණාභරණයෙන් සැරසී ඔසධිතාරකාවන් පරිද්දෙන් දිප්තිමත්වු ශරිර ශොභාවෙන්ද මන්දමාරුතයෙන් ලෙලදෙන්නාවු සවර්ණලතිකාවකට බඳුවු සෝභාව දරන්නාවු ශරීර ඇති දිව්‍යංගනාව පූර්වදිග්ගි සිටියාවු තෝ කවරෙක්හිද මට කියවයි විචාළාහ.

ඒ අසා ශ්‍රී තොමෝ තාපසයන් වහන්ස සියළු සත්වයන් දමනලද ආලාමක සත්වයන් සෙවුනාවු තවද තාපසයන් වහන්ස මේ ලෝකයෙහි යම් සත්ව කෙනෙකුන්ට සැපකැමතිවිද ඒ සත්වතෙම සර්වාකමයෙන් සමන්විතව සන්තුෂ්ටවන්නේය. එහෙයින් මා ශ්‍රීකාන්තායයි කියා දතමැනව සුධාභෝජනයෙහි විවාදයක් නිසා නුඹ වහන්සේ සමීපයට ආම්යි උතුම්වූ ප්‍රඥාවිශේෂ ඇති තපස්වින් වහන්ස සුධාභොජනය දිමෙන් මා උතුම්කොට තෝරා වදාළ මැනවැයි කීව.

ඒ අසා කොසිය තාපසයෝ මේලෝකයෙහි හස්තිශිල්ප අශ්වශිල්පාදීවු නොයෙක් ශිල්පාද අක්‍ෂර ලිඛිත ගණිත ගාන්ධර්වාදී අනෙකප්‍රකාර විiස්ථානද ආචාරසිලයෙන්ද විශිෂ්ටවූ ප්‍රඥාවිශේෂයෙන්ද යන මෙයින් යුක්තවුද කෘෂි වනිiදී ස්වකීයවු කුලක්‍රියාවෙන් සමන්විතවූ සත්වයෝ තොපගේ පරම්මුඛතාවෙන් දිලිදුබවට පැමිණෙන්නාහුය. ඒ තොපගේ අකාරියෙක තවද මේ ලෝකයෙහි කුසීතවු තමාගේ බඩ පමණ නොදන්නාවු වංසයෙන් යටත්වු විරුපිවු දුර්ජනසත්වයෝද තොප හා එක්විම හේතුකොටගෙණ විශිෂ්ටවු ආශ්චර්ය හා යස්සට පැමිණ වංශයෙන් ගුණයෙන් ගුණයෙන් ගොත්‍රයෙන් ආචාර සමාවාරයෙන් සමන්විතවූ සත්පුරුෂයන් තමන්ට දාසත්වයෙහි පමුණුවන්නාහ. එද තොපගේ නොදැන්මෙක ඒ කාරණයෙන් සබ රක්නාවුන් කෙරෙහි නොහැලෙන්නාවු සත්වයන්ගේ ගුණ පරීක්ෂාකොට සෙවුනාවු උත්තමයන් ඵලදාක්නාවු තොප අඥානයයි දනිමි එබදුවූ කිසි ගුණයක් දහමක් පුරුෂවිශේෂයක් නොදන්නාවු තොපි සුධාභොජනය තබා ඉඳිනා අස්නක් හා බිපියන පැන් විචරකුත් අපගෙන් නොලබව තොපසේ අසත්පුරුෂයන්ට මාගෙන් දනක් නෙදෙමි වහා මෙතනින් නැගීයවයි කීවාහුය.

එසඳ තාපසයෝ කී බස් අසා ශ්‍රි තෙම බත් ලබන්නා තබා ක්‍ෂණමාත්‍රය කුත් එතන ස්වභාවයෙන් සිටපිය නොගී අතුරුදහන් වුහ.

ඉක්බිති කොසිය තාපසයෝ දකුණුදිගසිට චන්ද්‍රමරිචියේ අතිපාරිශුද්ධවූ දනතපංකජයෙන් හා පලද‛නාලද මිණිකොඬොලෙන් හා විසිතුරු වු අගු පළඳනාවෙන් හා අනෙකප්‍රාකාරවු දව්‍යමයවූ සවර්ණාභරණයෙන් විරාජමානවු ගොත්‍රඇති සරත් වලාකඩක් බඳුවු ධවලචඡත්‍රයන් දරන්නාවු කුසතණින් කරණ ලද ගිණිසලක්මෙන් අතිරක්ත ඵල්ලව සහිතවූ හෝපලු මල් කැණක් කර්ණවතංසකොට පළදින්නාවු භයින් ත්‍රස්තවු මෘගංගනාවක් බඳු නිරික්ෂණයන් ඇති දිව්‍යංගනා තෝ කවරෙක්හිඳ තිගේ වල්ලභයා කොයිද මේ වන මධ්‍යයෙහි භයනැතිව කුමක් පිණිස අවුදැයි විචාළාහුය.

ඒ අසා කෝසිය තාපසයන් වහන්ස මේ ස්ථානයෙහි මාගේ ස්වාමිපුත්‍රයාන ටකනෙකුන් නැත්තාහුය මම ද ශක්‍රභවනයෙහි ජාතවු අසා නමින් ප්‍රසිද්ධවු දේවතාවෙක්මි අමෘතභොජ්නයෙහි ආසනයෙන් නුඹ වහන්සේ කරා අසිමි නුවනැත්තාවු තාපසයන් වහන්ස මට අමෘත්භොජනය දීමෙන් මා ශ්‍රෙෂ්ඨ කොට තබා වදාළ මැනවැයි කීව.

එබස් අසා තාපසයෝ මේ ලොකයෙහි වෙළඳහුද ධනාර්ථව වස්තුලෝභයෙන් සමුද්‍රයාත්‍රා කෙරෙමින් සමහර කලෙක්හි නැව්නැගී නස්නාහ සමහර කලෙක්හි නස්නාලද ධන ධාන්‍ය ඇතිව දුකසේ තුමූ පමණක් ගැලවියන්නාහ. ඔවුන්ට පැමිණියාවු විනාශයද අර්ථ ආසාවෙන් වුහෙයින් තොප නිසාම වන්නේය. තවද කෘෂිකර්මාන්තයෙන් ජිවත්වන්නාවු ගොවිකෙණෙක් වත් ආදිය ධන්‍යලෝභයෙන් සැව පුව රැක බලා බොහෝ ආයාසයට පැමිණත් සමහර කලෙක්හි වැසි සුලන් හැමිමය කොකකන කලටිරෝගය වැසිනැතිවිමය යනාදි රෝගයෙන්ද මියන් පලගැටියන් ගොළුබෙල්ළුවන් ආදි නොයෙක් සත් ගැහැණියෙන් නස්නා ලදුව දුග්ගන්නාවු සත්වයෝ ඉන්කිසි සස්‍ය ඵලයකුත් නොලබන්නාහුය. උන්ගේ ආසා විනාශයද තොප විසින් කරණලද්දේය. මේ ලොකයෙහි සමහර සත්වයෝ පොහොසතුන්ට සේවාකම්කොට සම්පත් ලැබගණුම්හයි සතුරන් මධ්‍යයට වැද පුරුෂපරාක්‍රමය කෙරෙමින් සතුරන් අත නැසී ආශාචෙඡදයට පැමිණ මහදුක්විඳ නස්නාහ. උන්ගේ විනාශයද තොප නිසාම වන්නේය.

තවද මේ ලෝකයෙහි යම් සත්වයෙක් තමන් විසින් රැස්කරන්නාවු ධනධාන්‍යාදියද පුත්‍ර මිත්‍ර කලත්‍රාදීවු බන්ධුවර්ගයාද යනමේ සියලු වස්තු කාම කෙලසකාමයන් හැර දිව්‍යලෝක මනුෂ්‍යලෝක සැප කැමතිව රූක්‍ෂවු අජවෘතගෝවුතෘදිවු ව්‍රතසමාදානයන් කොට නුනුවණින් නොමගගොස් මෙලොවත් පරලොවත් අනෙකප්‍රකාරවූ දුක්විඳ මියපරලොව ගියකල්හිඳ ුපාදුක්කයට පැමිණ තමන් විසින් ප්‍රා්ථනා කරණ ලද දිව්‍යම මනුෂ්‍ය සම්පත් තබා අනෙකප්‍රකාරවු දුක් විඳිනාහ. එයින් තොප නිසාම වන්නේය. ඒ ාකරණයෙන් අසා නම් දිව්‍යංගනාව අපගෙන් අමෘත භෝජනයක් ලැබෙමි යන ආසාවෙක් ඇත්නම් හැර මෙතනින් වනාහි නැගී යවයි කියා යවුහ.

එසඳ කෝසිය තාපසයන්ගේ බස් අසා ඕතොමෝද සුධාව හැර එතැනදීම අතුරුදහන්ව ගියාය. ඉක්බිති තාපසයෝ පස්විමදික්හි සද්ධා නම් දිව්‍යංගනාව දැක අපමණවු වස්ත්‍රාභරණ මාලාදිය හා සපිරිවරින් රන් ලියකට බදුවු මනොඥවු ශරීර ශෝභාවෙන් දිලිසෙමින් බටහිර දිසාවෙහි සිටියාවු තෝ කවරෙක්දැයි විචාළාහුය. ඉක්බිති ඒ දිව්‍යංගනාතොම විශිෂ්ටවූ ප්‍රඥාවිශේෂ ඇති තාපසයන් වහන්ස උත්තම සත්වයන් විසින් සෙවුනාලද මම සද්ධා නමින් ප්‍රසිද්ධියෙමි. මේ භෝජනයෙහි වාදයක් නිසා නුඹ වහන්සේ කරා ආමි මට සුධාභෝජනය දිමෙන් මා උතුම්කළ මැනවැයි කීව.

එබස් අසා කොසිය තාපසයෝ මේ ලෝකයෙහි සමහර සත්වයෝ කිසි කලෙක්හි තොප හා සමඟව කම්කල අදහා දන්දිමය සිල්රක්ෂා කිරීමය යන මෙයින් යුක්තව සත්පුරුෂ ධර්මයෙහි පිහිටා වාසයකෙරෙත් කිකිකලෙක්හි එම සත්වයෝ තොපගේ වියෝගයෙන් අදත්තාදානය මුසාවාදය තුලාකූට මාණකුටය කේලොම්කීමය යනාදී අනෙක ප්‍රකාරවු දුශ්චරිතයෙහි හැසිරෙන්නාහ.

තවද ආචාරශිලයෙන් යුක්තවු තමා හා සමානවු කුලගෝත්‍රාදී ඇති පතිව්‍රතාධර්මය අඛණ්ඩකොට රක්ෂාකරන්නාවු කුල ස්ත්‍රින් කෙරෙහි ඇදහිල්ල හැර කලමිඩියක් කෙරෙහිත් විශමාසය කරන්නාහ. ඒ කාරණයෙන් සියලු සත්වයෝ අස්ථානයෙහි උපදනා ශ්‍රද්ධාව නිසා පරදාරාදීවු අනෙක ප්‍රකාර වූ දුෂ්චරිතයන් කරන්නාහ. එහෙයින් කුශල් දුරුකොට අකුසල්ම කරන්නේහිය මේ පරිද්දෙන් දුරාචාරවූ තොපට ශුද්ධාභෝජනය දෙන්ට මාගේ අභිප්‍රාායෙක් නැත. මෙතනින් වහා නැගී පලායායි යනාදින් ඇති නුගුණ කියා දෙඬුහ. එසඳ තාපසයන්ගේ බස් අසා එතනදීම අන්තර්ධානව ගියාහ.

ඉක්බිති කෝසිය තාපසයෝ උතුරුදිග සිටි හිරි නම් දිව්‍යංගනා දැක ඇය හා සමඟ කථාකරන්නාහු.

ග්‍රීස්ම සමයෙහි නවදැලි සේනෙක්හි අගපටන් මුලදක්වා හටගත් රත්නාකුරයෙන් සොභමාන මන්දමාරුතයෙන් සෙලවෙනලද කලු වැලියයක් සේ ලීලෝපෙතව අරුණෝද්ගමනයෙහි දිලියෙන්නාවු ලහිරු රැස් කළඹක් මෙන් උතුම්වු රූ දරන්නාවු අඩස්බැල්මෙන් යුක්තවූ බැනනැගෙන්නාක් මෙන් සිතා පෙරදැරිකොට සිටියාවු තෝ කිනම් දිව්‍යංගනාවක්දැයි විචාළාහ.

එබස් අසා හිරීනම් දිව්‍යස්ත්‍රිතොම තමාට වුපරිදි කියන්නී සෘෂින් වහන්ස හැමකල්හිම අලාමක සත්වයන් විසින් සෙවුනාලද්දාවු සියලු සත්වයන් විසින් පූජ්‍යවූ මම හිරිනම් දිව්‍යස්ත්‍රිවෙමි, සුධාභෝන විවාදයක් පිණිස නුඹ වහන්සේ සමීපයට ආම්යි ස්ත්‍රජාතීන්ට ඉල්වීම නම් රහසිගතය හා ප්‍රකාශ කරනකලක්මෙන් ලජ්ජාඵලවනහෙයින් නුඹ වහන්සේගෙන් තෙස්සන්මෙන් සුධාභොජ්නය ඉල්වන්ට අසමර්ථයෙමි කීව.

එපවත් අසා සතුටුවූ කෝසිය තාපසයෝ කියන්නාහු රන්රුවකට බඳුවු උපමා ඇති සුන්දරංගිය තෝ ස්වභාවෙන්ම සුධාභොජනය ලබනෙහිය. කාරණා කිම්යත්?, තෙස්යෝ විලිහැර ඉල්වු බව නිසා සුධාභෝජනය නොලද්දාහුය, තී වනාහී නොඉල්වුබවම උතුම් ගුණයෙකැයි ප්‍රසන්නයෙකැවු මම්ම තිට සුධාභොජනයෙන් ආරාධනාකෙරෙමි, සුධාභොජ්නයක් පිදිය යුතු යයි යම් පමණක් නොකමැත්තෙහි වී නම් එපමණකින්ම තොප සන්තවිනය කරවා ඉදින් අවශෝෂයෙක් ඇත්නම් මමත් අනුභව කරන්නෙම් වේදැයි කියා සුධාභෝජනයෙන් පැවරූහ.

ඉක්බිති කෝසිය තාපසයන් විසින් ආරාධනාකරණලද හිරි නම් දිව්‍යංගනාතොම මුල් පටන් අග දක්වා සහ මල්පල්ලෙන් සැදුම්ලද අඹ දඹ නා පනා කැල මුරුගා ලොප් සුඹුළු පියුම් වැටකේ දුනුකේ ඕකේ කරාකේ ආදිවු පංචවිධ කෙතකාදින් හා තවද ලුණුවරණ ඇසළ කොසඹ බක්මී සල් ඵල ගිරිතතකොල වල්මහදඹ දියදඹ ඇසතු මී කල එරහාන්ද පලොල් සිඳුවර ආදීවු මනාසුවඳ ඇති නොයෙක්ලියකතුන් විසින් පලදනාලද රුක්රජුන් විසින් ප්‍රතිමණ්ඩිතවු වනඝටපංකකිතිවුහ, තවද එහි අන්තරන්තරයෙහි කැමති තිඹරා ලබු කොමඩු ආදීවු පලගෙන මල්පිපෙන්නාවු අපරව්කජාතිද, මල්ගෙණ පලගත්තාවු මූං මෑ ආදිද වරා පොර තිඹිරි ආදී ගොඩහමු ඌරුහැල් මහවි ස්වංජාතසාල් ආදින් සමන්විතවූ නිරන්තරයෙහි කෙසෙල් ඇටකෙසෙල් අළුගත් සමන්විතවූ නෙයෙක් පිලීපංකතින් හා තන්හි තන්හි සන්තාපනයට යෝග්‍යවු සුගන්ධසීතල භරතවූ ජලාශ්‍රියෙන් හා තවද උතුරුදිග අතිශයින් සෝභමාණවු මස් සෙවෙල් ආදි ආකකිශවු ශාන්තවූ නුසුන් මිරස ඇති බස් නට යොග්‍යවු මනාකොට ඇති අනවරතයෙන් වගුල කුසුම් මුවරද පෙතිපතරින් යුක්තව සුවඳවැකි තිබෙන්නාවූ ජලයෙන් පිරී ඇඹුල ඉපුල කල්හාර හෙල්මැලි ආදීන්ද විවිධවූ පද්මජාතිද ත්‍රිවිධවු උත්පල ජාතිද යන මේ පද්ම ජානිගනධයෙන් සැදුම්ලද මහත් බමර පිය රුවින් අතිරම්‍ය සුලභ ගොදුරු ඇති කොස්ලිහිණියෝ මොනරුය ඇටිකුකුලුය විසිතුරු ජිවන්ජීවකයෝ ගිරා බෝකල කුණාලක හංස පංචක්‍රවාක නොයෙක් පක්‍ෂිසමුහයන්ගෙන් සංචාරණයෙන් ඉතා ශෝභමානවු තවද නිර්භය වූ සුලභගෝචරයන් ඇති සුංසුමාර මසුන් ලුහුල් මසුන් ඉස්සත් ආදි රෙගෙ මසුන් තෙලයින් කොරලුවන් ආදීවු ලැහැල්බැඳ ඇවිඳිනාවු නොයෙක් මස් කැලන් ඇති ඉතා දැකුම්කළුවූ ඒ පුෂ්කරණියෙහි පැන්බොන පිණිස සියලු දිගින් අවුත් බස්නා සිංහ ව්‍යාඝ්‍ර වගවලස් කොනතශා කග වෙසනුන් හා ඇති ඇහුරුවල් මි රෙහෙමුව තිප්මුව සරහමුව කෙහෙල්මුව කොහොණ ෂැට හුරුවල් බාමිවිනි සාවුය යන නොයෙක් ජාතීයෙහි මුව ජාතින් විසින් ගැවසීගත්තාවූ තවද ඒ පොකුණවට සිටි තුවටුවෙන් ගිහිහුනාවු මලසුන්මෙන් මුවරදපෙති පතරින් සැදුම්ලද අතල ගල් මුදුනෙන් හිස බට සමූහයා පිරිවරා බැගෑවි නැටුම්ගත් මත් මයුර මණ්ඩලයන්ගේ කෙකෙධවනියෙන් කෙකධවනියෙන් කන්කළුවූ අති රම්‍යවු භූමිභාගඇති ඒ කෝසිය නම් සෘෂිහුගේ ආශ්‍රමය සමීපයට වන එසඳ තාපසයෝ තමන් සමීපස්ථවු දහසක්වර දිවිලදින් ඔප්කල ජාඹොනද ස්වර්ණරූපයක් මෙන් උතුම්වූ ඡවි වර්ණ ඇති තවද මේඝකුටයෙක්හි හැසිරගිය විදුලියක්මෙන්ද නිලශාඛාවෙන් ප්‍රතිමණ්ඩිතවූ වෘක්ෂයක් පිරිමදිමින් නිල්වු ගුවන්කුසට වන් පුන්සඳ මඩලක් මෙන් විරාජමානවු හිරීනම් දිව්‍යංගනාවට සතුටුව කොසිය තාපසයෝ සුවඳහොට බබුස්තණ ආදින් මිශ්‍රව මදින් මදකොට ගොතා බඳනාලද හෙයින් නැතිවු මුදුනෙහි අතුරන ලද ඇඳුම් දිවිසම් ඇති ත්‍රිණ සඟලක් අතුට සුන්දරාංගිය මේ අසනය ඉතා සැපය මෙහි ඉඳුවයි බහුමාණයෙන් නිමන්ත්‍රණය කළහ.

ඉක්බිති හිරීනම් දිව්‍යංගනා පනවන ලද කොච්ඡාසන මස්තකයෙහි බැසඋන.

එසඳ දළමඩුළු අඳුම් දිවිසම්දරු ඒ තපස්වි වරතෙම වහා පොකුණට බැස අළුත් නෙළුම්පතකින් පැන්ගෙණවුත් දක්ෂිණෝදකයදී සුධාභෝජනය පිළිගැන්වූහ.

එසඳ සුධාභොජනය ලැබීමෙන් සතුටුවූ ඒ දිව්‍යස්ත්‍රිතොම මෙතැන් නුඹ වහන්සේ විසින් පුජා ලබනලද්දාවූ මම දිව්‍යලෝකයට යෙමි අවසර ඉල්වා ගෙන තපස්වීන් විසින් අනුදන්නා ලදුව වර්ණමන්දයෙන් මත්වු හිරි නම් දිව්‍යාංගනාතොම ඇසිල්ලකින් තවුතිසා භවනයට ගොස් තමා ප්‍රියවූ ශක්‍රදේවේන්ද්‍රයන් සමීපයෙහි සිට මේ කොසිය තාපසයන්ගේ සුධාභෝජනය ලදිමි නුඹ වහන්සේද මට වහා ජයදේවා වදාළමැනවැයි කීව.

එපවත් අසා ශක්‍රදේවේන්ද්‍රයෝ සතුටුව තමන් දෙදෙව්ලොව දේවතාවන් හා සමාන ගුණෙන් උතුම්වූ ඒ දිව්‍යංගනාව සවර්ණ පිඨයෙක්හි වඩා හිඳුවා පුජා කළහ.

මෙසේ ඒ හිරිනම් දිව්‍යස්ත්‍රිතොම දිව්‍ය මනුෂ්‍යාදින් විසින් පුජලි කරණ ලද මහත්වු පුජා සත්කාර විඳිමින් උදයගිරි පර්වතය මුදුනෙහි දිලියෙන්නාවු සරද චන්ද්‍ර මණ්ඩලයක් මෙන් සවර්ණමයවූ භද්‍රපීඨ මස්තකයෙහි උන.

මෙසේ ශක්‍රදේවේන්ද්‍රයෝ සුවඳින් මලින් පුජාකොට සිතන්නාහු කෝසිය තාපසයන් වහන්සේ අවශේෂයන්ට සුධාභෝජනය නොදී මෑගේ ගුණයෙන් අපෙක්‍ෂාකොට සුධාභොජනය දුන්සේක් දෝහෝයි සිතා ඒ කාරණය දැනගෙන එවයි නැවත මාතලී දිව්‍යපුත්‍රයා තපස්වින් ලඟට යවුහ.

එසඳ මාතලී දිව්‍යපුත්‍රතෙම ශක්‍රයන්ගේ වචනය මුදුනෙන් පිලිගෙණ ජාඹොනද ස්වර්ණමය රිය ඇස් ඇතියන් රුවන් මයවු කර්මාන්තයෙන් විසිතුරු වු තවද ඝනරන්මයවු අටමගල සොළොස් මහළයෙන් සැදුම්ලත් ළහිරුරැස් කළඹක්මෙන් දිලියෙන්නාවු මුදුනෙන් කෙළෙනා සියක් සියක්යොදුන් ධජමාලා ඇති තම තමන්ගේ මුළු මුළු හා සමඟ දිවන්නවුන් වෛඩුයය කර්මාන්තයෙන් විසිතුරු වූ තවද ඝනරන්මයවු අට මහල සොළොස් මහලයෙන් සැදුම්ලත් ළහිරු රැස් කළඹක්මෙන් දිලියෙන්නාවු මුදුණෙහි කෙළනා සියක් යොදුන් ධජමාලාවන් ඇති තම තමන්ගේ මුළු මුළු හා සමඟ දිවන්නාවුන් වෛඩුර්ය කර්මාන්තයෙන් කරණ ලද නොයෙක් ජාති පර්ෂියට ව්‍රෂභ ඝටාදීවූ විසිතුරු කර්මාන්තයෙන් සෝභමානවු මුදුනෙහි යෙලසියයක් යොදුන් උස ඇති වෛජයන්ත නම් රථය තබා සුවසේ යන පිණිස තුබු පලින් හා ඒ රථයෙහි විසිතුරු කර්ණඩුලාලංකාරයෙන්ද රන්රසුදැල් උරසන් ආදීවු සියලු අලංකාරයෙන් සරහනලද කැට සන්ධිමක් නැතුව උදුබ්දමාත්‍රයකින් සම ගමන් කරන්නාවු තරුණ හස්තිපොතකයන් හා සමාන බල ඇති දහසක් පමණ මනොමය සෛන්ධවයන් යොදන ලද උතුම්වූ ඒ රථයානට නැගී රථයෙහි චක්‍ර නාදයෙන් හා අශ්වසන්ගේ හෙසරාවයෙන් හා ආකාශයද වෘක්‍ෂපර්වතාදීන්ද හිමාලයද සමුද්‍රයද පොළොවද යන සිල්ලද විශේෂයෙන් කම්පාකෙරෙමින් ඇසිල්ලකිනඅවුත් ආකාශයෙහි රඳවා තමා පෙර දිව්‍යමයවූ උතුරුසලුව ඒකාංශකොට බහාගෙණ බොහෝ ඇසුරුතැන් ඇති ආචාරසම්පන්නවු තපස් වීන්ට නමස්කාරකොට ස්වාමිනි ආසය සද්ධා ශ්‍රීය යන තුන්දෙනා විවරට කවර ගුණයකින් වැඩි හිරීනම් දිව්‍යස්ත්‍රී සුධාබෝජනය ලද්දීදැයි විචාරාගෙණ එවයි ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ වදාළ මෙහෙවර ඇසුව මැනව කීව.

එපවත් අසා කෝසියතාපසයෝ මාතලිය ශිල්ප ජාති ගොත්‍රාදීන් උත්තමයනුත් අධමයනුත් සෙවුනාහෙයින් ශ්‍රිකාන්තාව අන්ධවකෙකෙැයි සිතමි ඇදිලි කළ මනා වස්තුවහැර අනිකක් අනික්ම ප්‍රාර්ථනාකරණ හෙයින් ශ්‍රද්ධාව විනාශකාරීයයි සිතමි. යම්යෙකින් ධන ර්ථීහු අසාචේජදයට පැමිණෙත්නම් ඒ කාරණයෙන් අසාව අසත්‍යවාදීයයි කියමි. ඒ කාරණයෙන් සුධාභෝජනය ලැබීමට මොහු තුන්දෙනම අයොග්‍යයයි කියා හිරි නම් දිව්‍යංගනාවගේ ගුණකියන්නාවු මාතලිය ප්‍රවේණි ධර්මය රක්‍ෂා කරන්නාවු කුලගෙයි වැඩෙන ලද යම් කුමාරිකාකෙණෙක් ඇත්නම් ඔහුද තවද වැන්දඹු ස්ත්‍රීහු ස්වාමිහු කෙරෙහි වසන්නාවු තරුණ ස්ත්‍රහුද යන මෙතුන්පක්ෂියෙහි ස්ත්‍රිජාතිහුද පුරුෂාන්තයෙහි උපන්නාවු තමන්ගේ රාගෙත්සන්නතාව මේ අපට සුදුසු නොවෙයි කීයා වාසනා සහිතවූ ඒසා මහත් තමන්ගේ රාග චේතනාව ලජ්ජායෙන් වලකන්නාහුය.

වද මාතලීය මුත්හරාදී නොයෙක් ආයුධ ප්‍රහාරයෙන් භයානකවූ සංගාරාම භූමියෙහි පැරද පලායන්නවුන් වැටෙන්නවුන් යම් ලජ්ජා සම්පන්න කෙණෙක්ම පැරද පලායම්හයි යන අපකීර්ති විවරට රණමැදට වැටී හුණුම හයි යන බස උත්තමයයි ලජ්ජාවෙන් දිවිපුදා තමන්ගේ ස්වාමිහු සතුරන් අතින් ගලවන්නාහ.

තවද මහාසමුද්‍රයෙහි මහත්වේග ඇති සියදහස්ගණන් තරංග පරම්පරාව යම්සේ වෙරළගැසී භන්නාවේද එපරිද්දෙන්ම හිරි නම්වු පාපක්‍රියාවෙහි ලජ්ජාකොට සත්වයන්ගේ සන්තානයෙහි අටගත් රාග වේෂ මෝහාදීවු අක-ශල නමැති තරඟයන් භග්නාවන්නාවු ස්ථානයෙකැයි යන බව තොපගේ ශක්‍ර දේවේන්ද්‍රයන්ට කියවයි කීහ.

මෙසේ තපස්වීන් විසින් වර්ණනාකරණ ලද හිරියාගේ ගුණසංඛ්‍යාත ධර්මකථාව අසා මාතලී දිව්‍යපුත්‍රතෙම ස්වාමිනි නුඹ වහන්සේ සමීපයෙන් සුධාභෝජනයන් ලත්තැනින් පටන් හිරි මේ දිව්‍යස්ත්‍රීතොම ශක්‍රදේවේන්ද්‍රයන් සමීපයෙන් රන්බඳ පුටුවක් ලදින් මහා පුජාසත්කාර ලද්දේය. එසේ හෙයින් දෙවියන්ගේ නුවනටත් නුඹ වහන්සේගේ නුවණවැඩියයි ස්තූති කෙළේය.

මෙසේ ඒ දෙදෙන කථා කෙරෙමින් සිටියඳිම තාපසයන් ආයුගෙවි චුතවන ස්වභාවය පහළවිය. එපවත් දැන මාතලී දිව්‍ය පුත්‍රතෙම ස්වාමිනි නුඹ වහන්සේගේ ආයුසංස්කාරය ගෙවින මනුෂ්‍ය භූතව පිරියයුතු දානශිලාදීවු සුචරිත ධර්මයෙන් මුදුන්පත්වුහ. එබැවින් මා විසින් ගෙනෙනලද ඉතා උතුම්වු ප්‍රියවූ මනාපවු රථයට නැගී වදාළමැනවැයි ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේද ස්වකීය ගෝත්‍රවූ නුඹ වහන්සේ දකිනා අභිප්‍රාය ඇතිසේක. එසේහෙයින් වහා අදම දිව්‍යලෝකයට වහා වැඩිය මැනවැයි කීහ.

එඒ වචනාන්තරයෙහිම කෝසිය තාපසයෝ චුතව ඔපපාතිකව දිව්‍ය පුත්‍රව වෛජයන්ත නම් රයෙහි පෙනිගියහ. ඉක්බිති මාතලී සංඝහකෙතෙම ඒ දිව්‍යපුත්‍රයාණන් ශක්‍රදේවේන්ද්‍රයන් සමීපයට වඩා ගෙණගියේය.

ශක්‍රදේවේන්ද්‍රයෝ තමන්ගේ සහගොත්‍රවූ තරුණ දිව්‍යපුත්‍රයා දැක සාන්තෝෂයෙන් පිනාගොස් තමන්ගේ දුව කිරී නම් දිව්‍යාංගනාට ඕහට අග්‍රමහේසිකාකොට පාවා දුන් කල්හි ඕහට ප්‍රමාණාතික්‍රාන්තවූ දිව්‍ය ඓශ්චර්යය පැමිණියේය.

යනාදීන් සර්වඥයන්වහන්සේ භික්ෂුන් වහන්සේට මේ අතීත කථාව ගෙණහැරදක්වා එපරිද්දෙන්ම මහණෙනි අලාමක සත්වයන්ගේ ක්‍රියාවිශේෂ යෙන් අභිප්‍රාය සිඬවන්නේයයි යනෘදීන් ධර්මදේශනකොට පූර්වාපරසන්ධි ගලපා මේ සූධාභෝජන ජාතක ධර්මදේශනාව නිමවා වද්‍රරා මහණෙනි එසමයෙහි හිරී දෙවතාද මෙසමයේ උපුල්වන් මහා ස්ථිවිරීවුහ. කොසියතාපසයෝ නම් මේ ධානපති භික්ශුහුය. පංචශිඛ දිව්‍යපුත්‍රයා නම් දිවසින් අගතැන්පත්වු අනුරුද්ධ ස්ථවිරහුව. මාතලි දිව්‍යපුත්‍ර නම් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයෝය. සුර්ය දිව්‍යපුත්‍ර නම් ධුතංගයෙන් අගතැන්පත්වු මහසුප් මහතෙරහුය. චන්ද්‍ර දිව්‍යපුත්‍රයෝ නම් වමත් සවුවු මුගලන් මහතෙරහුය. එසමයෙහි දිවාවිහාර පිණිස දිව්‍යලෝකයට ගොස් මදාරාමල් ගෙනා නාරද තාපසයෝ නම් දකුණත් සව්වු සාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහි මසුරු කෝසයි සිටානන් දමනයෙහිලු ශක්‍රදේවේන්ද්‍ර නම් ලොව්තුරා බුදුවු මම්ම වේදැයි දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.