510 චුල්ල සුතසෝම ජාතකය

දෙව්රම් වෙහෙර වැඩ වාසය කළ බුදුරජාණනන් වහන්සේ විසින් මහහිනික්මන් අරභයා මේ ජාතකය වදාළ සේක.
මෙහි විස්තර මහා ජනක ජාතකයේ මතු එන්නේය.

යටගිය දවස බරණැස් නුවර සුදර්ශන නම් නුවර රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පුන්සඳ පඬලකට බඳු ශොභාමත්වූ මුහුණක් ඇති හෙයින් සෝමනස්ස යන නම ලත් පුත් කුමාරයෙක් විය. ඒ කුමාරයෝ වැඩිවිය පැමිණ පසුව හ්‍රවණය කිරීහෙි ඉතා කැමති හෙයින් සුතසෝම නම් වූහ. සුතසෝම කුමාරයෝ සියළු ශිල්ප නිමවා රාජ්‍යයට පත්ව වන්ද්‍ර දේවීය නම්වූ තම බිසව සමඟ දස රාජ ධර්මයෙන් යුතුව බොහෝ කාලයක් රාජ්‍යය කොට දූ දරුවන් ඇත්තාහු ගෘහ වාසයෙහි කලකිරී මහණ වූ කැමතිව දිනක් කපුවාකැඳවා කපුව, යම්දිනක මාහිස නර කෙසක් දුටුයෙහි වීනම් මට කියාලවයි කියා මෑත භාගයෙහි කපුවා හිස නර කෙස ගෙන රන් අඩුවෙන් පෑ කල්හි මාගේ ශරිරය ජාවෙන් මඬනා ලදැයි මහත් බියට පැමිණ රටවාසීන් රැස්කොට “මා හිස නර කෙසක් හට ගත්තේය. මම මහළුව ගියෙමි.

එසේ හෙයින් මහණවනු කැමැත්යෙමි”යි කීහ. එබස් ඇසු ඇමති ගණයාද මව්පිය දෙදෙනාද සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීහුද තමාගේ චන්ද්‍රා නම් අග බිසවද දූ දරුවෝද නොයෙක් කරුණු කියා එය වළක්කන්ට උත්සාහ කරද්දී මහජනයා බිම පෙරළි පෙරළි හඬද්දී උන්ට නොයෙක් ලෙසින් බණ කියාත් නම්මවා ගත නොහැක්කේ තම මළණුවන් වූ සෝමදත්ත කුමාරයන්ට රාජ්‍ය පවරා අඩුමහළේ සිට කෙස්වැටිය කපා මහජනයා මැදට විසිකොට ම තොප හැම කිසිම සම්බන්ධයක් නැත්තෙමි.

තොපගේ රාජ්‍යය තොපම බලා ගනුවයි කියා පරිවාර ජනයන් ලවා සල්පිලින් තවුස් පිරිකර ගෙන්වාගෙන කපුවා ලවා දැලි රැවුල බාවාගෙන කාෂාය වස්ත්‍රය හැඳ මැමි මැටි පාත්‍රට වම් උරෙහි එල්වාගෙන සැරයටියක් අතින් ගෙන ප්‍රාසාදයෙන් බිමට බැස විථි මධ්‍යයෙන් නික්මුණාහ. ඒ වේලාවේ රජ්ජුරුවන්ව කිසිකෙනකුට හැඳිනගත නොහැකි විය. ප්‍රාසාදයට නැගි සෑම කෙනෙක්ම රජ්ජුරුවන් කොදැක විසිරීගිය රාජාභරණ දැක මහත් ශෝකයට පත්වූහ. මුළු නුවරම ශෝකයෙන් ඇලලී ගියේය. රාජාඞගනයට රැස්වූ මහජනයා අපේ සුතසෝම රජ්ජුරුවන් වහන්සේ රාජ්‍යය හැර මහණවූහ. අපිත් ඒ අනුව යම්හයි දූ දරුවන් අත අල්වාගෙන තාපසයන් වසන්නාවූ ස්ථානයම් සොයාගෙන ගියාහ. රජමාළිඟාවේ සියලු දෙනාද අඬා වැළෙමින් එපරිද්දෙන් පිටත්වූහ.
තාපසයන් වහන්සේ ශක්‍රයාගේ නියමයෙන් හිමාලය ප්‍රදේශයෙහි විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් මවා දුන් ආශ්‍රමයට ගොස් වැඳ තුමු ඒ පිරිකර ඇඳ මහණව අවශේෂ ජනයාව මහණ කරවූහ. කල්යාමෙන් සෘෂි ගණයාගෙන් තිස්යොදුන් ආශ්‍රම භූමිය පිරී ගියේය. තාපසයන් වහන්සේ ඔවුන්ට නිතරම පංච කාමයෙහි ආදීනව දක්වමින් අවවාද කරන සේක. ඔවුන් සියළුදෙනාම ධ්‍යාන උපදවා ඉන් චුතව ගොස් ඹබලොව උපන්නාහ.

එසමයෙහි දෙමව්පිය දෙදෙනා නම් දැන් සුද්ධෝදන, මහාමායා දෙදෙනාය, චන්ද්‍රා බිසව වූයේ යසොදරා දේවීයයි. වැඩි මහළු පුතණුවෝ නම් රාහුල කුමාරයොය. කිරීමව්වූයේ බුජ්ජුත්තරා වෝය. කුලවර්ධන කපුවා නම් මුගලන් තෙරුන් වූ අතර සෝමදත්ත කුමරු වූයේ ආනන්ද තෙරුන්ය. සුතසෝම රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.
උපුටා ගැනීම – www.jathakakatha.lk

511 නලිනී ජාතකය
509 සංඛපාල ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.