509 සංඛපාල ජාතකය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි උපාසක වරුන්ගේ පෙහෙවස් විසිමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

යටගිය දවස රජගහ නුවර රාජ්‍යය කල මගධ රජ්ජුරුවන්ට දුර්‍යොද නමින් පුත් කුමරෙක් උපන්නේය. ඒ කුමාරයා වැඩිවිය පැමිණ ශිල්ප ශාස්ත්‍රය ඉගෙණ නිමවූයේ පිය රජ්ජුරුවන්ගේ නියමයෙන් රාජ්‍යයට පත්විය. පිය රජ්ජුරුවෝ තාපසව එම උයනෙ හිම වාසය කරන්නාහ. පුත් රජ්ජුරුවෝද දවසට තෙවිටක් පිය තාපසයන් සමීපයට ගොස් දුක් සැප විචාරා එන්නාහ. ඒ හේතුවෙන් තාපසයන්ට ලාභ සත්කාර බහුල විය. කිසිම ගුණයක් වඩාගත නොහැකි විය. එයිනන් කළකිරුනුතාපසයෝ පුත්‍ර රජ්ජුරුවන්ටද නොදන්වා අන් තැනකට යෙමියි සිතා නික්මී මහිංසක රාජ්‍යයෙහි සඬකපාල නම් වූ විලිනන් නික්මුණු කත්තපේත නම් ගංතෙර චන්දන නම් පර්වතය අසළ පන්සලක් කොට එහි වැඩ ධ්‍යාන උපදවා ගෙන වාසය කරන්නාහ එකල සඬකපාල නම් විලින් නා රජ්ජුරු කෙනෙක් පිරිවර සමග තාපසයන් සමීපයට අවුත් බණ අසා යන්නාහ. දිනක් තාපසයන්ගේ පුත් රජ්ජුරුවෝ පියා සොයාගෙන පිරිවර සමඟ තාපසයන්සමීපයට අවුත් බණ අසා යන්නාහ.

දිනක් තාපසයන්ගේ පුත් රජ්ජුරුවෝ පියා සොයාගෙන පිරිවර සමඟ ආශ්‍රම පදයට පැමිණියාහු බණ අසමින් හුන් නාරජු දැක තොරතුරු අසා තුමුද නාග සම්පත්තියට කෙරෙහි ලොභ උපදවාගෙන පිය තාපසයන්ට කීප දිනක් උවටැන් කොට රාජ්‍යයට පැමිණ වඩ වඩාත් පින්කොට මිය ගොස් නාග භවනෙහි සංඛපාල නම් නාරජව උපන්හ. ටික දිනකින් අළුත උපන් නා රජ්ජුරුවෝ තම නාග සම්පත්තිය කෙරෙහි කළකිරි නැවත මනුෂ්‍යාත්ම භාවය පතා පින් කරන්නාහු පෙහෙවස් වසනු සඳහා පසළොස්වක් දින නා භවනින් නික්ම කන්ත පේත නම් වූ ගඟට නුදුරු එක් මාවතක් හා අඩිපාරක් අතරවූ තුඹසක් බලාගෙන පෙහෙවස් ඉටා “මාගේ සම හෝ මස් උවමනා කෙනෙක් ඇරගනිත්වා ”යි ශරිරය දාන මුඛයෙහි යොදවා තුඹසස මතුයෙහි හිස තබාගෙන පෙහෙවස් රකින අතර දඩයම සඳහා වලට ගිය සොළොස් දෙනෙක් කිසිවක් නොලැබ එන්නේ තුඹස මත්තෙහි හොත් නාරජුන් දැක කිසිවක් නොලද අපි මෙයින් යැපෙමුයි කියා දරණ උලින් අමුණා ගෙන යෑමට ලඟට ගියාහ. නා රජ්ජුරුවන්ගේ ශරිරය දඬු ඔරුවක් සා පමණය.
ඉද්ද මල් දමක් වූ ශෝභා ඇත්තේය. දෙඇස් ඔළිඳ ඇට සේ බබළන්නේය. තමා සමීපයට එන භොජ පුත්‍රයන් දුටු නා රජ්ජුරුවෝ අද මාගේ අදහස සමෘද්ධි වන්නේයයි සිතා ඉස දරණ වැල ඇතුළෙහි තබා හොත්තාහුය. ඒ පුරුෂයන් නා රජ්ජුරුවන් බිම හොවා අට තැනකින් උල් ගසා වේවැලින් ලීයක බැඳගෙන ඔසවා ගෙන මහා මාර්ගයට බටහ. නා රජ්ජුරුවන්ගේ හිස බිම ඇදෙන්නනේය. ඒ දුටු පුරුැෂයෝ දැඩි හූයක් ගෙන නාසා පුටුයෙන් අමුනා එය ලී කෙළවර ගැටගසා ගෙන යන්නාහ.

නා රජ්ජුරුවෝ මේ සියල්ලක් ඉතා මෛත්‍රියෙන්ම ඉවසූහ. මෙසේ යන මාර්ගයෙහිද පන්සියක් ගැල් පටවාගෙන යන වෑදෑරට මියුළු නුවර වාසීහු ආලාර නම් එක් කෙළමී පුත්‍රයෙක්ද තඩලාගෙන ගෙනයන නා රජ්ජුරුවන් දැක කරුණා උපදවා ඔවුන් අමතා ගොන් සහිත ගැල් සොළසක්ද තව බොහෝ වස්තුවද දී නා රජ්ජුරුවන් ගලවාපුව. නා රජ්ජුරුවෝ නාග භවනයට ගොස් අප්‍රමාදව පිරිවර සමඟ අලාර කෙළඹි පුත්‍රයා සමීපයට පැමිණ එහි සම්පත් වර්ණනා කොට ඔහුව එහි කැඳවා ගෙන ගොස් තුන්සියයක් නාග කන්‍යවන් පාවා දී දිව්‍යමයවූ කාම ගුණයෙන් සන්තර්පණය කළහ.
ආලාර කෙළෙඹි පුත්‍රයාද අවුරුද්දක් සම්පත් විද කියන්නේ රජ්ජුරුවන් වහන්ස, මම මහණවූ කැමැත්තෙමි කියා තවුස් පිරිකර ඇරගෙණ නාග භවනයෙන් නික්ම හිමාල වනයට ගොස් පැවිදිව බොහෝ කල් එහි වැස මෑත භාගයෙහි බරණැසට ආවහු එරට රජ්ජුරුවෝ තාපසයන් දැක ඊයර්‍යාපථයෙහි පැහැද රජගෙට කැඳවා දන් වළදවා සතුටු සාමිචිව කථාකොට සියළු තොරතුරු විමසා නාග භවනයෙහි සිට ඒ සම්පත් අතැර මහණවූ නියාව අසා මගධ රට උපන් දුයෙර්‍යාධන රජතුමා පින් කොට සංඛපාල නම් නා රජව උපන් බව දැන වඩාත් සතුටට පත්ව කියන්නාහු තාපසයෙනි, නුවණැති ඔබව ඇසුරු කළ මේ ස්වල්ප වේලාවෙන් බොහෝ දේ දැන ගතිමියි තව තවත් පින් කෙරෙමියි කියන්නා තාපසයෝ මත්තෙහි ද අවවාද කොට බණ කියා තුන්මසක් එහි වැස හිමාලයට වැ මියගොස් බඹලොව උපන්නාහ.

එසමයෙහි පියා වූ තාපසයෝ නම් දැන් කාශ්‍යප ස්ථවිරයෙයා්ය. බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. සංඛපාල නා රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

510 චුල්ල සුතසෝම ජාතකය
508 අලම්බුසා ජාතකය
IFBC Home Page