498 කුම්භ ජාතකය - IFBC Organization | Dhamma

තව ද එක් සමයෙක්හි භක්ති ප්‍රෙමාති භාරාවනත සුරා සුරවර මහොඝයන්ගේ මුදුනෙහි රැඳි කුරුළු කුළු මිණියෙක් සැදුම්ලද ශ්‍රීපාදයන් ඇති කරුණාමණි ප්‍රනානාථවූ සාක්‍යකූල තිලක වූ මාගේ ස්වාමිදරුවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජනනයනරසායන තරුගණොපසොභිත ජෙතවනාරාමයෙහි වැඩවසන සේක්. ශ්‍රොතාපත රසායන වූ මේ කුඹ ජාතකය විශාඛාවන්ගේ යෙහෙලි වූ සුරාපානය කළ පන්සියයක් පමණ ස්ත්‍රීන් අරභයා වදාළ සේකි.

ඒ කෙසේ ද යත්?

අන්‍ධකාරෙන ඔනඬා පදීපං නගවෙසසථ

එක්සමයෙක්හි සැවැත් නුවර රා බී කෙළනා කෙළියක් පිණිස නුවර බෙර ගැසුරුවූහ. එකල්හි විශාඛාවන්ගේ යෙහෙලිවූ පන්සියයක් පමණ ස්ත්‍රීහු තමන්ගේ වල්ලභයන් සැනකෙළි කෙළ ඉක්බිති තුබූ පමණකින් මත්ව යන තරම් තීක්‍ෂණ වූ සුරාවක් සැනකෙළිකෙලුම්හයි සියල්ලෝම විශාඛාවන් සමීපයට ගොස් විශාඛාවෙනි රා බී සැනකෙළි කෙලුම්හයි කීහ. එසඳ විශාඛාවෝ කියන්නාහු එම්බල යෙහෙලිනි මම මේ සුරායෙහි දෝෂ දක්නා බව හේතු කොට ගෙන සුරාපාන නොකරම්හයි කීහ. ඔහු කියන්නාහු එසේ වී නම් නුඹ වහන්සේ බුදුරජාණන් වහන්සේට දන් දී බණ ඇසුව මැණව අප රා බී සැනකෙළි කෙළුම්හයි කීහ. විශාඛාවෝත් යහපතැයි ගිවිස සර්වඥයන් වහන්සේ පවරා දන් දී පස්වරු ගඳදුම් මල් පහන් ගෙන්වා ගෙන බණ අසනු පිණිස පන්සියයක් පමණ ස්ත්‍රීන් විසින් පිරිවරණ ලදුව ජේතවනාරාමයට නික්මුනාහ. ඒ පන්සියයක් පමණ ස්ත්‍රීහු ද ඔවුන් කැටිව ගොස් විශාඛාවන් වාසලින් ඇතුලට වදුත්ම ඒ ස්ත්‍රීහු එකී එකී දෙන තම තමන්ගේ කෙල්ලන් සඟවා ගෙන ගොස් දුන් සුරාව සඟවා බී විශාඛාව සමඟ ගොස් බුදුන් සමීපයට එළඹියාහ.
එසඳ විශාඛාවෝ ගෙන ගිය ගඳ දුම් මල් පහන් ආදියෙන් බුදුන් පුදා එකත්පස්ව උන්නාහ. සුරාපානය කොට කැටිව ගිය ස්ත්‍රීන්ගෙන් බුදුන් ඉදිරියෙහි සිට රා මදින් මත්ව සමහර කෙනෙක් නටන්ට වන්හ. සමහර කෙනෙක් ගායනා කරන්නට වන්හ. සමහර කෙණෙක් ඩබර කරන්නාහ. එවේලෙහි ස්ත්‍රීන්ට සංවේග උපදනා පිණිස තමන් වහන්සේගේ හෘයුග්මයෙන් රැස්විහිදුවා වදාළ සේක. ඒ නික්මුණා වූ රැස්මිකදම්බයෝ ලෝකාන්‍ධනරකය පරිද්දෙන් ඒකාන්‍ධ කළ කල්හි රා බී නටන්ට වන් පන්සියයක් පමණ ස්ත්‍රීහු මරණ භයින් තැති ගත්හ. ඒ කාරණය හේතු කොට ඔවුන්ගේ රා මද සිඳුනේය. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වැඩ උන් බුද්ධාසමනමස්තකයෙන් අතුරුදන්ව මහමේරු පර්වත මස්තකයෙහි වැඩ සිට ඒ ස්ත්‍රීන්ව බවලෙහි කළකිරීමට මෙම පරිද්දෙන් ධර්ම දේශනා කොට වදාරන සේක.

කොනුභාසව කිමානන්‍දෙ නිචචං පජජලිතෙසති

යන මේ ගාථාව වදාළ සේක. ඒ ධර්ම දේශනාවගේ කෙළවර ඒ පන්සියයක් පමණ ස්ත්‍රීහු සෝවාන් පලයෙහි පිහිටියාහු. බුදු වූ නැවත ක්‍ෂණයෙහි වැඩ ගන්ධක ගන්ධ කුටි ඡායාවෙහි පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි සරා භීරූමෙන් දිලිහි දිලිහි වැඩහුන්සේක. ඉක්බිති විශාඛාතොමෝ බුදුරජාණන්වහන්සේට නමස්කාර කොට විචාරන්නේ ස්වාමීනී මේ හිරිඔතත් මසන්නා වූ සුරා පානය කවර දවසක ඇතිවීදැයි විචාලීය. විචාලා වූ ඒ විශාඛාවන්ට සුරා පානය උපන්නා වූ පරිදි වදාරන්නා වූ බුදුරාජාණන් වහන්සේ මේ පූර්ව කතාව ගෙනහැර දක්වා වදාළ සේක. ඒ කෙසේදැයි යතහොත් බරණැස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි කසීරට වසන සුර නම් වල් වැද්දෙක් බඩු සොයනු පිණිස හිමාල වනයට ගියේ ඒ හිමාල ප්‍රදේශයෙහි එක් මහා වෘක්ෂයෙහි මිනිස් පමණක් විචරදී තුන් බලයෙක් විය. ඒ බල තුන අතුරෙහි මහා සැලක් පමණ වලෙක් වූයේය. ඒ වල තුළ වැසි වටක්හි දියෙන් පිරුණේය.
ඒ ගස වට ඇඹුල් අරළු මිරිස් වැල් ආදියෙන් තුරු ලිය හිවි සිටිනේය. ඔහුගේ ඵල ජාතීහු තුවටුවෙන් ගිලිහි වල අතුරෙහි පිරි සිටි පැනෙහි වැගිරෙන්නා වූ එතැනට නුදුරු තැන්හි සයංජාත හැල් වනයෙක් ඇත්තේය. එයින් ගිරවුන් කරල් කඩාගෙන අවුත් ඒ ගසමුල බොහෝ සේ කන්නාහ. ඔවුන් තුඩින් වගුල ඇල් කරල් ද ලියට සාව ඒ ගස් විදුරෙහි පිරී සිටි තැනෙහි වැටී සූර්යයපාකයෙන් පැසෙන බව හේතු කොට ගෙන සාවුන්ගේ ලෙහෙවන් පෑවූයේය. ග්‍රීස්ම කාලයෙහි පිපාසිතව ගිරා බොකල සැලලිහිණි ආදී පක්ෂි සමූහය ගස් ඉදිරියෙහි තිබූ තැන්හි සිදුරෙහි මත බිමෙහි ගසමුල රා මදයෙන් සුගත් නිදා රා මදි සන්හිදුන් කරලි උදව්ව අහසට පැන නැගී යන්නාහ. අවශේෂ රුක ඉඳ වඳුරෝ එපරිද්දෙන්ම පැන් බී මනාව ගසමුල රා මද සිදුනු කල එතැන්හි කෙල ඇවිදිනාහ. එකල්හි වන සුරනම් මල් වැදි තෙම මේ ප්‍රවෘත්තිය ද ඇත. ඒකාන්තයෙන් මේ විෂය එක්වීමෙන් සියළු ප්‍රාණයේහු මියන්නාහ.
දැන්වූ කලී මේ පක්ෂි පටන් සියළු ප්‍රාණීහු මේ පැන් බී මූර්ජාව නැගී යන්නාහ.
එසේ හෙයින් මේ විෂ නොවේ කියා තෙමේ බීමත්ව මස් කනු කැමති විය. ස්ථානයෙහි ගිණි මොලව ඒ පැන් බී මූර්ජාව උනු තිත් වටුවන් වලිකුකුළු දිය කුකුළු ආදී පක්ෂීන් මරා අගුරෙහි ලා පලහ එක් අතකින් මස් කකා එක් අතකින් අභිනව දක්ව දත්වා නටන්නේ තෙතුන් දවසක් ඒ ගසමුල වැස එතැනට නුදුරු ස්ථානයකින් වරුණ නම් එක් තාපසයෙක් වෙසේ. ඒ රා බී මත්ව කෙලෙනා වැදි පුත්‍ර තෙම එක් දවසක් තාපසයන් සමීපයට ගොස් කථාකොට අවුත් නැවතත් දවසෙක්හි ඒ තාපසයන් සමීපයට යනුයේ මේ මධුරවූ රස ඇති පානය තාපසයන්ට ගෙණ යෙමි සිතා උණ නලේක පැනුත් පුරාගෙණ අගුරෙහි පැලහු මස් හා සමඟ පන්සලට ඇරගෙන ගොස් තාපසයෙනි පැන් මධුරව තිබුයේය. ගෙන ගිය රා මස් දෙදෙනම අනුභව කළාහ.

මෙසේ මේ සුරානන් වැද්දා හා වරුණ නම් තාපසයන් විසින් පළමු කොට දක්නා හෙයින් සුරා යයි කියාද වරුණ යයි කියාද නම් වූයේය. ඔහු දෙදෙනම කලක් එහි වැස මනුෂ්‍ය පථයට එනු කැමැත්තාහ. මේ සුරාව කෙසේ යනුමෝහෝයි පරීක්‍ෂා කොට වන්නාට උපායෙක් ඇති හුන නලවල පුරාගෙණ පසල් දනව්වට ගොස් ක්‍රමයෙන් රාජධානියට ගොස් වැද ප්‍රානඝාරිකයැයි යන අමුතු අයෙක් ආහයි රජ්ජුරුවන්ට කියා යව්හි. රජ්ජුරුවෝ ඔවුන් ගෙන්වා දුටහ. දෙදෙනම තමන් ගෙන ගියා වූ පැන් රජ්ජුරුවන්ට දුන්හ. රජ්ජුරුවෝද පැන් දෙතුන් වාරයක් බී මත්ව දෙතුන් දවසක් කල් යවූහ. ඉක්බිති රජ්ජුරුවෝ ඔවුන් අතින් තවත් මේ මධුර පැන් ලැබ හැක්ක දැයි විචාළාහ. දේවයන් වහන්ස හිමාලයෙහි ඒ කියන රුක වෙලක් සිදුරක තිබෙන ලද්දේ ඇතැයි දැන්වූහ. එසේ වී නම් ගෙනවයි මෙහෙවර ඇසූ ඔහු දෙදෙන තමන් කියන සුරා පළමු දෙනාත් සිදුරෙන් ගෙනවුත් දෙතුන් වාරයක් පෙවූහ.
තවද එක් වාරයෙක ගෙනෙන්නට කී කල්හි හිමවත් පෙදෙස නිතියන්ට ඉතා දුරු හෙයින් වරින් වර යා නොහෙම්හ. එතකුදු උවත් ඒ මධුර වූ ජලය නිපදවන කාරණාදනුම්හ. රුක් සිදුරෙහි තිබූ අරළු, නෙල්ලි, වී ආදී සියළු සම්භාරයන් දැක විභාග කොට ගෙන ඒ ගසෙහි සුඹුළුත් ඇරගෙන රාජධානියට අවුත් මහසැල බහා නුවරෙහි සුරාව ඇති කළහ. නුවර වැස්සෝ සුරාව අනුභව කොට රා මදයෙන් මත්ව කල්යාමකින් ප්‍රමාද වීම හේතු කොට ගෙන සත්ත්වයෝ දිළිඳ වූහ. සුඛිත මුදිත සත්ත්වයන් නැති වීමෙන් ඒ නුවර යකුන් කෙළි සිස් පිටියක් මෙන් නිශ්‍රීක වූයේය. පළමුවෙන් සුරාව මනුෂ්‍යපථයට ගෙන වැදිපුත්‍රතෙමේම ඒ නුවරින් නික්ම බරණැස් නුවරට ගොස් වැද පානගාරිකයෝ යයි අපූර්ව වෙළෙඳ කෙනෙක් ආහයි රජ්ජුරුවන්ට දක්වා යවූහ.

රජ්ජුරුවෝ ඒ පුරුෂයන් තමා කරා ගෙන්වා ඒ තොප ඉදිකරන්නා වූ පානය නම් කෙසේ වූ දෙයක්දෝහෝයි වැටුප් වියදම් දුන්හ. ඒ රා සොඬහු දෙදෙන සුරාවට උවමනා සියළු සම්භාරයන් එක් කොට සුරාව ඉදි කළහ. එසඳ ඒ දෝෂ නොදන්නා නුවරවාසී සත්ත්වයෝ සුරා පානය කොට මත්ව සෘෂිවනිජජයාදී කර්මාන්තයෙහි ප්‍රමාද වූහ. ඒ කාරණය හේතු කොට ගෙන සත්ත්වයෝ දිළිඳු වූහ. නුවර සැපත් පිරිහීමෙන් තටු වූයේය. පෙර පරිද්දෙන්ම සුරා ඉදි කරන්නා වූ පුරුෂ තෙම බරණැස් නුවරින් නික්ම සාකෙත නුවරට පැමිණ ඒ නුවර දී රා ඉදි කොට සත්ත්වයන් පොවා ක්‍රමයෙන් ඒ නුවර ද නටකල්හි ඉක්බිති සැවැත් නුවරට ගියාහ. එකල්හි සැවැත් නුවර සබ්බමිත්ත නම් රජෙක් විය. ඒ රජ්ජුරුවෝ ද ඕ හට සංග්‍රහ කොට තොපට රා ඉදි කරන්ට කුමක් වුවමනාදැයි විචාළ කල්හි සුරාවට නිසි නෙල්ලි අරළු ඇතුළු වූ සියළු උපකරණද සාල් පිටි ද පන්සියයක් පමණ මහසැලවල් ද වුවමනවැයි කීහ. ඔහුගේ සියළු උපකරණයන් රජ්ජුරුවෝ දෙවූහ. ඔහු පන්සියයක් පමණ සැලවලෙහි රා නගා සැලවල් රක්නා පිණිස එකී එකී සැලක් සමීපයෙහි එකී එකී බළලකු නියායෙන් බැන්දවූහ. සැලවලෙහි රා පැසී ඉතිර වැගිරෙන කල්හි සැලපිටින් වැගිරෙන රා පෙන බොමින් මත්ව මූර්ජාව හොත් බළලුන් කන් නාසා ද වාලදයද යනාදී වූ අවයව මීයෝ ලියා කෑහ. ඒ රා මඩලෙහි රැකවල් ගෙනසිටි පුරුෂයෝ බළල්ලු රා බී මළහයි රජ්ජුරුවන්ට දැන්වූහ.

එබස් ඇසූ රජ්ජුරුවෝ මොහු දෙදෙන විෂ ඉදි කරන දෙන්නෙක් වනැයි කියා උන් දෙන්නාගේම ඉස් සිදූහ. ඔහු දෙදෙනා රා දෙව අමා ගෙනවයි කිය කියා මළහ. රජ්ජුරුවෝ ඔවුන් මරවා අනතුරුව රා සැලවයි ගසා බිඳුවයි කියා නියෝග කළා. ඒ විධාන ඇසූ මිනිසුන් යන කළට රා මද සිදුනු බළල්ලු උදානව කෙළිමින් සිටියාහ. නැවත ඔවුන් කෙළනා වූ දුටු පුරුෂයෝ අවුත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ එවේලෙහි සිතන්නා වූ ඒකාන්තයෙන් මේ විෂයෙක් වී නම් මේ බළල්ලු මිය යන්නාහුය. එක්තරා මඳුර පානයක් විය යුතු යයි ඒ නොදමා පානය කරම්හයි සනිටුහන් කොට නුවර සරහා රාජාංගනයෙහි මණ්ඩප කරවා එහි නඟන ලද දළපුඬු සේසතෙන් යුක්ත සිංහාසන මස්තකයේ හිඳ ඇමැති මඩුළු පිරිවරා උත්සවයෙන් සුරා පානය කරන්ට යයි පටන් ගත්හ. එකල්හි ශක්‍ර දේවේන්ද්‍ර තොමෝ මිනිස් ලොව කවර සත්ත්වයෙක් දෙමව්පියන් නැදිමයිලන් බැබුන් සිල්වත් ගුණවත් ආදීන්ට උපස්ථාන කෙරේද කවර සත්ත්වයෙක් ත්‍රිවිධ සුචරිතයෙහි යෙදී වෙසෙත්ද කවර සත්ත්වයෙක් දාන මාන ආදී සුචරිතයෙහි යෙදී වෙසේදෝහෝයි දහසක් නුවණැස් යොමා බලනුයේ ඒ සබ්බමිත්ත නම් රජහු සුරා පානය කරන්ට උන්නා දැක මේ රජහු බීමෙහි පුරුදුව ගියේ නම් ජම්බුද්වීපය හැම නස්නේය. එසේ හෙයින් මේ රජ සුරා පානයෙන් වළකමියි සිතා රායෙන් පිරුණු කළයක් අත්ලේ තබා ගෙන බ්‍රාහ්මණ වේෂයෙන් අවුදින් ආකාශයෙහි සිට මේ කළය මිලයට අරගනුවයි මෙපරිද්දෙන් අඬගා කීයේය. එවේලෙහි සබ්බමිත්ත නම රජ තෙමෙ ආකාශයෙහි සිට කියන සක්දෙව් රජහු දැක මේ බමුණු කොයි සිට කෙසේ ආවේ දැයි පිළිවිස්නා රජතෙම මෙලෙස කියන්නේය. බ්‍රාහ්මණයාණෙනි රාත්‍රියෙහි වූ දෙවෙනි පුන්සඳ මඬලක් මෙන් අහස බබළන්නේය. තොපගේ ශරීරයෙන් නික්මෙන රැස්කළඹ සියරැලි විදුලිය සොභාවක් මෙන් දිගුම් හොබනේය. එසේ හෙයින් තොපි තව්තිසා දිව්‍යලෝකයෙහි සිට ආ දිව්‍ය පුත්‍රයෙක් හිඳ නොවලහා කියව. තවද කිසි පිහිටක් නැති ආකාශයෙහි පවන් අනුව යන වලා කඩෙක දෙවියන් මෙන් සිටින්නෙහිය. සක්මන් කරන්නෙහිය. තොප විසින් මඬනා ලද සෘද්ධි තෙම හසරක් නැතිව අහසෙහි හැසිරෙන දෙවියන්ට සමකළ භූමියක් වැනි විය. නැවත ආකාශයෙහි පියවර දක්වමින් ඇවිද මේ සාලය විකුණ ගනුවයි කීහ. මෙලෙස කියන තෙපි කවර දිව්‍ය පුත්‍රයෙක් ද මේ කළයේ පිහිටියේ කෙසේ වූ දෙයක් දැයි විචාළේය. එකල්හි ශක්‍රදේවේන්ද්‍ර තොමෝ එසේ කළ අසවයි සුරායෙහි දෝෂ වූ සැටි මෙලෙස කියන්නේය. රජ්ජුරුවෙනි මේ කළය තෙල් පිරුණයි කියා නොසිතව.

නැවත තල තෙල් ආදිය මුත් පිරුණේ නොවේ. උත් පැනින් පිරුණේ නොවේ. මීයෙන් පිරුණේත් නොවේ. එසේ හෙයින් මේ යහපත් දෙයකැයි නොසිතව. මේ කළයෙහි පිරුණු සුරා ආදියද දෝෂ අසවයි කියා විස්තර වශයෙන් දෝෂ දක්වන්නා වූ ශක්‍ර දේවේන්ද්‍රකයා මතු කියන ක්‍රමයෙන් කියන්නේ රජ්ජුරුවෙනි යම් සේ සුරා පානයක් කොට සම භූමියෙහි හිත් පැකිල වැටෙන්නේ හිඳ නිරාලම්බන වූ ආකාශයෙහි එල්බෙන්නේය. ප්‍රපාතයෙහි ද මත්ව වැටෙන්නේ ගල් දැදුරෙහි ද කුණු මොලෙහි ද ගවර වලිහිද සූචි අසූචි නොදැන හෙන්නේය. නොකෑයුත්ත කන්නේය. එසේද වූ දෙයින් පිරුණු මේ කළය විකුණමි ගනුව. තවද යම් සේ සුරා පානයෙන් ද තමාගේ සිතට ඉසුරුණේය. සුරා කළ ආදිය අනුභව කොට ගොදුරු බිම බලා ඇවිදිනා ගොනකු මෙන් කිසිවක් වත් නොදැන බාන්ත්‍රව ඇවිදීද කිසි කෙනෙකුන් විසින් නොකියනු ලදුව ඔවුන් සමීපයෙහි වැද ගී කියන්නේය. යන්ත්‍ර රූපයක් මෙන් විලි නැතිව නටන්නේය. නැවත මේ සුරාව බී උමතු වූයේ අන් පිළිදමා නග්නයෙන් ගම්හිද රාජවීදියෙහි ද නැවුණ මනා වුන් මැදයෙහිද නුසුදුසු වදන් කියමින් ඇවිදිනේය.

කිසිවෙක් මේ දෙයින් මූර්ජා වූයේ පනකද නැත්තක් වූ මෙන් බොහෝ වේලාවක් වැඳ හෝනේය. එසේ වූ සුරායෙන් පිරුණු මේ කළය විකුණමි ගනුව. නැවත සුරාවක් යම්සේ අනුභව කොට පහළ ගුරෙහි වැටී පැහෙන්නේත් වේද නිදිමත් මූ තැන්හි කැනහිලුන් ආදීන් විසින් කනු ලබන්නේ වේද අකාරී කාරී මෙන් නොයෙක් වදබන්නධානියත් පැමිණෙන්නේය. අසූචි වැකුණු සිරුරු ඇත්තේ නැලිනගමින් කටින් පෙන දමා බොහෝ දුකට පැමිණෙන්නේ එසේ වූ සුරා පිරුණු කළය ඇරගනුවයි කීයේය. තවද රජ්ජුරුවෙනි මෙතෙම අධම වූයෙන් රා මදයෙන් මත් ව මම උත්තමයෙමි අහංකාරයට පැමිණෙන්නේය. ඇස් රත්ව කැළඹෙන්නේය. චතුස් සමුද්‍රය අවසන් කොට ඇති භූමි මණ්ඩලයෙහිනුත් මම පොහොසතිමි. මම්ව නායකයෙනි සිතන්නේ අධික වූ මානයෙන් කලහා වඩා කේළාම් ආදී වූ පිය ශූන්‍ය වූ බස් කියන්නේය. නපුරු වූ පැහැ ඇතිව නග්නය නොකරුණෙහි ඈත මෑත දිව විඩාවන්නේය.
මෙබඳු ගුණ උපදවන සුරායෙන් පිරුණු මේ කළය විකුණමි ගනුව. තවද යම් මේ සුරාවක් අනුභව කළ සත්ත්වයෝ තමන්ගේ කුලයන් නසා වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදී සම්පත්තියෙනුත් පිරිහි විනාශයට පැමිණෙත්ද යම් සේ සුරාවක් අනුභව කොට මත් වූයේ මෑණියන් පියාණන්ටත් අක්‍රොශ කෙරේද රාගයෙන් රත්ව නොලග විය යුතු නැදි බුහුන්ගේ හස්තග්‍රහණයෙන් කරන්නේය. තව ද යම් මේ සුරා පානයක් කළ ස්ත්‍රීහු තමන්ගේ ගෙයි දාසියෙකුත් මට ස්වාමීවයි කියා අල්ලන්නීය යම් මේ සුරාවක් අනුභව කොට මහත් වූ කුසල ධර්මයෙහි පිහිටි ශ්‍රමය බ්‍රාහ්මණයන්ටත් හිංසා පීඩා කෙරේද ඒ මුල් කොට නරකාදී සතර අපායට ගොස් බොහෝ දුක් විදින්නේය. එසේ වූ සුරායෙන් පිරුණු මේ කළය විකුණමි ගනුවසුරා මදයෙන් මත් වූ සත්ත්ව තෙම අනවරතයෙන් කයෙන් වචසින් මනසින් පවුම කරන්නේය. එයින් නරකාදී දුක්‍යට කාරණා වූ පවු රැස් කරන්නේය. මෙසේ වූ සුරායෙන් පිරුණු කළය විකුණමි ගනුව යම් සත්ත්වයෙකු බොහෝ මුතු මැණික් රන් රිදී ආදිය දෙම්හ. එක බොරුවක් කියා පියවයි කී කල්හි සක්විති රාජ්‍යයක් දෙකත් බොරු නොකියම්හ සාහසිකව බොරු නොකියාද එසේ වූ කෙනෙක් සුරාව පූ කල්හි බොරුම කියන්නාහ.

නැවත තමාගේ කර්මාන්ත කරන යම් මෙහෙවරය විය යුක්තක් අකාරියවි නොමෙහිවරෙහි යෙදී මෙන් තමාගේ සියළු කාර්යය නසා ගන්නේය. තවද ලැජ්ජා හිරිඔතත් රක්නා සත්ත්වයෝ ද සුරාමදයෙන් මත්ව මුඛාපන්න දෙයක් බෙනෙමින් ලජ්ජා හිරි දෙක නසන්නාහ. නැවත මේ සුරා පානයෙන් මත්ව චණ්ඩාලාදී නුසුදුස්සන් හා එක්ව කමින් බොමින් හුරු පැටවුන් මෙන් ඉස්පැන් නැති වස්තු පහෙනවන් දන්නාහ. මධුරානියය පානියෙක්හි රස නොලැබ ගෙඩලි ආදියෙහි දැමූ දඬු කොට්ට සේ වැද හෙව බොහෝ ආයාසයට පැමිණෙති.යම් මේ සුරාපානයෙන් මත්වූ සත්ත්ව දුන් කඳට ඇති ඒ කුලින් පාරලත් ගෙරින් මෙන් කිසිවක් නොකාම වැදහෙන්නා වූ එසේ වූ සුරා පිරුණු කළය විකුණමි ගනුව. තවද දසබෑ රජ දරුවෝ රා බී මත්ව පොළු මුගුරු ඔවුනොවුන් පැමිණ ජම්බුද්වීපයෙන් තෙසැට දහසක් රාජධානියෙහි පැවති අනසකින් යුත් රාජශ්‍රීයෙන් පිරුණා වූද එසේ වූ සුරායෙන් මේ කළය පිරුණේය.
තව්තිසා දිව්‍යලෝකයෙහි පළමු දෙවියෝ සුරාපානයෙන් මත්ව සමුද්‍ර මාධ්‍යයට දමන ලද්දාහු දිව ඉසුරෙන් පිරිහුණාහ. එසේ හෙයින් සුරායෙහි මෙබඳු දෝෂ දත් තොප වැනි නුවණැත්තෝ කෙසේ නම් වෙත්දැයි මෙහි ඇති සැටිය මා විසින් නොවලහාම කියන ලදැයි සක්දෙව් රජතුමා කීයේය.

මෙපරිද්දෙන් සුරා පානයෙහි දෝෂ ඇසූ සබ්බමිත්ත නම් රජකෙනෙක් සන්තුෂ්ටව ශක්‍රයාට මෙලෙසින් කීයේ යි යම් සේ මෙලොව පරලොවින් මට හිතයට කාරණා වූ මෙතෙක් අවවාද කළාද එබැවින් මෑණි පියාණ කෙනෙකුන් මෙන් හිත කැමතිවීය. මෙසේ නුඹ වහන්සේගේ මෙකී වචන පරිද්දෙන් කෙරෙමි පිළිගෙන මේ ප්‍රිය තෙපුලට පඬුරකුත් දෙමි විධාන කරන්නාවූ වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදියෙන් සමුර්‍ඬව පිරුණු ගම්වර පසක් ද දෙමි, කෙල්ලන් කොල්ලන් දෙසියයක් ද ගෙරින් පන්සියයක් ද අජානීය සෛන්‍ධවයන් යෙදූ රථ දහසය යන මේ සියල්ලම අත්‍ර්‍ථකාමී නුඹ වහන්සේට දෙමි, ඇරගත මැනවැයි කීයේය,
එබස් අසා ශක්‍ර දේවේන්‍ද්‍රයෝ තමාගේ දිව්‍යාත්මභාවය මවා දක්වා තමන් වූ නියාව අඟවා ආකාශයෙහි සිට මට මෙකී ගම්වර සියල්ලම තොපටම වේවයි ඇත් අස් රථ සියල්ල ද තෙපිම පිළිගනුව, බල එකෙක් ඇත මා කී අවවාද ලෙසට සුරාපානය ඇර ධර්මයෙහි ඇලී රසමසවුලෙන් යුක්ත වූ ආහාරය අනුභව කොට කිරි තෙල් නොයෙක් පූජා පූපයෙහි පිනා කුසලයෙහිම යෙදෙවයි කියා තමන්ගේ දිව්‍යලෝකයට ගියාහ.

ඒ රජ්ජුරුවෝ ද සුරාපානය නොකොට රා සැලවල් බිඳුවා දන්දී ශිල් රැක ඒ කුසළයෙන් ශවගීපදප්‍රාපතවූහු, එසෙ වුවත් ක්‍රමයෙන් දඹදිව සුරා පානය බොහෝ බවට පැමිණියේය, බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දකවා වදාරා පූර්‍වාපරසන්‍ධි ගලපා වදාල සේක. එකල්හ සබබමිත්‍ර නම් රජ ආනන්‍ද ස්ථවිරයෝය, ඕහට අවවාද දුන් ශක්‍ර දේවේන්ද්‍ර නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

499 ජයද්දිස ජාතකය
497 කිංඡන්ද ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.