492 චම්පෙය්‍ය ජාතකය - IFBC Organization | Dhamma

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් උපොසථ ශිල රක්ෂණයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් පෙහෙවස් ගකි උපාසක පිරිසක් අමතා උපාසකවරුනි, තොප රැකි ශිලය ඉතායපත පෙර නුවණැත්තෝ මහත්වූ නාග සම්පත්තිය හැරදමා අවුත් උපෝසථ ශිලයම රැක්කෝ වේදැයි ඉකුත් වත වදාළසේක.

යටගිය දවස අඟුරට අඟු නම් රජ්ජුරුවන් රාජ්‍යය කරන සමයෙහි අඟු මගධ දෙරට අතරෙහි චම්පා නම් ගඟක් වුයේය. ඒ යට නාග භවනයෙහි චම්පෙය්‍ය නම් නාග රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කෙරෙති. එසමයෙහි කිසි කලෙක අඟු රජ්ජුරුවෝ මගධ රට ගන්නාහ. මෙසේ කල් යාමකින් දිනක් මගධ රට ගන්නාහ. මෙසේ කල් යාමකින් දිනක් මගධ රජ්ජුරුවන් හා යුධ කොට පැරදී අසකු නැගී දුවනුයේ අඟු රජ්ජුරුවන්ගේ යෝධයන් විසින් ලුහුබඳවන ලදුව දියපිරි ඉතා ගැඹුරු වූ චම්පානම් නදිය ලඟට පැමිණ සතුරන් අතින් මිය යනවාට වඩා මේ නදියට පැන මියයාම යහපතැයි සිති ගඟට පැන්නේය. එවිට චම්පෙය්‍ය නා රජ්ජුරුවෝ නාලොව රුවන් මණ්ඩපයක තම පිරිස සමග මහා පානයක් බොමින් කෙළිමින් හුන් ඉදිරියට වැටුනේය. එකෙණෙහි නා රජ තෙම ස්වර්ණාභරණයෙන් සැරසුනු රජ්ජුරුවන් දැක සියළු විස්තර අසා දැන තම ආසනයෙහි වඩා හිඳුවා ඔහු අස්වා රජ්ජුරුවෙනි, තොප අඟු මගධ දෙරට කායකයා කරවා ලමියි පොරෙන්දුවී සතියක් එහි සිට සත්වන දින නාග භවනයෙන් නික්ම යුඞාභිමුඛ වුහ. එකනෙහි මගධ රජතෙමේ නා රජ්ජුරුවන්ගේ ආනු භාවයෙන් අඟු රජ්ජුරුවන් අල්ලාගෙන විනාශකර දෙරටෙහිම නායකයා වී රාජ්‍යශ්‍රි වින්දේය. එතැන් පටන් මගධ රජ්ජුරුවන්ගෙත් නා රජ්ජුරුවන්ගෙත් විශ්වාසය ස්ථිරවුයේය, එබැවින් අවුරුද්දක් පාසා චම්පා නම් ගංතීරයෙහි මහත් වූ බලි පුජා පවත්වන්නේය.
නාරජතෙම පිරිවරින් පැමිණ එම බලි පුජා පිළිගන්නේය. මහ ජනයා එම ශ්‍රි විභුතිය බලා ප්‍රීති වන්නාහ. එසමයෙහි දිළිඳු කුල පුත්‍රයෙක් නා රජ්ජුරුවන්ගේ ඓශ්චය්‍ර්‍ය දැක ලොභ උපදවා මහා නාග සම්පත්තිය පතා දන් දී සිල් රැක චම්පෙය්‍ය රජු කාලක්‍රියා කළ සත්වන දිනයෙහි මිනිස් ලොවින් චුතව නාලොව ඕපපාතිකව උපන්නේය. තම මහත් වූ ශරිරය දුටු අළුත් නා රජ්ජුරුවෝ තව වේශය ගැන කලකිරි දෙවිලොව සැප විදීමට කුසල් ඇති මා තිරිසන් යෝනියෙහි උපනිමි මේ ජිවිතයෙන් මට කම් කිම්දැයි මියයනු කැමති වූයේය. ඉක්බිති සුමන නම් මානවිකා කොම මොහු දැක මහත් සතුටට පැමිණ ගී ගයමින් නට්නට වන්හ. එවිට ඕහට නාග භවනය ශක්‍ර භවනය මෙන් වැටහූනේය. මියයාමෙහි සිත පසුබට වූයේය. ඒ නාග ශරිරය අතුරුදහන් කොට සියළු අභරණින් සැරසිී යහන මතුයෙහි ඵලක් බැඳ උන්නේය. එතැන් පටන් උන්ගේ යසස මහත් වූයේය. ඉක්බිති නැවත වරක් එහි කළකිරි මිනිස් ලොව ඉපද සතුස්සත්‍ය අවබෝධ කරමියි සිතා එහි ඉඳ පෙහෙවස් රකින්නේය.

මාවත යන එන සත්වයෝ මේ දිව්‍ය නාගයෙකැයි මල් පුදා යන්නාහ. පසල් ගම්වැසි මිනිස්සුද තුඹස මැදිකොට මණ්ඩපයක් කොට වට වැලි මලුවක් කොට පුදා ගියහ. මෙසේ නාග භවනයට යමින් එමින් බොහෝ කාලයක් සිල් රක්ෂා කලහ. දිනක් සුමනා නාග මානවිකාව ස්වාමිනි, ඔබතුමා පෝයක් පාසා මිනිස් ලොවට ගොස් සිල් රැක එන සේක. මිනිස් ලොව භය සහිතය ඉදින් ඔබට කිසිභයෙන් සැලසිනී නම් අපි කෙසේ දැනගනුමෝද? ඊට කිසිසලකුණක් කිව මැනවයි විචාලීය. එවිට නා රජතෙම මඟුල් පොකුණ සමීපයට ඈ කැඳවා ගොස් සොඳුර, මා විසින් ලොව අප්‍රසන්න වන්නේය. ඉදින් ගුරුළෙක් ගසාගෙන ගියේ නම් පොකුණ පැන් කැකෑරී නැගෙන්නේය. අහිගුණ්ඨකයෙක් අල්ලා ගත්තේ වීනම් පොකුණේ පැන් ලේ පාට වන්නේයයි ඈට මේ සලකුණු තුන කියා පෝය දින නාග භවනයෙන් නික්ම මිනිස් ලොව තුඹස මතුයෙහි ශරිරශෝභාවෙන් අවට හොබවමින් වැදහොත්තේය. මේ අතර බරණැස් නුවර එක් මානවකයෙක් නයින් අල්ලා කෙළවන ආලම්බන යන මන්ත්‍රයක් ඉගෙන තමාගේ ගමට එනුයේ මේ නා රජ්ජුරුවන් දැක මොහු අල්වා කෙළවා බොහෝ සම්පත් රැස් කෙරෙමියි සිතා දිවෙන් ඖෂධයකක් ගෙන සපා මන්ත්‍රය ජපකොට ඔහු සමීපයට ගියේය. දිව්‍ය මන්ත්‍රය ඇසු වේලෙහි පටන් කණ ඇතුළෙහි රත්වූ යවුලකින් විදින්නාක් මෙන් වේදනා වූයේය. හිස ගිනිගත්තාක් මෙන් විය.

එකෙනෙහි මේ කිමෙක්දෝයි බලනු සඳහා දරණ වැල අස්සෙන් හිස ඔසවා බලනුයේ අහිගුණ්ඨිකයා දැක මාගේ විෂය ඉතා උග්‍රය, මා කිපී විෂ වාතයක් හළෝනම් ාෙහුගේ ශරිරය අළුවන්නේය. එවිට මාගේ ශිලය කැඩෙන්නේය. මොහු බලන්නට නොකැමැත්තේය. දරණවැල අස්සේ හිස සඟවා ගෙන ඔනෑ දෙවයක් කෙරේවායි සිතා වැදහොත්තේය. එවිට අහිගුණ්ඨකයා ඖෂධයක් සපා මන්ත්‍රය පුරවා නාගයාට ගැසුයේය. නා රජ්ජුරුවන්ට මහත් වේදනා උපන්නේය. ඊට පසු අහිගුණ්ඨකයා නාගයා අල්ලා තලා දුර්වල කොට හිස අල්ලා ඖෂධ ගල්වා දළ බිඳදැමීය.කට ලෙයීන් පිරී ගියේය. ශරිරයද තලා පුරුක් බිඳ හිසවට කරකවා බිම ගසා ඉතා දුර්වල කළ නමුත් ශීල භෙදයක් වේදෝයි වේදනා ඉවසා සිටියේය. අහිගුණ්ඨකයා නා රජ්ජුරුවන්ව ගෙන ගොස් කෙළවා මහත් මුදල් උපයා ගත්තේය. නටන වේලෙහි ඔහුගේ නියමය පරිදි නොයෙක් පාට ගනිමින් නටන්නේය. ලොකු කුඩා වෙස් ගනිමින් නටන්නේය. මහ ජනයා ඉතා පුදුම වී මුතු මැණික් ආදිය අහිගුණ්ඨකයාට දෙන්නාහ. මෙසේ ක්‍රමයෙන් නයි නටවමින් බරණැස් නුවර උග්ගසේන රජ්ජුරුවෝ සමීපයටද පැමිණියේය. රජතුමා නයා ගැන අසා තමා ඉදිරියේ කෙළවයි විධානය කෙළේය. එතමෙත් යහපත, රජතුමනි සෙට පසළොස්වක දිනයෙහි කෙළවා පාමියි කීයේය.
රජ්ජුරුවෝ අණබෙර යවා මහා ජනයා ගස් කරවා දෙවනි දින ඊට අණ කලේය. අහිගුණ්ඨකයා නයාව පිටතට ගෙන නටවන්නට පටන් ගත්තේය. රජතුමා ඇතුළු පිරිස ඔල්වරසන් දෙමින් ප්‍රීතියෙන් එය නැරඹුහ. නා රජ්ජුරුවන් ඇල්ලු දින පටන් මසක් පිරුනේය. මෙදැතුරේ කිසිම අහරක් නැත. එකල්හි සුමනා මානවිකා තොම මසක් ඉක්මීත් තම ස්වාමියා නේන්නට කාරණා කිම්දැයි පොකුණු තෙරට ගොස් පළමු කී සලකුණ බලන්නී ලේවන්ව තිබු පොකුනෙහි දිය දැක අහිගුණ්ඨකයෙක්හු විසින් අල්වා ගත් නියාව දැන ඔහු මිනිස් ලොව පෙහෙවස් ඉටා වැඳා හොනා තුඹස සමීපයට ගොස් එහි නොදැක අඩා වැලප ක්‍රමයෙන් රාජාඞගනයට ගොස් පිරිස මඬ්‍යයෙහි ආකාශයේ අඬ අඬා සිටියාය. නා රජ්ජුරුවෝ නාග මානවිකාව දැක ලජ්ජාවට පත්ව වහා පෙට්ටිය තුළට වන්නේය. බරණැස් රජ්ජුරුවෝ මේ කුමණ කාරණයක් දැයි ඈත මෑත බලන්නේ අහසෙහහි සිටියාවු නාග මානවිකාව රජ්ජුරුවන් වහන්ස, මා තොප සිතන කිසිවෙක් නොවෙමි. නාග කන්‍යාවක්ම රජතුමනි, මෙතැන්හි අල්වා නටවන නාග රජ්ජුරුවොත් මාගේ ස්වාමී පුත්‍රයෝය. සියළු යසසින් පිරුණු නාගලොව සිල්ගකීමට බැරියයි සිතා මිනිස් ලොව තුඹසක් ලඟ සිල් ඉටා වැඳහොත්තේය. පර හිංසාවෙන් වැලකී මොහුට මේ අහිගුණ්ඨකයා අල්ලා ගත්තේය.

රජතුමනි, මාගේ ස්වාමි පුත්‍රයාව වහාම මේ බන්ධනයෙන් මුදා හරින්නැයි යාඥ කොට සිටියාය. නාග මානවිකාවෙනි, යොදුන් තුන්සියයක් වූ නාග භවනයට නායකවූ මොහුට එක විෂ මුඛයකින් මේ අහිගුණ්ඨකයාව නැසීමට හැකිව තිබියදී එසේ නොකලේ මන්ද? සිල් රැකිමට හැක්කේ තමා රැකනොත් නොවේද? රජ්ජුරුවන් වහන්ස, එක ධුමයකින් මේ නුවරම අළුකර දමන්නට දැනුදු ශක්කිය ඇත.

නමුත් තමාගේ ශිලය බිඳී යේදෝ හෝයි යන භයින් යහටක් නොකළාහුය. නාග මානවිකාවෙනි, තොපගේ ස්වාමී පඅුත්‍රයා නිබඳව සිල් රකීද යම් දවසෙක සිල් රකීද? රජ්ජුරුවෙනි, නිබඳව සිල් රකින්නේ නනැත. මසක් පාසා පසළොස්වක පෝය නොවරදවාම මිනිස් ලොවට අවුදින් සිල් රකින්නේය. රජ්ජුරුවන් වහන්ස මේ නා රජ්ජුරුවන් සෙුස නයින් හා සරිකොට නොසිතනු මැනවි. මොවුන් පංච කාමයෙන් පිනවනු නාග මානවිකාවෝ සොළොස් දහසක් ඇත්තාහ.
මහා බල ඇත්තේය එබැවින් මාගේ ස්වාමීවූ මොහු මේ බන්ධනයෙන් ගලවාහළ මැනවයි යාඥාකළාහ. උග්ගසේන රජතුමා අහිගුණ්ඨකයා තමා සමීපයට කැඳවා තොපට මැණික් සීයයක්ද ගම් බිමි දැසි දෑස් ආදී සියලු වස්තුවද දෙමි ඒවා භාරගෙන මේ නාරජ්ජුරුවන් මුදා හැරපියවු කියේය. එබස් අසා අහිගුණ්ඨකයා රජතුමනි, ඔබ අවසර දෙතොත් වස්තු ැතිව මුත් මුදා හරිමියි නා රජ්ජුරුවන් පෙට්ටියෙන් මුදා හළුයේය. එකෙනෙහිම නාරජ තෙම නාග වේෂය අතුරුදහන් කොට දිව්‍ය ආත්මයක් මවාගෙන සියළු ආභරණවලින් සැරසී සුමනා නාග කන්‍යාව සමග උග්ගසේන රජ්ජුරුවන් සමීපයට අවුත් වැඳ රජ්ජුරුවන් වහන්ස ඔබ වහන්සේ මට කළාවූ උපකාරයට මම කවර උපකාරයක් කළත් නොසෑහෙන බව දනිමි.
ඒ කෙසේ වෙතත් මාගේ නාග භවනයට වැඩිය මැනවයි ආරාධනා කළේය. නා රජ්ජුරුවන්ගේ බස පිළිගෙන උග්ගසේන රජතෙම නා රජ්ජුරුවෙනි, මේ ලෝකයේ මිනිසුන් කරන මිත්‍ර සන්ථවය නම් පිළිගත නොහැක්කෙමි. නමුත් ඔබ යාඥා කරන හෙයින් එන්නේමියි කීවේය. එකණෙහි නා රජ තෙම තමා කෙරෙහි සැක නැතිවන ලෙස සපථ කරවා ගෙන උග්ගසේන රජ්ජුරුවන්දකැටුව සිව්රඟ සෙනඟ හා නාග භවනයට ගියහ.

එකෙනෙහි නාග කන්‍යාවෝ රජහු සිත් ගනිමින් නටන්නට වන්හ. මේ සියළු දිව්‍ය ඉසුරු වළදමින් සතියක් ඉකුත්වුවාට පසු උග්ගසේන රජතෙම නා රජ්ජුරුවන්ගේ යසශ්‍රි වර්ණනා කරනුයේ මිත්‍රොත්තමය, මෙතරම් සැපතක් හැර මිනිස් ලොවට ගොස් තපස් කරනුයේ කුමක් නිසා ද මෙතරම් සැප මිනිස් ලොව ලද නොහැක්කේය. තොප කුමක් පතා තපස් කරහුදැයි විචාළේය. ඉක්බිති නාරජ්ජුරුවෝ ඊට කාරනා කියනුයේ රජ්ජුරුවෙනි, මිනිස් ලොව හැර අන්කිසි නැකතක් ඉන්ද්‍රිය දමනය කොට කෙළෙස් සතුරන් පරදවා පිරිසිදුව නිවන් සිඬකොට ගත නොහැක්ක. එබැවින් මිනිස් ලොව ජාති ජරා මරණාදී දුක් ඝෙවර නිවන් සැප සාදා ගනු කැමැත්තෙමියි කීයේය. එබසින් සතුටට පත් උග්ගසේන රජතෙම ඒකාන්තයෙන් බහුශ්‍රුතවූ නුවණ ඇති මෙබඳු උතුමෝම සෙවිය යුත්තාහ. භජනය කළ යුත්තාහ තොපගේ මේ බසින් මමද රාජ්‍යයට රෙැාස් බොහෝ කුසල් කරමියි කීයේය. නා රජ තෙම කුසල් දහම්හියෙදීමට නැවතත් අවවාද දී බොහෝවූ මුතු මැණික් ආදී වස්තු ගැල් දහසක් පමණ පරිත්‍යාග කොට බරණැස් නුවරට පිටත් කොට යැවීය. එතැන් පටන් ජම්බුවීපයෙහි බිරණ්‍යස්වණයෙන් සම්පූර්ණ වූයේය.

එසමයෙහි අහිගුණ්ඨකයා නම් දෙවිදත් තෙරුන්ය. සුමනා නාග මානවිකාව නම් රාහුල මාතාවය. උග්ගසේන රජ්ජුරුවෝ නම් සැරියුත් තෙරුන්ය. චම්කපෙය්‍ය නා රජ්ජුරුවෝ නම් බුදු රජාණන් වහන්සේය.
උපුටා ගැනීම – www.jathakakatha.lk

493 මහාපලෝභන ජාතකය
491 සෝමනස්ස ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.