Skip to main content

487 රොහන්ත මෘග ජාතකය

ඝඬර්‍ම රාජයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ආනන්ද තෙරුන්ගේ ජිවීත පරිත්‍යාගයක් අරභයා වදාළ සේක.

ඒ කෙසේද යත්,

නිධාන කථාව:- දෙව්දත් තෙරුන්ගේ නියමයෙන් බුදුන් මැරවීම සඳහා නලාගිරි ඇත්රාජා රා මදයෙන් මත්ව බුදුන් සීපයට ආ කල්හි ආන්නද තෙරුන් වහන්සේ මේ අලියාගෙන් බුදුන්ට යම් හිරිහැරයයක් වේදෝයි බුදුන් පසුකොට ඇතු ඉදිරියට ගොස් පොළොව කුඹල් සකක් මෙන් පෙරලා පහරණ තුරුත් ඉවත්නොව ජිවිතය පරිත්‍යාග කොට සිටි මේ පුවත එදින දම්සබා මණ්ඩපයට රැස්වූ භික්ෂුන් අතර පැනනැගී කල්හිඑහි වැඩි බුදු රජාණන් වහන්සේ ද ඒ කථාව අසා මහණෙනි, ආනන්ද ස්ථවිරයෝ අපට ජිවීත පරිත්‍යාග කළෝ දැන් මතු නොවෙයි පෙරත් එසේ වේදැයි ඉකුත් වත වදාළසේක.

ආරාධනය:- භික්ෂූන් වහන්සේ

මුව රජ්ජුරුවනි, මහ රජ්ජුරුවෝ නම් ඉතා චණ්ඩ පරුෂයෝය. එබැවින් ඒ සැපතින් මට කම් නැත. ඒ කිසිවක් නොසිතා තෙපි හැම පලා යව,

ජාතක කථාව:- යටගිය දවස බරණැස රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ට ඛේමා නම් මහ ගුණවත්බිසවක් වූවාය. එකල හිමාල වනයෙහි අන්‍ධවූ දෙමාපියන් රකින රොහන්ත නම්රන්වන් මුවරජෙක් විය. ඒ මුවරජුට ච්ත්ත නමින් සහෝදරයෙක්ද සුතනු නමින් නැගණියක් ද සිටිති. ඒ දෙදෙනා රන්වන්පාටින් බබළන්නාහ. ඊට නුදුරු වැදි පලෙක්හි වසන එක් වැද්දෙක් මේ රන්වන් මුව රජ්ජුරුවන් දැක පුතු අමතා හිමාල වනයෙහි තුන්වන පර්වත වලල්ල අතරෙහි රන්වන් මුවෙක් වසන්නේය. යම් කාරියක් සඳහා රජ්ජුරුවෝ වචළේ වීනම් කිවයි කියා පරලොව ගියේය. දිනක් ඛේමා බිසව් රන් පුටුවක් උඩ හිඳගත් රන්වන් මුවෙකුගේ බණ අසනවා සීනෙන් දැක වහා පිබිඳ රජ්ජුරුවන් අමතා රන්වන් මුවෙකුගෙන් බණ අසනා දොලක් උපනී යයි කියා සුසුම් ලමින් සෝකාතුරුව වැද හොත්තීය. රජතුමා අමාත්‍ය මණ්ඩලය කැඳවා රන්වන් මුවන් ඇති බව බමුණන් අතින් දැන වැද්දන් රැස්කරවා රන්වන් මුවෙකු දුටුවෝදැයි විචාළහ.

එක් වැද්දෙක් තම පියාගේ බස් පරිදි අහවල් තැන මුවෙක් වසන්නේයැයි රජ්ජුරුවන්ට දැන්වූයේය. රජතුමා ද ඒ වැදි පුත්‍රයාට බොහෝ වස්තුදෙන බවට පොරොන්දුව ඉක්මණින් එම මුවා අල්ලාගෙන එනලෙසට නියම කළේය. වැදි පුත්‍රයාද පියා කලින් කියා ඇති මග සලකුණු අනුව ගොස් මුවන් පැන් බොන තොටෙහි උගුලක් අටවා තැබීය. පසුදා පැන් බීමට පැමිණි රන් මුවා එහි අසුවී මිදී පැන යාගත නොහැක්කේ මහත් හඩින් කෑගැසීය. සෙසු මුවෝ භයින් හිසු ලු ලු අත පැනගිය අතර විත්‍ර නම් සහෝදර මූවාද සහෝදරිය වූ සුතනු නම් මුව ධේනුවද එහි පැමිණ තම සහෝදරයා ලඟම සිට මලෙහි බැඳුනාවූ තොප වෙනුවෙන් අපිදු ජිවිතය පූජා කරමු තොප හැර නොයමුයයි ලඟම සිටිහ. රොහන්ත මුළු රජ්ජුරුවෝ උන් අමතා මෙහි පමාවීමෙන් කම් නැත. අන්ධවූ දෙමාපියන් බලා ගැනීමට අපි තිදෙනා මරණයට පත් වීමෙන් කිසිවෙක් නැත. එබැවින් වහා ඵලායවයැයි අවවාද කෙළේය. නමුත් ඒ දෙදෙනා දෙපසින් දෙවුරෙහි ඇලි ඇලි සිටියා මිස ඉන් ඉවත් නොවූහ. ටික වේලාවකින් දුනු හී අතින් ගත් වැදි පුත්‍රයා එහි පැමිණ කවදාවත් නොදුටු විරූ මේ පුදුමය දැක මුව රජ්ජුරුවොත් වැදි පුත්‍රය අපව සෙසු මුවන් හා සරි කොට නොසිතවයි කීයේය.
එවිට චිත්‍ර නම් මළනු තෙම මේ රෙහන්ත නම් මුව රජ්ජුරුවා් අසු දහසක් මුවන්ට නායකව සියළු සත්වයන් කෙරෙහි මෛත්‍රී සිත් ඇති මොහු අන්ධවූ දෙමාපින් දෙදෙනා පොෂ්‍ය කරන්නේය. ඉදින් මේ මුව රජ ජුරුවන් මරපුයෙහි වීනම් එකවිට මව්පිය දෙදෙනා සහ අප දෙදෙනා දැයි පස්දෙනම මැරුවාහූනම් වන්නේහියැයි කීය. ඒ කරුණාවන්ත වැදි පුත්‍රයා එබස් අසා වහා මුව රජ්ජුරුවන් ලඟට ගොස් මෙවැනි ගුණවත් මුවෙකු මරාපීනම් මා පොළොව ගිලී යන්නේය. හිසට හෙනව දින්නේය. මට රජ්ජුරුවන්ගෙන් සම්පත් උවමනා නැත, මොහු මුදා හරිමියි සිතා මුව රජ්ජුරුවන්ගෙන් වර පොටවල් ලිහා මුව බදාගෙන සිඹ වරපටින් වූ තුවාල පිරිමැද සුවපත් කොට සිටියේය.

මුව රජතුමා වැදි පුත්‍රය, මා ඇලිවුයේ තොපගේ ජිවීත ක්‍රියාව නිසාමද නැතහොත් අනිකෙකුගේ නියමයකින්ද?

මුව රජතුමනි, බරණැස රජ බිසව ඔබගෙන් බණ අසමියි දොළක් උපදවා වැදහොත්තීය. එබැවින් රජ්ජුවන්ගේ නියමයෙන් ඇල්විමි.

මිත්‍ර වැදි පුත්‍රය, තොපට ලැබෙන සම්පත් ගැන නොසිතා මා මුදාහැරීම තොපට පාඩුවකි. මා කැඳවාගෙන ගොස් රජ්ජුරුවන්ට දක්වා දේියන් දොළ සංසිඳුවා තොපගේ සම්පත්තිය ලබාගත මැනවි.

උතුම් වැදි පුත්‍රය තොප මට උපකාර කෙළෙහිය. මාත් ඊට උපකාර කටයුතුය. එබැවින් මා පිට පිරිමදිනු, එවිට කොපගේ අත රන්වන් ලොමින් පිරෙන්නේය. එය ගෙන ගොස් රජ බිසවට පෙන්වා මා පිළිබඳ විස්තර කියා මේ ගාථාවෙන් ධර්මදේශනා කරවයි, ධම්මංචර මහාරාජ, යනාදී ගාථා උගන්වා පන්සිල්හි පිහිටුවා යැවු සේක.

වැදිපුත්‍රයා පැදකුණූකොට වැඳ රන්වන් ලොම් නෙළුම් පතෙක්හි බහා බැඳගෙන රජ මාලිගාවට ගොස් රන්මුවා පිළිබඳ විස්තර කියා ඔහුගේ රන්වන් ලොම් ශාක්ෂි වශයෙන් ඉදිරිපත්කොට ඒ ගාථා ධර්මයන්ගෙන් බණ කියා ඛෙමා දේවියගේ දොළ සංසිඳෙව්වේය. රජතුමා බොහෝ සතුටට පත්ව, බොහෝ වස්තු සම්පත් තෑගිකොට තොප කී පරිද්දෙන් දසරාජ ධර්මයෙන් රාජ්‍යයක් කෙරෙමි. තොපින් මෙතැන් පටන් පාප ධර්මවලින් මිදී සැපසේ වසවයි කියා ඕහට සමු දුන්නේය. වැදි පුත්‍රයා එබස් අසා මට ගිහිගේ විසීමෙන් කම් නැතයි හිමාලයට වැද පැවිදිව ධ්‍යාන උපදවා බඹ ලොව ගියේය.

එසමයෙහි වැදි පුත්‍රයා වූයේ ඡන්ත නම් ඇමතිය, බරණැස් රජුජ්රුවෝ නම් ආනන්ද ස්තවිරයෝය. බිසව නම් ඛේමා මෙහෙණි යන්ය. දෙමවිපිය දෙදෙනා නම් උත්ඵලවණී මෙහෙණිය සහ ආනන්ද ස්ථවිරයෝය. රෝහන්ත මෘග රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.