Skip to main content

481 දසබ්‍රාහ්මණ ජාතකය

ධර්ම රාජයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් අසදෘස මහා දානය අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

කොසොල් රජතුමා බුදුන් ප්‍රමුඛ මහ සඟණට මහ දන් පිරීනැමීමෙන් ඔහුගේ ගුණය ගැන දිනක් දම්සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, මේනුවනැති රජතුමාගේ දැන් දන්දීම පුදුමයක් නොව පෙර පඬීවරහු සුදුස්සන්ම තෝරා දැන් දන්නේ වේදැයි ඉකුත්වන දක්වා වදාළ සේක.

ඉහත ඉඳිපන් නුවර යුධිෂ්ඨිල ගොත්‍ර ඇති කොරව්‍ය රක්‍ කෙනෙක් රාජ්‍යය කරන කල්හි ඒරජුට මහ නුවණනැති විධුර නම් ඇමතියෙක් සිටියේය. කෝරව්‍ය රජතුමා නිතී දන් දෙන්නාහ. ඒ දන් පිළිගන්වුන් අතර පන්සිල්වත් රක්නා කෙනෙක් නැත. දුශ්ශීලයෝය. මේ හේතුවෙන් නොසතුටට පත් රජතුමා පසුදා විධුර පණ්ඩිතයෝ තමා හමුවට ආ කල ඔහු අමතා පණ්ඩිතයන් වහන්ස, සිල්වත් වූ අය තෝරා දෙන දෙන මහත් ඵල මහානිශංස වන්නේය. එබැවින් සිල්වත් අයට දන් දෙනු කැමැත්තෙමි. ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙකු සොයා මට කියවයි කීහ. විධුර පණ්ඩිතයෝ මහරජ තුමනි, එවැනි සිල්වත් අය සෙවීම දුෂ්කරය මෙලොව බ්‍රාහ්මණයෝයයි ප්‍රසිද්ධ දස කොටසක් ඇත. මෙසේ ඔවුන්ගේ විභාග දත යුත්තේය.
නොයෙක් ඖෂධ වර්ග පසුබිම්වල දමා එල්වාගෙන ගෙන්ගෙට ගොස් අසවල් රෝගයට මේ මේ බෙහෙත් හොඳයයි නියම කරමින් අමනුෂ්‍ය උපද්‍රව දුරුකරමින් වෛද්‍ය කෘත්‍ය කරමින් ඇවිදින බ්‍රාහ්මණයෝය.
තමන්ගේ බ්‍රාහ්මණ ධර්මය හැර රජ ඇමතියන් කරා එළඹ තාලා ගෙණ ගී කියමින් ඔවුන්ගේ මෙහෙවර කරමින් ජීවත්වන බ්‍රාහ්මණයෝය.
කෙන්ඩිය අතින් ගෙණ රජ දරුවන් අනුව ගොස් මේ වස්තුව නුදුන්නොත් විනා නැගී නොසිටිම්හයි කිය ඉඳ ගම් වැද කැමති සම්පත් ගෙණ සහාසිකව හැසිරෙන බ්‍රාහ්මණයෝය.
දික්වූ හිසකෙසින් හා නියවලින් ගැවසීගත් මැලිවූ දත්වලින් අශෝභන වූ දා ගිය ශෝකයෙන් දැලි කණුවක් බඳු වූ දොර දොර සිඟා ඇවිඳින බ්‍රාහ්මණයෝය.
අරළු බුළු ඇඹුල අඹ දඹ දෙල් පොල් තල් ඈ විකුට වෙළෙන්දන් මෙන් ජීවත්වෙන බ්‍රාහ්මණයෝය.
කෘෂි වණික් කසර්මාන්ත කරමින් එළු ගවයින් හදමින් අඹු දරුවන් පෝෂ්‍ය කරමින් වෙළෙඳ ගොවීන් මෙන් ජීවත්වන බ්‍රාහ්මණයෝය.
නැකත් ලිවීම ආදීය කරමින් සතුන් මරා මස් විකුට සම්පත් උපදවා ගන්නාවූ බ්‍රාහ්මණයෝය.
මගරැක සිට වෙළෙඳුන් ගෙන් මුදල් පැහැරගෙන ජීවිතය ගතකකරන බ්‍රාහ්මණයෝය.
වනයට වැද දුනු හී යොදා තිරිසන් සතුන් මරා කමින් වැද්දන් මෙන් කල් ගෙවන බ්‍රාහ්මණයෝය.
අනුන් කල පව් නැති කරම්හයි සෝම නම් යාගයන් උපදවා බොහෝ සම්පත් රැස්කර ගන්නා වූ බ්‍රාහ්මණයෝයයි මෙසේ දස කොට සක් ඇත්තාහ. මුන්ට ආරාධනා කොට දන් දෙමුවැයි විචාළහ. රජතුමා පණ්ඩිතයෙනි , මුන් තුළ බ්‍රාහ්මණ ධර්මයෙක් නැත. එබැවින් ශිලයක් ඇති කෙනෙකුන්ම පරික්ෂා කරවයි කීහ.
මහරජ, මම මෙතෙක් ඔබ වහන්සේට ව්‍යවහාර නාම මාත්‍රයකින් පමණක් බ්‍රාහ්මණයෝයයි සම්මත අය ගැන කීවෙමි. මේලෝකයෙහි නියම වශයෙන් පව් නැසු උතුම් ගුණ ඇති කෙළෙසුන් නැති කළාවූ මහා පින්වත් බ්‍රාහ්මණයෙක් ඇත. ඒ නම් ප්‍රත්‍යෙක සම්‍යක් සම්බුද්ධ වරයෙක්ය එසේ නම් ඒ උතුමන් අමතා දන් දුන මැනවැයි කීහ. ඒ ඇසු රජතුමා ඉතා සතුටුව කොහි වෙසෙන්දැයි අසා උතුරු හිමවන නන්ද මුලක නම් පබ්භාරයෙහි වෙසෙනා බව දැන පණ්ඩිතයෙනි තොපගේ බලයෙන් ගෙන්වවයි කීහ. විධුර පන්ඩිතයෝ නුවර සරසවා පෙහෙවස් සමාදන් කරවා දන්පිළියෙළ කොට දෑසමන් දෝතක් ගෙන පසේ බුදුන්ගේ ගුණ සිහිකොට පසඟ පිහිටවා වැඳ දන් පිළිගැනීමට වඩිනා ලෙස ආරාධනා කොට දෑසමන් මල් අටමිටක් අහසට දැමුහ. ඒ මල් අට මිට අහසින් ගොස් පසේ බුදුන්ගේ මත්තෙහි හීන. පසේ බුදුවරයන් වහන්සේලා උන්ගේ අදහස් දැන අහසින් වැඩ රාජාඬගනයෙහි බැස පිළිවෙළින් වැඩ සිටියාහ. රජතුමා ඉතා සතුටට පත්ව මහ දන් දී සතියක් ම දන් දෙමියි ආරාධනා කොට දන් දී හත්වන දිනයෙහි පිරිකර පුඳා වැඳ සිටියාහ. පසේ බුදුවරහුද අනුමෙවෙනී දම්දෙසා අහසින්ම වැඩි සේක. පිරිකර ද අහසටම නැගී ගියේය.

එකල කොරව රජ්ජුරුවෝනම් දැන් ආනන්ද ස්ථවිරයෝය, විධුර පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.