Skip to main content

461 ඵන්දන ජාතකය

බුදුරජාණන් වහන්සේ රෝහිනී නම් ගංතෙර වැඩහිඳ නෑයන්ගේ කලහයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි නිධාන කථාව කුනාල ජාතකයෙහි මෙනි.

පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කරන කල්හි පිටි නුවර එක් වඩු ගමක එක් බමුණු වඩුවෙක් වලින් දඬු ගෙනවිත් රථ ඉදිකොට ජීවත් වන්නේ ය. එකල හිමාල වනය සමීපයෙහි මහා කොලොන් ගසක් ඇත. එක් වලහෙක් ගොදුරු සොයා යන්නේ ඒ ගස මුල වැදහොත්තේ ය. එදින හට ගත් මහත් සුළගින් ඒ ගසෙන් වියළි අත්තක් කැඩී වලසාගේ කරපිට වැටී බෙල්ල තැලීගියෙන් බියපත්ව මදක් දුර දුව ගොස් නැවතී සිට තමා ආ මාර්ගය දෙස බලා කිසිවෙක් නොදැක. කිසි සතුරෙක් මා එළවා එන්නේ නැත. මේ රුකෙහි ඇති දේවතාවා මා මෙහි සිටීමට නොකමැත්තේ යයි සිතමින් ඒ ගස කෙරෙහි වෛර බැද ගස නිය වලින් සූරා අන් සතුන්ගේ මෙහි සැතපීම කැමැත්තෙහිය. මාගේ සැතපීම පමණක් නොකමැත්තෙහිය. මාගේ දෝෂය කුමක්ද? තව කීප දිනකින් ගස උදුරා බිම දමා කඩ කඩකර දමමියි රුක් දෙවියා බියගන්වා ගියේය. බමුණු වඩුවා මිනිසුන් කැටිව ලී සෙවීමට වනයට පැමිණ රථය එක් තැනක නවතා වෑ පොරෝ ගෙන ගස් බලමින් කොලොන් රුක සමීපයට ගියේය. වලසා ඔහු දැක සතුරු ගස අද විනාශ කරමියි ගස මුල සිටිය වඩුවාද ඈත මෑත බලමින් සිටිය වඩුවා අමතා පුරුෂය, මේ වනවෙන් තොප කුමන දණ්ඩක් කැමැත්තෙහිදැයි විචාළේ ය.
වඩුවා වලසාණෙනි, පුදුමයකි. මීට පෙර වලසකු මිනිස් බසින් කථා කරනු නොදුටුවෙම්. තොප ලී දන්නෙහිය. රථයෙහි නිමිවලල්ලට කෙසේ හෝ දඩු තරම් වන්නේදැයි විචාළේය. වලසා තම අදහස දැන් මුදුන් පමුණුවා ගනිමියි සිතා පින්වත රථයෙහි නිම්වලල්ලට සල්- කිහිරි- මුරු- තඹල ආදී ගස් සුදුසු නොවෙයි. කොලොන් දඩු සුදුසු වන්නේ යයි කීය. වඩුවා සතුටට පැමිණ අද හොඳ දවසකි. තිරිසනෙක් රථයට සුදුසු දඬු කියන්නේ යහපතැයි සිතා තොප කියන කොලොන් ගස් කෙබඳු ද හැඳන ගන්නේ කෙසේදැයි විචාළේය. පුරුෂය, යම් ගසක එලී තිබේ ද නැමේ ද නොබිදේද ඒ කොලොම් ගස් නමි. මේ කොළොම් දඬු රථ දෑ වියට ද සක් නැබට ද නිම් වළල්ලට ද රථයට ද කර්මක්‍ෂම වන්නේ යැයි කීය. වඩුවා සතුටුව ගස් කපන්නට පටන් ගත්තේය. එහි වසන දේවතාව සිතන්නේ මා විසින් මේ වලසා ඇඟ කිසි දඬු පතක් නොදමා අස්ථානයේ වෛර බැඳ මාගේ විමානය නැසීමට සූදානම්වේ. එබැවින් මම එක් උපායකින් මේ වලසා නසමියි කියා එක් පුරුෂයකුගේ වෙස් ගෙන ඒ සමීපයට අවුත් තොරතුරු විමසා මේ ගස රථයට සුදුසු බැව් කීවෝ කවුරු දැයි අසා වලසකු විසිනැයි කී කල මේ රුකින් රථ කිරීම ඉතාම යහපත. එසේම වලස් කරේ සම ගලවා නිම් වළල්ල වට කොට බැඳ සදාළු කළ එය ඉතාම ශක්තිමත් වන්නේ ය.

බොහෝ වස්තු ලබන්නේය කීය. වලස් සම් කෙසේ ලබම් දැයි කී කල්හි රුක් දෙවි කියන්නේ මන්ද නුවණ නැත්තෙහි ද මෙ ගස් නම් අන් තැනකට ඵලා නෙයයි.
මේ රුක රථයට යහපතැයි යමෙක් විසින් කියන ලද්දේ වී නම් ඔහු සමීපයට ගොස් ස්වාමීනී ඔබ විසින් දක්වන ලද වෘක්‍ෂය කෙබඳු තැනක දී කැපිය යුතු දැයි වංචා කොට කැඳවා ගෙන එනු මැනවි. ඔහු සැකයක් නැතිව ඔහු සැකයක් නැතිව පැමිණ මෙතැනින් කපවයි කියා ඔලුව දික්කොට කියන්නාහාම සියුම් මහ පොරවකින් එක් විටම ගසා මරා සමගෙන මිහිරි මස් අනුභව කොට ගස දෙවනු කපා ගනුවයි කියා වෛරය පහකොට ගියේය.වඩුවා එබස් අසා මට අද මඟුල් දවසකැයි සතුටුව වලසාත් මරා කොළොම් ගසත් කපාගෙන තමා වසන තැනට ගියේය. මේ සියල්ල ඒ වනයට අධිපතිව සිටි දේවතාවා ප්‍රත්‍යක්‍ෂ කොට දැක්කේය.

ඒ වන දේවතාවා නම් බුදු රජාණන් වහන්සේ ය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.