Skip to main content

457 මහා කණ්හ ජාතකය

තවද හුදු සමෘද්ධියෙන් මවාලු රැවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝකාර්ථචරියාවක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් ධම්සභාමණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූන්වහන්සේ සර්වඥයන් වහන්සේ අඤ්ඤාකොණ්ඩඤඤ භික්ෂූන් වහන්සේ ඇතුළුවූ පස්වග මහනුන් නිසා අටසාළිස් යොත්නක් ගොසින් මහණකරවා වැඩිසේක. මහාකප්පින්න රජ්ජුරුනක් නිසා එක්සිය විසියොත්තක් කතරගෙවා වැඩිසේක. අලව් යක්ෂයා නිසා එතෙක් කතර තමන් වහන්සේම පාසිවුරු ගෙණගොසින් ඔවුන් හික්මවා වැඩිසේක. වෛනයජන කෙණෙකුන් නිසා ගොස් මහණකරවා ගෙණ වැඩිසේකැයි එසේ හෙයින් සර්වඥයන් වහන්සේගේ පරොපකාරය යහපත් නිසායයි කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පුර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි පළමුත් උත්තමයෝ තමන්ගේ උත්සාහයෙන් බොහෝ දෙනා අපායට යන්නාවුන් ගොඩලුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්ස් ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර උසීරථ නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයහි කාශ්‍යප සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශාසනය බොහෝ කලක් පැවත එන අවදියෙහි පිරිහෙන්ටවන. සර්වඥයන් වහන්සේ නොකරන්ට කී අවවාද එක් විස්සක් කාරණායෙන් මනුෂ්‍යයන් විසින් සිත් ගෙණ මෙහෙනියන් හා එක්ව සමෝගය කිරීමෙන් දරුවන් වදා ගිහින් හා සරිව වාසය කොට භික්ෂූන් වහන්සේ මහණ ධර්මය හළසේක. භික්‍ෂුනින් වහන්සේත් තමන් වහන්සේගේ භික්ෂුනි ධර්මය හළසේක. භික්ෂූනීන්වහන්සේත් තමන් වහන්සේගේ භික්ෂූනි ධර්මය අලසේක. භික්ෂුණින් වහන්සේත් තමන් වහන්සේගේ භික්ෂූනි ධර්මය අලස්ක. උපාසකවරුත් තමන්ගේ උපාසක ධර්මය අළහ. උපාසිකාවරුන් තමන්ගේ උපාසිකා ධරම්ය අළහ. බ්‍රහ්මණයෝත් තමන්ගේ බ්‍රාහ්මණ ධර්මය අළහ. සියලු මනුෂ්‍යයෝත් දශකුශල ධර්මයන් හැර දශ අකුශල ධර්මය කරන්නාහ.එසමයෙහි මළ සත්වකෙණෙක් නරකයෙහි උපදින්නාවුන් විනා දිව්‍යලෝකයෙහි උපදිනා කෙණෙක් නැති නියාව ශක්‍රයෝ දැන කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ ශාසනය පිරිහෙයි මනුෂ්‍යයන් භයගන්වා හික්මවමියි සිතා මාතලි දිව්‍යපුත්‍රයා කැඳවා මෙපවත් කියා ඔහු අස්නාම්බකු සා බළුවෙසක් මවාගෙණ ඇඹුල් කෙසෙල්ගෙඩි පමණ දළ මවාගෙණ දම්පට පසකින් එකියන බල්ලා පස්තැනකින් බැඳගෙණ ශක්‍රයෝ තුමූ වැදිවෙසක් මවාගෙණ බල්ලා අතින් ඇරගෙණ බරණැස් නුවරට පැමිණිගමනේ එකියන බලු මෙනුවර නස්නේයයි මහත්කොට ශබ්ද පැවැත්වුයේය. බොහෝ මනුෂ්‍යයෝ ඇතුළු නුවරට වැද රජ්ජුරුවන්ට එපවත් කිහ. රජ්ජුරුවෝ එපවත් අසා එසේවිනම් වාසල් අගුළු ලවයි කියා වාසල් අගුළුලා ගත්හ. අටළොස් රියන් පහුර ශක්‍රයෝ තමන්ගේ ශක්‍රානුභාවයෙන් පැණ ඇතුළුනුවරට වැද විථියේ ඉල්ලා ඇරයන්ට වන්හ. මනුෂ්‍යයෝ භයින් ත්‍රස්තව දොරවල් අගුළුලාගත්හ. බලුත් රජ්ජුරුවන් ලඟසිට දසදහසක් යොදුන් දඹදිවට ඇසෙන නියායෙන් මහත්කොට හඬගැසුයේය. රජ්ජුරුවන් ඇතූළුවු බොහෝ මනුෂ්‍යයෝ භයින් ත්‍රස්ත වූහ. රජ්ජුරුවෝ රාජධෛර්යය උපදවා කියන්නාහු එම්බල වැද්ද මේ කළුපැහැයෙන් හා මහත්වු දළ ඇති තොපගේ බල්ලා කුමක් නිසා ගෙණාවුද බළු කුමක් නිසා මොරගාදැයි විචාළාහ. ඒ වැදි පුත්‍රයා කියන්නේ රජ්ජුරුවෙනි මේ බළු තමාගේ බඩසාය හෙයින් මු මුරගාන්නේයයි කීහ.

එවිට රජ්ජුරුවෝ තමන්ට හා ඇතුළුනුවරගෙයි සියල්ලවුන්ට ඉදිකළ බත් ගෙන්වා ලු ගමනේ එකකටින් කා මුරගාන්නේය. එවිට රජ්ජුරුවෝ මූ මුරගාන්නේ කුමටදැයි විචාළසේක. වැදි කියන්නේ බඩ ගින්නෙන් හඬයි කීහ. ඇතුන්ට අසුන්ට ඉදිකළ බත් ලු ගමනේ එකකටින් කා මුරගාන්නේය. රජ්ජුරුවෝ වැද්ද තාගේ බළු මුරගාන්නේ කුමටදැයි විචාළේය. එවිට වැදි කියන්නේ බඩගින්න් මුරගාන්නේයයි කීයේය. රජ්ජුරුවෝ බරණැස් නුවර බොහෝ මනුෂ්‍යයන්ට ඉදිකළ බත්ලු ගමනේ එක් කටින් කා මුරගාන්නේය. රජ්ජුරුවෝ වැද්දවුට කියන්නාහු තොපගේ බල්ලා මුරගාන්නේ කුමටදැයි විචාළේය. එවිට වැදි කියන්නේ බඩගින්නේයයි කීහ. රජ්ජුරුවෝ සිතන්නාහු මේ බල්ලා බල්ලෙක් නොවෙයි මෙතෙක් බත් කා තෘප්තියකට නොපැමිණියේය. මහත් තේජස් ඇති යක්‍ෂයෙකැයි සිතා කියන්නාහු එම්බල වැද්ද තොපගේ බල්ලාට බත් ලා තෘප්තිය කට පමුණුවාලිය නොහැක්ක. මු මුරගාන්නේ ඌරන් මුවන් ගොනන් ගේ මස් කන්ටද ඒ නැතිනම් මිණිහස් කන්ටදැයි විචාළේය. එවිට වැදි කියන්නේ මේ බල්ලා මුරගාන්නේ ඌරන් මුවන් ශෝනන් කන්ට නොවෙයි මිනිසුන් කන්ටයයි කීයේය. එවිට රජ්ජුරුවෝ කියන්නාහු, තොපට වෛරී මනුෂ්‍යයන්ද අවෛරී මනුෂ්‍යයන්දැයි විචාලේය. එවිට වැදි කියන්නේ මට වෛරී මනුෂ්‍යයෝ යයි කීයේය. තොපට වෛරී මනුෂ්‍යයෝ කවුරුදැයි රජ්ජුරුවෝ කීහ. යම් කෙණෙක් දුශ්ශීලයෝ වි නම් එසේවු මනුෂ්‍යයෝයයි කීහ. රජ්ජුරුවෝ මට එසේ කිමෙන් නොදැනෙයි විස්තර වශයෙන් කියවයි කීහ. ශක්‍රයෝත් අසවයි මහරජ කියා කියන්නාහු යම් කෙණෙක් සඟලසිවුරු වැලඳ පටිබැඳ පාත්‍රය අතින් ගෙණ භික්‍ෂාටනය කෙරෙද්ද එසේ වු භික්ෂූන් වහන්සේලා සීසෑම් වැපීරීම් ආදිවු දෙය කොට ගිහින්සේ වාසය කෙරෙත්නම් එසේවු අලජ්ජීවු භික්ෂූන් වහන්සේ කෙරෙහි වෛර ඇතියෙමි මේ බල්ලා ලවා කවා මරවමි කීහ.

තව යම් භික්ෂූණිකෙණෙක් සඟලසිවුර පොරවා පටිය බඳිද්ද පාත්‍රය අතින් ගෙණ භික්‍ෂාටනය කෙරෙද්ද එසේවු භික්ෂුනින් වහන්සේලා ලොකස්වාදයෙහි යෙදී දරුවන් වදා වාසය කෙරෙත් නම් එසේවු අලජ්ජි භික්ෂූණීන් මේ බල්ලා ලවා කවා මරවමි කීහ. තවද යම් තාපසකෙණෙක් මැලිවු දන්තයන් හා රජස්වැකුණු ශරීරයෙන් හා අවුල්වු ජටා ඇතිව තපස්කරන්නාවු තාපසකෙණෙක් ගිහින්ට නයතුරුස්දී ගිහින් හා සරිව වාසය කෙරෙත්නම් එසේවු තාපසයන් කෙරේ වෛර ඇත්තෙමි, මේ බල්ලා ලවා කවා මරවමි කීහ. තවද යම් බ්‍රාහ්මණකෙණෙක් තමන්ගේ ත්‍රිවේද හා යාග හෝම ආදීවු දෙය උන්ගේ ඉෂ්ටානිෂ්ට දෙක නොබලා තුමූම සම්පත් නිසා මෙසේවු යාගහෝමයක් කරම්හයි මනුෂ්‍යයෝ නොකියාවාම කොට උන්ගේ සම්පත් ඇරගණිත් නම් වේවා තමන් හා යාගහෝම බ්‍රාහ්මණ ධර්මයෙහි නොපිහිටියේ නම් එසේවු බ්‍රාහ්මණයණුත් මේ බල්ලා ලවා කවා මරවමි කීහ.

තවද යම් සත්වකෙණෙක් තමන්ගේ දෙමව්පියන්ට අත් පා වෙහෙවර නොකරත් නම් එසේවු මනුෂ්‍යයනුත් මේ බල්ලා ලවා කවා මරවමි කීහ. තවද යම් සත්වකෙණෙක් තමන්ගේ දෙමව්පියන්ට ආක්‍රොශ පරිභව බෙණත් නම් එසේවු මනුෂ්‍යයනුත් මේ බල්ලා ලවා කවා මරවමි කීහ. තවද යම් සත්වකෙණක් තමන්ගේ කුඩා මවුන් කෙරේද යාළුවන්ගේ බිරින්ද කෙරෙහිද, තමන් බිරින්දගේ මෑනියන් කෙරෙහිද, ගුරුන්ගේ බිරින්ද කෙරෙහිද, දෝෂ කෙරෙද්ද එසේවු මනුෂ්‍යයනුත් මේ බල්ලා ලවා කවා මරවමි කීහ. තවද යම් බ්‍රාහ්මණ කෙණෙක් කඩුපලග ආදීවු ආයුධ ගෙණ මංචල සිටි මිනිමරා වස්තු උපදවද්ද සේවක කම්කොට නොකරණදෙය කරණ බ්‍රාහ්මණයනුත් මේ බල්ලා ලවා කවා මරවමි කීහ. තවද යම් ස්ත්‍රියක් පරදාරාදීවු බොහෝ නොකටයුතු කෙරේද එක් පුරුෂයෙකු දිලු සම්පත් ඒ ස්වාමිපුත්‍රයා අතුරෙ ඉඳ දිරවාගත නොහී අනික් පුරුෂයෙකු සම්පත් දෙමි කියන්නා ඒ පුරුෂයා කරායේද එසේවු ස්ත්‍රීනුත් මේ බල්ලා ලවා කවා මරවමි කීහ.
තවද යම් පුරුෂයෙක් පස්පව් පුරා දශ අකුල් කෙරේද එසේවු පාපිෂ්ටයා කෙරෙහිත් මම වෛරයෙමි මේ බල්ලා ලවා කවා මරවමි කියා මෙසේවු පුරුෂයන් කරා මෙහෙයා කඩා කන්නාක්මෙන් මනුෂ්‍යයන් භය ගන්වා ඉක්බිති ශක්‍රයෝ තමතන්ගේ වැදිවේශය හැර ශක්‍ර ආත්මභාවයෙන් සිට රජ්ජුරුවන්ට ගාථා සතරකින් අවවාද කියා රජ්ජුරුවෙනි බුද්ධශාසනය පසු බස්නා දැක පෙරලා ශාසනය අභිවෘද්ධි කරණු සඳහා ආමි කීයා බොහෝ මනුෂ්‍යයන්ට අවවාද කොට ශක්‍රයෝ තමන්ගේ ශක්‍රභවනයටම ගියාහ. එතැන් පටන් මනුෂ්‍යයෝ තමන් කරන්නාවු දශ අකුශල ධර්ම හැර දශඅකුශල ධර්මයෙහි යෙදී දානධ්‍යාශයෙන් වාසය කරන්නාහ. භික්ෂූ භික්ෂූණින් වහන්සේලාත් සර්වඥයන් වහන්සේ වදාළ ධර්මය නියාවට ප්‍රතිපත්ති පුරා අඛණ්ඩ ශිලය රක්ෂා කරන්නාහ. ශක්‍රයන්ගේ අවවාදයෙන් ශාසනය දාසක් අවුරුදු නිස්කලංකව පැවැත්තේයයි වදාරා මේ මහාකණ්හ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ශක්‍රයෝ නම් බුදුවු මම්ම යයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.