Skip to main content

454 සමුද්දවානි ජාතකය

තවද හුදු ප්‍රඥාවෙන් මවාලු රුවක් වැනිවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් පොලොවට වන් නියාව අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

මුගලන් සාමින් සැරියුත් සාමිත් දෙදෙනාවහන්සේ දේවදත්ත ස්ථවිරයන් ලඟ උන් පන්සියයක් භික්ෂුන් වහන්සේට බණ කියා ඇරගෙණ ගියසේක. කෝකාලිකයයන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වැදහෙව නිදනලක්හි තා කුමන මරනිදිදැයි කියා විලුඹෙන් ලැමැද්දට ඇනළූ ගමනේ ලේ නගා ලෙටින් වැදහෝනා ගමනේ නව මසකින් අනේ මට කිසි සරණයෙක් නැතිව අනාථ අසරණව ගියෙමි සර්වඥයන් වහන්සේත් මා කෙරෙහි කලකිරුණු සේක. අසූමහ සව්වන් වහන්සේත් මා කෙරෙහි කලකිරුණුසේක. මාගේ බැණවු රාහුලස්ථවිරයන් වහන්සේත් මා කෙරෙහි කලකිරුණුසේක. මාගේ ශාක්‍යවංශය හා කෝලිය වංශයෙහිත් මාගේ නැයෝත් මා කෙරෙහි කනස්සළුවුහ. කවුරු මා කෙරෙහි කනස්සළුවුවත් මාගේ සර්වඥයන් වහන්සේත් මට මෛත්‍රී නොකරණසේක, උන් වහන්සේ සරණයෙමි, උන් වහන්සේ දැක ක්‍ෂමා කරවාගනිමි සිතා ලාගෙණ සැවැත්නුවරට ගොස් සර්වඥයන් දක්වයි කියා ඇඳපත්තෙක ලාගෙණ සර්වඥයන් වහන්සේ දකින්ට ජේතවනාරාමයට නික්මුණාහ. මේපවත් අසා ආනන්ද සාමින් සර්වඥයන් වහන්සේට දැන් වුසේක. සර්වඥයන් වහන්සේ ආනන්දයෙනි දේවදත්ත ස්ථවිරයෝ අප දැක්ක නොහෙතියි වදාළසේක. භික්ෂුන් වහන්සේ ලවා උසුලවාගෙණ සැවැත් නුවරට අවුත් වන්හ. එපවත් අනදසාමින් අසා දෙවනිවත් සර්වඥයන් වහන්සේට දැන්වුසේක. සර්වඥයන් වහන්සේ ආනන්දයෙනි දේවදත්ත ස්ථවිරයෝ ජේතවනාරාමයට අවුනුමුත් අප දැක්ක නොහෙතියි වදාළසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ උසුලාගෙණ ජේතවනාරාමයෙහි වාසල ස්වමීපයට ආකල ශරීරයේ දාහ වැදගෙණ ඩාදිය සෙලවින. ඒ වාසල ස්වමීපයේ පොකුණෙක් ඇත්තේය. ඒ පොකුණෙන් ස්නානයකොට යෙමි සිතා ඇඳ බාවයි බිම තබවා පය බිම තිබුකලට පොලොව පැලි නරකයෙන් ගිණිදැල් ඇවිත් සිවුරක් පිට අනික් සිවුරකින් වසන්නාසේ ශරීරය ගින්නෙන් වසා පොලොව ගලනකලට ගලහර ඇට දක්වා ගලැපුකල දේවදත්ත ස්ථවිරයෝ මට බුදුන්ගේ සරණ විනා අන් සරණෙක් නැතැයි සිතා ගාථාවකින් කියන්නාහු.

ඉමේහි අටෙඨහි තමග්ග පුග්ගලං

දේවාති දේවං නරමදම්මසාරථිං

සමන්ත චක්ඛුං සතපුඤ්ඤ ලක්ඛණං

පාණෙහි බුද්ධං සරණං උපෙමි

යන ගාථාව කිය කියා බුදුන්ගේ සරණ ගියාහ. බුදුන්ගේ සරණ ගියත් අවිචිමහ නරකයෙහි වැටුනාහ. දේවදත්ත ස්ථවිරයන්ට පක්‍ෂපාතව සර්වඥයන් වහන්සේට නොයෙක් පරුෂ බිනු පන්සියයක් පමණ මනුෂ්‍යයෝත් ඒ වෙලෙහි අවිචිමහනරකයෙහි වැටුනාහ. දේවදත්ත ස්ථවිරයන් හා එක්වු මනුෂ්‍යයින් පන්සියයත් දේවදත්ත ස්ථවිරයනුත් නරකයෙහි වැටුනු නියාව ධම්සභාවේ රැස්වු මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහනෙනි මා එන්නාට පුර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන්මතු නොවෙයි පෙරත් තමන් හා එක්වු අය ඇරගෙණ නරකයට ගියේවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වු සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ ගම ඉඳිනා වඩුවෝ දහසක් දෙනෙක් ඇත්තාහ. ඒ වඩුවෝ ඒ ගම මනුෂ්‍යයන්ට ඇඳ පුටු ගෙවල් දොරවල් ඉදිකරම්හයි කියා බඩුගෙණ කර්මාන්ත නොකරන්නාහ. මනුෂ්‍යයෝ වඩුවන් තමන්ට කර්මාන්ත නොකරණ හෙයින් අපගේ මිල දෙවයි කිහ. මිලත් දී ගත නොහෙන්නාහ. කර්මාන්තත් නොකරන්නාහ. මේ නියාවට කොටගත නොහී වීක්‍ෂ්පව වනාන්තරයට ගොසින් මහපඩවුවක් ඉදිකොට ගඟඔස්සේ ගෙණවිත් තමන් ගේ අඹුදරුවන් අය පවුරු පඩවුවට නංවා වඩුවෝ දහසක් නැගී ගඟ ඔස්සේ පඩව්ව ගෙණගොස් සමුද්‍රයේ ළූහ. සමුද්‍රයෙන් යන්නාවු අමෘත අඹ කොස් කෙහෙල් උක්දඬු වැල වරකා සයංජාත ඇල් ආදී නොයෙක් මධුර රසඵලයෙන් සජ්ජිතවු දුවක් දැක. ඒ දුව සමීපයට අවුත් මේ දුව මනුෂ්‍යවාසයෙක් දොහෝයි සිතා ඒ බලන්ට ශක්ති සම්පන්න පුරුෂයන් සත්දෙනකු ආයුධ සන්නද්ධකොට යවුහ. ඒ කියන දුවට පළමු එක් පුරුෂයෙකු එම දුවට බැස සැපසේ අභිප්‍රායානුකුල පරිද්දෙන් සයංජාත ඇල්සාලේ බත්කා උක් පැණි බී රීදිපටක් සමානවු වැල්ලේ වැතිර සිතන්නේ මට ඇති සැප කවුරුන්ට ඇද්දැයි පිළිනැති පමණක් විනාය. දඹදිව බොහෝ මනුෂ්‍යයෝ බඩ නිසා සී සා වැපිරීම ආදියෙන් දුක්විඳිති මට එසේවු ආයාසයෙක් නැතැයි සිතා උදන් අනා වැදහොත් තෙනට පුරුෂයෝ සත්දෙන ගියාහු ඒ පුරුෂයෝ දැක යකෙක් දොහෝයි සිතා විඳින්ට ගිය දුනුපිට නගාගත්කලට පුරුෂයා කියන්නේ මා නොවිදුව මම යක්ෂයෙක් නොවෙමි කීහ. එවිට පුරුෂයෝ සත්දෙන කියන්නාහු මනුෂයෙක්විනම් නග්නයෙන් ඉඳිද දැලිරැවුළු ආදීවු දෙය මෙසේ දික්ව තිබේදැයි කීහ. පුරුෂයා කියන්නේ පඩවු නැගී ආ මම මෙතෙන රැඳිනිමි කීහ.

එවිට පුරුෂයෝ කියන්නාහු මෙතන ඇති ඵාසු කිම්දැයි වාචාළ ගමනේ මෙතනට වඩා නොයෙක් ඵලා ඵල ඇති තෙනකුත් රම්‍යවු ස්ථානයකුත් යක්‍ෂ රාක්‍ෂ භය නැති තෙනකුත් මීට වඩා නැත. තොප ඇම විසින් කළමනා කටයුත්තක් ඇත මෙතෙන ඉතා රම්‍යව සිත්කළුවූ හෙයින් දේවතාවෝ මෙතනට ඇලෙන්නාහ. එසේ හෙයින් මලමුත්‍ර එලියේ නොකොට වලක්සාරා එහි මලමුත්‍ර කරව ඒ විවරක් පිරිමසාගතොත් මිට වඩා ඵාසුතෙනක් ඇත්තෝ නොවෙයි. මෙසේ ඒ පුරුෂයා කියේය. ඒ පුරුෂයෝ සත්දෙන පඩව්නැගී මේ නියාවට වඩුවන් දාසත් තමන්ගේ අඹුදරුවනුත් පඩුවවෙන් ගොඩබාවා එකියන දුවේ ගෙවල් ඉදිකොට සැපසේ සයංජාත ඇල් හා නොයෙක් මධුර ඵලාඵල කා වාසය කරන්නාහු ඒ වඩුවන් දහසට නායකවු දෙදෙනක් ඇත්තාහ. ඉන් එක වඩුනායකයෙකුත් පන්සියයක් වඩුවෝත් අල්පසනෙතාසයහ, ඉන් එක වඩු නායකයෙකුත් පන්සියයක් වඩුවෝත් අලපසනෙතාසයහ,ඉන් එක වඩු නායකයකුත් පන්සියේකුත් තෘෂ්ණාවසඟයහ, විථියත් ඒ නියාවටම දෙමොත්තමව ඉදිරිකොට වාසය කෙරෙමින් සිට නැතැක්දාය අප රා නොබොන්නෝය රා බොම්හයි කියා උක් පැණින් පෙරූ රා ඉදිකොට බී මත්ව නොකේතෙන මලමුත්‍රකොට කසල කළහ. දේවතාවෝ අපගේ මේ රම්‍යවු ස්ථානය මලමුත්‍රකොටපුය සමුද්‍රයෙන් දිය උල්පවා ගලම්හයි කියා අව පස ළොස්වක දෙපෝයදා සම්පුර්ණ දන්ද්‍රයා නැගීකල සමුද්‍රයෙන් දිය නාගාලම්හයි දේවතාවෝ කථාකළහ. එකියන දේවතාවන්ගෙන් සත්පුරුෂ වු දේවතාවෙක් සිතන්නේ මා වැනි සත්පුරුෂ එකකු ඉන්දදී මෙකියන මනුෂ්‍යයෝ නොනසිත්වයි සිතා තෙමේ සර්වාභරණයෙන් සැරසි උතුරු දිසාවෙහි සිට විමානය ඒ කාලෝක කොට බුබුළුවා සිට කියන්නේ එම්බල පුරුෂයෙනි දේවතාවෝ එක්ව කථාකරන්නාහු මේ දිවයින මලමුත්‍රකොට කසළ කළහයි කියා සමුද්‍රයෙන් වතුර යවා ගලම්හයි කීහ. එසේ හෙයින් තෙපි ඇම අනික් තෙනකට යවයි කියා දේවතාවා කීයේය.

ඉක්බිති පාපිෂ්ටවූ දේවතාවෙක් සර්වාභරණයෙන් සැරසී දකුණුදිග සිට කියන්නේ පුරුෂයෙනි තොපි ඇම ලඟට දේවතාවෙක් ඇවිත් කුමක් කිදැයි එපවත් අසා තෙමේ කියන්නේ මුකීයේ බොරුය තෙපි ඇම මෙහිම සිත් අලවා වාසය කරවයි සමුද්‍රයෙන් ජලය අවුත් කවරදා මේ දිවයින ගලාද ඒ බොරුය එහිම වාසය කරවයි කියා කීයේය. ඒ දේවතාවා ගිය ඉකිබිති ලොභිවු වඩුනායකයා කියන්නේ පළමු දේවතාවා කියේ අපි මෙතන නොයින්නා අභිප්‍රාය, පසුදේවතාවා කීයේ ඇත්තමය. එසේ හෙයින් අපිත් තොපිත් ගොගොසින් මෙතෙන ඉඳූම්හයි කීහ. පණ්ඪිත වඩුනායකයා තමන්ගේ පන්සියය එක්කොට කියන්නේ එක් දේවතාවෙක් යන්ට කිය, එක් දේවතාවෙක් රඳන්ට කිය, දෙන්නා කිවායින් කවුරුන් කීවා ඇත්ත බොරු නොදැනෙයි අපගේ නස්නේ කිම්ද පඬුවක් ඉදිකොට තබන්නාහ. සමුද්‍ර ජලයෙන් මෙතෙන ගලා නම්පඩව්වට නැගී යම්හයි නොගලා නම් මෙතනම ඉඳූම්හය, එසේ හෙයින් පඩව්වක් ඉදිකරමිහයි කියා පඩව්වක් ඉදිකරන්නාහු රිට් පළු පත්ලා තබා ගත්හ. අනික් වඩුනායකයන් හා වඩුවෝ කියන්නාහු තාලියේ කිඹුලුන් සොයන්නාසේ කිමෙක්දැයි කියා උන්කලට පසලොස්වක් දිනය පැමිණ ගමනේ චන්ද්‍රයා නැගීකලට සමුද්‍රයෙන් රැල අවුත් දන පමණ ගලායණ ගියේය. එවිට පණ්ඩිත වඩුවානෝ තමන්ගේ පන්සියයයක් වඩුවානුත් අඹුදරුවනුත් පඩව් නැගී නික්මුනාහ. පඩව් නායකයානෝ ඉතිකින් එනරැල එතන මෙතන ඉඳූම්හ කුණුසෝධාගෙණ පළාගියේයයි කියා උන්නාහ. දෙවෙනිව උකුල පමණ රැල ආය, තනමත්තක් පමණකය. කරවටක් පමණයයි අවුත් කලෙක දෙතලෙකැයි කියා සන්තලක් ගලා වඩුවෝ පන්සියයත් උන්ගේ අඹුදරුවනුත් මාලාහුය. පණ්ඩිත වඩුවානන් හා වඩුවෝ පන්සියය සැපසේ නැව් නැගී ගැලවුනාහයි වදාර මේ සමුද්දවානි ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි දකුණුදිග සිට නොයන්ට කී දේවතාවා නම් කෝකාලික ස්ථවිරයෝය. එසමයෙහි පඩව්නැගී ගිය වඩුවෝ පන්සියය නම් බුදු පිරිසය. එසමයෙහි පණ්ඩිත වඩුවානෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.