Skip to main content

446 උදයභද්ද ජාතකය

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේ විසින් ශාසනයෙහි උකටලීවූ එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා වදාරණ ලදි.

ඒ කෙසේද යත්,

එහි වර්තමාන කථාව කුස ජාතකයෙහි විස්තර වශයෙන් කියනලද මේ ජාතකයෙහි භික්ූෂන් වහන්සේ විසින් ශාසනයෙහි උකටලීවු භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයට ගෙණහැර දැක්වු කල්හි සැබැද මහණ තා ශාසනයෙහි උකටලී වුයේයයි විචාරා වදාරා සැබැව ස්වාමිනි දැන්වු කල්හි එඹල මහණ කුමක් නිසා කේලශ වසඟයෙන් මෙබඳූවු නෛර්යානික ශාසනයෙහි මහණව උකටලීද පුරාතණයෙහි නුවණැත්තෝ දොළොස් යොදුනක් පමණ ඇති සියල්ලෙන්ම සමුද්ධවූ සුරන්‍ධ නම් නුවර රාජ්‍යය කරන්නාවු පවා සුරාංගනාවක හා සමාන ස්ත්‍රියක සමග සත්සියයක් අවුරුදු එක ගබඩාවෙහි වසන්නාවු ඉඳූරන් බිඳ ලෝභවශයෙන් නොබෑළුවෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූ කෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස සූරන්‍ධ නම් නුවර කසී නම් රජකෙනෙකුන් රාජ්ජය කරන්නාහ ඒ රජ්ජුරුවන්ගේ එකද දූ පුත් කෙණෙක් නැත්තාහ එනළ රජ්ජුරුවෝ දරුවන් ප්‍රාර්ථනාකරවයි නියෝග කළාහ එකල බෝධිසත්වයෝ බ්‍රහ්මලෝකයෙන් චුතව අවුත් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ උපන්නාහ ඒ කුමාරයන්ට නම් තබන්නාහු බොහෝදෙනාගේ සිත් සතුටු කරවමින් උපන්හෙයින් උදයභද්ද්‍ර කුමාරයෝයයි නම් තුබූහ. කුමාරයන් පියවරනගා කෙළ ඇවිදින අවස්ථාවෙහි අනික් බ්‍රහ්මයෙක් බ්‍රහ්ම ලෝකයෙන් චුතව එම රජ්ජුරුවන්ගේ එක්තරා බිසෝ කෙණෙකුන් මගධ කුමාරිකාවක්ව උපන්නාහ. ඒ කුමාරිකාවන්ට උදය භද්‍රදේවියයි නම් තුබූහ. උදය භද්‍රාවෝ වැඩිවිය පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණවුහ. ජාතියෙන් බ්‍රහ්මචාරීකාවක්ව උපන්නාහ. ඒ කුමාරිකාවන්ට උදය භද්‍ර දේවියයි නම් තුබුහ. උදය භද්‍රාවෝ වැඩිවිය පැමිණිකල්හි ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණවුහ. ජාතියෙන් බ්‍රහ්මචාරීහ. ස්වප්නයෙනුත් මෛථුනයන් නොමදන්නාහ. කෙලිගවසඟ චිත්තයෙන් නුපදනේය, එකල රජ්ජරුවෝ පුතනුවන් රාජ්‍යයෙහි අභිෂේක කොට නාටකස්ත්‍රීන් පිරිවරමි සිතා පුතණුවන් සමීපයට අස්නක් යවුහ. මහ බෝසතානෝ කියන්නාහු මට රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත. කෙලශයෙහි මාගේ සිත ඇත්තේ නැත කියා ප්‍රතික්‍ෂ්ප කළාහ. දෙමව්පියෝ නැවත නැවත කියායවුහ. එකල මහබෝසතානෝ ජාඹොනද ස්වර්ණමය ස්ත්‍රි රුවක් කරවා මෙබඳු ස්ත්‍රි රුවක් ළදහොත් රාජ්‍යය පිළිගණිමි. දෙමව්පියන් සමීපයට යැවුහ. ඔහු ඒ රන් රුවන් මුළු දඹදිව ඇවිදුවා පරීක්ෂාකරවා එබඳූ ස්ත්‍රියක නොලැබ උදයභද්‍රාවෙන් සරහා ඒ රන් රුව සමීපයෙහි සිටුවූහ. ඕ තොමෝ ඒ රන්රුව ඉක්ම සිටිනීය. එකල ඔවුන් දෙදෙනාම නොකැමැති පරිද්දෙන් කුඩා මෑනියන්ගේ දුව කුමාරිකාවන් නැගනියන් උදය භද්‍රානම් කුමාරිකාවන් අග්‍රමෙහෙසිකා කොට බෝධිසත්වයන් රාජාභිෂේක කළාහ. ඒ දෙදෙන බ්‍රහ්මචාර්යාව වාසය කරන්නාහ. කල්යාමකින් දෙමවිපියන් ඇවෑමෙන් බෝධිසත්වයෝ රාජ්ජය කරන්නාහු දෙදෙනාම එක ගබඩාවෙහි වසන්නාවු ලෝභසිතින් ඔවුනොවුන් මුන පමණකුත් ඉඳූරන් බිඳ නොබෑළූහ එතකුදුවුවත් අප දෙදෙනා අතුරෙන් යම්කෙණෙක් පළමු කොට මළෝ වි නම් ඔහු තමන් උපන්තෙනින් අවුත් මම අසවල් තෙන උපනිමි කියත්වයි කතිකාවක් කළාහ.

ඉකිබිත්තෙන් බෝධිසත්වයෝ රාජ්‍යයට පැමිණි සත්සියයක් අවුරුදු ඇවෑමෙන් කාලක්‍රියා කළාහ. අනික් රජ්ජුරුකෙණෙක් නැත්තාහ. උදය භද්‍රාවෙන් ආඥාවම පවත්නේය. අමාත්‍යයෝ රාජ්‍යය අනුශාසනා කරන්නාහ. බෝධිසත්වයෝද තව්තිසා භවනයෙහි ශක්‍රව ඉපද ඓශ්චර්යමදයෙන් සතියක් උදය භද්‍රාවෙන් සිහි නොකළාහ මෙසේ මනුෂ්‍ය ගණනාවෙන් සත්සියයක් අවුරුදු ගිය කල්හි සිහිකොට උදය භද්‍රානම් රා කුමාරිකාවන් වස්තුවෙන් විමසා සිංහනාද කරවා ධර්මදේශනා කරමින් කතිකාවෙන් මිදි එමි සිතුහ. එකල්හි වනාහි මනුෂ්‍යයන්ට දස දහසක් අවුරුද්දට ආයුෂය ඇතිකල් වන්නේය. කුමාරිකාද එදවස් රාත්‍රියෙහි මනාකොට වසන ලද දොරකවුළු ඇති වටලන ලද රැකවල් ඇති සත්මාල් ප්‍රාසාදයෙහි උතුම්වු මතුමාලේ ශ්‍රි යහන් ගබඩාවෙහි උදකළාව නිශ්චලව තමන්ගේ ශිලය අවර්ජනා කෙරෙමින් උන්නාහ. එකල ශක්‍රයෝත් රන් මසු පුරවන ලද එක් රන්තලියක් ඇරගෙණ අවුත් ශ්‍රියහන් ගබඩාවට පහළව එකත්පස්ව බිසවුන් හා කථාකරන්නාහු මේ ජාතකයෙහි පළමුවන ගාථාවෙන් මෙසේ කියත්, මනාවු වස්ත්‍රයක් ඇඳි ඇත් සොඬකට බඳූවු ආකාර ඇති මට සිළුටුවු ඌරු යුගලයක් ඇති පංච ප්‍රාසාදයකින්ද හෙබියාවු කින්නරාංගනාවන් ඇසි හා සමාන ඇස් ඇති පාදාන්තයෙහි පටන් කේසාන්තය දක්වා සියළු අංගප්‍රතංගයෙන් කිසි ඌනතාවක් නැතිව හෙබියාවූ උතුම් ප්‍රාසාද තලයෙහි උදකලාව උන්නාවු උත්තමාගියන්ට යාඥාකෙරෙමි, අද එක රාත්‍රිය අලංකෘත වු මේ යහන් ගබඩාවෙහි තී හා මා එක යහන වැස සෙය්‍ය කරම්හයි කීහ.

ඉක්බිති රාජකුමාරිකාතොමෝ කියන්නී මේ ලොළොස් යොදුන් පමණ සුරන්ධ නම් නුවර අතුරෙහි දිය අගල ආදි අගලින්ද මහත් දොරටු අටල්ලෙන්ද ගැවසී ගත්තේය. ආයුධ ගින්නාලද අත් ඇති දස දහසක් යොධයන් විසින් රැකවල් ගන්නා ලද එසේ හෙයින් මේ සියළුම නුවරට ඇතුළෙහි කරණ ලද මාගේ නිවාස පුරයටද යන මේ දෙකටම කිසිකෙණෙකුන් වැද්ද නොහෙැක්කේය. තවද ලදරුවේවයි වෘඬවෙිවයි ශක්තිසම්පන්න යෝධයෙකු වේවයි අනිකුත් කිසි මහත්වූ පඬුරක් අරගෙන එන්නෙකුගේ ඊමෙක්නම් නැත එසේවූයේමේ ස්ථානයට අවුදින් මා හා සමග නැමතිවන්නාවූ තෙපි කවරෙක්හිදැයි කෙසේනම් ආයිදැය විචාළාහ එවිට ශක්‍රයෝ කියන්නාහු එම්ඹල සොදුර මම එක් දේවතාවෙක්මි දිව්‍යාකුභාවයෙන් මේ ස්ථානයට ආමි තොපවනාහි අද කාහාස්වාදයෙන් සතුටු කරව තොපට මම රන්මසු පුරණලද මේ රන් තලිය පඬුරුකොට දෙමි කීහ එබස් අසා කුමාරිකාවෝ කියන්නාහු එම්ඔා දිව්‍ය රජ්ජුරුවනි මම මාගේ උදය රජ්ජුරුවන්හැර අනික් දෙවියෙකුවේවයි යක්‍ෂයෙකුවේවයි ප්‍රාර්ථනා නොකරමි එසේ හෙයින් මෙතන නොසිට පලායව තොපගේ පඬුරෙන් මට ප්‍රයෝජන නැත මතු මෙතනට නොයෙවයි කීහ ශක්‍රයෝද බිසවුන්ගේ සිංහ නාදයක්වැනිවු බස් අසා නොසිට පළාගියාක් මෙන් එතනම අන්ථධානව සිට දෙවනි දවස් එමවෙලාවට රන්මසු පුරනලද රිදී තලියක් අරගෙන දෘශ්‍යමානව සිට බිසවුන් හා කථානරන්නාවු එම්ඔල භද්‍රාව කාමභෝගී නම් වූ සත්ව කෙනෙක්යමක් කරණකොට ගෙණ කායදුශ්චරිතාදියෙන් හරසිරෙද්දී එසේවු සත්‍වයාගේ යම් ඇලීමකින් මේ කාම රතියෙහි කරණලද ඇල්ම වන්නේද එසේවූ කාමරති දෙන්නවුන්ගෙන් තෙපි මනාකොට දෙනලද දෑ මම ඒ ලබනු කැමැත්තෙමි ඒ නිසා තොප සමීපයට එන මම සිස් අතින් නොයායෙමි ඊයේ දවස රන්මසු පුරණලද රන් තලියක් ගෙනාමි අද රන්මසු පුරණලද රිදී තලියක් ගෙනාමි ඒ දැනි තොපට දෙමි එක රාත්‍රිය මා හා සමඟ සෙය්‍යාව කරවයි කීහ

එබස් අසා බිසව සිතන්නනාහු මේ තෙම කථාකරන්නට ලැබෙන්නේවීනම් නැවත නැවතත් එන්නේය එසේහෙයින් මම දැන් මොහු හා සමග බැනනොනැගෙමි සිතා මුවෙන් නොබැනම උන්නාහ ශක්‍රයෝ උන් බැණ නොණැගෙන නියාවදැන එි දවසුත් එතනම අන්තර්ධානව සිට දෙවන දවසුත් එම වේලාවට ලොහෝ තලියක කහවනු පුරා ඇරගෙන සිට සොදුර අද මා හා කාමරතියෙන් සතප්පව තොපට මේ කහවනු පිරූ ලෝහතලිය දෙමි කීහ එබස් ැසා බිසව කියන්නාහු එම්ඹල පින්වත් වූ පුරුෂය තෝ අඥණයෙහිය සත්‍වයේා නම් ස්ත්‍රියක කෙලශ වශයෙන් වස්තුවෙන් ගිවිස්වන්නාහු යම් වස්තුවෙක් ගෙණායේවී නම් එසේවු වස්තු දවස දවස වඩ වඩා ගෙණවුත් වර්ණා කෙරෙමින් ගිවිස්වා පොළඹන්නේය තෝ වනාහි දවසින් දවස අඩු අඩු කෙරෙමින් තාගේ ස්වභාවටත් විරුධකරන්නෙහිය පළමු දවස් රන් මසු පිරූ රන්තලියක් ගෙණායෙහිය දෙවනි දවස් රිදීතලියක් ගෙනායෙහිය තුන්වන දවස් නහවනු පිරූ ලොතලියක් ගෙණායෙහිය ඊට කාරනා කිම්දැයි විචාලාහ එකළ බෝධිසත්‍වයෝ කියන්නාහු එම්ඹල සොදුර රාජකුමාරිකාව මම වනාහි වෙළදාමෙහි ඉතාක්‍ෂවෙමි අත්‍ථය නොනසමි ඉදින් තොපි ආයුෂයෙන්ද ශරීරවර්ණයෙන්ද දවසින් දවස වැඩූ නම් මමත් තොපට පඬුරු වඩ වඩා ගෙණෙන්නෙමි තොපිවනාහි දවසින් දවස හානියට පැමිණියව එසේ හෙයින් මම තොපට පඬුරුත් අඬුකොට ගෙණාමි කියන්නාහු එම්බල සොඳුර මනුෂ්‍යලෝකයෙහි සත්වයන්ගේ ආයුෂ ද ශරීරවර්ණයද පෙර හරෙනෙක්හි වත්නළ ජලයක් මෙන් චක්‍ෂුප්‍රාසාදියෙහි දවසින් දවස අඬුවන්නේය තොපගේ වනාහි පළමු දවස් ආවේලේ පැවැත්තාවූ ආයුෂද ඊයේ දවසට නොපැමිණ කෙටේරියක්ගෙන සුන්කථාක්මෙන් එසවස් අතුරු දන් විය ඊයේ දවස් පැවති ආයුෂදඅද දවස් නොපැමිණ ඊයේම නිරුධවිය එසේ හෙයින් තොප පෙරවී දවස් ඇර අද දැන් මා බල බලා සිටියදීම තොපගේ ශරීරවර්ණය නපුරුවන්නේය එසේහෙයින් මෙතැන් පටන් රාත්‍රි දින යම් ඉකුත් වීමෙන් නොබෝ දවසකින් තොපි ජරිවට පැමිණෙව සොඳුර තොපි ඊට පළමුව තොපගේ රන්වන් ශරීරය ජරාවෙන් නොකෙළ සෙනතෙක් ශ්‍රේෂඨ වූ ශ්‍රමණ ධර්මයන් පුරා වඩ වඩා මතු මත්තෙහි වර්ණවත් වනපරිදි කරවයි කීහ

ඉක්බිති බිසවුන් කියන්නහු එම්බල දේවතාව යම්සේ මනුෂ්‍යයේා ජරාවට පැමිණෙත් නම් දෙවියෝ එසේ ජරාවට නොමැමිණෙත්හ ඔවුන්ගේ ශරීරයෙහි විලිපිළි නැත එසේහෙයින් මහත්වූ ආනුභානු ඇති දේවතාවෝ අතින් විචාරමි ඒ දෙවියන්ගේ ශරීරය නවර ප්‍රකාරයක් ඇත්තේදැයි විචාළහ ඒ බව ප්‍රකාශකොට කියන්නාවූ ශක්‍රයෝ එම්බළ සොඳාුර මනුෂ්‍යයෝ රූපයෙන්ද ඡවිවර්ණයෙන්ද චක්‍ෂු ප්‍රසාදයෙන් ද යන මේ සියල්ලෙන් යම්සේ පිරිහී ජරාවට පැමිනෙත්ද දෙවියෝ එසේ නොවෙති ඔවුන්ගේ ගාත්‍රයෙහ විළිපිළි නැත සිළිටිවූ ගණරන් පටක් හා සමාන ශරීර වරීණ වන්නේය දවසක් පාසා දිවුන දිවුනා ඓශ්චර්යද වැඩෙන්නේය යම් සේ පිරිහෙන්නාවු ස්වභාව ඇත්තේය එසේ හෙයින් තොපි ජරාවට නොපැමිණ ගිහිගෙන් නික්ම මහණව එසේ කල්හි තොපි මේ ක්‍ෂය ස්වභාව ඇති මනුෂ්‍යලෝකයෙන් චුතව වර්ධන ස්වභාව ඇති දිව්‍යලෝකයෙහි උපදවාදැයි කීහ බිසව් දිව්‍යලෝකයෙහි යම් වර්ණණා අසා ඊමයන්ට මන්විචාරන්නාවු දිව්‍යරජ්ජුරුවෙනි ක්‍ෂත්‍රියාදී නොයෙක් කුලජාති භේද ඇති මනුෂ්‍ය ජනසමූහ කුමට භයින් හා කාකෙරේ භයින් හා යන ස්වභාව ඇති මනුෂ්‍ය ලෝනයෙන් දිව්‍යලෝකයට යෙත්ද ඒ තමා දිව්‍ය ලෝකයටත් යන්ට මන් නුවනැත්තා කියනලදහ. ඒ මාර්ගයන් අතුරෙන් කවර මාර්ගයෙක්හි සිටි සත්‍වතෙම නොබා පරලොවට යන්නෙහිදැයි විචාළාහ දිව්‍යලෝකයට යන්නාවු ශක්‍රයෝ මෙසේ කියත් එම්ඔල සොඳාුර අදයභද්‍රාව යම්සත්‍වකෙනෙක් කායවන් මාන්යන් වාරත්‍රය සකස්කොට පිහිටුවා අකුසල් නොකොට කුශලධර්මයන් සමාදන්ව පවත්වන්නේද බොහෝ ආහාර පාණ වර්ගයන් දානවිභාග සැදැහැයෙන් යුක්තව ශ්‍රමණ බ්‍රහ්මණාදීන්ට දන්දේද සතර සංග්‍රහවතින් ජනරංජනය කෙරේද යන මෙතෙක් ගුණයෙහි පිහිටියේපරලොවට නොබා යන්නේයයි කීහ. බිසව් එබස් අසා උන්ට සතුටුව ස්තුති කරන්නාහු යම්සේ මෑණිකෙණෙක් තමාගේ වැදූ දරුකෙනෙකුටත් වැඩ කැමතිව අවවාදකෙරෙත්ද ඒ පරිද්දෙන්ම තොපිත් මටත් වැඩකැමතිව අනුශාසනාකළාහ මට එසේ අවවාද කරන්නාවූ විපුල වූ ශරීරසෝභා ඇති මනාවූ වෘත සමිදානය ඇති තෙපි තමා කවුරුදැයි විචාරමි මට කියවයි කීහ.

ඉක්බිති බෝධිසත්වයෝ කියන්නාහු එම්බල සොදුරුදැකුම් ඇති භද්‍රාව මම වනාහි මේ මා උපන් ජාතියට පළමු ජාතියෙහි තොපට වල්ලභවු උදය රජ්ජුරුවෝ නම් මමය ඒ මම තී සමීපයෙන් මියගොස් තව්තිසා භවනයෙහි ශක්‍රදේවේන්‍ද්‍රව උපනිමි එතනින් තොප සමීපයට එන්නාවූ මම කෙලශ වසඟ චිත්තයෙන් ආයෙන් නොවෙමි තොපවිමසා පියා පළමු කතිකාවක් කළමෝවේද ඒ කතිකාවෙන් මිදි තොපට මම අසවල්තෙන උපනිමි කියා පියා යන පිණිස ආමි, දැන් ඉන් මිදිනිමි එසේ හෙයින් මම දෙව්ලොවට යෙමි කිහ, එසඳ බිසව් කඳූළුධරා වගුරුවමින් ස්වාමිනි නුඹ වහන්සේ උදය රජ්ජුරුවෝද නුඹවන්සේගෙන් වෙන්ව මා විසියහෙන්නේ නැත යම්සේ පෙර නුඹ වහන්සේ මා හා එක්ව වාසය විනම් දැනුම් එපරිද්දෙන්ම එක්වන නියායෙන් මට උගන්වා කතිකාවෙන් මිදි වැඩිය මැනවැයි කීහ. නැවත බිසවුන්ට අනුශාසනා කරන්නාවු ශක්‍රයෝ මෙසේ කියත්, එඹල සොඳූර උදයභද්‍රාව මේ ලෝකයෙහි සත්වයන් ආදී මධ්‍යම අන්තිමයන් මෙතුන්වයසය සිඝ්‍රව වහනය කරන්නාවූ ගංගාවක් මෙන් නොනැවත වහාම ඉක්ම ගෙවෙන්නේය. උපන්නාවු සත්වයන්ට නොනැසී සිටිමෙක් නැත. බුදුන් ආදීකොට ඇති සියළු සත්වයන්ගේ ජිවිතය අස්ථිර වන්නේය. සියල්ලවුන්ම රන්වන්වු මට සිළුටු වූ ශරීරයක් ඇත්නම් එයින් නිරන්තරයෙන් ම ජරාවට පැමිණ නස්නේය. ඒ කාරණාවෙන් උදයභද්‍රාවෙනි තොපිත් මේ සියල්ලම පැමිණෙයි සිතා වහා නොපමාව දසකුශල කර්මපථයෙහි යෙදෙව. තවද සොඳූර යම් එකම සත්වයක්හට මේ පෘථිවි මණ්ඩලය හා සියළු යසසෙක් පැමිණියේ වීනම් එහි තෘප්තියක් සෑහෙයි යන්නක් නොසිතා පහනොවු ක්ලේශ චිත්තයෙන් කළුරිය කරන්නේය.

එසේ හෙයින් තෘෂ්ණාවෙහි තෘප්තියක් නැතිනියාව දනුව. තවද මෑනියන් පුතනුවන්ටද පුතනුවන් මෑනියන්ටද පියානෝ පුතනුවන්ටද පුතනුවෝ පියානන්ටද බෑනෝ නැගනියන්ටද නැගනියෝ බැනන්ටද වල්ලභයා ස්ත්‍රීන්ටද ස්ත්‍රී වල්ලභයාටද ස්වාමියා වස්තුවටද වස්තුව සත්වයාටදැයි මේ සියල්ලම මරණ කාලයෙහි පළමුවශයෙන් ඔවුනොවුන් නොබලා යාමෙන් ස්ථිරයක් වීමක් නැතිබව දනුව, තවද මේ සංසාරයෙහි කපුටු ආදී තිරිසනුන්ගේද මනුෂ්‍යයන්ගේද ආදීවු සියළු සත්වයන්ගේද යන මේ දුගතී සුගති දෙක්හිම සත්ව යන්ගේ භෝජනද යසසද එක්ව කරන්නාවූ වාසයද ජිවිතයද යන මේ සියල්ලම අස්ථිරයයි දැන අප්‍රමාදව දසකුශල කර්මපථයෙහි යෙදෙවයි කියා මෙසේ මහබෝසතානෝ අවවාද කළාහ. බිසව්ද බෝධිසත්වයන්ට අවවාද කියන්නාහු දේවතාවෙනි තොප කියේ ඉතා යහපත මේ සත්වයාගේ ජිවිකාව නම් ස්ථිරනොවෙයි ස්වල්ප දුකින් මිශ්‍රය එසේ හෙයින් මම කසීරට හා සුරන්ධපුරය ඇර උදකළාව තපටස යෙමි කීහ. බෝධිසත්වයෝ බිසවුන්ට අවවාදදී දිව්‍යලෝකයටම ගියාහ. බිසව්ද දෙවන දවස් උදෑසන අමාත්‍යයන්ට රාජ්‍යය පාවාදී තමන්ගේ එම නුවර සිත්කළුවූ උයනෙහි සෘෂිප්‍රවෘජ්‍යවෙන් පැවිදිව ධර්මයෙහි හැසිර අයුසංස්කාරයාගේ කෙළවර තව්තිසා භවනයෙහි බෝධිසත්වයන්ටම පාදපරිචාරිකාව උපන්නාහ. සර්වඥයන් වහන්සේ ද මේ උදය භද්ද ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශකොට පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යයාගේ කෙළවර ශාසනයේ උකටලීවු භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටිසේක.

එසමයෙහි උදයභද්‍රාදේවී නම් දැන් මේ රාහුලමාතාවෝය. එසමයෙහි ශක්‍රදේවේන්ද්‍රයෝ නම් ලොවුතුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.