Skip to main content

445 ධර්ම ජාතකය

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වසන්නාවු තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙවිදත් තෙරනුන්වහන්සේ පොළොව පලායාම අරභයා වදාරණ ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවූ භික්‍ෂූන් වහන්සේ කථාවක් පලකරන සේක් එම්ඹා ඇවැත්තනි දේවදත්ත ස්ථීවරයෝ බුදුන් හා සමග විරුද්ධව පොළොව පළා වන්නෝ වේදැයි කියමින් උන් සේක එකළ සර්වඥයන්වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් නථාවකින් යුක්තව උනුදැයි විචාරා මේ නම් කථාවක් කොට උනුම්දැයි කී කල්හි එම්බා මහණෙනි දැන් මාගේ සර්වඥයන් චක්‍රයෙහි පැහැර පොළොවට වන්නේය. පළමුත් මාගේ ධර්මචක්‍රයෙහි පැහැර පොළොවට වැද අවිචි නරකයෙහි උපන්නෙහි වේදැයි වදාරා එක්තරා භික්ෂුකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ කාමාවචර දිව්‍යලෝකයෙහි ධර්ම නම් දිව්‍යපුත්‍රව උපන්නාහුය. එකල දේවදත්තයෝ එම දිව්‍යලෝකයෙහි අධර්මනම් දිව්‍යපුත්‍රව උපන්නාහුය. එකල දේවදත්තයෝ එම දිව්‍යලෝකයෙහි අධර්මනම් දිව්‍යපුත්‍රව උපන්නාහුය. ඔවුන් දෙදෙනා අතුරෙන් ධර්ම නම් දිව්‍ය පුත්‍රතෙම මිනිසුන් සවස්වෙලෙහි බත් අනුභව කොට තමන් ගෙදරවල සැපවූ කථාකොට උන්කල්හි තුමු සර්වාභරණයෙන් සැරහි දිව්‍ය රථයකට පැන නැගී දිව්‍යගනාවන් විසින් පිරිවරණ ලදුව මැදිපොහොදවස් ගම් නියම් ගම් රාජධානිවල්හි ආකාශයෙන් අවිද ප්‍රාණඝාතාදී දස අකුසල්වලන් දුරුව මව්පියන්ට උපස්ථාන කිරීමෙන් දිව්‍යලෝකවල ඉපිද මහත්වූ සම්පත් අනුභව කරවයි කියා මනුෂ්‍යයන් දශ කුශල පථයෙහි සමාදන් කරවමින් ජඹු ද්වීපය පැදකුණු කෙරෙමින් ඇවිදිනාහ. එකල අධර්ම නම් දිව්‍යපුත්‍රයා ජම්බුද්වීපය වාමාවෘතකොට ඇවිදිමින් ප්‍රාණඝාත කරව යනාදින් දශ අකුශල කර්මයෙහි යොදවමින් ඇවිදිති, එසේ ඇවිදින ධර්මනම් දිව්‍යපුත්‍රයාගේ රථයට අභිමුඛව පැමිණියේය. එකල ඔවුන් දෙදෙනාගේ පිරිවර ඔවුනොවුන් දෙදෙනාගේ පිරිවර ඔවුනොවුන් අතින් තොපි කාගේදැයි විචාරා අපි ධර්ම නම් දිව්‍ය පුත්‍රයන්ගේය. අපි ධර්ම නම් දිව්‍ය පුත්‍රයන්ගේයයි කියමින් දෙභාගාව සිටියහ. එකල ධර්ම නම් දිව්‍යපුත්‍රයානෝ කියන්නාහු එම්බල යහළු අධර්මනම් දිව්‍ය පුත්‍රය, මම් ධර්මයෙහි හසුරුවමින් ශ්‍රමණ බ්‍රාහ්මණාදීවු සත්වයන්ට සිය අතින්ම යසස්දානය කෙරෙමි එසේ හෙයින් මම ධර්ම නම් විමි දෙව්මිනිසුන් කෙරේ ප්‍රසිද්ධ හෙයින් සත්පුරුෂයන්ට වඩා බල ඇත්තෙමි එසේවු මට පළමුකාට මග අරණට සුදුසුය, එසේ හෙයින් තෝ මේ මගින් සඟව මග ඇරපියවයි කීහ. එකල අධර්ම නම් දිව්‍යපුත්‍රතෙම කියන්නේ එම්බල ධර්ම නම් දිව්‍යපුත්‍රය මම දෘඩවූ අධර්මයානාවකට නැගී ආයෙමි සත්පුරුෂ ධර්මයෙක් මාගේ නැත එසේ හෙයින් සත්පුරුෂයාට වඩා බල ඇත්තෙමි, එසේ වු මම කවර කාරණයකින් තොපට අද මග අරිව්ද මට පළමු කිසි කෙණෙකුන්ටත් අලවිරු නැත මගනොහරිමියි කීයේය.

එකල ධර්ම නම් දිව්‍යපුත්‍රතෙම කියන්නේ එඹල සබඳ මේ ලෝකයෙහි ප්‍රථම කල්පයෙහිම දශකුශල කර්මපථ සංඛ්‍යාත ධර්මයම පළමු පැණවිය. අධර්ම පසුව උපන. එසේ හෙයින් ධර්ම ජ්‍යෙෂ්ඨය නමුත් මමය, එසේවු මට මග හැර කණ්ෂ්ඨ වු තෝ මගින් පහවයි කීය. එකල අධර්ම නම් දිව්‍යපුත්‍රතෙම කියන්නේ එඹල සබඳ අප දෙන්නා යාඥා කොට ඉල්විමක් තරම්නොවෙයි ඉල්විමට තොපට මගදිමත් තරම් නොවෙයි බල එකෙක් කියම් අපි දෙන්නම අද යුද්ධ කරම්හ. ඒ යුද්ධයෙන් අප දෙන්නා අතුරෙන් යෑමෙක් ජයගත්තේ වීනම් මේ මාර්ගය ඕහට වන්නේ යයි කීහ. එබසට ධර්ම දිව්‍යපුත්‍රතෙම කියනුයේ එම්ඹල අධර්මයකොට වනාහි මේ සසර දුක් බබුළුවන්නාවු ගුණයෙන් ප්‍රසිද්ධ වෙමි මහත්වූ කාය බල සේනාබල ඇත්තෙමි ප්‍රමාණාතික්‍රාන්තවූ යසපිරිවර ඇත්තෙමි. කිසි කෙණෙකුන් හා අසද්‍රිසවෙමි සියළු ගුණයෙන් සමෘද්ධියෙමි එසේවූ අධර්මය කොට තෝ කෙසේ ජයගණිදැයි කීහ. එකල අධර්මතෙම කියන්නේ එඹල යහළු ඒකාන්තයෙන් ලෝභයෙන් රන් රුවන් නසීද රන් රුවනිණින් ලෝභය නසීද එපරිද්දෙන්ම සත්වයන්ට දර්ශනියවූ රත්ත්‍රන් යම්සේ යකඩින් නසීද එපරිද්දෙන්ම මාගේ නම පුරුදුකරණ අධර්මගුණයෙන් තොපගේ යහපත් ධර්මගුණය නසා රඳවයි කීහ. එබසට ධර්ම නම් දිව්‍ය පුත්‍රතෙම කියනුයේ එඹල සබඳ තෝ ඉඳින් යුද්ධයට සමර්ථයේ වී නම් තට වැඩිකෙණෙක් වේවයි ගරුකටයුතු කෙණෙක් වේවයි නුවනැති කෙණෙක් වේවයි නැද්ද එසේ තට මම මග අරිමි තාගේ රළු රූක්‍ෂවූ බවටත් ක්‍ෂමාකෙරෙමි කිහ.

මෙසේ ඒ බෝධිසත්වයන් කී බස් අසා අධර්මතෙම රථයෙහි සිටියනොහි බිම හිම හිස බිමලා පය උඩුකොට වැටි පොළොව විවරවූ කල්හි පොළොවට වැද අවිචිමහනරකයෙහි උපන්නේය. ඒ බව වදාරන්නාවූ බුදුරජානන් වහන්සේ එඹා මහණෙනි ඒ අධර්ම නම් දිව්‍ය පුත්‍රතෙම දිව්‍යපුත්‍රයා කි බස් අසමින් රථයෙහි සිටියනොහි හිස බිම බලවා පයඋඩුකොට වැටී පොළොව පළාගෙණ ගොස් නරකයෙහි උපන්නේ වේදැයි වදාරා මතු මත්තෙහි ධර්මදේශනා කරණසේක් ක්‍ෂාන්ති බලයෙන් යුද්ධ බල ජයගෙණ එර් අධර්මයා නසා එවු පරාජයට පමුණුවා සැබෑ බසම පෙරදැරිකොට ඇති මහත්වූ බල ඇති ඒ බෝධිසත්වයෝ සෘජුවු මාර්ගයෙහි ගියේ වේදැයි වදාරා තවද යම් සත්වකෙණෙක් ක්‍ෂාන්ති නොකිරීමෙන් තෙමේ දෙමව්පියන්ටද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටද ස්වකීයවූ තමාගේ ගෙයිදී කිසිසත්කාර සම්මානයක් නොකොට කාබුන් මරණින් මත්තෙහි කලේබරය මෙලොවහිම දමා යම්සේ අධර්මයෙන් අධෝශිෂව නරකයෙහි ඉපද වැටෙන්නාහයි වදාරා එම්බා මහණෙනි මේ දේවදත්ත ස්ථවිරයෝ ප්‍රතිවිරුද්ධව පොළොව පළා නරකයෙහි උපන්නේ වේදැයි පෙරත් නරකයට ගියෝ වේදැයි වදාරා මේ ධර්ම ජාතකය නිමවා වදාළසේක.

එකල්හි ඒ අධර්ම දිව්‍ය පුත්‍රයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. ඔහුගේ පර්ෂිත් නම් දැනුදු දේව දත්ත ස්ථවිරයන්ගේ පර්ෂිදය, ධර්ම නම් දිව්‍යපුත්‍රයානෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.