Skip to main content

439 මට්ටකුණ්ඩලී ජාතකය

තවද සංසාර ප්‍රතිෂ්ඨාවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් පුත්‍රයෙකු මළසෝකයෙන් ඉන්නා උපාසකයෙකු අරභයා මේ ජාතකය දක්වනලදි.

ඒ කෙසේද යත්,

එක්තරා උපාසකයෙක් තමාගේ පුතෙකුමළ සෝකයෙන් නොකා නොබි වික්‍ෂෙපව ඇයි පුත මට නොකියා පලාගියාදැයි කිය කියා බොහෝ වික්‍ෂේපයට පැමිණ ඇඳින් සිටියනොහි වැදහොත්තාහ. එක් දවසක් අළුයම් වෙලෙහි මහාකරුණා සමාපත්තීන් සමවැද ලොව බලා වදාරණසේක් එකියන උපාසකයා සෝවාන් වන්ට නිසි හේතු ඇති නියාව දැක වදාරා සැවැත්නුවර සිඟාවළඳා පස්වරු භාගයෙහි අනදසාමින් පසුව මහණකොට එකියන උසාකයාගේ ගෙට වැඩිසේක. එකියන පුරුෂයාගේ ගෙයි මනුෂ්‍යයෝ සර්වඥයන් වහන්සේ වැඩ හිඳිනා ලෙස බුද්ධාසනයක් පණවා එකියන පුරුෂයා අතපය ඔලොම්බාගෙණවුත් සර්වඥයන් වහන්සේ ලඟළුැහ. සර්වඥයන් වහන්සේ ඇයි පුරුෂයා තා එක පුතෙකුට ඇඬුයේයයි වදාළ කල්හි එසේය ස්වාමිනි මාගේ ඇත්තේ එකපුත්‍රයාය. එසේ හෙයින් මට කීකරුය.එසේ හෙයින් සෝකයෙන් ඇඬිම් කියේය. එවිට සර්වඥයන් වහන්සේ පළමුත් බ්‍රාහ්මණයෙක් තොපසේම පුත්‍රප්‍රෙමයෙන් අඬා සෝකාතුරව උන් අවස්ථාවේත් උත්තමයන්ගේ බස්ගිවිස සෝකතුනිකළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සරවඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ නුවර එක්තරා බ්‍රහ්මණයෙකුගේ පසළොස් හැවිරිදි අවස්ථානෙහි පුතෙක් මළ තැනැත්තේ දිව්‍යලෝකයෙහි උපන එකියන බ්‍රාහ්මණ තමාගේ පුත්‍රයාටා සෝකයෙන් අඬ අඬා නොකා නොබි දුක් විඳම දවස්පතා සුසුනා භූමියට ගොස් වට තුන්විටක් ඇවිද මහත්වූ දුකින් සොකාතුරව වාසය කරන්නේය. දිව්‍යලෝකයෙහි උපන් දිව්‍යපුත්‍ර මම මාගේ කුශලයෙන් දිව්‍යලෝකයෙහි උපනිමි මාගේ පියානෝ කෙසේ ඉඳින්දෝ හෝයි සිතා දිවැසින් බැළූයේය. තමාගේ පියානන් නිමින්ට සෝකයෙන් වලපිණා නියාව දැක තමාගේ පියානන් සුසානභූමියට යන්නාට පළමු වෙන් යෙමෙි සිතා මට්ටකුණ්ඩලියාමෙන් සැරහි බ්‍රාහ්මණයන් සුසානභූමියට එන්නාට පළමුකොට දිව්‍යපුත්‍රයා සැරහී සුසාන භූමියෙහි සිටියේය. ඒ වෙලෙහි එකියන බ්‍රාහ්මණ තමාගේ පුත්‍රයා ගැණ අඬ අඬා සුසුන භූමියෙහි ආ තැනැත්තේ තමාගේ පුතාමෙන් සැරහි සිටි මට්ටකුඩලියා දැක බ්‍රාහ්මණ කියන්නේ මම වනාහි මාගේ පුත්‍රයාට සෝකයෙන් අඬමි තොපි වනාහි කවරේදැයි විචාළේය. එවිට මට්ටකුඩලි කියන්නේ මම දෙවතාවක්ම සත්රුවන් රථ මැදිරියක් ලදිමි ඊලන්ට රථසක් දෙකෙක් නැත්තෙන් සිටියෙමියි කීයේය. බ්‍රාහ්මණ තොපට රථසක්දෙක රත්රනින් රිදියෙන් යකඩින් මුතුයෙන් ලෝකඩින් මැනිකකින් කවරකින් ඉදිකරවා දෙම්දැයි කී යේය. එවිට මට්ටකුඩලි දිව්‍යපුත්‍රයාද කියන්නේ මාගේ රථ මැදිරිය ඉතා සෝභමානය එසේ හෙයින් අනික් රථයකින් මට ප්‍රයෝජන නැතහිරුමඩල සඳමඩල දෙක මට දෙවයි කීයේය. බ්‍රාහ්මණ කියන්නේ ඇයි මට්ටකුඩලිය තෝ උමතුවපියා දොඩවයිද හිරුමඬල සඳමඬල ඇරගෙණ තොප ගේ රථසකට දෙන්නේ කෙසේදැයි කීයේය. මට්ටකුණ්ඩලියා හිරුමඬල සඳමඩල නැගෙණ දිසාවටද බස්නා දිසාවටද යන අවදි පෙණෙන්නේය. එසේ වූ හිරුමඩල සඳමඩල මට දුන මැනවැයි කිම්ද උමතුව නන්දොඩම්ද තොපගේ මළාවූ පුතනුවන් කොතනක උපන් බවත් නොදැනෙන්නාවූ පුතනුවන්ට අඬන තොපිද උමතුව කියන්නේය. මම්ද උමතුව කියන්නේ නොවෙමි කියේය. බ්‍රහ්මණ කියන්නේ සැබෑව මට්ටකුණ්ඩලියෙනි කියන්නේ ඇත්තමය උමතුව දෙඩුයේ මම්මය. තෙල්කල සියගණන් වත්කොට දල්වන්නාවූ මහා ගින්නක් පැන්කල සියගණන් වත්කොට ගිණි නිවුවාසේ මාගේ සෝකග්නි නිවුනියා යහපත තොප මට කළ උපකාරය යහපතැයි ඉනිබ්බේ මාගේ පුත්‍රයාව සෝක නොකරෙමියි බ්‍රාහ්මණයා කියේය. එවිට මට්ටකුණ්ඩලිය දිව්‍යපුත්‍රයා කියන්නේ බ්‍රාහ්මණයාණෙනි මළවුන්ට සෝක කිරීමෙන් ප්‍රයෝජන නැත. තොපගේ මළාවූ පුතානම් මම්මයයි තමන් වහන්සේ දක්වා සෝක නොකරවයි බ්‍රාහ්මණයානන්ට අවවාද කියා දිව්‍යලෝකයට ගියේය. එකියන බ්‍රාහ්මණයාත් තමාගේ මළාවූ පුත්‍රයාට සෝකහැර දානාදි කුශලයන් රැස්කොට පරලොව ගියහ. මේ මට්ටකුණ්ඩලි ජාතකය පූර්වාපර සන්ධි ගලපා නිමවා වදාළසේක.

එසමයෙහි මට්ටකුණ්ඩලි නම් දිව්‍යපුත්‍රව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.