Skip to main content

426 පූතිමාංශ ජාතකය

තවද එක්සමයෙක්හි සකල සත්වයන් කෙරෙහි ආකාරණ පරමවත් සලවූ අප තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක්, ඉන්ද්‍රිය සංවරය අරභයා මේ ජාතකය වදාළසේක.

එක් සමයෙක්හි බොහෝ භික්ෂූහු වක්‍ෂුරාදී ඉන්ද්‍රියෙහි සිහි නමැති දොරනොවසා වාසය කරන්නාහ. එකල සකලගුණ නිධාන වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ මේ භික්ෂුන්ට අවවාද කරන්නට වටනේයයි ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙහෙවර වදාරා ඒ වෙහෙරෙහි සියළු භික්ෂූන් රැස්කරවා සරහන ලද උතුම්වූ බුද්ධාසනයේ හිඳ වදාරණසේක්, මහණෙනි මහණුන් විසින් රූපාදීවූ අරමුණු සුභනිමිත්තා කාරයෙන් නොගතයුත්තේය. ඉදීන් ඒ අරමුණු සුභාකාරයෙන් ගෙණ කාලක්‍රියා කෙළේ වීනම් අපායෙහි ඉපද බොහෝ දුක් විඳින්නේය. එසේ හෙයින් මහණෙනි තෙපි අසුභ වූ රූපාදි ආරාමණයන් සුභාකාරයෙන් ගෙණ කාලක්‍රියා කෙළේ වීනම් අපායෙහි ඉපිද බොහෝ දුක් විඳින්නේය. එසේ හෙයින් මහණෙනි තෙපි අසුභවූ රූපාදී ආරාමමණයෙන් සුභාකාරයේන් ගෙන වාසය කරව. තවද මහණෙනි රූපාදී අරමුණු ගොදුරුකොට වාසය කරන්නාහු පුද්ගල තෙම ඉහාත්ම භාවයෙහිම මහත් විනාසයට පැමිණෙන්නේය. එසේ හෙයින් රූපාදීන් සුභාකාරයෙන් බැලීමට වඩා ගිණිගෙණ දිලියෙන අය සලාකයෙන් චක්ෂු ප්‍රසාදය පිරීමැදිම උතුම් වන්නේයයි කියා වදාරා මහණෙනි තොප විසින් රූපය බැලියයුතු කල්හි සුභාකාරයෙන් නොබලා අසුභාකාරයෙන් බලව, එසේකල්හි තොපි සතර සත්පඨානය ආර්යවූ අෂ්ටාංගික මාර්ගය නවවිධවූ ලෝකෝතතර ධර්මය යන ගොචරයන් නොපිරිහෙව එසේ නොපිරිහි ඒ ගොචරයෙහි හැසිරෙන්නාවූ තොප කරා කේලේශමාරතෙම පැමිණෙන්ට අවසරයක් නොලබන්නේය. ඉදින් තෙපි කෙලෙසුන් වසඟ බවට පැමිණ සුභ නිමිත්තාකාර වශයෙන් ඒ රූපය බැලුවාහු වී නම් පුතිමාංශ නම්වූ සිඟාලයා මෙන් තොපගේ ගොචරයෙන් පිරිහෙන්නාහුයයි වදාරා එපවත් අසනු කැමති මහණගණයා විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකු රාජ්‍ය කරණ සමයෙහි හිමාලයවනප්‍රාන්තයෙහි එක් අරණ්‍ය ප්‍රදේශයෙක ගල්ගුහාවෙක්හි නොයෙක් සියගණන් එළුවෝ වාසය කරති. ඔවුන් වාසනාතෙනට නුදුරු තැන්හි එක් ගල්ලෙනක පුත්මාංස නම්වූ කැණහිලෙක් තමාගේ වේනිනම් වූ භාර්යාව හා සමග වාසය කෙරෙමින් එක් දවසක් ඈ හා සමග ඒ වනාන්තරයෙහි ගොදුරු සොයා ඇවිදිනේ ඒ ගුහාවෙහි වසන එළුවන් දැක එක් උපායකින් මොවුන් මරා මස් කෑ යුත්තේයයි සිතා ගොස් දවස දවස එකී එකී එළුවකු ඇතිව මහත් ශක්තිසම්පන්න වූවාහුය. මෙසේ කල්යාමකින් ඒ සියලු එළුවෝ විනාශයට පැමිණියාහුය. ඔවුන් අතුරෙන් මෙලමාන නම්වූ එක් එළුදෙනෙක් නුවනැත්තීය. උපායෙහි දක්ෂවන්නීය. එම කැණහිල්තෙම ඈ මරා කන්ට නොහැකිව ඒ තමාගේ භාර්යාවූ වේනිනම් විසින් සීවල්දේනුව හා සමග මන්ත්‍රනය කරණුයේ සොඳූර සියළු එළුවෝම අප විසින් මරා කණලදින් නිමාවට ගියාහුය, මේ එළුදෙන එක් උපායෙකින් මරන්ට වටනේය. එසේහෙයින් තෝ තනියම ගොස් ඒ එළුදෙන හා සමඟ මිත්‍රව තොප ඈ හා සමඟ විස්වාසවූ කල්හි මම මළ ආකාර දක්වා හෙව දනිමි. එකල තෝ ඈ ලඟටගොස් යෙහෙලිය මාගේ ස්වාමිපුත්‍රයා මළේය. මමද කිසි පිළිසරණයක් නැත්තෙමි. දැන් තොප ඇර අනික් කෙණෙක් මට නැත. එසේහෙයින් අපි දෙදෙන ගොස් අඬා වැලප ඔහුගේ ආදාහණකෘත්‍ය කරම්හයි කියා ඈ කැඳවාගෙණ මෙතැන් එව එසේකල්හි මම හොත්පලින් පැන නැගී ඇගේ බොටුව ඩැහැ මරමි කීයේය. එසඳ ඒ වෙනී නම් සියල්දෙන් තොම යහපතැයි ඔහුගේ බස් පිළිගෙණ ඒ එළුදෙන හා සමඟ මිත්‍ර විස්වාසය උපන්කල්හි පළමු ඒ සිඟාලයා කී සියල්ලම එළුදෙනට කීවාය. එසඳ ඒ එළුදෙන් තොම කියන්නී යෙහෙළි තීගේ ස්වාමි පුත්‍රයා විසින් මාගේ සියළු නෑයෝ මරා කණලද්දාහුය. එසේ හෙයින් ඔහු කරායන්නට මම භය ඇත්තෙමි කීවාය. යෙහෛළි තෝ භය නොව මළාවූ ඒ තෙම තොපට කුමක් කරන්නේදැයි කීවාය. එබසට නැවතත් ඒ එළුදෙන කීයන්නී තොපගේ ස්වාමිපුත්‍රතෙම ඉතා දැඩිවූ මන්ත්‍රන ඇත්තේය. එසේහෙයින් මම ඔහු සමීපයට නොයම් කියාද නැවතත් ඒ සිවල්දෙන විසින් යාච්ඡාකරණ ලදුව මෙසේ කියන්නේ, ඒකාන්තයෙන් මළනියාව වේදැයි සිතා ඇගේ බස් ගිවිසා ඈ එක්ව නින්ම ගියාහ. එසේ යන්නීන් කුමකින් කුමක් වේදෝහෝයි ඒ කැණහිලා කෙරෙහි සැකයෙන් සිවල්දෙන ඉදිරිකොට විමසමින් යන්නීය. එකල ඒ සිඟාලතෙම එන්නාවූ ඔහුන්ගේ ශබ්දය අසා එළුදෙන් ආවාහෝයි ඉස ඔසවා ඇස දල්වා බැලුයේය. එකල ඒ එළුදෙන් තොම එසේ බලන්නාවූ ඔහු දැක මේ පාපිෂ්ට ගුණ ඇති දුෂ්ට තෙනැත්තේ මා රවටා මරාකණු කැමතිව මළවෙස්ගෙණ හොත්තේයයි නැවත යන්ට නික්මුනාය.

එකල සිවල්දෙන විසින් යෙහෙළි තෝ කවර හෙයකින් නැවත යන්නෙහිදැයි විචාරණ ලදුව තමා යන කාරණා සිවල් දෙනට කියන්නාවූ ඒ එළුදෙන එම්බල යෙහෙලි තීගේ ස්වාමී පුත්‍රවූ පූති මාංශ නම්වූ සිඟාලයාගේ බැලීම මට යහපත් නොවන්නේය. එසේහෙයින් මෙබදූවූ වංචා ප්‍රයෝග දන්නා අසත්පුරුෂයා කෙරෙන් දුරුවීම යහපතැයි කියා තමා වසනතැනට ගියාය. ඒ සිඟාල දෙනුව ඒ එළුදෙනගේ ගමන් වලකාගතනොහී කිසිත් නැතිව තමාගේ ස්වාමිපුත්‍රයා ලඟට ගොස් සෝක කෙරෙමින් නොයෙක් සිතිවිලි සිතා කලකිරී උන්නාය. එකල එසේ උන්නාවූ ඒ සිවල්දෙනට විධාන කරන්නාවූ ඒ සිඟාලතෙම එම්බල වේනීය තෝ පළමු මාගේ යෙහෙළියවූ එළුදෙන් මට බොහෝ සෙනහ ඇත්තීය. මා කීවා කරන්නීයයි ගුණ වර්ණනා කොට අප ලඟට කැඳවාගෙණ එම්කියා ගොස් දැන්වනාහී අප සමීපයට නොඇවිත් දුරසිටම නැවත යන්නාවූ ඈ වලකාගත නොහී තෝ මෙතැන්හි අවුත් උමතුවාක් මෙන් ඉඳ කුමට සෝක කරන්නහෙිදැයි කීයේය. එබසට සිවල්දෙන්තොම කියන්නී එම්බල ස්වාමිපුත්‍රය තෝ පළමුවෙන් මළවුන්ගේ ආකාර දක්වා හෙව ඈ ලඟට ආ කල්හිම නැගී සිට බොටුව ඩැහැමරමි මන්ත්‍රණය කොට දැන් ඈ සමීපයට එන්ට පළමුවෙන් ඉස ඔසවා බැළුයෙහිය. එසේ හෙයින් පරීක්ෂා නුවනැත්තෙහිත් තෝමයයි කීවාය. මෙසේ ඒ වෙනි නම් සිවල් දෙන් තොම තමාගේ ස්වාමිපුත්‍රයානන් හිඳූවා ඉක්බිති ස්වාමිපුත්‍රයානන් වහන්ස නුඹ වහන්සේ සෝක නොකල මැනව, නැවතත් මම ඈ උපායකින් මෙතනට කැඳවාගෙණ එමි. එකල නුඹ වහන්සේ ඈ පමානොවි අල්වාගත මැනවයි කියා ඈ සමීපයට ගොස් කියන්නී එම්බල යෙහෙළිය පළමු ආ තොප ගියගමනින් බොහෝ වැඩ විය. තොප එතැන්හි ගොස් ආ තැන්හි මාගේ ස්වාමිපුත්‍රයා දැන් සිහි ලැබ ජීවත්වන්නේය. එසේ හෙයින් ප්‍රිය පඬුරක් ලදින් සතුටු කරන්නාක් මෙන් ඒ අපගේ ස්වාමිපුත්‍රයා කරාගොස් පිළිසඳර කථාකොට එවයි කීවාය. එසඳ ඒ එළුදෙන්තොම මේ පවිටු තෙනැත්තී මා රවටා කණු කැමැත්තීය. මොවුන් වෛරකරවා ගැන්ම සුදුසු නොවන්නේය.

එසේ හෙයින් උපායෙන්ම මෑ රවටා දුරු කෙරෙමි සිතා කියන්නී යහපත යෙහෙළිය තොප සතුටුකොට එමි එසේ එන්නමුදු බොහෝ පිරිවර ගෙණ එමි ඒ එන්නාවූ අපට කෑ යුතුවූ භෝජනයන් සපයා තබවයි කීවාය. ඉක්බිති ඒ සියල්දෙන් තොම විචාරන්නී මම තොප කීවාවූ පර්ෂිදටයම් භෝජනයක් පිසමි. ඒ තිගේ පරිවාරජනයෝ කෙබඳූ වන්නාහුද කිනම් ඇත්තාහුද ඔවුන් අපට නොවලහා කියවයි කීයා කීවාය. එබසට එළුදෙන් තොම තමාගේ පිරිවර කියන්නී එම්බල වෙනිය සුනඛයන් පන්සියයක් පිරිවරකොට ඇත්තාවූ මාලිය නම් වුද චතුරංඛ නම්වුද පිඟිය නම් වුද ජම්බුක නම්වූද යන මොහු සතරදෙන මාගේ පිරිවර වන්නාහ. මේ සියල්ල වුන් පිරිවරාගෙණ එන්නාවූ මට තෝ ගොස් අහර සපයා තබව. ඉඳින් තෝ ආහාර සපයා නොතිබුවා නම් මාගේ පිරිවරවූ දෙදාසක් බල්ලෝ තොප දෙදෙනා මරා මස්කන්නාහුයයි කිවාය. එබස් අසා ඒ සිඟාල දේනුතොම යහපත ඉඳින් තොමෝ එතැන්හි ගියා නම් අපට මහත් අනර්ථ වන්නේය. එසේ හෙයින් නොයන පරිද්දෙන් කෙරෙමි සිතා කියන්නී. එම්බල යෙහෙලිය තොප මේ වසන තැනින් නික්ම ගියකල්හි තොපගේ උපකරණ විනාශවන්නේය. එසේහෙයින් තොපගේ යහළුවූ ඒ සිඟාලයාට තොප නිදුක් නිරෝගී බව මම කියාලමි තෝ අනික් තැන්හී නොගොස් මෙතැන්හිම සැපසේ වාසය කරවයි. ඒ එළුදෙනට කියා තොමෝ මරණ භයින් තැතිගෙණ වේගයෙන් ස්වාමිපුත්‍රයා ලඟට ගොස් ඔහු කැඳවාගෙණ අන්තැනක විසීමට ගොස් නැවත ඒ ගුහාවට නොආචාරහුයයි සර්වඥයන් වහන්සේ ම් ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළසේක.

ඒ අසරණ ප්‍රදේශයෙහි වනස්පති ඇසූවාවූ දේවතාවා නම් ලොව්තුරා බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.