Skip to main content

424 හලින්දිය ජාතකය

සමස්ත ලෝක නායකවූ විශුද්ධගුණ ගුණාධාර සද්ධර්ම රාජාණන් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ කල්හි පතිකුලයට නොගොස් දෙමාපියන්ගේ ගෙයි වැඩුනු වයසින් මහත් එක කුමාරිකාවක් විසින් එක්තරා මහණක්හුගේ චිත්ත ලෝභයක් අරභයා වදාලසේක. මෙහි වර්ථමාන කථාව මතුකියන චුල්ලනාරද ජාතකයෙහි වර්ථමාන කථාව හා සමාන වන්නේය. අතීත කථාව වනාහී මේ මතු කියන ආකාරයෙන් දතයුතු.

ඒ කෙසේද යත්,

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජක්හු රාජ්‍ය ශ්‍රී අනුභවකරණ කල්හි පුරණලද බෝධිසම්භාර ඇති අප මහබෝසතානන් වහන්සේ කසී රට එක් බමුණු මහසල් කුලයෙක ඉපිද උගත් ශිල්ප ශාස්ත්‍ර ඇතිසේක් දාර පරිග්‍රහ කොට විසුසේක. උන්වහන්සේගේ භාර්යාව වූ බ්‍රාහ්මණ කුමාරිකාතොමො පුතකුවදා එක් දරුවා වයසෙහිම නැසුනාය. එකල බ්‍රාහ්මණ කුමාරතෙම සිතනුයේ මාගේ ප්‍රිය භාර්වාය වූ මේ කුමාරිකාවන් කාරා පැමිණියාවු මරණය කුමකැයි මා කෙරේ ලජ්ජාවෙද එබැවින් මට මේ ගිහිගෙයි විසිමෙන් කම්නැත. කාමසම්පත්තිය හැර පැවිදිවෙමි සිතා සිතු ලෙසම සියල්ල හැර ඒ බ්‍රාහමණ කුමාරයා පමණක් කැඳවාගෙණ හිමාලය වනයට ගොස් ඔහු හා සමඟ තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යානාභිඥා උපදවා වනමුල් ඵල ආහාරකොට එහි වාසය කෙළේය. එකල්හි පසල්දනම්වෙහි වසන්නාවූ බොහෝ සොරහු ගම්පැහැර එහි මනුෂ්‍යයන් අල්වාගෙණ උන් ලබා බඩු පොදි ගෙන්වාගෙණ තමන් වසනතැනට එන්නාහුවෙති. ඔවුන් අතුරෙන් රූපශ්‍රී සාරවූ ශඨප්‍රයෝග දන්නාවූ එක් ස්ත්‍රියක් මොහු අල්වාගෙණ දාසිකොට මෙහෙගන්නාහුවෙති, එබැවින් එක් උපායකින් මොවුන්ගෙන් මිදි යායුතුයයි සිතා ස්වාමිනි සිරුරු කිස කරුණු කැමැත්තෙමි. මදක් දුරුව සිටිය මැනවැයි කියා සොරුන් වලහා සැඟවිගොස් වල්හි ඇවිදිනි මහබෝසතානන් වහන්සේ තාපස කුමාරයා පන්සල සිටුවා ඵලාඵල පිණිස වැඩිකල්හි පෙරවරු පන්සලට අවුත් තමාගේ රූපශ්‍රියෙන් තාපස කුමාරයා පොළොඹා ඔහුගේ ශිලභේදකොට ඔහු තමා වසඟවූ බැව් දැන මොහු රවටා මිනිස් පියසට කැඳවාගෙණ යෙමියි සිතා කථාකරන්නාවූ ඒ කුමාරිකාතොමෝ එම්බා තාපස කුමාරයෙනි ජන සංචර රහිතවූ මේ මහා වල්හි රූපාදීවූ පංචවිධ කාම කොට්ඨාසයෝ බොහෝසේ නොලබනහෙයින් නැවත නැවත විසිය නොහැක්කේය. යමෙක් ගම්හි වාසය කොට ඒ රූපාදීවු පඤචකාම කොට්ඨාසය ඉවසන්නේ විනම් ඒ මහත්වන්නේය. හෙවත් ඔහුගේ ශීලයම මහත්ඵල වන්නේයයි කිවාහුය. එබසට ඒ ඇසු තාපස කුමාරතෙම මාගේ පියානන්වහන්සේ ඵලා ඵල පිණිස වලට වැඩිසේක. ආකල්හි උන්වහන්සේ විචාරමි කීයේය. එකල්හි ඒ ස්ත්‍රිතොම මේ කුමාරයාට පියානකෙණකුන් ඇත්ල ඉඳින් ඒ තාපසතෙම මා දුටුයේ වීනම් ඵලාඵල ගෙණෙන කලත් දඬු කෙළෙවරින්ම තළා විනාශයට පමුණුවන්නේය. එබැවින් මා පළමුකොට යායුතු යයි සිතා එම්බා කුමාරයෙනි මම මග අතුසන් කඩා පළමයන්නෙමි තොපි පසුව එවයි කීයා ගියාය. ඒ ස්ත්‍රිය ගියකල්හි එපන්සල සැපවිය යුතු දරදිය නොසපයා උදක් සෝක කරමින් උන්නේය. ඵලාඵල ගෙණ එන තාපසයන්ට පෙර ගමන් පමණකුත් නොකෙළේය. එයින්ම තාපසයන් වහන්සේ මේ ස්ත්‍රී වසඟයට වියයි දැන කුමක් නිසාතෝ දරදිය නොසපයා සෝකකොට උන්නෙහිදැයි විචාළසේක.

එබසට කුමාරතෙම ස්වාමිනි බැද්දෙහි ඉඳ රක්‍ෂා කළාවූ සිල් මහත්ඵල නොවෙයි කියාද ගම ඉඳ රක්ෂා කළාවූ සිල් මහත්ඵල වෙයි කියාද ඇසිමි. එබැවින් මම ගමට ගොස් සිල් රක්ෂා කරණු කැමැත්තෙමි. මාගේ යාළුවානෝද මා එන්ඩ කියා තුමු පළමුවෙන් ගියෝය. ඔවුන් හා සමග මමද යනු කැමැත්තෙමි. එම්බා තාපසයන් වහන්ස මේ මහවලින් ගමට ගියාවූ මම කෙබඳූ සීලයක් කෙබඳූ වාතයක් ඇති පුරුෂයෙකු සේවනය කෙරෙම්ද, කෙබන්දක්හූ සේවනය කිරීමට මට යහපත්ද වදාළ මැනැවයි කීයේය. එබසට තාපසයන් වහන්සේ එම්බල කුමාරය මෙලොව යමෙක්හට කයින් සිද්ධවන්නාවූ ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිතථ්‍යාචාරයයි කියන ලද අකුශලයෝද වචන යෙන් සිද්ධවන චතුර්විධ අකුශලයෝද මනසින් සිද්ධවන්නාවූ ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිත්‍යාචාරය යයි කියන ලද අකුශලයෝද වචන යෙන් සිද්ධවන චතුර්විධ අකුශලයෝද මනසින් සිද්ධවන්නාවු අභිiාය ව්‍යාපාදාදීවූ ත්‍රිවිධ අකුශලයෝද සිද්ධනොවෙද්දී හෙවත් නැත්තාහුද එබඳූ සත්වයා මවගේ ලෙහි වැතිරි මට භජනය කරන්නාවූ ප්‍රිය පුත්‍රයෙකු මෙන් මෙයින් ගමගියාවූ තෝ භජනකර නැවත යමෙක් දැහැමෙන් හැසිරේද එසේ දැහැමෙන් හැසිරෙන්නෙත් අනුන්ට නින්දා නොකෙරේද පිරිසිදුවූ චාරිත්‍ර ඇති තෙනැත්තහු ඒ පුරුෂයා භජනය කර. එම්බා තාපස කුමාරය සියලු දසදහසක් යොදුන් දඹදිව සියළු මනුෂ්‍යයෝම නැසී එක පුරුෂයෙක් පමණ සිටියේවී නමුත් ඒ පුරුෂ කසායෙන්වූ පැහැය අවු ආදියෙන් නැසී බොහෝ කලක් නොපවත්නේද ඒ මෙන්ම වහා නැසෙන්නාවූ සෙනහස ඇත්තේද වඳූරන්සේ චංචලවූ ප්‍රවෘත්ති ඇත්තේද එක අරමුණක පවත්නා සිත් නැත්තේද ඒ පඤචාකාම ගුණ කොට්ඨාශයෙහි ඇවිල එකෙණහි විරත්ත වීම ස්වභාවකොට ඇත්තේද එබඳූවූ පුරුෂයා භජනය නොකර යම්සේ ගැල් ආදීවූ යානාවෙන් යන්නාවූ සත්වයෝ වලගොඩ කණුපහණ ආදියෙන් සමනොවන්නාවූ මාර්ගයද අපවිත්‍රයෙන් ගැවසීගත්තාවූ මාර්ගයද හැර තමන්ට සැපවූ මාර්ගයෙහි යෙද්ද එපරිද්දෙන් දඬෙන් ගැසූකල කිපෙන්නාවූ සර්පයකු මෙන් කාරණා කාරණා නොදැන මදකින් කිපෙන අසත්පුරුෂයා භජනය නොකාර හෙවත් දුරු කරවා තවද එම්බල තාපස කුමාරය නුවනැත්තාවුන් විසින් භජනය නොකොට යුතුවූ අමිත්‍ර වූ අඥාණයා අතීතානාගත වර්තමාන කාලත්‍රය සංඛ්‍යාත හැමකල්හි නිරන්තරයෙන් ඔහු හා සමඟ භජනය සමාගමයයි කියන ලද විස්වාසය නොකර ඒ එසේමය එබඳූ අඥාණයා භජනය නොකර ඔහු භජනය කරන්නාහට බොහෝ දුක්වන්නේය. යනාදීන් මෙසේ අවවාද කොට මේ මාගේ අවවාදවූ පරිද්දෙන් මෙසේ පිළිපදුව මාගේ වචනයෙහි පිහිටුවයි කීයේය.
මෙසේ පියාණන් විසින් අවවාද කරණලද්දාවූ ඒ කුමාර තෙම කියනුයේ මම මනුෂ්‍ය පථයට ගියෙම් වීනම් නුඹ වහන්සේ වැනි පණ්ඩිතකෙණෙකුන් වහන්සේ ලැබගත නොහැක්කෙම් එතැන්හි යාමට භය ඇත්තෙම් එසේ හෙයින් නුඹ වහනසේ සමීපයෙහි වාසය කෙරෙමි කීයේය. ඔහු එසේ කී කල්හි නැවතත් අවවාද දෙන්නාවූ තාපස තෙම කිසුනු පිරියම් ඉගැන්වූයේය. ඒ කුමාර තෙම නොබෝ කලකින් පංචාභිඥා අෂ්ට සමාපත්තීන් උපදවා තමන්ගේ පිය තාපසයන් හා සමඟ බ්‍රහ්ම ලෝකයට ගියේයයි. මෙසේ දේවාති දේව වූ අප තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ මේ දර්මදේශනාව ගෙණහැර දක්වා චතුස්සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යාවසානයෙහි උකටලී වූ මහණ තෙම සෝවාන් ඵලයෙහි පිහිටියේය.

එකල්හි මනුෂ්‍යපථයට යෙමියි කැමතිවූ තාපස කුමාරයෝ නම් මේ උකටලී මහණය. එකල්හි මනුෂ්‍යපථයට කැඳවු කුමාරිකාව නම් මෙකල්හි මොහු උකටලීකරුවූ මේ කුමාරිකාවන්නීය. එකල්හි ඒ බ්‍රාහ්මණ කුමාරයන්ට අවවාදදුන් පියතාපසනම් දැන් ලොව්තුරා බුදුවු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.