423 සක්වාදා ජාතකය - IFBC Organization | Dhamma

තවද එක් සමයෙක්හි දෙවි ඹබ හා සුරගරුඪ ගුරුළු කිරුළු මිනිගස් දියෙන් දෙව්සිරිපා පියුම් ඇති ගොයුම්ගොත්හි උපන් අප බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර සිට බඹ විහරණයෙන් විහරණය කරණසේක් ප්‍රත්‍යයෙහි ලෝභී සිත් ඇත එක්තරා මහණකු අරභයා මේ ජාතක කථාව ගෙණහැර දක්වා වදාළසේක.

ඒ මහන ඉතා තමා ප්‍රත්‍යයෙහි ලෝභි හෙයින් ඇදුරුවන් තෙරවත් ආදිය උදාභීනව නොකෙර හැර උදෑසනම සැවැත්නුවරට විශාඛා මහා උපාසිකාවන්ගේ නිවෙසනට ගොස් වැඩ හිඳ නොයෙක් අවුළුනා සමග ඵලවූ කැඳ වළදා දහවල් රසමසවුලෙන් යුත් පිණි බොජුන් අනුභව කොට එයින් තෘප්තියට නොගොස් සුළු අනේ පිඬු සිටානන් කොසොල් රජුන් ආදීන්ගේ ගෙවල පසලොල්ව ඇවිදිනේය. එකල්හි එක් දවසක් දම්සභා මණ්ඩපයට වටින් ඇවිත් රැස්ව උන් භික්ෂූන් ඔහුන්ගේ ලොල් අතර අරභයා කථාවක් කිය කියා උන්නාහුය. එකල බුදුරජානන් වහන්සේ දම්සභාවට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි තෙපි කිනම් කථාවක් කිය කියා උනුදැයි විචාරා වදාල ස්වාමිනි අපි අසවල් භික්ෂුන්ගේ ප්‍රත්‍යයෙහි ලොල් බහුලබව කිය කියා උනුම්හයි දැන්වූ කල්හි ඔහු කැඳවා සැබෑද මහණ තෝ ලෝභසඤාර ඇත්තෙහිදැයි විචාරා සැබැව ස්වාමිනි දැන්වුකල්හි මහණ කවර හෙයකින් ප්‍රත්‍යයෙහි ලොභකේරෙහිදැයි පලමුත් තෝ ආමිසයෙහි ලොල්ව බරණැස් නුවර මහත් ඇත්කුණු ආදිය සිත්සේ අනුභවකොටත් නොපිරුණු සිත් ඇතිව එයින් ගොස් ගංඟා තීරයෙහි සඤචරණය කෙරෙමින් අසවල් පසල් දනව්නැති හිමවූ පියසට පිවිසියෙහි වේදැයි වදාරා එපවත් අසනු කැමැති මහනුන් විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජකු රජකරණ සමයෙහි එපුර මළ ඇත් අස් ආදීන්ගේ කුණපයෙන් දිවිවටා නොපසුබට ඇවිටියෙන් ඇවිදිනා කපුටුවෙක් එයින් නොසතුටුව ගොස් මසු අනුභවකෙරෙමින් ගංතෙරට පැමිණ මළ මසුන් කා කීපදවසක් එහි වැස නැවතත් එහි කළ ආලයෙන් හිමාලයට වැද නොයෙක් වනමුල් වනඵල අනුභව කෙරෙමින් ගොස් මස්කැස් බන්ගෙන් ගැවසිසුවිපුල් ඈ පස්පියුමෙන් සැදුම් ලත් පියුම්විලකට පැමිණ එහි සෙවෙල්කමින් පෙමින් උනුන් නොහැර එක්ව වසන සක්වාන් දෙදෙනකු දැක මොහු මනාවර්ණ සම්පත්තිතෙයන් සමන්විතය. මොවුන්ගේ භොජ්නය ඉතා සිත පිනවන්නේයයි එයින් මොවුන් කණ ගොදුරු විචාරා මමත් එම අනුභව කරන්නට වන්නම් මැනැවැයි සිතා ඔවුන් සමීපයට ගොස් අදරින් පිළිසඳර කථාකොට විසිතුරු අතුරෙකහි හිඳ ඔවුන්ට ප්‍රසංශායුත් තෙපුල් බණනේ. එම්බා පක්‍ෂිනි රන්වන් පිළිපෙරවියෙවුන් බඳූව යුක්මට එක්ව සතුටුසිතින් මේ තැන්හි ඇවිදිනා තොපට මනුෂ්‍යයෝ කවරපක්‍ෂිකෙණෙකුනැයි කියද්ද, ඒ අපට වහා කියයි කියේය. ඔහුහට තමා වංශය දක්වා කියන්නාහූ සක්වාලිහිණිතෙම ආමිස ලෝභයෙන් මිනිසුන්ට මෙහෙකොට හැසිරෙන්නාවූ එම්බල කපුටුව ප්‍රියසංවාසයෙන් එක්ව කිසිභයක් නැතිව පියුම් විල් හි වාසය කරන්නාවූ අපට සක්වා ලිහිණිනම් පක්ෂිජාතියකැයි කියාද සියළු පක්ෂීන් කෙරෙන් මොහු කල්‍යාණගුණ ඇත්තාහුයයි කියාද මනුෂ්‍යයෝ කියන්නාහුයයි කියේය. එබසට කපුටුතෙම අනින්දිතවූ එම්බා චක්‍රවාකයෙනි තාගේ මේ ශරීර වර්ණය හා කායබල ඉතා අනල්පය, කිමෙක්ද, තොපි මේ සුපිපි තඹරකයෙහි කවර ඵලයක් අනුභව කරවුද නොහොත් ස්වර්ණ වර්ණවීමට නිසි කවරප්‍රාණීන්ගේ ශරීරමාංශයක් අනුභවකරව්දැයි විචාළේය.එසඳ චක්‍රවාකතෙම කියනුයේ එම්බල කපුටුව මේ තටාකයෙහි අනුභව කිරීමට නිසි පලාඵලයෙක්ද නැත මේ චක්‍රවාක ජාතකයෙහි උපන් අපට මාංසයක් නම් කැලම නැත එයින් අපි මේ පියුම්විලෙහි සෙවෙල් පමණක් අනුභවකොට වසම්හ. තොපි කපුටුවන් මෙන් දිවිවැඩුම් පිණිස පරපණ නොනසම්හයි කියේය. එබසට කපුටුතෙම කියනුයේ එම්බා චක්‍රවාකයෙනි තොපගේ මේ ආහාර අපට අරුචිකරන්නේය. රන්වන් සිරුරු ඇතිව මේ චක්‍රවාක ජාතියෙහි උපන්නාවූ තෙපි නින්දිත වූ ආහාර අනුභව කිරීමට සුදුසු නොවව, ඒ කාරණයෙන් තොපගේ මේ ශරීර වර්ණයට අපට විමැතිවුයේය. අපි වනාහි රණමුඛයෙහි නිර්භිතවූ සුරපුරුෂ යන්මෙන් මිනිසුන් කෙරෙත්ම සඵල රස හා ළුනු තෙල් මුසු මියුරු රස ආහාර රැගෙණ කැමතිලෙස අනුභවකරම්හ.

එතකුදුවුවත් තෙල තොපගේ ශරීරය පැහැවනි පැහැයෙක් අපට නැත්තේය. එසේහෙයින් සෙවෙල් පමණක් අනුභවකොට වසම්හයි කීවාවු තොපගේ බස් අදහා නොගනිමි කීවාහුය. එකල්හි කපුටුවාගේ වර්ණසම්පත්තිය නොවිමට හා තමාගේ ශරීර වර්ණ සෞන්දර්යයට කාරණා කියන්නාවූ ඒ සක්වාලිහිණි තෙම එම්බල කපුටුව තොපි අනුන් අයිතිදෙය පැහැරගෙණ කණ හෙයින් නොපිරිසිදු ආහාර ඇතිව ඒ මතුද නොවෙයි ජනයාගේ කිසිප්‍රමාදයක් දුටුකෙණෙහි ඔවුන් සතුවූ ආමිෂයෙහි හෙන්නේහිය. එකල්හි ඔහු කැටකැබලිති ආදියෙන් පැහැර ළුහුබඳවති, එයින් තොපට කණබොනදැ දුකසේ ලැබෙන්නේය. ඒ තමා අමුසොහොන්හි දැමු මිණිමස් ආදියෙනුත් සතුටු නොවව. තවද එම්බල කපුටුව යමෙක් අනුන් වෙහෙසදී ලත්දෙයින් දිවිපවත්වාද ඒ තෙමේ එයින් නින්දිතව පසුතැවුලියට පැමිණ ශරීරවර්ණයෙන් හා කාය බලයෙන් පිරිහෙන්නේය. ඉඳින් එම්බල කපුටුව යමෙක් අනුන්ට පීඩා නොකොට දැහැමෙන් සෙමෙන් ලදදෙය අනුභව කරන්නේ වීනම් ඒ නුවනැති උත්තමයාගේ කායබල හා වර්ණසම්පත්තිය වැඩෙන්නේය. එසේහෙයින් මේ ශරීරවර්ණය නම් අනේකප්‍රකාර ආහාරයෙන්ම වන්නේය නොවෙයි කර්ම චිත්ත සෘතුවෙනුත් වැඩෙන්නේ යයි කීයේය. මෙසේ ඒ සක්වාලිහිණිතෙම නොයෙක් කාරණයෙන් ඒ කපුටුවාට අපහාස කළේය. එකල ඒ කපුටු තෙම අපගේ අවර්ණ තොපගේ වර්ණයෙන් අපට ප්‍රයෝජන කවරේදැයි ඕහට දොඩාගෙණ ගියේ යයි කියා මෙසේ සියළු ලොක අනුශාසන ශාක්‍යකුල තිලකවූ අප තථාගතයන් වහන්සේ චතුස්සත්‍යය ප්‍රකාශකොට මේ ජාතක ධර්මදේශනාව දක්වා වදාළසේක. ඒ සිව්සය වර්ණ දෙසුන් අවසන්හි පසලොල් ඒ මහණ අනාගාමී ඵලයෙහි පිහිටියේය.

එකල කපුටුවා නම් ප්‍රත්‍යාලෝභිවූ මේ කල මේ මහණ වන්නේය. සක්වා ලිහිණි නම් දැන් මේ සවනෙන් ගිහිනි මේ රාහුලය මාතාවන්නීය. ඒ සක්වාලිහිණියා නම් සව්සතවෙක පතල කරුණා ඇති මෙත් සමතිස් පෙරුම්පුරා විදුරසුන් අරා පස්මරුන් මරා ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

424 හලින්දිය ජාතකය
422 ලොමස ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.