Skip to main content

421 පදමානවක ජාතකය

තවද කරුණා නිධාන වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පියවර අසවළුන්ගෙයයි දැන්වීම අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැවැත්නුවර සිටානකෙණෙකුන්ගේ පුතෙක් ඇත. ඒ පුත්වනාහි සත් අවුරුද්දක් ගිය යම්ම කෙණෙකුන්ගේ පියවර අවසළුගේයයි පියවර සලකුණෙන් ගොස් උන්සිටි යම්ම තෙනකට ගොසින් සිටිනා නුවන පහළවිය. එසේ හෙයින් ඕහට පදමානවක කුමාරයෝයයි නම් තුබූහ. පියාණෝ පුතනුවන් පරීක්ෂා කරණ පිණිස අනික් ගෙයක සැඟවි උන්නාහ. පුතනුවා් අවුත් පියානන් විචාරා ගෙයි නැතැයි කී හෙයින් පියානන් උන්තෙනට පියවර සලකුණෙන් ගොසින් සිටියාහ. දෙවැනි මුරයකුත් පුතනුවන් පරීක්ෂා කරනු පිණිස සිටානන්ගේ ගෙටවැද පෑලැදොරින් අනික් ගෙයකට වැද ඒ ගෙයි පෑලදොරින් ගොසින් තමන් ගෙට වැද විථියට බැස විථියෙන් පිටත මගබලා ගොස් ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ සිටියාහුය. පුතනුවෝ ගෙට අවුත් පියානන් විචාරා නුදුටුම්හයි කීහෙයින් සිටානන් ගිය පියවර සලකුණෙන් ගොස් අනික් ගෙයකට වැද ඒ ගෙයි පෑලදොරින් තමන්ගේ ගෙට අවුත් විථියට බැස පිටමග ඔස්සේ ගොසින් ජේතවනාරාමයට ගොසින් පියානන් ලඟ සිටියාහ. සිටානෝ සර්වඥයන් වහ්සේට දන්වන්නේ ස්වාමිනි මාගේ පුත්‍රයාට සැඟවි මෙතනට ආමි. මාගේ පියවර සලකුණෙන් සොයාගෙණ අවුය. මුන්ගේ නුවන යහපත් නියායයි දැන්වූහ. සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනකුන් රාජ්‍යය කරණ කල්හි රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකා බිසව් අනාචාරයෙහි යෙදී වාසය කරන්නාහුය. රජ්ජුරුවන් විසින් එපවත් අසාකෝප වූ කල කියන්නාහු අනාචාරයේ සිට රජ්ජුරුවන් වහන්ස මම එසේ නොකෙලෙමි. එසේවූ අනාචාරයක් කෙළෙත් නම් අස්මුහුණක් ඇතිව යක්‍ෂණිව උපදිත්වයි කියා බොරු දිව්ලිය දිවුල නොබෝ කලකින් මිය ඒ දිවල පරිද්දෙන් අස්මුහුණක් ඇතිව යක්‍ෂණිව ඉපිද වෙසමුණි රජ්ජුරුවන්ට දොළොස් අවුරුද්දක් පැන් ඇද දිගින් තිස්ගව්වක් හා පලලින් පස්ගව්වක් ඇති වනාන්තරයක් මිණිකණ නියායෙන් තමාගේ පිරිවර හා සමගින් ගමනක් යන්නේ ඒ වනාන්තරයට පැමිණිසේක. ඒ යකින්නී දුර එන්නාවූ බ්‍රාහ්මණයා දැක එතනට පැමිණ කර ඉඳූවාගෙන තමාගේ ගුහාවට ගියාය. බ්‍රාහ්මණයාගේ ශරීර පහස තමා ශරීරයේ වැදගත් ගමනේ සමාධියෙන් බ්‍රාහ්මණයා තමාට ස්වාමිපුත්‍රකොට තබා ගෙණ ඔහුට බත් මුලක් ආදිවුදෙය බැගින් ගෙනගොස් බ්‍රාහ්මණයාට දෙන්නීය. තොමෝ මිණිමස් කන්නීය. එ කියන බ්‍රාහ්මණයා හා යක්‍ෂණි මහත් සන්තෝෂයෙන් වාසය කරන්නාහ, එසමයෙහි ශ්‍රීමත් වූ බෝධිසත්වයෝ බ්‍රාහ්මණයානන් නිසා යකින්න බඩ පිළිසිඳ දස එකඩ මසකින් වදාපුව බෝධිසත්වයෝ වැඩිවිය පැමිණියාහ. යකින්නී මස්කන්ට යනකල පුතනුවන් හා ස්වාමිපුත්‍රයානන් ගල්ගුහාවේ ලා සැඟවි පලා යතියි සිතා මහත් ගල්ලෑල්ලකින් දොර කඩා වසා යන්නීය. එක් දවසක් බෝධිසත්වයෝ ගල්ලෑල්ල ඉවත් කොට දොරමිදුලේ සිටියාහ. යකින්නී අවුත් වැද ගියාය. බෝධිසත්වයෝ ගල්ගුහාවට වන්නාහ. යකින්නී කවුරුද මේ ගල්ලෑල්ල ඉවත්කළෝයයි කිව. බ්‍රාහ්මණයා කියන්නේ තොපගේ පුතනුවෝ තුලු ගල්ලෑල්ල ඉවත්කළෝයයි කීහ. යකින්නී පුත්‍ර සෙනෙහයෙන් කුමක් නොකිව. එක් දවසක් බෝධිසත්වයෝ පියානන්ට කියන්නාහු මපියානන් වහන්ස නුඹ වහන්සේගේ මුහුනත් මාගේ මුහුනත් එකපෑ මුහුනුවරය මෑනියන් වහන්සේගේ මුහුනුවරය වෙනය මට කාරණා කිම්දැයි කීහ.
එවිට බ්‍රාහ්මණයා කියන්නේ තොප හා අප හා මිනිස්සුව මෝයකින්නීයයි කියන්නා බෝධිසත්වයෝ මුන් යකින්නී කල අප එකෙතෙන වාසය කරන්නේ කෙසේදැයි කියා බෝධිසත්වයන් වහන්සේ පියානන් ඇරගෙණ නික්මුණකලට යකින්නී වහා අවුත් ගල්ලෙන බලා නොදැක මගට ගොසින් දෙන්නා එක්ව අල්වාගෙණ ඇයි බමුණ කුමක් කෙළේදැයි විචාරන්නා මම නොවෙයි දරුවෝයයි බ්‍රාහ්මණයා කීයේය. යකින්නී පුත්‍රසෙනහයෙන් කුමකුත් නොකළීය. මේ නියායෙන් තුන්වාරයක් මගටගිය ගමනේ යකින්නී ගෙණාව. පසුව දවසෙක බෝධිසත්වයෝ සිතන්නාහූ මේ නියාවට ගොසින් ගැලවිය නොහැක්ක. මාගේ මෑනියන් අතින් ඉම විචාරාගෙණ යෙමි සිතා බෝධිසත්වයෝ මෑනියන්ට සුරතල් කොට විචාරාගණිමි සිතා මෑනියන් වහන්ස දෙමාපියන් සන්තක වස්තුනම් දරුවන් සන්තකය, එසේ හෙයින් නුඹ වහන්සේ මීනි කණ ඇතුලත ඉම ගම සට කියන්ට උවමැනවයි කියන්නා යකින්නී බෝධිසත්වයන්ට අසවල් පර්වතය අසවල් ගස ඇතුළුතැන මාගේ ඉමය. දිගින් තිස්එක්ගව්වක් හා පලලින් පස්ගව්වක් හා ඇතුළතැන ඉම කිව. බෝධිසත්වයෝ එක් දවසක් යකින්නී ගොදුරු කන්ට යාදී පියානන් කරා ඉඳූවා ගෙණ පවනට බඳූවේගයෙන් දිවගෙණ ගොස් යකින්නියගේ ඉම මධ්‍යයට පැමිණ සිටිකලට යකින්නී ගල්ලෙනට අවුත් බලා නොදැක මහත් වේගයෙන් ඉම ඉවරට අවුත් කියන්නී පුත තොප හා තොපගේ පියානන්ට මාගේ ජිවිතය තිබෙයි යන්නක් නොසිතවයි කියද්දීම ගඟින් එගෙඩ බසැ බෝධිසත්වයෝ කියන්නාහූ මෑනියන් වහන්ස නුඹ වහන්සේ යකිණියක අපි මිනිස්සුය එක තැන වාසය කිරීම අපාසුයයි කීහ.

එවිට යකින්නි කියන්නී පුත තොප හා වියෝවිමෙන් මාගේ ජිවිතය නොතිබෙයි කියද්දීත් බෝධිසත්වයෝ මෑනියන් වහන්ස නුඹ වහන්සේ කෙසේ කීවත් නුඹ යකකුව අපි මිනිස්සුව එක තැන වාසය බැරියයි කියා නික්මෙමයි කීහ. යකින්නි පුත තොපි ගිහිගෙයි වාසය කිරීම නොයෙක් දේ ඉගෙණ ගෙණ වාසය කරන්ට උවමැනව දොළොස් අවුරුද්දක් කල් සොරකමෙන් වී නමුත් පදලාංජනයකින් අල්වා ගන්නා නිමිත්ත කියන්නාහු චින්තාමාණික්‍යයක් මෙන් පෙනෙන්නාවූ යහපත් දිව්‍ය මන්ත්‍රයක් ඇත ඉගෙණ ගෙණයවයි කීහ. ඒ යහපතැයි කියා වැදඹත්තේය. මන්ත්‍රය ඉගෙණගෙණ වැඳලා මෑණියන් වහන්ස වැඩියමැනවයි කියා බෝධිසත්වයන් නික්මෙන අකාර දැක්වූ ගමනේ පුත මා ඇරපියායව්දැයි කියා ලෙයි අතගැසූ ගමනේම ලය දෙකක්ව පැලී මළාය. බෝධිසත්වයන් හා පියානෝ දෙවෙනිව ගඟන් මෙගොඩට ඇවිත් ආදාහණකොට අඬා වැලප නික්මුනාහුය. යක්දරුවෝ වැවෙති යක්දෙමව්පියෝ නොවැවෙති කියත. එසේ හෙයින් පියානන් හා සමගව බෝධිසත්වයන් හා දෙනො වෙති කියත, එසේ හෙයින් පියාණන් හා සමගව බෝධිසත්වයන් හා දෙනො බරණැස් නුවරට ගොසින් රජ්ජුරුවන් ගේ වාසල සිට කියා යවුහ. රජ්ජුරුවෝ කියන්නාහු සොරාගේ පියවර සලකුණෙන් ගොස් සොරකම් අසුකරන්නට වූ පදමානවකයෝ නම් තොපි දැයි විචාළාහ. සඹඳ දරුව තොපි සොරකම් අසුකරන්නේයයි විචාරන්නාවූ එවෙළෙහි බෝධිසත්වයෝ සැබැව ස්වාමිනි දොලොස් අවුරුද්දක් කළ සොරකමුත් පලාඤඡනයකින් අල්වා පෘවාදෙමි කීහ.
රජ්ජුරුවෝ යහපති මා හා කැටිව සේවය කරවයි කිගමනේ ස්වාමිනි සේවාකමට සිටිමට මස්සෙන් දාසක් නියාවට පඩි දුන මැනවි කියා සලස්වාගෙණ රජ්ජුරුවන්ගෙන් පඩිකා සේවය කරන්නාහ. එසමයෙහි එක් දවසක් රජ්ජුරුවන්ගේ පුරෝහිත බමුණා රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමිනි මූ සොරකම් අසු කරමි කියති. ඒ සැබැවත් බොරුවත් නොදෙනෙයි. ඒ පරික්ෂා කරන්ඩ උවමැනයි කියන්නා රජ්ජුරුවෝ යහපතැයි කියා පුරෝහිතයානොත් රජ්ජුරුවෝත් මතුමහලට නැගී භාණ්ඩ තුබු ගබඩාවේ දොර හැර ඉන් සම්පත් ඇරගෙණ ඉනිමගින් පාත බරස රජගේවට තුන්විටක් ඇවිද පහුරේ ඉනිමග වතුරුවා ඊපිටින් බැස අධිකරණ ශාලාවේ තැනක්වෙලාසිට දෙවැනිව ඉනිමගින් ඇතුළට අවුත් මගුල් උයනේ පතසවටකොට තුන් විටක් ඇවිද පතය ඇතුලේ ගෙණගිය සම්පත් සඟවා තබා රජගෙට ගියාහ. පසුව දවසක භාණ්ඩාගාරේ සොරක්ම්කළෝයයි නුවර මුලුල්ල ප්‍රකාශ විය රජ්ජුරුවෝ බෝධිසත්වයන් කැඳවා කියන්නාහු ඊයේ රෑ උඩුමාලේ ගබඩාවේ සොරකම් කොට ගත්තාහ, අපට අල්වාදෙවයි කීහ. බෝධිසත්වයෝ උඩුමහලට නැගී මන්ත්‍රය දුන් මෑනියන්වහන්සේට නමස්කාර කොට කියන්නාහු දේවයන් වහන්ස මෙතැන සොරුබෑය. අධිකරණ ශාලාවේ මදක් වෙලා සිට දෙවැනිව එම ඉනිමගින් පතසටගොසින් පතසවට තුන්විටක් ඇවිද පතසට බැස දියෙහි තුබූ සම්පත් ඇරගෙන රජ්ජුරුවන්ට දුන්හ. එවිට සියදහස්ගණන් මනුෂ්‍යයෝ දාස සියගණන් පිළිඉසිසාරා නැටුම් ඔල්වරසන් දී මහත්වූ සන්තෝෂවූහ. රජ්ජුරුවෝත් එවිට සොරකම් කල සොරුන් නම අපට කිව මැනවයි කී කල්හි ස්වාමිනි සම්පත් තිබුපසු සොරුන්ගෙන් ප්‍රයෝජන කිම්ද සොරකම් කල සොරුන් නම මම දනිමි. මම නොකියමි මෙතනමයයි කීහ. රජ්ජුරුවෝ සොරුන්ගේ නම අසන්ට උවමැනවයි තත්පරව කියන්නාහු බෝධිසත්වයෝ ස්වාමිනි සොරුන් නම කියනොහැක්කේය.

බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෙක සොරකම් කළේය. නම් කී කල බොහෝ දනා විපක්‍ෂවන බැවින් අසවල්හු යයි නම කිය නොහැක්ක කාරණයෙක් දක්වමි කියා කියන්නාහු රජ්ජුරුවන් වහන්ස යටගිය දවස බරණැස්නුවර පාඨළි නම් විද්දතෙක් ඇත. ඒ විද්දතා ගගින් එතර ගමනක් යන්ටයයි කියා යන තැනක් තේ ගඟට බසිනාගමනේ ගඟවතුර හෙයින් විනාව තමාගේ බොටුවේ බැඳ ගෙණ අඹුව උරෙහි එල්වාගෙණ ගගනි එගොඩ පිනන කලට ගඟමධ්‍යයෙහි විනාවට දිය ඉකිමියන්ට වන්කලට අඹුව අතහැර ගොඩපිනා සිට කියන්නේ දැන් මදකින් තොප පැන්බී මියෙයි තොප බොහෝ හිදන්නෙහිවේද ඉන් හීයක් මා රැකෙණ නියායෙන් උග්වාලවයි කිව. එවිට විද්දතා කියන්නේ මියෙන කල තොපට කුමන ගීද උගන්වන්නේයයි කීය. කියන්නනේ පැන් මුල්ව පිපාසා පටන් ආදීවු දෙයද අනිකුත් බොහෝ වැඩියේ යෙදෙන්නාවූ පැනින් මා මරණ කල මා කළමනා කින්දැයි කීයේය. එමෙන් සියළු මනුෂ්‍යයන්ට අභිවෘද්ධිදායකවූ කෙණෙකුන් විසින් වුදෙයක, එසේ හෙයින් සොරකම් කළවුන් කයනොහැක්ක. ස්වාමින්ඩම දැනෙයි කියද්දීත් තත්පරවම රජ්ජුරුවෝ සොරුන්ගේ නම කියන්ට උවමැනවැයි කියන්නාහ. එවිට බෝධිසත්වයෝ රජ්ජුරුවහන්ස අසවළුනැයි කිමෙන් බොහෝ උපද්‍රව සැලසෙයි කියන්නාහු රජ්ජුරුවන්වහන්ස මෙම නුවර එක් කුඹලෙක් වලකින් පස් කපා මැටිගෙණ පිටත්ව යන්නේ එම මැටිගත් වල දවසක් වැසීමෙන් දියපුරා වැසින. කුඹලා මැටිකපමින් සිට කියන්නේ මට ප්‍රතිෂ්ඨාවූ හැටිය නිසා මට භය පැමිණෙන්නේයයි කීය. එමෙන් රජ්ජුරුවන් වහන්සේ මේ සොරකම කළඋන්නේ නම කිය නොහැක්ක. නම් කීමෙන් බොහෝ අලාභයට මූලික වෙයි. නුඹ වහන්සේටත් සෙරුන්ගේ නම් දැනෙයි කියාදිත් මට මේ ව්‍යාඛ්‍යාණ කීමෙන් ප්‍රයෝජන නැත සොරුන්ගේ නම මට කියන්ට උවමැනැවයි කීහ.

නැවත බෝධිසත්වයෝ කියන්ට භයකෙරෙයි කියා අනික් කාරණාවක් දක්වමින් කියන්නාහු රජජුරුවන් වහන්ස මෙම නුවර පුරුෂයෙකුගේ ගෙයක් ගින්නෙන් වැදගෙණ ඒ ගෙයි ගිණි වැදගත් පුරුෂයා තමාගේ ගෙයි සම්පත් දොරට දෙමින් සිට අනික් පුරුෂයෙකු කැඳවා තමාගේ සම්පත් ඇද පිටතට ලාපියවයි කියන්නා යහපතැයි සහායවගෙන් පිටතට සම්පත් අදිනාකලට දොර වැසිගිය හෙයින් දුම් සීසාරී සිත කාලයෙහි සිත නිවාරණය වන්නාවූ සියළු ආහාරයන්ද පිසන්නාවූ සීත කාලයෙහි සීත නිවාරණය වන්නාවූ සියළු කුණප දවා අනතර්ධාන කරන්නාවූ ගින්නෙන් මෙසේවු භය කරන්නේ කිම්දැයි කීවාසේම රජ්ජුරුවන් වහන්ස සොරකම් සැලසුනේ සියලු සතුන්ට ප්‍රතිෂ්ඨාවූ තැනකින මා අමුතුව අසවළුනැයි කීවමනාදැයි කීහ. එසේ කියෙද්දීත් රජ්ජුරුවෝ මට වඤාකොට කීමෙන් ඒ දොනැනෙයි සොරු අහවළුයයි කියමැනවැයි කීහ. බෝධිසත්වයෝ නැවත කාරණක් දක්වා කියන්නාහු රජ්ජුරුවන් වහන්ස මේ නුවර පුරුෂයෙකු වාතව්‍යාෂි රුජාවෙන් පීඩිතව පෙළමින් සිට කියන්නේ සියළු සත්වයන්ටද දාහකරණ අවස්ථාවෙහි දාන සන්හිඳූවන්නාවු පවනින් මට ආයාස පමුණුවන්නාහුය. එමෙන් සියළු මනුෂ්‍යයන්ට වැඩදායක කෙනෙකුන් කළ සොරකමය. එසේ හෙයින් කියානොහැක්කැයි කීහ. මේ ව්‍යාඛ්‍යානකීමෙන් මට ප්‍රයොජ්න නැත සොරුන් අසවළුවයි කීයවයි කීහ. බෝධිසත්වයෝ නැවත කාරණ දක්වන්නාහු රජ්ජුරුවන් වහන්ස මෙම නුවර එක්පුරුෂයෙක් බත් අජිර්ණකොට කා දිරවා ගත නොහැකි තැනැත්තේ කියන්නේ සියළු මනුෂ්‍යයන් ජිවිතාරක්ෂාවන්නේය එසේවූ බත්කා දිරවාගත නොහි ප්‍රාණය යන්නේයයි ඇඬිය. එමෙන් සියළු මනුෂ්‍යයන්ට ප්‍රතිෂ්ඨාව යසදායක තැනකින්ම කළ සොරකමය. එසේ හෙයින් කිය නොහැක්කේයයි කියදිත් තත්පරවම සොරුන්ගේ නම කියවමැනයි කීහ. නැවතත් බෝධිසත්වයෝ අනික්කාරණක් කියන්නාහු රජ්ජුරුවන් වහන්ස හිමාලය වනයෙහි එක් මග වෘක්‍ෂයෙක බොහෝ පක්‍ෂි වාසය කරන්නාහ.

ඒ වෘක්‍ෂයේ අතු දෙකක් ඊ ඊ ගැටී ගිනිවැදගත ඊ පක්‍ෂීන්ට නායක වූ පක්ෂියා කියන්නේ තොපට පළමු ප්‍රතිෂ්ඨාවූ වෘක්‍ෂයෙන්ම ගිණි හැටි වෘක්‍ෂය දවන්නේය තොප දන්නා යම් අතකට ගොස් ජීවත්වයි කී කල්හි ඒ ඒ අත ගියහ. එමෙන් රජ්ජුරුවන්වහන්ස සියළු මනුෂ්‍යයන්ට ප්‍රතිෂ්ඨා කෙණෙකුන් වහන්සේ කී කල සොරකමහෙයින් කිය නොහැක්කෙම් කීහ. රජ්ජුරුවෝ වංචාවෙන් මෙසේ කිවයි අදහා නොගණිමියි සොරකම්කළෝ අසවල්ලුයයි කීයවයි කීහ. බෝධිසත්වයෝ නැවතත් කියන්නාහු රජ්ජුරුවන් වහන්ස කාරණාවක් දක්මයි කෙසේද යත් මේ නුවර බොහෝ කිඹුලන් ගගනවූ ගඟක් සමීපයෙහි ගමෙක ඒක්තරා පුරුෂයෙක් තමාගේ කණවැන්දඹු මවක් රකින්නේය. එකියන පුරුෂයාගේ මවු දරුවෝ මට බොහෝ දුක්ගෙණ පෝෂ්‍ය කරන්නාහ. එසේහෙයින් මුණ්ඩ බිරින්දක් ගෙණෙමි සිතා එක්තරා ස්ත්‍රියක් ගෙණවිත් සරණපාවා දුන ඒ ස්ත්‍රිය පුරුෂයාට දරුවන් වදා ඒ ගෙට වල්ලභ ස්ත්‍රි වූහ. ඒ ස්ත්‍රි තමා නැන්දාට කණස්සළුව බොහෝ නුගුණ කියන්නී නුඹ දැගේ මෑනියන්දැ මෙහෙයි ඉන්දැ නම් මා මෙගෙයි ඉන්නේ නැත ඒ කාන්තව කියන්නීය, ඒ පුරුෂයා කියන්නේ එසේ කල කුමක් කරමෝදැයි කීහ. කිඹුල්ලු බොහෝ ඇති ගඟ දමාපුවොත් යහපතැයි කියා තොපගේ මෑනියෝත් අපගේ මෑණියෝත් එකතැන සැතපෙති එසේ හෙයින් ඇඳ සලකුණට වැලක් බඳවයි කීහ. යහපතැයි කියා ගොසින් නැන්දා වැදොත් ඇඳ වැලක් බැඳ අවුත් සැමියාට කිව, ඒ පුරුෂයා කියන්නේ මිනිසුන් වැදෝනා තුරු නිදාපියවයි කියා බිරින්දා අස්වසාලා නිදිගන්වා මධ්‍යම රාත්‍රී වෙලෙහි තමාගේ මෑනියන් ඇඳ බැඳලු ලනුව තමාගේ බිරින්දගේ මැනියන් වැදෝනා ඇඳ බැඳලා අඹුව පුබුදුවාගෙණ ගොසින් දම්ම කියා ලනුව අල්වාගෙණ ගොස් ඇඳ ඔසවාගෙණ ගඟට ගෙණගොස් මෑල්ල ගංමධ්‍යයට දැමූහ. මෑල්ල දැමු ගමන් කිඹුල්ළු ගසා කාපූහ. පසුවදා පාන්වූ පසු ස්ත්‍රිගේ මෑනියන් නැතිව පුරුෂයාගේ මෑනියන් උන්නා දැක මාගේ මෑනියන් දමාපුවේය. තොපගේ මෑනියෝ උන්නේය. උනුන් මරන්ට උවමැනවයි කීහ. එසේ කල කෙසේ මරමෝදැයි උන්නේය. උනුත් මරන්ට උවමැනවයි කීය. එසේ කල කෙසේ මරමෝදැයි විචාලෝය. ගඟට දමන්ට බැරිය අමුසොහොනක දමාපියවයි කිවුය. යහපතැයි කියා මෑල්ල වැද නිදන කලට මධ්‍යම රාත්‍රියෙහි දෙන්න කැටිව ඇඳ ඔසවාගෙන අමුසොහොනට ගෙණ ගොස් ඇඳ තබලා පුරුෂයා කියන්නේ ගිණිගෙණාවේ නැත තොපි ගොසින් ගිණි ඇරගෙණ එවයි අඹුවට කිව, අඹුව තිනිව ගිණිගෙණ නොහෙමි කිව.

එසේ වීනම් දෙන්නම ගොසින් ගෙණම්හයි කියා දෙන්නම ගියාහුය. ඒ පවත් ඇතිතෙන පවන් ඇවිත් ඇඟ වැදගත්තේය. මැහැලි වහන්සේ පිබිද නැගිසිට වටපිට බලා අමුසොහොනන නියාව දැන මා මරන්ට කළ උපායක් වේදැයි සිතා එතන තිබූ මිනියක් ඔසවා ඇඳ තබාලා ඉනකඩකින් වසාගිය තැනැත්නී සොරුන් සොරකම්කොට අවුත් වස්තු තුබු ගල්ලෙනට වැදගියාය. දෙමල්ලෝ ගිනිගෙණ විත් මෑල්ලයයි සිතා දවාපියා ගෙට ගියාහ. සොරුන් තමන් වස්තු තිබූ ගල්ලෙනට අවුත් එහි උන් මෑල්ලක දැක යකින්නියකැයි යන භයින් යකදුරකු ලඟට ගොසින් මේසැටි යකින්න පහකරන්නට මට භාරයයි කියා ගල්ලෙන සමීපයට ආකල්හි මෑලි කියන්නී මම යකකු නෙවෙමි තොපසේම මිනිස්සුයයි කිව එසේ වී නම් තොප අදහාගන්නේ නැතැයි කීය. මෑලිකියන්නී එසේ වී නම් තොප හා මා හා දිවෙන්දිව ගෑවොත් වනා නැත්නම් සැක ඇත්තෙමියි කී හෙයින් යකදුරාත් එම නියාවට සිටිසඳ දිව දික්කොටලී. මැහැලි දිව ඩැගත්තීය. තමන් කටට දිවින් කැබැල්ලක් කඩාගත්තාහු එවිට යකදුරා භයින් දිව අවුත් කියන්නේ යකින්න නියාව සැබෑමයයි කියන්නා සොරු දිවපුවාහුය. මැහැලි ගල්ලෙන තුබූ රත්‍රන් අතකරලාගෙණ යාපත් පිළිහැඳ යහපත් පිළි පෙරවගෙණවුත් තමාගේ පුත්‍රයාගේ ගෙට වන්හ. එවිට යෙහෙලනියෝ දිවගෙණවුත් වැඳ ඇයි නැන්දනියෙනි නුඹ දවාපුවෝවේද. කෙසේ ආදැයි විචාළීය. මෑලි කියන්නි අමුසොහොනේ දැවුවන් මම මගට එනමානයයි කීව.

එබසට යෙහෙළනියෝ තමන්ගේ සමන්නට කියන්නාහු මාත් එසේම සැරහීගෙණ එනනියායෙන් එම අමු සොහොන දවාපුව මැනවැයි කීව, යහපතැයි කියා තමාගේ අඹුව ගෙණගොස් අමුසොහොනේ දවාපුව පසුව දවස් තමාගේ මෑනියන් ආවෙලාවට නොඑන හෙයින් කියන්නේ මැනියෙනි මාගේ බිරින්ද නේනට කාරනා කිම්ද. ඊයේ නුඹ මේ වෙලෙහි ආයේවේද, අද මුන් නේනට කුමන කාරණායෙක්දැයි විචාළේය. මෑලි කියන්නී දවාපු මිනිස්සු ගෙට එද්දැයි පුතනුවෙනි තොප වඩා වර්ධනය කොට තොපගේ ඓශ්චර්යය බලමි සිතා තොපට බිරින්ද ගෙණවිත්ලා රැකෙන්ට උන්නෙම් තොපගේ බිරින්දගේ බස්ගෙණ මා මරන්ට උත්සාහ කළා වේදැයි කියා එමෙන්ම ප්‍රතිශ්ඨාවූ ස්ථානයෙකින්ම මේ සොරකම් පැමිණෙන්ට උවමැනවැයි කිය. එවිට රජ්ජුරුවෝ මෙසේ සඟවා කිමෙන් අපට නොදැනෙයි සොරා අසවලායයි අපට කිවමැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු සොරකම් කළෝ අසමල්ලුයයි කියව, නොකීවොත් තෙපිය සොරකම් කෙළේයයි කීහ. එවිට බෝධිසත්වයෝ ඒසේ වීනම් මාගේ වරද නැතැයි නුවරවාසීන්ට දෙස්ගන්වා කියන්වාහු අසව මේ නුවර සොරකම්කළෝ රජ්ජුරුවන් හා පුරෝහිතයාය. තමා සොරකම්කොට අනුන් සොරකම්කරති කිහ. එවිට අසාසිටි සේනාව ඉසකට කැටක් කැබලිත් තක් බැගින් ගසා රජ්ජුරුවනුත් පුරෝහිතයාත් ජිවිතක්ෂයට පමුණුවාපුව හයි වදාරා මේ පදමානවක ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි බෝධිසත්වයන්ගේ පියානෝ නම් සුද්දෝධන රජ්ජුරුවෝය. මෑනියෝ නම් මහාමහා දේවිය. එසමයෙහි සොරකම ඇල්ලු බෝධිසත්වයෝ නම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.