419 හාරිත ජාතකය

තවද එක්සමයෙක්හි තුන්ලොවට පහළවන නව අරහාදී බුදුගුණයෙන් අප්‍රතිමයවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි චතුර්විද ආර්යවිහ වර්ණයෙන් යුක්තව වාසය කරණ සේක් වස්ත්‍රාභරණයෙන් සැරහී සිටි මාගමක දැක සිත උපන් බලවත් රාගයෙන් සස්නෙහි දුකින් දිවිපවත්වන මහණෙකු අරභයා මේ ජාතකය දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

දික්නිය ලොම් කෙස් ඇති සිව්ර හරණා කැමතිව සිටියාහූ දැක අඳූරු තෙරුන් විසින් නොකමා පරිද්දෙන් තමාකරා කැඳවාගෙණ ආ ඒ මහණහට හැබෑද මහණ තෝ සස්නෙහි උකටලී වූ යෙහිදැයි විචාරා ස්වාමිනි සැබැවයි දැන්වූ කල්හි ඊට කාරණා කවරේදැයි වදරා සැරහුනු ස්ත්‍රියක දැක සිත උපන් කෙලෙස්නිසායයි දැන්වු සඳ මහණ කෙළෙස් නම් සියළු ගුණනගණ කෙණෙක මඳ අස්වාදයක් නැත්තේය සතර අපායෙහි උපදනේය. කේල්ශයෝ කවර හෙයකින් තා මැඩනොපවත්නේද ඒ එසේ මය මහමෙර පැහැර උපුටාගෙණ යන තරම් මහ පවණ පරණලාපතෙක පැකිල සිටින්නේ නොවෙයි. මේ කේලශයා නිසා බෝධිසත්වයන් පුරණ ලද පඤචාභිඤා අෂ්ට සමාපත්තියෙන් පිරිසිදු මහපුරුෂයෝ පවා ස්ත්‍රීරූපය දැක සිහි එලවා ගතනොහි ධ්‍යානයෙන් පිරිහුනාම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

පෙර බරණැස් නුවර බඹදත්ත නම් රජක්හු රජ කරණ සමයෙහි අප මහා බෝසතානන් වහන්සේ අසූකෙළක් ධන ඇති බමුණුකුලයක උපන් සේක. රන් වන්වූ ශරීර ඡවි ඇති බැවින් ඕහට හාරිත කුමාරයෝ යයි නම් තුබුවාහුය. ඒ තෙම වැඩිවිය පැමිණ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන්ගෙන් උගත් ශිල්ප ඇත්තේ දාරපරිග්‍රහකොට මව්පියන්ගෙන් ඇවෑමෙන් රැස්කොටතිබූ අසූ කෙළක් වස්තු දැක මේ වස්තුව පෙණෙන්නේය. මේ වස්තුව ඉපදවු පුරුෂයෝ දක්නා නොලැබෙති. මා විසිනුත් මරහු මුඛයට පැමිණ සුනුවිසුනු විය යුතුයයි මරණ භයින් භයපත්ව මහදන්දී හිමවතට වැඳ තවුස් පැවිදීවූ සත්වෙනිදා පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා වනමුල් වනඵල අහරින් එහි කලක් වැස ළුනු ඇඹුල් සෙවුනා පිණිස හිමවතින් බැස ගම් නියම්ගම් පිළිවෙළින බරණැස් නුවරට පැමිණ රජ උයන්ලැග දෙවෙැනිදවස් බරණැස් සිඟා ඇවිදිනාසේක් රජගෙයි දොරට පැමිණිසේක. බඹදත් රජ උන් වහන්සේ දැක පන්සියක් ඇත්තේ කැඳවා නගන ලද සේසත් ඇති සිංහාසනයෙහි වඩා හිඳූවා නොයෙක් රස බොජුන් වලඳවා අනුවෙමැනි බණ අසා ඉතා පැහැද වහන්ස කොයි වඩනාසේක්දැයි විචාරා මහරජ වස්වසන තැනක් බලායම්හයි වදාළ කල්හි වහන්ස එසේ දැයි විචාරා එසේයයි වදාළ ඉක්බිති උන්වහන්සේ කැඳවා ගෙණ උයනටගොස් උන් වහන්සේට හෝනා හිඳිනා සෙනසුන් කරවාදී උයන් ගොව්වා අත්පා මෙහෙවර කරණුකොට සලස්වා වැඳ අවසරගෙණ ගියේය. මහබෝසතානන් වහන්සේ එතැන්පටන් දොලොස් අවුරුද්දක් නිබද රජගෙයි වළදා උයන්හි වාසය කළ සේක. එක් දවසක් බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සතුරන් ගෙන් කිපුනු පසල් දනව්ව සන්හිඳූවා ලනු පිණිස යනුවෝ අපගේ පින්කෙත නොනාසා රක්ෂා කරවයි කියා මහබෝසතානන් වහන්සේ අගමෙහෙසුන් බිසවුන්ට භාරකොට ගියෝය. එතැන් පටන් දේවිතොම මහබෝසතානන් සිය අතින් වළඳවන්නීය. ඉක්බිති එක් දවසක් මධුරාභාරය සපයා තිබා බෝසතානන් කල්යවනුයෙන් තොමෝ වඳ පැන් නහා සීන් සිළුටු සළුවක් හැඳ සිව් මැදුරු කව්ළු දොරහැර ඇඟ පවන්ගසමින් මිටි ඇඳෙක ගොත්තිය. බෝසතානන් වහන්සේද ඉතා දහවල් කොට හැඳ පෙරව භික්‍ෂාභාජනය ගෙණ අහසින් ඇවිත් කවුළුදොර සමීපයට පැමිණි සේක. වඩනා ඒ බෝසතානන් වහන්සේගේ වාක් විචාරයෙහි ශබ්දය අසාා වෙලෙව්ව, ඇඳින් නැගී සිටියා බිසවුන්ගේ සිළුවූ මදක් ලිහිල්ව ඉනින් ඉනිහිණි ඒ විෂභාග රම්මණය මහබෝසතානන් වහන්සේගේ ඇසට අරමුණ විය. නොයෙක් කෙළ ලක්ෂගණන් අවුරුදු මුළුල්ලෙහි සිත් සනහා විසු රාගය පෙට්ටියක හොත් සර්පයෙකු මෙන් උත්ගතව ධ්‍යානය නැසීම. ඒ තෙම සිහි එළවා ගත නුහුනුයේ ගොස් බිසව අතගෙණ ලෝකාස්වාද රතියෙන් යෙදී ආහාර වළඳා නැවත උයනටම ගියේය. එතැන් පටන් දවස්පතා එසේම පැවැත්තේය.

එසේ පවත්නා තාපසයන් වහන්සේගේ ඒ රහස මුළු නුවර ප්‍රකාශ වුයේය. නුවර රැකවල සිටි අමාත්‍යයෝ ඒ බව පත්‍රලියා රජ්ජුරුවන්ට ගමන්කරවුවාහුය. රජ්ජුරුවෝ ඒ අසා අමාත්‍යයෝ තාපසයන් කෙරේ මා බිඳුවනු කැමැත්තාහුවනැයි අදහා නොගෙණ පසල් දනව්ව සෙමෙහි තබා බරණැස් නුවරට නැවත අවුත් නුවර පැදකුණුකොට රජගෙට වැද බිසවුන් වසන ගෙට ගොස් සැබෑද සොඳූර අපගේ ආර්ය වූ තාපසයන් වහන්සේ තොප කෙරෙහි වරදවා පැවතිසේක්දැයි විචාළේය. එසද බිසව සැබැවයි දේවයන් වහන්ස කීවාය. එත් රජ්ජුරුවෝ අදහා නොගෙණ තාපසයන් වහන්සේම විචාරම්යි උයනට ගොස් බෝසතානන් වැඳ එකත්පසව හිඳ කාරණය විචාරන්නාහූ එම්බා තාපසයන් වහන්ස නුඹ වහන්සේ අසධර්ම සේවනය කෙරෙතියි අප විසින් අසන ලද කිමෙක්ද එය සැබෑබසෙක්ද. නොහොත් බෙරු බසෙක්දැයි විචාළේය. එකල්හි බෝසතානන් වහන්සේ ඉදින් මේ රජ මා බොරුයයි කීවත් අදහාගන්නේය. එසේද වුවත් සත්‍යවචනය වැනි මෙලොවට පිහිටෙක් නම් නැත්තේය. සත්‍ය වචනයෙන් දුරුවූ කෙණෙක් බෝමැඩ ඉඳ බුදුවන්ට නොහැකිවෙති එයින් මා විසින් සැබෑවක්ම කියයුතුයයි සිතුසේක. ඒ එසේමය බෝධිසත්වයන්ට කිසිකලෙකත් ප්‍රාණඝාතයද, අදත්තාදානයද කාමමිතත්‍ථා්‍යාචාරයද, සුරාපානයද, සිද්දවන්නේය. කවර කලෙකත් තුන් අඟින් යුක්ත එම්බා මහරජ්ජුරුවෙනි තොප විසින් යමක් ඇසිමියි කියන ලද ඒ සැබෑ දෙයක්ම එය සියළු සත්වයන් මෝහකරවන්නාවූ කාය ගුණයෙහි මමත් මුළාව අසත්ථයට පැමිණියෙමි වදාළසේක. එබසට රජ්ජුරුවෝ එම්බා තාපසයන් වහන්ස මෙලොවගිලන් මිනිස්සු තමන්ට උපන් ව්‍යාධිය ඹෟෂධයෙන් සන්සිඳූවා ගනිති. උපන් පිපාසය දියෙන් සන්සිඳූවාගනිති. නුඹ වහන්සේ වූ කලි සිත උපන්නාවූ රාගය කිසිසේත් දුරුකොට ගත නුහුනුසේක. එසේ කල මේ සූක්‍ෂම අර්ථ සිතීමට සමර්ථ වූ නුවනින් ප්‍රයෝජන කවරේදැයි කීයේය. එසේ කී රජහට ඒ කෙළෙසුන්ගේ දැඩි බව හා එහි නුවන නොපවත්නා බව දැන් වන්නාවූ මහබෝසතානන් වහන්සේ.

වත්තාරො මෙ මහරාජ ලොකෙ අතිබලා භුසා

රාගො යදාසො මාදො මොහො යත්ථ පඤඤ නාශාධති

යන මේ ගාථාවෙන් එම්බා මහරජ්ජුරුවෙනි මේ ලොව්හි සියළු සත්වයන්ට අනර්ථ කිරීමට අසමර්ථ වූ අධික බල ඇති වස්තුහූ සතරදෙනෙක් වෙති .ඔහු කවරේද ශිලසමාධ්‍යාදී බොහෝ ගුණ එකවිට නසන හෙයින් රාගයද එක් බලවත් එකෙක ක්‍ෂාන්ති මෛත්‍රී ආදීවූ විශිෂ්ට ගුණයන් නසන හෙයින් වෙෂයද එක් බලවත් එකෙක. බොහෝ කලක් පුරුදු ශිලසංවරාදීවූ සති විප්‍රවාසයට පමුණුවා අනර්ථකාරී හෙයින් පුරුෂමදාදීවූ මදයද ඉතා දැඩි බලවත් එකෙක. අමෘත මහා නිර්වාන ප්‍රතිලාභයට කාරණ වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාව පරිඥානය මැඩ පවත්නා හෙයින් මෝහයද දැඩි බලවත් එකෙක යම්සේ ගැඹුරු මහවතුරෙහි වැටුන එකෙක් එහි පිහිාන සිටිය නොහේද එසේම මේ කෙලෙසුන් උපන් සිත නසන පැවති ප්‍රඥාවෙන් පිහිට නොලබන්නේයයි වදාළසේක.

ඒ මහබෝසතානන් වහන්සේගේ තෙපුල් අසා බඹදත් රජ්ජුරුවෝ ස්වාමිනි තාපසයන් වහන්ස නුඹ වහන්සේ පිරිසිදුයයි කියාද ශිල්වත් කියාද නික්ලේශී යයි කියාද ස්භාවික ප්‍රඥා ඇතිසේකැයි කියාද අප විසින් සලකණ ලද්දේ පව්දැයි කීයේය. එබසට හාරිත තාපසයන් වහන්සේ එඹා මහරජ්ජුරුවෙනි ශුභාකාරයෙන් රාගයහා පැවැත්තාවූ ලාමකවූ අකුශල විතර්කයෝ ධ්‍යානසමාපත්ති ආදී විශේෂ ගුණයෙන් යුක්ත බලවත් නුවනැති සෘෂිවරයනුත් නස්නාහුම්යයි වදාළසේක. ඉක්බිති ඒ මහබෝසතානන්ගේ සිත උපන් කෙලෙසුන් දුරුකිරීමෙහි උත්සාහ වඩන්නාවූ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවෝ එම්බා තාපසයන් වහන්ස නුඹ වහන්සේගේ සිත උපන් මේ රාගය නම් ශරීරවර්ණය හා ගුණවර්ණය නසන්නේය. ඒ දුෂ්ටවූ රාගචේතනාව දුරුකළ මැනව. ඒ එසේමය, නුඹ වහන්සේ ලොව බොහෝ දෙනාට නුවැනිත කෙණෙකැයි අභිමතසේක් මයයි කීයේය. ඉක්බිති පුරණ ලද බෝධිසම්භාර ඇති ඒ මහබෝසතාණන් වහන්සේ සිහි එලවා වස්තුකාම ක්ලේශකාමයෙහි ආදීනව සලකා වදාරණ සේක් එම්බා බ්‍රහ්මදත්ත රජ්ජුරුවෙ නුවනැති ඇස අන්ධකරණ හෙයින් මේ රාගාදී ක්ලේෂයෝ අන්ධකාරයක් වැන්නේය. තමන් උපන් චිත්තසන්තානයෙහි කුසල් නසන හෙයින් හා කෘරවූ විපාක දෙනහෙයින් විෂයක් වැන්නේය. දෙලොව නසනයෙක් දුක්ඛදායකවෙති එසේ හෙයින් ඔවුන් නසනු කැමැත්තාවූ මම නුවනින් මෙනෙහි කිරීමයයි කියන ලද ඔවුන්ගේ උත්පත්ති කාරණා සොයන්නෙමි. මෙසේ රාරෝත්පත්ති කාරණය දුටුවාවූ මම සුභනිමිත්තාදී බන්‍ධනයෙන් යුක්ත රාගය ප්‍රඥා නමැති බද්ධයෙන් කපා හරිමි. මහරජ මට මදක් අවසර දෙවයි අවසරගෙණ පන්සලට වැද කිසුනු මඩුල්ල බලා නුවතත් රූපරූප ධ්‍යානයන් උපදවා අහස බද්ධපර්යංකයෙන් වැඩ හිඳ රජ්ජුරුවන්ට ධර්මදේශනා කොට මහරජ මම අවස්ථානයෙහි විසුනියා මහජනයා මැද මෙබදුවූ නින්දාවට පැමිණියෙමි. එසේහෙයින් සත්ව සංචාර විරහිතවූ හිමාලවනයටම යන්නෙම් තෙපිද කුසල් කිරීමෙහි පමානොවෙයි කියා රජහු අඬ අඬා සිටියදීම සත්පරාක්‍රම ඇති එර් තාපසයන් වහන්සේ නැවත හිමාලවනයටම ගොස් නොපිරිහුනු ධ්‍යානයෙන් බ්‍රහ්මලෝකයෙහි උපන්සේකැයි චතුස්සත්‍යය ප්‍රකාශ කොට මේ ජාතක ධර්ම දේශනාව නිමවා වදාළ සේක.

මේ චතුස්සත්‍ය ධර්මදේශනාවගේ අවසානයෙහි උකටලී ඒ මහණ රහත් බැව්හි පිහිටියේය. නැවත සර්වඥයන් වහන්සේ එම්බා මහණෙනි එකල ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ නම් දැන් මේ ශාසනහෙි ධර්මභාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථවිරයයෝ. හාරිත තාපසයෝ නම් දැන් මේ ලොව්තුරා බුදුවූ ම්මම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

420 රාජෝවාද ජාතකය
418 සු‍ළුසුව ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.