Skip to main content

418 සු‍ළුසුව ජාතකය

තවද එක් සමයෙක්හි බිය සසර හරණ අසරණ සරණ කරුණා නිධානවූ අප බුදුරජානන් වහන්සේ විපත්තියට සැවැත්නුවර නොහැර දෙව්රම් වෙහෙර විහරණය කරණසේක් තමන් වේරංජා නුවර විසූ කරුණු අරභයාමේ ජාතක ධර්මදේශනාව දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

බුදුන් වේරංජා නුවර වස්වැස වස් පවරා ඒ පුරහැර දෙව්රම් වෙහෙරට පැමිණි කල්හි ධම්සභා මණ්ඩපයෙහි රැස්ව උන් භික්ෂුහූ ඇවැත්නි අප තථාගතයන් වහන්සේ විපත්තියට නොපත් සම්පත්තියෙන් මහත් කැත්කුලෙහි උපන් ලත් බැවින් හාසදෙස් කෙලෙස් සතුරන් නසා නිදොස් පිරිසිදු බුදුබැව්ලත් බැවින් ඉතා සිව්මැලිසේක. මහත් සෘද්ධිමහිම ඇතිසේක. එතකුදු වුවත් වේරංජා නුවර වැසි වේරංජා නම් බමුණගේ පැවරීමෙන් වස්ලැබ වසවත් මරු කළ සිත් පෙරළියෙන් සිහිනොලත් ඒ බමුණාගේ එක දවසකුත් මදකුත් ආහාරයක් නොලැබද ලොහසංවාරය හැර දවස් පතා නැලියක් යවසාලින් කලපිටි දියත්තකින් එපමණකින් වස් තුන්මසක් අන් තැනකට නොගොස් විසූසේක. බුදුන්ගේ අපිස්සතොස් ගුණය ඉතා ආශ්චර්ය යයි කීවාහුය යම් සර්වඥයන් වහන්සේ එබස් දිවකනින් අසා දම්සභා මණ්ඩපයෙහි වැඩ බුද්ධසාසනයෙහි වැඩ හිඳ එම්බා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි මෙතැන්හි කවර කථාවක් පහළකොට උනුදැයි විචාරා මෙනම් කථාවකින් යෙදී උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි දැන් සව්නේ දැන බුදුවූ බුදුවරයන්ගේ ලොල් සසරින් දුරුවීම ආශ්චර්ය නොවෙයි, පෙරතිරිසන් යෝනියෙහි උපන්නා හුද ඔහු ලෝභසංචාරය හැර විසුවාහුවේදැයි වදාරා ඒ අසනු කැමති මහණුත් විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

පෙර එක්කලෙක හිමවත තුමුල් දිඹුල්වනයෙක නොයෙක් දහස් ගණන් සුවගණයා විසූහ. ඔවුන් අතුරෙහි එක්ගිරවෙක් තමාලත් නාරුක ඵල කල ඵල අනුභවකොට සෙසු කල කොල දළු සුඹුළුකා ගඟදියබිහැපි උන් රුකින් අන් රුකකට නොගොස් අපිස්සතොස් ගුණයෙන් වෙසෙයි ඔහුගේ මෙම ගුණමහිමයෙන් මහමෙර ගිරිමුදුනෙහි පිහිටි පුරඳූරුපුර කම්පාවිය. එවිට දහස් නැනසකින් සක්වළ බලන සක්දෙව්රජානෝ එබඳූ ගුණවතුන් ඒ බෝසතුන් දැක ඔහු ගුණ විමසනු නිසා තමා මහිමයෙන් හිමවත සුහුඹුල් දිඹුල් රුක නොවෙලා වියලා වෙලෙප් දලු කොළ සුඹුළු නැති උඩින් යටින් ඇදූරු සිදුරු නැති සිදුරුව සුනු වෑහෙන දිරුණු කණු පමණක් කෙළේය. ගිරා රජද එසේ වුවද එහි සුනුඅනුභවකොට ගගින් පැන් බී ළොබින් අන්රුකත් කරා නොගොස් අවුසුලඟින් දිඹුල් සිදුරු ඇතිව එම දිඹුල් කණුව මත්තෙහි උන්නේය. එසඳ සක් දෙව්රජද පෙරසේ ඔහුගේ මිත්‍ර ගුණය ලොවට දන්වා ඒ රුක අමා ඵලගන්වා එමිය සංසාරද වෙසින් එම වෙස්ගත් සුජාතාවන් හා සමග අවුත් ඒ දිරුණුතුරට නුදුරුතුරු අතුරෙක හිඳ මහබෝසතානන් වහන්සේ සමඟ කථාකරණුයේ එම්බා ගිරා රජ්ජුරුවෙනි තොපගේ පියාපතර මෙන් නිල්වූ අතුපතුරෙන් නිලඹරසේ හොබිනාවූ තොපගේ තුඩවැනි රන්විලිකුන් ඵලයෙන් පියුම් රා මිණිරුවන් ගහණ නිල් ජලතලාවක් මෙන් බබලන බොහෝ දිඹුල් රුක් මෙහි හාත්සප රැඳි සිටියේය. එතකුදු වුවත් තෝ මළ කණුවෙහි බැඳි ඉන්නාක්මෙන් මේ මළ කණුවෙහි උන්නේය. කවරහෙයකින් මේ කණුමරවැල්ලෙහි ආලය කෙළෙහිදැයි විචාලේය. එබසට ගිරා රජ්ජුරුවෝ එම්බල හංසය බොහෝ දවස් මේ ගස වැස රසඵල විලිකුන් අනුභව කළම්හ. එයින් රුක ඵල නැතත් පළමුවෙන් සිත්ම දැනුත් තරකරම්හ. හංසරාද මේද එක් සත්පුරුෂ ධර්මයෙකැයි කීයේය. එබසට හංසරාජතෙම එම්බා ගිරා රජ්ජුරුවෙනි වගුල කෙල ඇති වියළි සළ ගස පකක්‍ෂිහූ විපක්‍ෂී මෙන් නිරපේක්ෂය හැරයෙති. ඒ පක්ෂීන් එසේ යා මෙහි තොපි කවරදෝෂයක් දැක නොයව් යයි විචාළේය. එසේ විචාළාවූ සංඝයාට කාරණා රක්වන්නාහු රුක සේවනය කෙරෙද්ද, ඵල නැති කල නිෂ්පලයයි හරිද්ද අත්වැඩ මිස ජරා වැඩ නොතකන ඒ පක්ෂීහු මිත්‍ර පක්ෂය නසන හෙයින් පක්‍ෂපාත නම් වෙතියි වදාළසේක. එබසට ඒ හංසතෙම එම්බා ගිරා රජ්ජුරුවෙනි යහළු බවද මෛත්‍රීයද කාමරාග විස්වාසයෙන් අන්‍යවූ ප්‍රකාශ විශ්වාසයද යන මේ උතුන් ගුණයන් යමෙක් කැමැත්තේ වී නම් ඒ නුවනැත්තවුන් විසින් මරාමිනින්නිපන්නාක් වැනි පියාපතරින් හා රන් මෑනිකෙන් කලාක් වැනි මුව තුඩින් රුවන් රුවක් මෙන් බබලන අනගි ගුණ මිණිගණ ගිහිණි ගිරා රජ්ජුරුවෙනි තොපට සතුටුවූ වරයක් දෙන්නෙම් තොප කැමැත්තක් ඉල්වා ගණුවයි කීයේය.

එබසට බෝසතානන් වහන්සේ වදාරණසේක් එම්බල හංසරද අද යම් වරයක් දෙනු කැමැත්තෙහි නම් හුනු දිරුණු මේ රුක්කණුව පිරුණු රුකක්මෙන් ඵල පත්‍ර ශාඛා වෙත් සැරහුනා දක්නා කැමැත්තෙමි. ඒ එසේමය, මා හැඟි නිධානයක් ලද දිලින්දක් හුමෙන් මෙවන් රුකදැක නිරන්තරයෙන් සතුටුවෙම්ද එබඳූ වරයක් දෙවයි වදාළසේක. එසඳ සක්දෙව්රද හංස වේසය හැර දිව්‍යවේසය ගෙණ සුජාතාව හා සමග නොපමාව දියගෙණවුත් අමාවක්මෙන් ඒ රුක්හිනි මාලය එකෙණෙහි ඒ රුක්කණුව බෝසතානන්ගේ සිහිල් කුලුනු ගුණවත් සෙවන කෙරෙමින් පිරුණු බුදුකුරුදම් ලොවට පහලවන්නාක් මෙන් තුරුණු අකුරු දළුපතර මියුරු රසඵල විහිදී අතුපතර ඇතිව පෙණුනේය. එසේ පහළවූ රුක දැක සක්දෙව්රජහට සතුටුව ස්තුතිකරණ මහබෝසතානන් වහන්සේ එම්බා සක්දෙව්රජානෙනි. අද මේ නොමද පෙලෙන් මනනද මෙරු කලක් මම පැහැද යම් සැපයකට පැමිණියෙම්ද එසේම තොතපිද පුරරද ඉසුරෙන් ඇමසඳ සුවපත් වේවායි වදාළසේක. එසඳ සක්දෙවිරජානෝ මෙසේ බෝසතානන්ගේ සිත සතුටුකොට අහසට පැණනැගී අවට පිහිටි රුවන් දොරටු දහසකින් හැඳූම්ලත් තමන්ගේ පුරයටම ගියේය. මෙසේ සියළු ලොව පතල මහාකරුණා ඇති බුදුරජානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර නිමවා වදාළ සේක.

පෙර ඒ අපලත් රුක සඵල කළ සක්දෙව්රජානෝ නම් දැන් මේ ශාසනයෙහි කිසිකෙණෙකුන් විසින් විරුද්ධ නොකොටහැකි ගුණමහිම ඇති අනූරුද්ධ ස්ථවිරයෝය. දිරාමගුලතුර නොහැර මිතුරු ගුණ පුරා ඒ ගිරා රජ්ජුරුවෝ නම් දැන් සව්නේ දැන විනේ දැනනිවන් පුරලන මම්ම වේදැයි තමන් වහන්සේ ගෙණ හැර දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.