Skip to main content

416 කොසම්බ ජාතකය

තවද චන්ද්‍ර මණ්ඩලය මත්තෙන් යන්නාවූ සූර්යරශ්මි පරිද්දෙන් සියළු ලොව මැඩගෙණ පවත්නා ගුණ ප්‍රබන්ධයෙක් ඇති විසුද්ධවී සම්‍යයක් සම්බුදුරජෝත්තමයානන් වහන්සේ එකසමයෙක්හි කොසඹෑ නුවර සමීපයෙහි ඝෝෂිතානම් සිටානන් විසින් කරවා පිළිගන්වන ලද ආරාමයෙහි වාසය කරණ සේක් කොසඹෑ නුවරවැසි කළහාකාරී භික්ෂූවක් අරභයා මේ ජාතකය දක්වා වදාළ සේක.

ඒ නෙසේද යත්,

බුදුන් එහි වැඩ වසන සමයෙහි විනයපිටකය නොපිරිහෙලා ධරන්නාවූ එක්තෙර කෙණෙකුන් වහන්සේ ද එසේම සුත්‍රපිටකය ධරන්නාවූ එක් තෙර කෙණෙකුන් වහන්සේද, යන මේ දෙදෙනෙකුන් වහන්සේ එක් සේනස්නේ වාසය කරණ සේක එකල ඒ දෙදෙනා වහන්සේගෙන් සුත්‍ර පිටකය ධරන්නාවූ තෙරුන් වහන්සේ එක් දවසක් නහන ගෙට ගොස් උදක කෘත්‍යාකොට ඉතිරිදිය භාජනයෙහි තබා නික්ම ගියසේක. ඉක්බිති විනයධර තෙරුන් වහන්සේද නහනගෙට වැද එබදූනෙහි තුබූ දිය දැක ඇවැත්නි නහන කොටුවේ බඳූන්හි ඉතිරිදිය තබා ආවෝ තොපි දැයි වදාළසේක. එසේය ඇවැත්නි අපි යයි කී කල්හි එබසට විනයධර තෙරුන්වහන්සේ මෙහි ඇවැත් ඇතිබව තොපි නොදැනුදැයි කී සේක. එසේය ඇවැත් වන බව කිසේක. එබස් අසා සුත්‍රධර තෙරුන්වහන්සේ එසේවී නම් ඇවැත්නි ආපත්තියට පිළියම් කෙරෙමි කීසේක, එබසට විනයධර තෙරුන් වහන්සේ ඇවැත්නි තොපි නොදැන සිහි නැතිව අවනම් ආපත්ති නැතැයි වදාළසේක. එබස් ඇසූ සුත්‍රාන්තික තෙරුන් වහ්සේ අනාපත්ති යන සංඥා ඇතිවුසේක. ඉක්බිති විනේධර ස්ථවිරතෙම තමන්ගේ අතවැසි භික්ෂූන්ට මේ සුත්‍රාන්තික ස්ථවිරතෙම ආපත්තියට ඇවදත් අවැත් ඇති බව නොදත්නේයයි කීසේක. එබස් ඇසු භික්ෂූහු සුත්‍රාන්තික තෙරුන් වහන්සේගේ අත වැස්සන් දැක තොපගේ උපධ්‍යස්ථවිරයෝ ආපත්තියට වැදවත් එහි ඇවැත් ඇතිබව නොදනිතියි කීවාහුය. එබස් ඇසූ අතවැසි භික්ෂුහූ එපවත් තමන්ගේ උපාධ්‍යයන් වහන්සේට කීවාහුය. එබසට තෙරුන් වහන්සේ වදාරණසේක් මේ විනය ධර තෙරුන් වහන්සේ පළමුවෙන් ආපත්ති නැතැයි කියා දැන් ආපත්ති ඇතැයි කියනසේකැයි බොරු කියන කෙනෙැකැයි කීසේක.

එසඳ ඔහුගේ අතවැසි භික්ෂූහූ ගොස් විනයධර තෙරුන්වහන්සේගේ අතවැස්සන් දැක තොපගේ උපාධ්‍යස්ථවිරයෝ බොරු කියන කෙණෙකැයි කියා මෙසේඹ වූ නොවුන් හා විවිධකොට ඒ සුත්‍රාන්තික තෙරුන්වහස්සේට අවසරයක් බලා ලැබගෙණ ඇවැත් ආපත්ති නොදැක්මෙහි උක්‍ෂේපනිය කර්මය කළාහුය. එතැන් පටන් ඒ දෙදෙනා වහන්සේට උපස්ථාන කරන්නාවූ උපාසකවරුද උන් වහන්සේගේ අවවාද පිළිගන්නා භික්‍ෂු භික්‍ෂුණිහූද අරක්ගත් දෙවියෝද ඔවුන්ට දෘෂ්ටමිත්‍ර දෘඨමිත්‍රවූ දෙවියෝද ආකාසස්ථ දෙවියෝද අගනිටා බඹලොව වැසි බ්‍රහ්මයෝදැයි යන සියළු පෘථග්ජනයෝද දෙපක්ෂයකට බෙදී මහත් කෝලාහල පැවැත්වුවාහුය. එකල එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ බුදුන් කරා එළඹ ස්වාමිනි මේ සුත්‍රධර තෙරුන්වහන්සේට උක්‍ෂේපනීය කර්මය කළේ ධර්මයෙන අධර්මයෙන් නොවෙයි එතකුදු වුවත් මේ සුත්‍රධර තෙරුන් වහන්සේගේ පක්ෂයෙහි භික්‍ෂුහූ අධර්මයෙන් කළ උක්‍ෂෙපනීය කර්මයැකැයි සිතා ඒ තෙරුන් වහන්සේ උසස්කොට පිරිවරාගෙණ ඇවිදිනාහුයයි දැන්වූසේක. එකල භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ භිනෙනා භික්ඛුසංඝෝ යි වදාරා ඒ භික්ෂූන් සමීපයට වැඩ ඒ විනයධර තෙරුන් වහන්සේ විසින් කළාවූ උක්‍ෂෙපනීය කර්මයෙහිද සුත්‍රධර තෙරුන් වහන්සේගේද අවන් ඇවැත් නොදැන්මෙහිද දෝෂවදාරා වැඩිසේක. ඉක්බිති භික්ෂූන් එතන එකසීමාවෙහිදී පෝය පවුරුණු ආදිය කොට භෝජනශාලාවෙහි හිඳිනා අසුන් පිණිස විවාධකළ කල්හි දෙවෙනි වත් එතැන්හී වැඩ දබරකරන්නාවූ දෙන්නෙකු එකතැන නොහිඳිනා පරිදි ශාලාවෙහි වත් පණවා මහණෙනි විවිද කිරීමෙන් ප්‍රයෝජන නැතැයි ඒ හි දෝෂ වදාරා වැඩිසේක. එකල්හි සර්වඥයන් වහන්සේට වන වෙහෙස නොදකැමැත්තාවූ එක්තරා ධර්මාවාදී වූ භික්‍ෂු කෙනෙකුන් වහන්සේ ස්වාමිනි තිලෝගුරු බුදු රජානන් වහන්ස මදක් කල් ඉවසා වදාළ මැනව නිරුත්සාහට ඵලසමාපත්ති සපැ අනුභව කළ මැනව, අපි මේ විවිදයෙන් වන යහපතක්වත් නපුරක්වත් දන්නෝමෝ වේදැයි කී සේක. එබස් අසා ඒ භික්ෂූහට ධර්මදේශනා කරන්නාවූ සර්වඥරාජෝත්තමයානන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

මහණෙනි. පෙර බරණැස් නුවර උපභෝග පරිභෝග වස්තුයෙන් හා සියළු සේනාවාහන ධන සමුර්ධියෙන් සමන්විත වූ බ්‍රහ්මදත්ත නම් රජකු රාජ්‍යය කරණ කල්හි කොසොල් රට සේනාවාහන ආදිය නැත්තාවූ දීඝතිස්ස නම් රජෙක් රාජ්‍යය කරන්නේය. එකල ඒ බ්‍රහ්මදත්ත නම් කසී රජ තමාගේ හස්ත්‍යාශවාදී චතුරංගිණි සේනාවාහනයන් සන්නද්ධකොට සරහා දීඝතිස්ස නම් කොසොල් රජු කරා සටනට නික්මින එකල්හි කොසොල් රජතෙම බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ සෙනගගෙණ තමාකරා සටනට එති යනු අසා සිතනුයේ මේ රජ උපභෝග පරිභෝග වස්තුවෙන් හා නිධාන කොට තිබූ කෙළකෝටිගණන් ධනයෙන් අඪ්‍යයහ. මහත් සේනා වාහන ඇත්තේය මම වනාහී එබදූ සේනාවාහන ධනසමෘද්ධියක් ැනතිහෙයින් ඒ රජු හා යුද්ධකරන්ට නොහැක්කෙමි, එසේ හෙයින් බැහැරගොස් ජීවත්විම උතුම්වන්නේයයි සිතා තමාගේ අගමෙහෙසුන් බිසවුන් කැඳවාගෙණ ඔහු එන්නට පළමුකොට තෙමේ නුවරින් නික්ම ගියේය. ඔහු ගිය ඉක්බිති ඒ බ්‍රහ්මදත්ත රජ තමාගේ සේනාවාහන සමඟ ඒ කොසොල් රජහුගේ නුවරගෙණ වාසය කළේය. ඉක්බිති කොසොල් රජ්ජුරුවෝ තමන්ගේ බිසවුන් හා සමග අනුක්‍රමයෙන් බරණැස් නුවරට ගොස් එහි එක්තරා කුඹුලුන්ගේ ගෙයක වාසය කරන්නාහු එකල රජහුගේ බිසවුන්ට දරුගැබක් පිහිට ඉරුඋදාවන වෙලෙහි සන්නාහ සන්නද්ධවූ සිව්රඟ සෙනග යහපත් තෙනක සිටියාදක්නට ද ඔවුන් ආයුධ සේදුදිය බොන්නටද දොළොක් උපන. එකල බිසව්තොම දේවයන් වහන්ස මම ගර්භිණී වූයෙහි මට මෙවැනි දොළකුත් උපන්නේයයි තමන්ගේ කොසොල් රජහට කිවාහුය. රජු එබස් අසා සොදුරු දිලිඳූවූ අපට සන්නාහයෙන් සන්නද්ධවූ සිව්රඟ සේනඟ යහපත් තෙනක සිටියා දැකීම් හා ඔවුන් ආයුධ සේදු දිය බොන්නට කොයින් ලැබෙන්නේදැයි කීහ. බිසව් එසේවිනම් දේවයන් වහන්ස මාගේ ජිවිතයනොතිබෙන්නේයයි කීවාහ. එසමයෙහි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරෝහිත බමුණෙක් ඒ දීඝතිස්ස නම් කොසොල් රජහට මිත්‍රව වාසය කරන්නේය. එකල ඒ කොසොල් රජ තමාගේ මිත්‍රවූ පුරෝහිත බ්‍රාහ්මණයා ලඟට ගොස් එම්බා යහළුව තොපගේ යෙහෙලනි වූ අපගේ බිසවුන්ට ගැබෙක් පිහිටා මෙසේ දොළොක් උපන්නේයයි කහ. එසේ වීනම් දේවයන් වහන්ස මම ඒ බිසුන් දක්නා කැමැත්තෙමි. බමුණා කී හෙයින් කොසොල් රජ තමාගේ බිසව් කැඳවාගෙණ ඒ බමුණුන්කරා ගියේය. පුරෝහිත බ්‍රාහ්මණයාද එන්නාවූ බිසවුන් දුරදීම දැක උනස්නෙන් නැගීසිට උතුරුසළුව ඒකාංශ කරගෙන බිසවුන්ට නමස්කාර කොට සිට තොපගේ කුස පිළිබඳගත්තේ කොසොල් රටට අධිපතීවන්නීවූ මහා පිනැති රජෙකැයි තුන්යලක් උදන් අනා දේවයන් වමන්ස සතුටු උවමැනව සූර්යෝද්ගමන වේලයෙහි සන්නාහයෙන් සන්නද්ධව සිටියාවූ චතුරංගී සේනාව දක්නට ලද ඔවුගේ ආයුධ හේදු දිය බොන්නටද ලැබෙන්නේයයි කොසොල් රජහට කියා ගිවිස්සා තෙමේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් කරා ගොස් දේවීන් වහන්ස සෙට උදෑසන චතුරංගිණි සේනාව සන්ධව සිටිමද ඔහුන් තමන්ගේ ආයුධ සේදීමටද කාරණයක් දිටිමි ඊට විධාන කළ මැනැවයි කියේය. එසේ වීනම් සගයෙනි තොප පුරෝහිත බමුනන් කියාලු පරිද්දෙන් සැරහිගණුවයි රජ සේනාවට නියෝග කළේය.

ඔහුද රජහුගේ නියෝග වූ පරිද්දෙන් සැරහී තමන් වහන්සේගේ ආයුධ සේදුවාහුය. එකල දීඝ තිස්ස නම් කොසොල් රජහුගේ අගමෙහෙසුන් බිසවුන්ට ඉරුඋදයෙහි සන්නාහයෙන් සන්නද්ධ සිව්රඟසෙනඟ දැකීමද ඔවුන් ආයුධ සේදු දිය බීමටද සිද්ධවිය. ඉක්බිති බිසව් මුහුකළ ගැබ් ඇතිව දස එකඩ මසකින් පුත්කුමරුවකු වැදුවාහුය. ඕහට දිඝායූ කුමාරයෝ යයි නම් තබා වැඩිවිය පැමිණ නුවැනැතිවූ කල්හි පියරජතෙම සිතනුයේ බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ අනර්ථ කළේය. මොහු විසින් අපගේ බලවාහන ජනපද රන් රුවන් ගබඩා කොටුගෙවල් ආදිය පැහැරගන්නාලද ඉඳින් අප අඳූනන්නේවීනම් අප තුන්දෙනා මරන්නේය. එසේ හෙයින් දීඝායු කුමාරයන් නුවරින් පිට වාසයකරවුව මැනවැයි සිතා ඔහු පිටිනුවරට වැස්සුයේය. ඒ දීඝායු කුමාරයාද අප්‍රසිද්ධ වේසයකින් වසන්නේය. කොසොල් රජු හා බිසවුන් එහි වසන්නා දැක බ්‍රහ්ම දත්ත රජ හට දැක්වූවාහුය. එසේ වී නම් කෙළෙතෙපි ඒ රජ හා බිසවහා සමග අල්වාගෙණ එවයි නියෝග කොට මිනිසුන් ගමන් කරවා ගෙන්වාගෙණ වධයට විධාන කරණුයේ සගයෙනි මේ රජු බිසව් හා සමග දැඩි ලනුවකින් පිටිතොල හයා බැඳ කරයෙන් ඉසකේ මුඩුකොට වධබෙර ගස්වමින් විථියෙන් විථියෙන් ගෙණ ගොස් දකුණු වාසල් දොරින් නික්මයා එතනදී දෙදෙනා සතරකඩක් කොට පොළු ගසා වලසතරකලා එවයි කීයේය. එබස් ඇසූ ජනයා යහපති දේවයන් වහන්සැයි රජුහුගේ නියෝගවූ පරිද්දෙන් බිසව හා එකකොට රජුපිටිතොල හයා බැඳ ඉසමුඩුකොට විථියෙන් විථියට ගෙණයන්ට පටන් ගත්හ, ඒ වෙලෙහි දිඝායු කුමාර තෙම තමාගේ මව්පිය දෙනො බොහෝ දවසක් නොදැක්න ලදහ. ඔවුන් දක්නෙම් බරණැස් නුවරට ගොස් පිටිතොලහයා බැඳ විථියෙහි යන්නාවූ මව්පියන් දැක ලඟට යනුව අභිමුඛවිය. එකල කොසොල් රජ එන්නාහූ ඔහු දුර දැක පුත්‍ර දීඝායූ කුමාරය දුරබලව ලඟ නොබලව වෛයිරයෙන් වෛයිරය නොසන්හිඳෙයි වෛයිරනොකිරීමෙන් වයිර සන්හිඳෙයි කීයේය. ඔහු එසේ කී කල්හි මනුෂ්‍යයෝ මේ කොසොල් රජු උන්මත්ව නම් දොඩන්නේය මෝහට දීඝායුවක් නම් කොයින්ද කවුරුන් දැක මෙ මෙස් කියන්නෙහිදැයි කීවාහුය. එකල ඒ රජගෙම සඟයෙනි මම උමතුව නන්දොඩන්නෙමි නොවේමි යමෙක් නුවැත්තේ වී නම් ඒ දන්නේයයි නැවත නැවතත් කීයේය. ඉක්බිති මනුෂ්‍යයෝ ඒ රජහුගේ බිසව හා සමග රජුහුගේ නියෝගවූ පරිද්දෙන් නුවර ඇවිදුවා දකුණු වාසලන් පිටතට ගෙණගොස් සතරකඩක් කොට කපා වලසතරක ලා රැකවල්ලා ගියාහුය. එකල දීඝායු කුමාරතෙම බරණැස් නුවරට වැද ආ ඇරගෙණ රැකවලුන් පොවා ඔවුන් රා මදින් මත්ව ඒ ඒ තැන හුනුකල්හි තෙමේ දරසෑයක් බැඳ මව්පියන්ගේ මෘදදේහ දරසෑයට නැග ගිණිදල්වා දොහොත් මුදුනෙහි බැඳ තුන්යලක් වටකොට ඇවිද්දේය. එසඳ බ්‍රහ්මදත්ත රජ ප්‍රසාදයෙහි මතුමහල් තලයෙහි සිට එසේ දරසෑය වට ඇවදිනා කුමාරයා දැක සැක නැතිවය කොසොල් රජුගේ නැනෙක මොහු කෙරෙන් මට අනර්තයක් වන්නේය.

කවුරුත් මොහු ඇතිබව මට නොකිවාහුයයි සිතුවාහුය. ඉක්බිති ඒ කුමාරතෙම වලට ගොස් කැමති පමණක් අඬා වැලප බරණැස් නුවරට වැද එහි වාසය කෙරෙමින් එක් දවසක් ඇත් හලට ගොස් ඇත් ගොවවා දැක ආචාරීනි මම හස්ති ශිල්පය උගන්නා කැමැත්තෙමි කියා යහපති උගණුවයි කී කල්හි එදා රෑ ඒ ඇතහල ලග අළුයම නැගි සිට මියුරු කට හඬින් ගී කිය කියා විනාගෑවෝ කවුරුන්දැයි විචාරා දේවයන් වහන්ස හස්තිචාරීහුගේ අතවැස්සෝයයි අසා ඔහු කැඳවාගෙණ එවයි කියා ගෙන්වාගෙණ ඇත්හල ගී කිය කියා විනාගෑවෝ තොපිදැයි විචාරා එසේය දේවයන් වහන්ස අපියයි කී කල්හි එසේ වී නම් දැනුත් ගී කය විනාගායනා කරවයි නියෝග කළේය. එකල දීඝායූ කුමරතෙම බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ සිත් ගන්නා කැමතිව මධුරස්සවරයෙන් ගී කිය කියා විනාගායනා කෙරෙමින් රජහුගේ සිත් ගෙන උපස්ථාන කරන්නේ රජහට පළමු නැගීසිට ගායනා කෙරෙයි රජහට ඉක්බිතිව තෙමේ සැතපෙයි කටයුතු කවර්දැයි රජහූ විචාරවයි රජහට සිත්වූ පරිද්දෙන් ප්‍රිය තෙපුල් කියයි මෙසේ දීඝායූ කුමාරතෙම නොබෝ කලකින් බ්‍රහ්මදත්ත රජහට අභ්‍යන්තරව විස්වාසවූයේය. ඉක්බිති එක් දවසක් බ්‍රහ්මදත්ත රජහු විසින් දිඝායූ කුමාරය මම මුව දඩයමට යනු කැමැත්තෙමි රථය යෙදාවයි කී කල්හි යහපත දේවයන් වහන්සැයි රථය යොදා රජහු රථයට නංවා තෙමේ රථය පදිනේ සේනාව හෝ රථයක් හෝ ආසන්න නොවන පරිද්දෙන් වහා රථයම පැදගෙන ගියේය. එසඳ රාජකුමාරයට කියනුයේ කොල මම මිරිකුණු ශරීර ඇත්තෙමි මදක් සැතපෙණු කැමැත්තෙමි රථය රඳවාපියවයි කීයේය. එකල ඒ රාජ කුමාරතෙම යහපත දේවයන් වහන්සයි රථය අතහැර තෙමේ රුක් සෙවනක අසරණ මිනිය බැඳගෙණ උන්නේය. එකල රජ දීඝායූ කුමාරයා උකුලේ හිස තබා සැතපී විඩාවගිය ශරීර ඇති හෙයින් වහා නිද්‍රාවට පැමිණියේය. එකල දීඝායු කුමාරතෙම සිතනුයේ බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ අවැඩ කෙළේය. මොහු විසින් අපගේ යාන වාහන ජනපද කොෂාටාභාදිය පැහැර ගන්නා ලද අපගේ මව්පිය දෙදෙන මොහු විසින් මරණ ලද්දාහුය. දැන් මට ඒ වෛරය සිද්ධ කරන්නට කල්වන්නේයයි කොපුවෙන් කඩුව හමාගෙණ සිතනුයේ මාගේ පියරජ්ජුරුවන් වහන්සේ මරණ කාලයේහිදී දීඝායු කුමරාය තෝ දුරබල ලඟ නොබලව වෛරයෙන් වෛරය නොසන්සිඳෙනේය. වෛර නො කිරීමෙන්ම වෛර සන්හිඳෙන්නේයයි කී සේක.

ඒ මාගේ පියානන් වහන්සේගේ බස් ඉක්මවන්ට නුසුදුසුයයි කඩුව කොපුවෙහි බහා ගෙණ මෙසේ දෙවැනි තුන් වැනිව කඩුව කොපුවෙන් හයාගෙණ පියා රජහු කී තෙපුල් සිහිකොට නැවතත් කොපුවේ බහා ගත්තේය. එකල බ්‍රහ්මදත්ත රජ භයින් තැතිගෙණ වහා නැගී සිටි කල්හි දිඝායු කුමාරතෙම දේවයන් වහන්ස භයින් තැතිගෙණ නැගී සිටියේ කුමක් නිසාදැයි කීයේය. ඒ පුරුෂයාට කියනුයේ මාසැතපුන කල්හි දිඝතිස්ස නම් කොසොල් රජහුගේ පුත් වූ දීඝායු නම් කුමාරයෙක් කඩුවක්ගෙණ මා දෙපළු කොට එළුයේයයි ස්වප්නයෙන් දිටිමි එයින් මම භයගෙණ නැගී සිටියෙමි. කීයේ. එසඳ දීඝායු කුමාරතෙම වමතින් බ්‍රහ්මදත්ත රජුගේ ඉසකෙස් කැටිය ගෙණ දකුණතින් කඩුව තියාගෙණ දිගතිස්ස කොසොල් රජහුගේ පුත්වූ දීඝායු කුමාරයා නම් මමය. තොපි අපගේ පියරජ්ජුරුවන් හා මෑනියනුත් මරා සේනා වාහන ජනපද ආදියත් පැහැරගෙණ බොහෝ අවැඩ කළෝ වේද මම යම් පුරාණ වෛරයක් සිත තබා ඒ සිද්ධ කරණු කැමැති වන්නේ නම් දැන් ඊට කල්වන්නේයයි කීයේය. එකල බ්‍රහ්මදතත් රජ භයගෙණ දිඝායු කුමාරයෝ පය වැඳ ගෙණ හෙව එම්බා දීඝායු කුමාරයානෙනි මාගේ ජිවිතය දෙවයි කීසේක. එබසට දීඝායු කුමාරයා විසින් නුඹ වහනසේග් ජිවිතය දෙන්ට මම කවරෙක්ද මාගේ ජිවිතය නුඹ වහන්සේ දුන මැනවැයි කී කල්හි එසේ වී නම් තෙපිත් මාගේ ජීවිතය දෙව මම තොපගේ ජීවිතය දෙමි කියා රජ්ජුරුවන් හා කුමාරයන් දෙදෙන ඔවුනොවුන් ජිවිතදානයාදී මතු විරුද්ධ නොවන ලෙස සත්තය කළාහුය. ඉක් බිති බ්‍රහ්මදත්ත රජතෙම දීඝායූ කුමාරය නුවරට යම්හ රථය පදවාගෙණ සේනා වාහන ලඟට අවුත් ඔවුනොවුන් හා සමග බරණැස් නුවරට වැද ඇමති මණ්ඩලය පරිවරා හිඳ සගයෙනි තොපි කොසොල් රජහුගේ පුත්වූ දිඝායු කුමාරයා දුටුවාහු නම් ඕ හට කුමක් කරව්දැයි විචාළේය.

එබසට සමහර කෙණෙක් දේවයන් වහන්ස අපි ඔහුගේ අත් කපම්හයි කීවාහුය. සමහර කෙණෙක් කන් සිදුම්හයි කීවාහුය. සමහර කෙණෙක් නාසා සිඳූම්හයි කීවාහුය. සමහර කෙණෙක් කන්නාසා සිඳූම්හයි කීවාහුය. සමහර කෙණෙක් ඉස සිදුම්හයි කීවාහුය. එසඳ බ්‍රහ්මදත්ත රජගෙම කියනුයේ සගයෙනි දීඝතිස්ස කොසොල් රජහුගේ පුත්වූ දිඝායු කුමාරයා නම් මෙය. මෝහට කිසිවකුත් නොකොට යුත්තේය. මොහු විසින් මාගේ ජිවිතය දෙනලදදැයි කියා ඉක්බිත් බ්‍රම්දත්ත රජතෙම දීඝයු කුමාරයා තොපගේ පිය රජ්ජුරුවන් විසින් දුරමල ලඟ නොබල වෛරයෙන් වෛරයෙන් වෛරය නොසිඳෙයි වෛරකිරීමෙන් වෛර සන්හිසෙඳයි කීවේ කුමක් නිසාදැයි විචාළේය. එබසට දීඝායූ කුමාරතෙම කියනුයේ දේවයන් වහන්ස අපගේ පිය රජ්ජුරුවන් වහන්සේ විසින් දුරබලවයි කීයේ නම් බොහෝ කල් වෛර නොකරවයි කීනියාය ලඟ නොබලවයි කීයේ නම් මිත්‍රයන් භේදනොකොරවයි කියාය. වෛරයෙන් වෛර නොසන්හිඳෙයි වෛර නොකිරී මෙන්ම වෛර සන්දිදෙයි කීයේ නම් නුඹ වහන්සේ විසින් මාගේ මව්පියන් මරණ ලද්දාහුයයි ඉඳින් නුඹ වහන්සේ මැරූයේ වීනම් නුඹ වහන්සේට වැඩ නැමැත්තාහූ කෙනෙම් මා මරන්නාහුය. එසඳ මට වැඩ කැමැත්තාවූ නෙකෙනකුත් ඔහුත් මරති මෙසේ වෛරයෙන් වෛර නොසන්හිඳෙන්නේය. දැන් නුඹ වහන්සේ විසින් මාගේ ජිවිතය දෙනලද මා විසිනුත් ුනුඹ වහන්සේගේ ජිවිතය දෙන ලද එසේ වෛරයෙන් වෛර නොසන්සිඳන්නේය. වෛර නොකිරීමෙන්ම සන්හිඳෙන්නයේයයි කියා දේවයන් වහන්සැයි කීයේය.

එකළ බ්‍රහ්මතත්ත රජතෙම මේ කුමාරයා පියානන් සංක්‍ෂේපයෙන් කී දෙයෙහි අර්ථ විස්තරයෙන් දන්නේය ඉතා නුවනැත්තාවූ පුරෂයෙකැයි විෂ්මයපත්ව පිය රජ්ජුරුවන් සන්තකවූ සේනා වාහන ජනපද කොෂාටාගාරාදිය තැන්පත් කොට දී තමාගේ දියනි කෙණෙකුත් පාවාදී මිත්‍රව විසුයේයයි අප තිලෝගුරු බුදුරජානන් වහන්සේ ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ හා දීඝායු කුමාරයන්ගේ මේ කථාව ගෙණහැර දක්වා වදාරා මහණෙනි සත්වයන්ට වධබන්ධනාදී දණ්ඩ නිග්‍රහකොට ආයුධ බලයෙන් ආඥාචක්‍රය පවත්වා රජ කරණ රජ දරුවෝ පවා මෙබඳූවූ ඉවසීමට හා කීකරු බවට පැමිණෙන්නාහුය. තොපි අවිපරිතවූ ධර්ම විනය ඇති ශාසනයෙහි මහණව කවර කාරණයකින් ඉවසාගත නොහෙව්ද කීකරු නොවව්දැයි දෙතුන් වෙනිවත් විවාද නොකරණසේ අවවාද වදාරා එසේත් නොසන්හිඳෙන හෙවියින් මේ භික්ෂූ වෙෂයෙන් මඩනා ලද සිත් ඇත්තාහ. මොහු සන්හිඳුවන්ට නොහැක්කේයයි එතැනින් වැඩ දෙවෙනි දවස් වළඳා ඉක්බිති ගඳකිළියෙහි මදක් සැතපී සෙනසුන් පිරිකර තැන්පත් කොට තබා තමන් වහන්සේ පාසිවුරු ගෙණ ඒ අසමගි භික්ෂූ සංඝා මධ්‍යයේ ආකාශයෙහි වැඩ සිට වදාරණ සේක් මේ කලහකාරී භික්ෂූ සංඝයා තෙම වටින් එකවිටමත් ශබ්ද පැවැත්වීමෙන් මහ හඬ ඇත්තාහුද වෙති.

ගුණයෙන් සමානත්වෙති මොහුව්න අතුරෙන් කිසිවකුත් මම නුවනැත්තෙමි නොසිතා පණ්ඩිත මැණිව භික්ෂූ සංඝයා බෙදන කල්හි මා නිසා මේ භික්ෂූ සංඝයා වහන්සේ බිඳෙන සේකැයි කිසි කාරණ දෙයකුත් නෙසිතුයේය. තවද මෙහි භික්ෂූ සංඝයා තෙම වේෂයෙන් සිහිමුළාව අපි නුවැණැත්තම්හ. සතර සතිපට්ඨානාදීවූ ආර්ය ධර්මයන් අරමුණු නොකොට කටහයා යමක් කියනු කැමැත්තේ විනම් එපමණක් බස් සබමැද ගෞරවයක් නැතුව කියමින් අලජ්ජි බවට පැමිණෙත් ඒ විවාදය මෙබඳූ මහත් ආදීනව ඇත්තේ යයි සලකාගත නොහෙන් නේද, තවද මට අක්‍රොස කළේය. හස්තපාදාදීයෙන් තැළූයේය. කුළුදෙයි ආදිය කියවා මා පැරදවුයේය. මාගේ පරිභෝග වස්තු පැහැරගත්තේයයි යමෙක් තණ පිදුරු ආදියෙන් කුණුමස්වසාලන්නෙකු මෙන් නැවත නැවත වෛර බිඳිද ඔහුගේ වෛරය නොසන්හිඳි ඔහු දුකට පමුණුවන්නේය. යම්කෙණෙක් එබඳූ වෛරය තමන් සිත්හි නුපදවා පවතින්ද ඔහුගේ වෛරය වහාසන් හිඳිමට පැමිණෙන්නේය. තවද මේ සත්ව ලෝකයෙහි අන්ත්‍ථමෙම අකාරී යනාදීවූ නව අඝාත වස්තුන් කරණකොටගෙණ උපදනා වෛරයෝ කෙළ කුණු මලමුත්‍රාදී අසුචි වැකිතැන් එම අසූචියෙන් සොධා පිරිසිදුකොට ගත නොහැක්කාමෙන් වෛරයෙන් වෛර සන්හිඳිය නොහැක්කාහ.

එබඳූ අසුචි වැකිතැන් පිරිසිදු දියෙන් සෝදා පිරිසිදු කරන්නාසේ ක්‍ෂාන්තිමෛත්‍රී ආදීවු ගුණයෙන්ම සන්හිඳවිය හැක්කාහ. අවෛරයෙන් වෛර සන්හිඳවීම් පෙර බුදුවරයන් ගියාවූ මාර්ගයෙක්ම තවද සඟමැද කෝලාහල කරණ කල්හි අපරීක්ෂාකාරීව නුවනැති භික්‍ෂුහූ අපි හැමවෙලේම මරු මුඛයට යම්හයි නොසලන්නාහ. මෙයින් යම් නුවනැති භික්ෂූකෙණෙක් අපි සතනයෙන් මරුමුඛවය යම්හයි නොසලකා ඒ විවාද සන්හිඳිමට උත්සාහ නොකරෙත්නම් ඔවුන් නිසා ඒ විවාදය සන්හිදෙන්නේය. තවද සත්වයන්ගේ ඇටබිඳ තළා පණගන්වා රජදරුවෝ පවාත් අවාහ විවාහ සම්බන්ධයෙන් මිත්‍රභාවයට පැමිණ සමගව වාසය කෙරෙතියි, මහණෙනි ක්‍ෂන්තිය ගුරුකොට පැවිදිවූ තෙපි කවරහෙයකින් එසේ නොවව්ද, ඉදින් යමෙක් නුවනැතිව තුනුරුවන්හි හටගත් සැදැහැති තමා හා එක්ව වසන්ට නිසිවූ ධෛර්යය සම්පන්න කල්‍යාණ මිත්‍රයෙකු ලද්දේවීනම් ඒ තෙම තමාටවන්නාවූ සියළු උපද්‍රව දුරුකොට සතුටු සිත් ඇතිව සිහිනුවනින් යෙදී වාසයකරන්නේය. තවද මෙලෝපරලෝ වැඩ නොදන්නා අඥනයන් හා එක්ව විසීමට වඩා ඇත්රලින් වෙන්ව වල්හි උදාකළාව වසන්නාවූ මේ පාරිලෙය්‍ය නම් හස්තිරාජයාගේ ගණය හැර තනිව විසීම උතුම්වන්නේයයි තිලෝගුරු බුදුරජානන් වහන්සේ නොයෙක් කාරණා කියාත් ඒ කලහාකාරී භික්ෂූන් සමගි කොටගත නොහී බාලකලෝනා කාරනම් ගමට වැඩ එහි භගුනම් තෙරුන්වහන්සේට සමගිව විසීමෙහි අනුසස් වදාරා එයින් තුන්කල පුතුන් වසන තැනට වැඩ සමගවාසයෙහි අනුසස්වදාර එයින් පාරිලෙය්‍ය නම් වනයට වැඩ එහි තුන්මසක් වාසයකොට නැවත කොසඹෑ නුවරට අවුත් සැවැත්නුවරට වැඩිසේක. එකල කොසඹෑ නුවර උපාසකවරු මේ භික්ෂූහු අපට අනර්ථකාරීහ. මුන්කරණා පීඩා ඉවසාගත නොහි අප බුදුරජානන් වහන්සේ වැඩිසේක. අපි මුන්වහන්සේලාට නමස්කාර නොකරම්හයි සිඟා ආකල ආහාර නොදෙම්හ, එකල මොහු දුරයාමක් හෝ සිවුරු ඇරීමක් බුදුන් පැහැදවීමක් හෝ කරතියි. සනිටුහන්කොට එසේම කළාහුය. භික්‍ෂුහූද ඔවුන් පැවැත්වූ දඬුවමින් පීඩාවට පැමිණි සැවැත්නුවරට ගොස් බුදුන් ක්‍ෂමා කරවාහුය. මෙසේ භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ මේ ජාතකය ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා වදාළසේක.

එකල්හි දීඝායූ කුමාරයාගේ පිය රජ්ජුරුවෝ නම් දැන් සුද්ධෝදන මහරජ්ජුරුවෝය. එකල්හි ඔහුගේ මෑනියෝ නම් දැන් මහමායා දේවිය එකල්හි දිඝායු කුමාරයෝ නම් සියළුසත්වයන් කෙරෙහි පහළ කරුණායෙන් සමතිස් පෙරුම්පුරා සවාසනා සර්වකේළශයන් ප්‍රහීණකොට බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.