406 කච්චාන ජාතකය

තවද මේ අටවැනි නිපාතය දක්වමි කෙසේද යත් අෂ්ටාත්තරගත මංගල්‍යාලක්ෂණයෙන් විරාජ මාන වූ ශ්‍රිපාද පද්ම ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මව්පියන්ට උපස්ථාන කරන්නාවූ උපාසකයකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් උපාසකයෙක් දෙමව්පියන්ට සකසාම උපස්ථාන කරන්නෙහිය. උන්ගේ දෙමව්පියෝ පුතුනුවන්ට කියන්නාහූ පුතණ්ඩ උපස්ථාන කිරීමකුත් ගොවිතැන් බත් කිරීමකුත් තොපට මහ ආයසය තොපි තොපට සුදුසු තෙනකින් බිරිඳක් ගෙණඑරව උන් ගෙනාකළ උන් අපට උපස්ථාන කරන්නාහ. තොපි ගොවිතැන් බත් කරන්නාවේදැයි කීහ. ඒ උපාසකයා කියන්නේ මා උපස්ථාන කරණසේ උපස්ථාන කළ එද්ද මා විනා අනිත් කෙණෙක් මාගේ සිත සැටියට උපස්තාන කෙරෙත්දැයි නොගිවිස්සාහ, උන් නොගිවිස්සත් දෙමව්පියෝ සුදුසු කුලයකින් බිරින්දක් ගෙණවිත් ළූවාහ ඒ ස්ත්‍රීන් ආදවස් පටන් සමනන්ටත් ඉතා ලෙන්ගතුව වාසය කොට නැදිමයිලන්ටත් සැපසේම උපස්ථාන කරන්නී කල්යාමකින් නැන්දනියන් කෙරේ කලකිරී උනුපැන් ඉල්ළුවොත් ඉතාම ඇඟ සම්යන ලෙසට උනුපැන් දෙන්නීය. ඇල්පැන් ඉල්ලුවොත් ඉතා සීතයෙන් වෙව්ලන ලෙසට ඇල් පැන් දෙන්නීය. මාළුයේ ලුනු මදයයි කීවොත් ඉතා ළුනූ බෝ කරන්නීය. ළුනු බෝයි කිවොත් ඉතාම මද කරන්නීය. ඇඳ මකුණෝයයි කීවොත් අසල ගෙවල ඇත්තන්ට නුඹ ඇමට ඇසෙන නියායෙන් නොවේද මා ඇඳ මකුණන් ගැසුයේයයි කියන්නීය. තොමෝම ඒ ඒ තැන සෙම් සොටු කාරා දමා කවුරුදැයි විචාළ කල නුඹගේ මැනියන්දැයයි කියන්නීය. එක් දවසක් සමණයන්ට කියන්නී නුඹගේ මෑනියන්දැට පිස පැර තිබන්ට හා සෝපත්ති තිබන්නට අපට බැරිය. නුඹගේ මෑනියන්දෑ මෙතන ඉදිතොත් මම නොඉදමි උන් මෙගෙන් යව්වමැනවැයි කීහ. එවිට උපාසකයා කියන්නේ තොපි නම් සග බාලහෙයින් තොපට කොයිත් ගොසින් ඉන්දැහැකි. මාගේ මෑනියන් වහන්සේ මැහැලිව දුර්වල සේක. උන්දැ කොයි යන්නද. තෝ යෙයි නම් පලායවයි කියා තමාගේ බිරින්දට කෝප කළාහ. එතැන් පටන් පළමු නියාවට දියුණුවක්ව නැන්දනියන්ට උපස්ථාන කරන්නාහ. උපාසකයා එක් දවසක් ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේට වැඳ එකත්පස්ව ඉඳ බණ අසා සර්වඥයන් වහන්සේට එපවත් කීයේය. සර්වඥයන් වහන්සේ වදාරණ සේක් තොප අඹුවන් කීවා නොවිසයි පමණක් විනා පෙරතා ගේ බිරින්දෑ ගේ බස් ගෙණ මෑණියන් පහකොටුපුවේ වේදැයි වදාරා ඒ කෙසේද යත් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාලසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්‍ර දේවේන්ද්‍රව උපන්නාහ. යටකී ප්‍රවෘතිය මෙන් වන්නාහ. මෙහි වනාහී උපාසකයා තමාගේ බිරින්දගේ බසට මෑනියන් හෙයින් පහත්කොට වුපවාහ. උයූත් එතැන්පටන් ඈත මෑත ඇවිද බැලමෙහෙකොට කීවත් වන්නාහ. එසමයෙහි උන්ගේ යෙහෙලියන්ටදරු ගර්භයක් ඇති විය. දස එකඩ මසකින් දරුවන් ලැබ දවසින් දවසට සියලු සම්පත්තීයෙන් අඩුවක් නැතිව දවස් අරණාහූ මේ මැහැලි මාගේ ගෙයි ඉන්නා තෙක් අපට කිසි වැඩෙක් නොසැලසින, උන්දෑ ගියදවස් පටන් දරුවනුත් ලැබී සැපසේ අභිවෘද්ධියම සැලසුනැයි කීවාහ. එවිට උපාසකයාගේ මව් තමාහෙයින් පිටත් කළ පසු දරුවන් ලද්දැයි අසා මෙසේ සිතුවාය, ඉඳින් මේ ලෝකයෙහි ධර්මය නොනැසී පවතී නම් බිරින්දගේ බසට මවුන් තලා හෙයින් පිටත් කළ දරුවෝ මෙලෙස දරුවන් ලැබ සුවපත් වෙත්ද, එසේ හෙයින් ධර්මය නැසුනේ වන, ඒ නැසුනාවූ ධර්මයට පිතෘ පිණ්ඩක දානය කෙරෙමි සිතා ඒ මැහැලි එක් දවසක් තල මුං සාල් වලින් සැඳි සාළු අරගෙණ අමුසොහොනකට ගොස් ලිප් කැටට මිණි ඉස්කබල් තිබාාගිණිමොලොවා ගඟට ගොස් ඉස් සෝධා නාගශන් පෙරවි පිළි සෝධා බැඳි ලිපගාවට ඇවිත් ඉසකේ මුදාහෙලා සාල් දොවුන් අරින්ට පටන්ගත්තීය. එකල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති බෝධිසත්වයෝ ශක්‍රදේවේන්ද්‍රව ඉපිද එදවස් දිවසින්ම මනුෂ්‍යලෝකය බලන්නාහූ ඒ මැහැල්ල කරන්නාවූ ක්‍රියාව දැක බමුණුවෙසක් මවාගෙණ මගයන එකෙකු මෙන් ඒ ඈ සිටිනා තැනට ගොස් සොහොනේදී බස් පිසන කෙණෙක් නම් නැත. එම්බා කච්චානි නම් තැනැත්තෙනි ඉස සෝධා නාහා සුදු පිළි හැඳ මිනි ඉස්කබලින් ලිප් බැඳ තලකිරිබත් පිසන්නේ කාටදැයි විචාළේය. එවිට මැහැලි කියන්නී බමුණානෙනි මේ ලෝකයෙහි වැඩි මහළු නෑයන්ට ආදර සත්කාර කිරීම ආදීවූ සුචරිත ධර්මය නැසුනේය.

එසේ හෙයින් මම ඒ නැසුනාවූ ධර්මයට පිතෘපිණ්ඩ දානය කෙරෙමි කී කල්හි ශක්‍රබ්‍රාහ්මණතෙම කියනුයේ එබ්බා කච්චානිය අසදෘශවූ ආනුභාව හා දහසක් නුවනැන් ඇති සද්ධර්ම ස්වරූපවූ සක්දෙව්රජ තෙම ධර්මය පවත්වමින් ජිවත් වන්නේය. එසේ හෙයින් ධර්මය නොනැසුනේයයි කියේය. එබස් අසා මැහැලි කියන්නී බමුණානෙනි කුමක් කියව්ද මේ ලෝකයෙහි යම් සත්වකෙණෙක් කුශලධර්මයෙහි නොයෙදි පාපයෙහි යෙදී වාසය කෙරෙත් ද එබඳූවූ සත්වයෝම පුත්‍රදාරා දැසි දස් ගවමහිසාදී ධනධන්‍ය සම්පත්තීයෙන් සමෘද්ධිවෙති පළමු වඳවූ මාගේ යෙහෙලියන් අද්‍රෝහී වූ කුලජ්‍යෙෂ්ට වූ මා තලා ගෙයින් පිටත් කොට දරු වදා සියලු අපගේ කුලයට ප්‍රධානයවූවාය. තොප කුමක් කීවත් ධර්මය නැසුනැයි යනු ඒකාන්තයෙන් මට සැකයක් නැතැයි කීවාය. ඉක්බිති සක්දෙව්රජ කියනුයේ කාත්‍යයනීය, තෝ යම් ධර්මයක් මළායයි කිවුනම් ඒ ධර්මය නම් අනිකෙක් නොවෙයි ජීවමාන වූ මම්මය අන් කාරියක් නැතිව තොප නිසාම මෙතැන්හී පැමිණියෙම් යම් ස්ත්‍රියක් තොප තළා ගෙයින් නෙරා දරුවන් ලැබ ප්‍රබල වූද ඈ දරුවන් හා එක්ව මාගේ ධර්ම තේජසින් දවා අළුකෙරෙමි කිවුය.

එවිට මැහැලි අනේ මේ කුමක් කියන නිසාද මාගේ පුතාද යේලිද මුනුබුරාද අපි හැමදෙන ඔවුනොවුන් හා සමග සතුටුව යම්සේ වාසය කරමෝද එම නුඹ වහන්සේටත් කැමතිවේවයි කිකල්හි උන් විසින් දුකට පමුණුවනු ලැබූ තෝ සත්පුරුෂ ධර්මය නොහැර ඔවුනොවුන්ට යහපතක් කැමති වූයේයයි සන්තෝෂව තොපි හැමදෙනාම ඔවුනොනුන්ට යහපතක් කැමතිවුයේ යයි සන්තෝෂව තොපි හැමදෙනම ඔවුනොවුන් හා සමග සතුටුව එක්තැන්හි වාසය කරවයි කියා සක්දෙව්රජ ශක්‍රාත්මභාවයෙන් සැදී පැහැදි අහස්හි සිට කියනුයේ නොබට කාත්‍යයනිය තොපගේ පුතනුවන් හා යෙහෙලනියෝ මාගේ ආනුභාවයෙන් පෙරමගට අවුත් ක්‍ෂමා කරවා තොප කැඳවාගෙණ යෙති. කුශලධර්මයෙහි අප්‍රමාදව වසවයි අවවාදකොට තමා වාසය කරන්නාවූ දිව්‍යලෝකයටම ගියේය. ඔවුන් දෙදෙන ශක්‍රානුභාවයෙන් මැනියන්ගේ ගුණ සිහිකොට අපගේ මෑනියන් වහන්සේ කොයිදැයි ගම මනුෂ්‍යයන් අතින් විචාරා අමුසොහොන දිසාවට ගියයි යනු අසා අඬාගෙණ ගොස් දැක පසෙක අඬා වැටී මෑනියන් වහන්ස අපගේ දෝෂක්‍ෂමාකළ මැනවයි කීවාහුය. ඒ මැහැලි ප්‍රෙමයෙන් මුනුබුරා වඩාගත්තීය. මෙසේ සමගිව ඔවු හැමදෙන ගෙට අවුත් ශක්‍රයන්ගේ ආනුභවයෙන් ඒ කාත්‍යායනී තොප යෙහෙළියන්ද පුතනුවන් මුනුබුරානන් විසින් ඒ ශක්‍රානුභාවයෙන් කරණ ලද උපස්ථාන විඳ සැපසේ වාසය කළෝ වේදැයි චතුස්සත්‍යය ප්‍රකාශ කොට මේ ජාතකය පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළ සේක. චතුස්ත්‍ය ධර්මදේශනාවගේ අවසානයෙහි උපාසකතෙම සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි මෑනියන්ට උපස්ථාන කළ පුරුෂයානම් දැන් වර්ථමාන කාලයෙහි මාතෘපස්ථායක වන්නේය.

එකල්හි භාර්යාවූ ස්ත්‍රීතොම දැන් මේ ස්ත්‍රියය. ශක්‍රදේවේන්ද්‍ර නම් සම්‍යයක් සම්බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

407 අෂ්ටශබ්ද ජාතකය
405 පරන්තප ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.