397 කුම්භකාරී ජාතකය

තවද අද්භුත පුද්ගලවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කේලේශ විෂ්කම්භයක් අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වනාහී විස්තර වශයෙන් ප්‍රච්ඡන්ද ජාතකයෙහි පෙණෙන්නේය. මෙහි කෙළෙඹි පුත්‍රයෝ පන්සියයක් මහණව ජේතවනාරාමයෙහි වාසය කරන්නාහූ එක් දවසක් රෑ ඒ පන්සියයක් දෙනා වමන්සේම රාග විතය උපදවා කෙළෙස් වසඟවු කල්හි සර්වඥයන් වහන්සේ අළුයම් වෙලෙහි බිජුරකිනා කිරලක මෙන්ද වාලධිය රක්නා සුනෙරක මෙන්ද එකපුතෙකු රකිනා මවක් මෙන් ද එක ඇසක් රකිනා එකකු මෙන්ද මාගේ භිකෂූහූ කවර ලෙස වාසය කෙරෙද්දෝහෝයි කරුණා සමාපත්තියෙන් නැගී ලොවබලා වදාරණසේක් මේ පන්සියයක් භික්ෂූන් වහන්සේ රාගවිතය උපදවා කේල්ශ වසඟවූ නියාව දැක භික්ෂූන් පන්සියයම තනිවි කැඳවන්නම් මුන් ඇම අප සිතු සිතුවිල්ල සර්වඥයන් වහන්සේ දානගත්වනැයි භය ඇතිව මා කියන්නාවූ ධර්මය නොඅසන්නාහයි සිතා වදාරා අනද සාමින් කැඳවා ආනන්දයෙනි භික්ෂූන් එක්කරවයි වදාළසේක. අනද සාමින් ජේතවනාරාමයෙහි වාසය කරන්නාවූ භික්ෂූන් වහන්සේ ධර්මසභා මණ්ඩපයට රැස් කරවූසේක. සර්වඥයන් වහන්සේත් එම්බා මහණෙනි යම්සේ කේල්ශ වසඟයෙන් රාගචිත්තයෙක් උපන්නේ වීනම් ඒ දළු නොලවාවහම නසාපිය යුත්තේ පෙර උත්තමයෝ යම්තම් අරමුණක් දැක උපන්නාවූ කේල්ශයන් නසාපුවෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ පසල් ගමක දුක්පත් කුඹල්කුලයෙක ඉපද වැඩිවිය පැමිණ බිරින්ද හා සමග තමන් හා දෙදෙන බැලමෙහෙකොට වාසය කරන්නාහ, එසමයෙහි කලිගුරට දන්තපුර නුවර කරණ්ඩික නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරන සමයෙහි ඒ රජ්ජුරුවෝ එක් දවසක් මිගුළුයන් යන්නාහූ උයන් දොරකඩ පලගෙණ සිටියාවූ අමාත්‍යයන් හා සේනාව එකිහිම අඹ කඩා කැට මුගුරු ආදිය ගසා අතුපත්කඩා අඹගසට බොහෝ විනාශ කළාහ. රජ්ජුරුවෝත් රජගෙට යන්නාවූ අඹ ගස දැක මෙපවත් අසා සම්පත් ඇත්තවුන්ටත් වන්නාවූ අනර්ථය මේ අඹගසමෙනි, කුමකුත් නිතපේක්ෂව වාසය කරන්නාවූ තාපසවරුන්ට කිසිභයෙක්වත් සිතට දුකෙක්වත් නැත. සියල්ලම අනිත්‍යය දුක්කඛ, අනාත්මයයිති ලකුණු භාවනාකොට එම අඹගස මුල සිට සියළුකෙලෙසුන් නසා පසේ බුදුවූ සේක. පසේ බුදුව ඉතිකින් මේශරීරය දෙවනුව උත්පත්තියක් වන්නෙත් නැත, මේ ඇට සැකිල්ල මේ ජාතියෙයිහිම තිරපෙක්‍ෂව ඇරපිමි ඒ ඒ ජාතිවල ඇඬුකදුළු කියතොත් සමුද්‍ර ජාලයටත් බොහෝව දුක්ඛයෙනුත් මිදුනේමයි තිලකුණු භාවනාකොට වැතිරගෙණ වැඩ සිටිසේක. එවිට අමාත්‍යයෝත් ඇයි ස්වාමිනි රජගෙට වැඩියමැනව මෙතන වැඩ සිටිනේ දැයි කීහ. රජ්ජුරුවෝත් එම්බල මම පසේබුදුව ගියෙමි මට රජ්ජුරුවන්ගයි නොකියවයි වදාළසේක. අමාත්‍යයෝ කියන්නාහූ පසේ බුදුවරුන්වහන්සේ නම් තුන් සිවුරු පාත්‍රධරව ඉසමුඩුව මනානොවේදැයි කීහ. එවිට ඉස පිරිමැද ළූ සේක. ඉස කෙසේසතරඟුල් දික්ව තුන්සව්රු පාත්‍රධරව ආකාශයට නැගී නන්දමුල පබ්භාරයට වැඩිසේක.

තවද එසමයෙහි ගන්ධාර රට සත්සලා නුවර තග්ගානම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවෝ එක් දවසක් සඳැල්ලේ අමාත්‍යයන් පිරිවරා උන්නාහ. විථියේ කුඩාකොල්ලෙක් වැලි පූ කරන්නීය. තමා අත තුබූ රුවන් වලළුදෙක එක් අත ළූ හෙයින් ශබ්ද පවත්වන්නට වන රජ්ජුරුවෝත් නිවීම යහපත සම්පත්නම් මිනිසුන්ට විනා සසරට සහයව සිටිනේ නොවෙයි. එසේ හෙයින් තනිව වාසය කරන්නාවූ තපස්වීවරයන් වහන්සේට කිසිභයෙක් නැත්තේය. එම අරමුණු කොට තිලකුණු භාවනා මේනෙහිකොට සියළු කෙලෙසුන් නසා පසේබුදුවුසේක. අමාත්‍යයෝත් ඇයි දේවයන් වහන්ස බැන නොනැගී ඉඳිනේ ඇයිදැයි කීහ. එවිට අමාත්‍යයෝ කියන්නාහූ පසේ බුදුන් කල අට පිරිකර ධරා සිටිය මනා වේදැයි කීහ. එසේ දැයි තමන්වහන්සේගේ ඍද්ධි්‍යානු භාවයෙන් අටපිරිකරධරා ආකාශයට නැගී ගන්ධමාදන පර්වතයට වැඩිසේක.

තවද මියළු නුවර වේදේහරට නිමි නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරන්නාහූ එක් දවසක් මතුමාල්තෙලහි උන්නාහූ අඟානියේ කෙල්ලක් දඩ මස් විකුණන්නීය. ඉන් එක දඩමස් කැටියක් උකුස්සෙක් ගසාගත, ඒ උකුස්සාගේ ඔළුවේ ඇන අනික් උකුස්සෙක් ගසාගත ඌඅතින් අනිකෙක් ගසාගත මස් කැටිය ඇරපූ උකුස්සාට ගහටයෙක් නැතැයි මේ පඤචකාම ඇල්මත් මේ උකුස්සා මෙන, ඇල්ම නැති තැනැත්තේ නම් මස්කැටිය ඇරපු උකුස්සා මෙනැයි මෙම අරමුණු කොටාගෙණ තිලකුණු සඳහන් කොට විදර්ශනා භාවනා කොට පසේ බුදුවූ සේක. අමාත්‍යයෝ ඇයි ස්වාමිනි බැනනොනැගී ඉඳිනේ ඇයි දැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ එම්බා මම පසේ බුදුවිම් කී කල්හි පසේ බුදුවූ කළ මෙසේ ඉදිනේ ඇයිදැයි විචාල කල්හි අටපිරිකර ධරව සිටින්ට උවමැනැරුයි කී කල්හි එවිට ඉස පිරිමැදළූ සේක. අටපිරිකරධරව අමාත්‍යමණ්ඩලයාභා රාජ්‍යවාසීන්ට අවවාද කියාන නන්ද මූල පබ්භාරයට වැඩිසේක.

තවද පඤචාලරට උත්තරා පඤ්චාල නුවර දුර්මුඛනම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරන්නාහ. මතුමල්තල උන්නාහූ විථියේ එක් වෘෂභයෙක් දෙනකට නැගේන්ටයයි වන අනික් මොල්ලිය මහත් වෂභයෙකු දිවගෙණ අවුත් ඒ ගොනා ඇන බඩ පලාපියා ඒ දෙනට නැංගේය. රජ්ජුරුවෝත් පඤ්චකාමයෙහි ලෝභකිරීමෙන් තෙලගොනා මරණට පැමිණියා මෙන් මරණට පැමිණෙන්නේ යයි අනිත්‍යය දුක්ඛය, අනාත්මයයි තිලකුණු භාවනාකොට විදර්ශනා වඩාපසේ බුදුවූ සේක. එවිට අමාත්‍යයෝ ඇයි ස්වාමිනී බැනාෙනනැගී ඉදිනේයයි කීහ. රජ්ජුරුවෝ කියන්නාහූ මම පසේබුදුවිමියි කීසේක. පසේ බුදුවූ කල මෙලෙස ඉදිනේයයි අටපිරිකරධරා උනමැනවැයි කීහ. එවිට ඉසපිරිමැදළූගමනේ අටපිරිකරධරව පාත්‍රයක් අතින්ගෙණ රාජ්‍යවාසින්ට අවවාදකියා නන්මූල පබ්භාරයට වැඩිසේක. පසේ බුදුන් සතරදෙනා වහන්සේම නන්දමූලපබ්භාරයෙන් නික්ම පසල්ගමකට බැස ගැටවටු ගන්නා බෝධිසත්වයන් ඉදිනා වුගෙට සිඟා වැඩිසේක. බෝධිසත්වයන් වහන්සේ උන්වහන්ස්ලා සතරදෙනා වහන්සේ වඩා ඉඳුවා දන්වළඳවා ස්වාමිනි නුඹ වහන්සේලා සතරදෙනාගේ ඉරියාපථයේ දැක සමාධිවිම්, නුඹ වහන්සේලා සතර දෙනා වහන්සේ කවර අරමුණක් දැක පසේබුදුවුයේදැයි විචාළසේක. එවිට වැඩිමාළු බුදුන්වහන්සේ මම මලාගෙණ සිටි අඹගසකටවූ හානිත් පලදා නොවුගසකට නුවූ හානිත් දැක අර්ථය ඇති නැතැන්තවුට වන්නාවූ අනර්ථයන් මේ අඹ ගසටවූ හානිය දැක අර්ථය ඇති නැතැන්තවුට වන්නාවූ අනර්ථයන් මේ අඹගසටවු හානිය මෙනැයි අරමුණු කොට පසේ බුදුවිම්යි වදාළසේක. දෙවෙනි බුදුන් වහන්සේ කුඩා කොල්ලක අත තනිවතුබූ වලල්ල නොඅඬන නියාවත් වලලුදෙක එක්වතුබූ ගමනේ අඬන නියාවත් දැන බොහෝ දෙනා හා වාසය කිරීමෙන් ඉන් ඊට ගැටීමෙන් සිතට වන්නාවූ ගහට මේ වලලු දෙකමෙනැයි මෙම අරමුණක් කොට පසේ බුදුවිමියි වදාළසේක.

තුන්වෙනි පසේ බුදුන් වහන්සේ වදාරණසේක් එක් උකුස්සෙක් හස් කැටියක් ඩෑගෙන ආකාශයට නැංගෙය්. අනික් උකුස්සෙක් ඌ ඔළුවේ ඇන ඒ මස්කැටිය ඇරගෙණ ගියේය. පඤ්චකාමයෙහි ආලය අළුවාවූ සත්වයා නම් මස් කැටියේ ආලය ඇරපූ උකුස්සා මෙන් පඤචකාමහෙි ඇල්ම කළාවූ සත්වයා නම් මස් කැටිය ඩෑගෙණ යන උකුස්සාමෙනැයි මෙම අරමුණක් කොට පසේ බුදුන්වහන්සේ වදාරණ සේක් එක් ගොණෙක් දෙනකට නැගෙන්ට උත්සාහ කෙරෙයි ඉවතසිට අනික් ගොණෙක් දිවගෙණ අවුත් ඒ ගොණා අඟින් ඇණ බඩපලා මරා තෙමේ ඒ දෙනට නැංගේය පඤ්ඤ කාමයෙහි ඇළුම්කළාවූ යම් සත්වයෙක් ඇත්නම් මේ ගොණාමෙන් විනාශයට පැමිණෙන්නේයයි මේ අරමුණක් කොට පසේ බුදුවිමියි වදාළසේක. බෝධි සත්වයෝත් මේ නියාව අසා උන්වහන්සේ සතරදෙනාවහන්සේ කෙරේ සමාධිව උපස්ථාන කළසේක. පසේ බුදුන්වහන්සේත් බෝධිසත්වන් වහන්සේට අනුමෙවැනි බණ වදාරා නන්දමුල පබ්භාරයට වැඩිසේක. බෝධිසත්වයන් වහන්සේත් බොහෝ කලකින් මෙසේවූ රජදරුවෝ මහත්වූ සම්පත් හැර පසේ බුදුවිය මම වනයට ගොස් මහණ වෙමි තමන්වහන්සේගේ බිරින්දට කියනසේක් එම්බා භද්‍රාව. කලිගුරට දන්තපුර නුවර කරණඩික රජ්ජුරුවෝද, ගන්ධාර රට හා කාශ්මිර රට නායක තක්සලා නුවර තග්ගාරි රජ්ජුරුවෝද වේදේහරට මියළු නුවර නිමිරජ්ජුරුවෝද පංචාල රට උත්තර පංචාල නුවර දුර්මුඛ නම් රජ්ජුරුවෝද යන මේ සතරදෙනාම තමන්වහන්සේගේ මහත් රාජ ඓශ්චර්යය හැර පසේ බුදු වූහ. එ තරම් මහාසම්පත් ඇති රජ දරුවන් පවා පසේ බුදුවූකල අපට කන්ට බත් නැතිව අදින්ට පිළි නැතිව දුක්ඛ ජීවිකාවෙන් දවස් අරුම්හ. අපට තමා මේ ගිහිගෙන් ප්‍රයෝජන කිම්දැයි එම්බා භද්‍රාව මම් වනයට වැද ඍෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවන්නා කැමැත්තෙමි කිහ. එවිට කියන්නාහූ භග්ගව ග්‍රෝත්‍රයෙහි පැවිදිවන්නා කැමැත්තමි කීහ.

එවිට කියන්නාහූ භග්ගව ග්‍රෝත්‍රයෙහි උපන්නාවූ කුඹකාරයන් වහන්ස සිතුදේම යහපත ඊට බාදා නැතැයි කීයා සිතන්නාහූ මුන් වහන්සේ දරුවන් මා ඇඟට දමා තමන්වහන්සේ මහණව ගියසේක්විනම් දරුවන් පෝෂ්‍ය කරන්නාට බැරිය මහණවිම්නම් සිතු සිත හා සමග වූ වෝත්විනා පසුව බොහෝ සිතිවිලි සිතිගියේ නම් කාරණා නොවෙයි මුන්වහන්සේ අතින් අවසර ඉල්වාගෙණ යෙත්නම් යානොදෙන සේකැයි කලය ගෙණ පැනට යන්නාක්මෙන් ගොස් තාපසවරුන් වසන්නාවූ පන්සලට වැද පරිව්‍රාජිකාවුදැයි බෝධිසත්වයන් වහන්සේත් දරුවන් හැරපියා යානොහී මුන් වර්ධන වූ කල යෙමි සිතා මදක් වැඩි ගන්නා මාගේ දරුවෝ කටයුතු කාරිය දනිද්දෝහෝයි පරීක්ෂා කරණ නිසා දවසක් සාල්කරණසේක එක්දවසක් යහපත්ව පිසනසේක දවසක් සාල් කරණසේක. එක් දවසක් යහපත්ව පිසනසේක. දවසක් මාළුයේ ළුනූ මදකරණසේක. දවසෙක ඇඹුල් මද කරණසේක. අද කඩුකොට පිසූසේක. අදයහපත්ව පිසුසේක. අද මාළුයේ ළුනු මදකල සේක අද ඇඹුල් මද කළසේකැයි කියන්නාහ. බෝධිසත්වයෝත් මාගේ දරුවෝ කටයුතු දැනගත්තුයයි කියා නෑයන් අතට දරුවන් පාවාදී තමන් වහන්සේ තාපස්වරුන් වසන්නාවූ පන්සලට වැද මහණවූසේක. එක්දවසක් තාපසයන් වහන්සේත්ල පරිබ්‍රාජිකා වහන්සේත් සිඟා වැඩිගමනේ විථියේදී උනුනුන් දැක මාගේ දරුවන් මරාපියා මහණවූසේක්ද නොහොත් දමාපියා මහණවූ සේක්දැයි විචාළසේක. මැරුයේත් නැත දැමුයේත් නැත උන්ගේ නෑයන් අතට පාවාදී මහණවිම් වදාළ තැන්පටන් මියනතුරා දෙදෙන උනුන් නොදැක කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ කුම්භකාර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බෝධිසත්වයන්ගේ කුඩා දියනියෝ නම් උපුල්වන් මහා ස්ථවිරිය. පුතනුවෝ නම් රාහුල මහාස්ථවිරිය. පරිබ්‍රාජිකාවෝ නම් යසෝධරා ස්ථවිරය. කුම්භකාරව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

398 දල්හ ධම්ම ජාතකය
396 මහාකපි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.