396 මහාකපි ජාතකය

තවද අකුතොභයවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බන්ධු සමාගමයක් අරභයා මේ ජාතකය දක්වන ලදි,

ඒ කෙසේද යත්,

මෙහි වර්ථමාන කථාව භද්‍රකාල ජාතකයෙහි පෙනෙන්නේය. මෙහි වනාහී වනාහී මහළුවරුන් වහන්සේ දම්සභාවේ රැස්ව සර්වඥයන් වහන්සේ බන්ධූන් කෙරෙහි අනුග්‍රහකරන සේකැයි කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් මහෝත්තමයෝ බන්ධූන්ට අනුග්‍රහ කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි අරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ වානරව උපන්නාහ. මහත්වූ ශරීරයක් ඇත්තාහ. අසූ දහසක් වඳූරන්ට නායකව වසන්නාහ. හිමාලය වනයෙහි ගංගාවක් සමීපයෙහි මහත්වූ අඹගසක් ඡායාසම්පන්නව මහත්වූ අතුපතර ඇතිව ඉන්ද්‍රනීල පර්වතයක් මෙන් ශෝභමත්ව සිටිනේය. මෙහි පල්ලවයෙන් සශ්‍රිකය මෙහි අඹ කල පමණ මහත ඇත්තේය. රස දිව්‍යාරසය. සුවඳ දිව්‍ය සුවඳය. බෝධි සත්වයන් හා අසූ දහසක් වඳූරෝ ඵලජාතිකා ගෙන ගියාහූ අඹ ගස දැක දිව්‍ය රසවූ අඹ අනුභවකොට එහි වසන්නාහ. ඒ අඹගස එක් අත්තෙක අඹ ගොඩ වැගිරෙන්නේය. එක් අත්තෙක අඹ දියෙහි වැගිරෙන්නේය. බෝධිසත්වයෝ ඒ අඹ දියෙහි වැම්මිමෙන් මතු උපද්‍රවයෙක් සැලසුනි නම් නපුරැයි සිතා දියෙහි වැම්මෙන අඹ අත්තේ අඹ මැලයි අවස්ථාවේ නසවයි කියා වඳූරන්ට සම්මත කළාහ. අසූ හාරදහසක් වඳූරෝ ඒ නියාවටම අඹකන අවස්ථාවෙහි එක් අඹයෙක් දිමි කදළු අස්සේ තිබී මුකරා අසුදහසක් වඳූරන් ඇසට නොපෙණි විලිස්සව ගඟ දියෙහි වැටුනේය. ඒ අඹ ගෙඩිය බරණැස් නුවර රජ්ජුරුවන් නාන්ට එන තොට සමීපයෙහි දෙපිල දැල එල්වා තුබූයේය. ඒ අඹ ගෙඩිය ලෝදැල බැඳින. ලෝදැල් අකුලන්නට ගිය කෙවුලෝ ඒ කියන අඹය දැක කවර ඵලාජාතියක් බවත් නොදැන රජ්ජුරුවන්ට ගෙනාගොසින් දුන්නහ. රජ්ජුරුවෝ මේ කවර ඵල ජාතියෙක් දැයි විචාරා නොදනුම්හයි කීමෙයින් වැද්දන් ගෙන්වාගෙණ මේ කවර ඵලජාතියෙක්දැයි විචාළාහ. ස්වාමිනි හිමාලයේ ගඟක් සමීපයේ අඹයෙකැයි කීහ. රජ්ජුරුවෝ ඒ වැද්දන් අත තුබූ සෙල්ලයෙන් අඹය සස්වා පළමුයෙන් වැද්දන්ට කවා පසුව නුවරුන් පටන් රජ්ජුරුවන් වහන්සේ මේ නිමවා ඒ වැද්දන් ඇරගෙණ ඒ ගස සමීපයට මගපාවයි කියා චතුරංගණි සේනාව ඇරගෙණ ඔරු පාරු පඩව් ආදියට නැගී ගඟ ඔස්සේ ගොසින් අඹ ගස මුලට බැස රජ්ජුරුවෝ අඹරස අනුභව කොට ලැගුම්ගෙණ වට චතුරංගනි සේනාව සලස්වා එතන බොහෝ ගිනිමැල බඳවා බොහෝ අරගල පැවැත්වූහ. මධ්‍යම රාත්‍රියේ අරගල සන්සිඳි ගිණිත් නිවී නිශ්ශබ්දව මනුෂ්‍යයෝ නිදන්ට වන්නාහ. බෝධිසත්වයන් ඇතුළුවූ අසූ දහසක් වඳුරෝ අඹ ගසට නැගී අඹ කන්ට වන්නාහ. බොහෝ වඳූරන් හෙයින් බොහෝ අරගලවූ ගමනේ රජ්ජුරුවෝ පිබිද මනුෂ්‍යයන් පුබුද්දවා අඹ ගස බොහෝ වඳූරෝය කොයිත් යානොදි නිදා නැගිකල්හි අඹ රසත් වඳුරු මසුත් කම්මැයි කියා වට රැකවල්ලවා දුනුවායනුත් ලැවුහ.

වඳුරෝ ඒ කසි භයපත්ව බෝධිසත්වයන් සමීපයට ගොස් මෙපවත් කිහ. බෝධිසත්වයෝ මෙපවත් අසා තොපි හැම භය නොගණුවයි කියා සන්තර්පණය කොට අඹගස අග අත්තට නැගී මහත්වූ වේග දක්වා එගොඩ කැලයකට පැනපූවාහ, බෝධි සත්වයෝ ගඟළුගොඩට පිනුගමනේම දුනු දිය නූළු දුන් නෙන් සියක් දුන්නයයි නියම දැන එච්චරටත් ගස බඳිනා විවරටත් වේවැලක් කඩාගෙණ වේවැල ගස බැඳි බෝධිසත්වයෝ තමන්ගේ ඉඟ බඳිනා පමණ පරීක්ෂා නොකොට ඉඟ බැඳ දෙවනුව පීනුවාහු අඹ අත්ත අල්ලා ගත්තාහ. ඉඟ බදිනා ප්‍රමාණය ළුහුඬුව ගිය හෙයින් බඳදීලා අත්ත අල්වාගෙණ වැදඔත්තාහ. බෝධිසත්වයෝ වඳුරන්ට කියන්නාහූ ඉගබඳිනා ප්‍රමාණය පරීක්ෂා නොකළ හෙයින් අත්තපිට සැපසේ වැදහෝනට නොසේරුය තොප හැම කිසි සැකයක් නොසිතා මාගේ ඉඟ මැඩ ගෙණ සැපසේ ගඟින් එතර පලායවයි කීහ. වඳුරෝ කියන්නාහූ ස්වාමීනි අපගේ ප්‍රාණ ආසාවෙන් නුඹ වහන්සේගේ පිට මැඩගෙණ යනවිනා නුඹ වහන්සේට ලන්වන්නටත් බම්හයි කියා බෝධිසත්වයන් වැඳ වඳුරෝ එකින් එකා නියායෙන් අසූදහසම ගගින් එගොඩ ගියාහ. දේවදත්තයා ඒ ජාතියේ එකියන වඳූරන් හා එක්ව ඉපද අග අත්තට නැගී උන්තැනැත්තේ ආරාලා බෝධිසත්වයන් පිටට පීනුගමනේ හෘදය මාංසයත් කඩාගෙණ තෙමේ පලා ගියේය. රජ්ජුරුවෝ නොනිදා උන්තැනැත්තෝ බෝධිසත්වයන්ගේ ක්‍රියාවත් වඳූරන්ගේ ක්‍රියාවත් දේවදත්තයන්ගේ ක්‍රියාවත් දැක පාන්වූ ගමනේ අටල්ලක් බාවා ඊටම මැස්සක් කලාව මැස්ස උඩට මිනිසුන් නංවා බෝධිසත්වයන් ඉග බැදි වැල් උනවා බිමට බාවාගෙණ වසටකඩක් වෙලා උලා නාවා මධුර ආහාර කවා සතපාක සහසු පාකතෙල් ශරීරයෙහි ගල්වාරජ්ජුරුවන් නමින් වැදහෝනා යානේ තෙලි සමක් ලා බෝධිස.්නවක් එමි වැදහොවා රජ්ජුරුනක් කථා කරන්නාමු විර පුරුෂ වූ වඳුරාණන් වහන්ස නුඹ වඳුරන්ට කුමක් වන්නේද ?. වඳුරෝ නුඹට කුමක් වෙත්දැයි විචාලාහ. බෝධිසත්වයෝ කියන්නාහූ මේ අසූදහසක් වඳුරෝ මා නයකකොට තමන් ඇමට භයක් පැමිණියොත් අප ගලවාගත මැනවැයි මා රජ කොට තැබූහ.

එසේ හෙයින් උන්ට පැමිණ භයින් සන් හිඳවිම, මාගේ වසට බැඳිවැල ළුබුඬුව ගියහෙයින් වසට ඇදතිබෙන හෙයිනුත් වඳුරන් අසූදහස මාගේ පිට මැඩගෙණ හිස ආයාසයෙකැයි නොදනිමියි මාගේ වඳූරන් සැපසේ පලාගිය ගමන්ම මට මහසන්තෝෂය සතුරන් මඩිනාහෙයින් අරින්දමයයි ගලවා දසරාජ ධර්මයට අකොප්‍යනොව රාජ්‍ය කිරීම විනා පැමිණ භයකට රාජ්‍යවාසීන් හැම මැරීම රාජ ධර්මයට ඇතුළත් නොවෙයි අවවාදා කිය කියා වැදොත් ගමනේ ප්‍රාණය නිරුද්ධ විය. රජ්ජුරුවෝ බෝහෝවික්‍ෂේපයක් මෙන් කරවයි කියා ගැල් දහසකින් දර අද්දවා සොළොස් දහසක් බිසෝවරුන් පිළි අඳවා ඉසකේ පිටිමුදාහෙලවා රන්මල් රීදිමල් විලඳ ආදීවූ දෙය ඉසිනා නියායෙන් සලස්වා නුවරවාසීනුත් සොළොස් දහසක් බිසෝවරුනුත් සූසාන භුමියට යවා බෝධිසත්වයන් ආදාහන කරවූහ. බෝධිසත්වයන්ගේ කපාලය නොදා තිබුවා රජ්ජුරුවෝ ගෙන්වා රන්පටක් ඉදිකරවා ජයකොන්තය හා එක්ව මස්වා බරණැස් නුවරට ගෙනගොස් ගඳදුම්මල් ආදීවූ දෙයින් විශේෂයෙන් නුවර සරහා රන් දාගැබක් බඳවා ශිෂකපාලය රන් දාගැබෙහි පිහිටුවා පූජාසත්කාරය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ මහාකපී ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයයෝය. එසමයෙහි වඳුරුව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

397 කුම්භකාරී ජාතකය
395 බකබ්‍රහ්ම ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.