Skip to main content

395 බකබ්‍රහ්ම ජාතකය

තවද මරසෙනඝට භයංකරවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බක බ්‍රහ්මයා අරභයා මේ ජාතකය දක්වන ලදි.

හේ කෙසේද යත්,

බක බ්‍රහ්මයෙක් වේහපඵල නම් බඹලොව පන්සියයක් කප් ආයුෂ විද එයින් චුතව සුඟකිණහ නම් බඹලොව සුසැටක් කප් ආයුෂ විඳ එයින් චුතව ආභස්සර නම් බඹලොව අටකපක් අයුසංස්කාර විඳිමින් සිටිකල්හි මෙකියන බ්‍රහ්මයා මාතෘ ගර්භයකින් ප්‍රසූත විමක් නැති හෙයින් නිදා පුබුදිනා එකෙක්මෙන් බ්‍රහ්මලෝක තුනක ආයුසංස්කාර විඳිහෙයින් මෙතෙම සිතන්නේ බ්‍රහ්මලෝකයෙහි උපදිනාහට ජරාවිළියවත් ගර්භෝත්පත්තියක්වත් මරණයක්වත් නැති හෙයින් මේ බ්‍රහ්මලෝකයේ ආයුසංස්කාරය නිත්‍යප්‍රසවය මෙම ශාන්ති පුරයයි යනාදීන් පරමවූ මිථ්‍යාදෘෂ්ටියෙක් උපන, එපවත් සර්වඥයන් වහන්සේ දැන වදාරා කුටාගාරයක් බිමවැටෙන්නේ සාරමසක් ගියකල එසේවූ කල බ්‍රහ්මලෝකයට ශක්ති සම්පන්න පුරුෂයෙක් දික්කල අතක් වක්නොකරණ කලින් වැඩ වදාරා බකනම් බ්‍රහ්මයාට පෙණි වදාළසේක. උන්වහන්සේ දැක බක නම් මහා බ්‍රහ්මයා කියන්නේ ගෞතම ගෝත්‍රයෙහි උපන්නාවූ නිදුකානන්වහන්ස වැඩියේ ඉතා යහපත මේ බ්‍රම්මලෝකයේ නිත්‍යවූ අචලවූ ස්ථානයෙන් අනිත් තැනක නැති හෙයින් නුඹ වහන්සේ වැඩි නියාව ඉතායහපත් වන්නේයයි කියා එපවත් සර්වඥයන්වහනසේ අසාවදාරණසේක් එම්බල මහා බ්‍රහ්මයා තා වාසය කරන්නාවූ බ්‍රහ්මලෝකය නිත්‍යදාවද අපරාධිත ස්ථානද මෙසේවූ මිත්ථ්‍යාදෘෂ්ටියක් ගන්ට තට විනා අනික් කෙනෙකුන්ට බැරියයි වදාළකල්හි බක බ්‍රහ්ම සිතන්නේ මා විසින් තනිව කියා මුන්වහන්සේ සිතට නැන්විය නොහැක්කැයි සිතා කියන්නෙමා හා මිත්‍රව වසන්නාවූ බ්‍රහ්මයන් සත්‍යතාවයක් ඇති හෙයින් ඔවුන් ඇමදෙනාගේ අභිප්‍රාය මා කීයේයයි කිය එසේ හෙයින් මා කීයේ ඇත්තමයයි මේ බ්‍රහ්මලෝකය නිත්‍යද්‍රවය කිය නැවත සර්වඥයන් වහන්සේ වදාරණ සේක් එම්බල බ්‍රහ්මය තාගේ මේ ලෝකය ඉදින් තා විඳින්නාවූ ආයුෂය එක් ලක්ෂ දසදහසක් අවුරුදුය, එසේහෙයින් තාගේ ආයුසංස්කාරයද තා කළ කුසල් අකුසල් දෙකද මා විසින් දක්නාලද එසේ හෙයින් තා මේ මිත්ථ්‍යාදෘෂ්ටි ගැන්ම යුක්ති නොහෙයි වදාළකල්හි බ්‍රහ්මයා කියන්නේ මේ සර්වඥයන්වහන්සේ සියල්ලම දනිමි වදාරණ සේක. මුන් වහන්සේ අතින් මා කළාවූ කුසල් විචාරමි සිතා කියන්නේ සර්වඥයන් වහන්සේ මා කළාවූ කුසල් දනිමි වදාළේ ඇත්තේවේද ඒ මට වදාළමැනවැයි කීහ.

ඒ අසා සර්වඥයන් වහන්සේ වදාරණ සේක් එම්බල බ්‍රාහ්මණය ගිය දවස එක්කල්පයෙක්හි තෝ එක්තරා වනයක් මධ්‍යයෙහි වාළුකා කාන්තරයෙක තපස්වීභාවයෙන් පන්සලක් කොට ඒ තපස් රක්‍ෂා කරන්නේ එසමයෙහි එක්තරා වෙළෙන්දන් සමූහයෙක් ගැල් දහසක් බඩු පටවා ගමන්කරණ වෙළෙන්දු එකියන වාළුකා කාන්තරායට පැමිණ මන් වැරදින, ගැල්වල පැටවූ දර පැන් නිමවා බොහෝ දුක්ඛයට පමැණ ගැල් අදීනා ගවයන් උනා ගැල් එක්තැන්කොට ඒ ඒ ස්ථානයෙහි වැටි වැදහොත්තාහ. එපවත් ඒ පන්සල වසන්නාව තපස්වී දැක මොහු මියයාදී බලායාම සත්පුරුෂ ධර්මයට පිට තැයි මහත්වූ ඍද්ධියෙන් ගංගාවක් මවා බොහෝ ජනයාට අන්නපානාදිය දරපැන් ආදිය දී රැක්කේ වේදැයි ඒ ජාතියෙහි තොප කළ දෙය අළුයම දුටු සිනයක් මෙන් දිටිමි වදාරා දෙවනු වදාරණසේක් තොප එක් ජාතියක තපස්වී එක් වනයක වාසයකරණ සමයෙහි සොරු පන්සියයක් එක්ගමක් පැහැරකොල්ල කා ඒ ගම ඉඳිනවුන් ලවාම උසුලාගෙණ යන්නාහ. තොපි මේ සොරුන් ගම් පැහැරපියා යන නියාව දැන මාවැනි එකෙකු මේතන ඉන්දදී මෙතෙක් දෙනාට ගහට විඳින්ට කාරණා නොවෙයි කියා තොපගේ ආනුභාවයෙන් ගැසීම පිඹිම් හා මහා සේනාව එන්නාක් මෙන් මවා සොරු ඉදිරියට ආකල්හි සොරු අප ආ නියාව රජ්ජුරුවන් වහන්සේ දැන අප ඉදිරියට එනසේක් වනැයි භයින් ඇරගත් කොල්ලත් ඇර මිනිසුනුත් ඇරගියහයි වදාරා තොපකළ දෙය අළුයම දුටු සීනයක් මෙන් දිටිමි වදාරා තවද එක්තරා ගඟක් අසල්වාසය කරන්නාවූ මනුෂ්‍යයෝ ඒ ගඟ කසල කරන්නාහ, දියකෙළෙිනාහ එක්දවසක් මිනිස්සු බොහොදෙනා එක්ව ගඟට බැස ඔරු පාරු ආදීවූ දෙය ඇරගෙණ ඔබිනොබ කෙළිනට වන්නාහ. ඒ ගඟ වාසය කරන්නාවූ නාගරාජයෙක් කිපී මහා නාගවෙශයක් මවා ගෙණ දියකෙළි මිනිසුන් ඔබිනොබ ලුහුබඳවා භයගන්වා කඩා කන්ට වන.

ඒ මනුෂ්‍යයෝ ඒ ඒ තැන සැඟවි අඬා මුරගාන්ට වන්නාහ. කඩා කන්ට වන. ඒ මනුෂ්‍යයෝ ඒ ඒ තැන සැඟවි අඬා මුරගාන්ට වන්නාහ. තෝ එසමයෙහි ඍද්ධිවන්ත තපස්වීව ඉපිද මනුෂ්‍යයන්ට වූ භය දැක ගුරුළුවේශයක් මවා ගෙණ ඒ නාය ලුහුබඳවා මිනිසුන්ගේ භය දුරු කෙළේය. ඒ තා කළාවූ කටයුත්ත අළුයම දුටු සිනයක්මෙන් දනිමි වදාරා, තවද තෝ එක් ජාතියෙක් කේසව නම් තාපසව උයනේ වාසය කරණ කල්හි මම තොපට එසමයෙහි කප්පින නම් ශිෂ්‍යව උපනිමි. එතැන්පටන් තොපගේ උත්පත්තිය දනිමි වදාළ සේක. බ්‍රහ්මයාත් තමාගේ උත්පත්තිය වදාළ බව තමාට දැනුදු හෙයින් සමාධිව වැඳවැතිර ගිය, සර්වඥයන් වහන්සේත් අන්ගේ මිත්ථ්‍යා දෘෂ්ටියබිද සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටවූසේක. එවිට බ්‍රහ්මයාත් බුදුන් බුදුවූ බව නියමියයි ප්‍රත්‍යක්‍ෂ කොට බුදුන් කෙරේ පැහැද ගියවුන් ඇතුළුවූ දසකෙළදහසක් බ්‍රහ්මයෝ අමාමහා නිර්වාණයෙහි පිහිටුවා බ්‍රහ්මයන්ට දෙසු ධර්මය ජේතවනාරාමයෙහි වැඩහිඳ අනද සාමින් ඇතුළුවූ බොහෝ භික්ෂූන් වහන්සේලාට වදාළසේක. බොහෝ භික්ෂූන් වහන්සේද අධිගම ආදීවූ දෙයට පැමිණිසේක. මේ ධර්මදේශනාව බොහෝ දෙනාට අභිවෘද්ධිය වීයයි වදාරා බක බ්‍රහ්ම ජාතකය නිමවා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.