393 වීතිය කපි ජාතකය

තවද සූර්යමණ්ඩලය නැති ආකාශයට පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් බඳූවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහනසේ පොළව ගිළූ කථාවක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභාමණ්ඩපයෙහි රැස්වූ භික්ෂූන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ සර්වඥයන් වහන්සේට විපරීතව පර්ෂිත් හා සමඟ පොළොව ගිලුනේ වේදැයි කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන්වහන්සේ වැඩ වදාරා විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් අපකීවා නොකොට පර්ෂිත් හා සමඟ මරණයට පැමිණියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදතත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ සේවානරව ඉපිද රජ්ජුරුවන්ගේ උයනේ වඳූරන් පන්සියයක් ඇරගෙණ වාසය කරන්නාහ. අනිකුත් වඳූරෙක් පන්සියයක් වඳූරන් ඇරගෙණ වාසය කරන්නාහ. එක් දවසක් රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා උයනට අවුත් ඉස්සෝදා නගා ගඳවිලවුන් ගෙණ තමාගේ ගෙට යන්ටයයි නික්මින, එක් දුෂ්ට වදූරෙක් බ්‍රාහ්මණයා යන්නාවූ මග තොරණ මත්තේ හිඳ බමුණා ඉස වර්චස් පිඩක් එළාපිය. මේ කිමෙක්දැයි උඩ බැළූ කල කටේ වර්චස් පිඩක් එලිය. එවිට බ්‍රහ්මණයා වඳූරාට කිපී තමාගේ ගෙට ගියේය. බෝධිසත්වයන් වහන්සේ මෙපවත් අසා දුර්ජනයන් ඉඳිනා සමීපයෙහි ඉඳිම කටයුතු නොවෙයි කියා වඳූරන් දහස එක්කරවා අවවාද කියා හිමාලය වනයට යම්හයි තමන්ගේ වඳූරන් පන්සියය ඇරගෙණ එතනින් හිමාලය වනයට ගියේය. අනික් වදූරන් පන්සියයක් වඳූරෝත් මේ බ්‍රහ්මණයා වෛරීව අපට කුමක් කොටපියදැයි කියා බෝධිසත්වයන් කැටුව නොගොස් එම උයනේ රැඳූනාහුය. එසමයෙහි එක් මෑල්ලක් වි ටිකක් අව්වේ වනාළුව, එක් සැඩ ඇති එළුවෙක් වි කන්ට වන, මැලි ගිණිපෙණෙල්ලක් බලා ගැසූය. ඒ ගිනි එළුවා ඇදගත, එළුවාත් දිවගෙන ගොස් ඇත්හලට වැද තණෙහි ගිණි ඇවිලින, ඒ ගිණි තණෙහි වැද ගෙණ ඇත්හල තණකොල සින් දඬුපතුන් ගින්නෙන්දා ඇතුපිට වැටී පිටදා වණව ගියේය. වෙදවරු පිළියම් කොටත් වණ බොහෝව තිබූ හෙයින් රජ්ජුරුවෝ පුරෝහිත බ්‍රාහ්මණයා කැඳවා කියන්නාහූ බමුණානනි ඇතුන්පිට වණබොහෝය වහා ගුණවෙයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ වඳූරෝ කොයි ඇද්දැයි කීහ. ස්වාමිනි උයනේ වඳුරෝ ඇතැයි කීහ. රජ්ජුරුවෝත් දුනුවායන් ගෙන්වා වඳුරාත් විද මැරූහ.

ඉන් නායකවඳූරා විත්කා දිවගොස් බෝධිසත්වයන් වසන්නාවූ වනයෙහි වැටී මලහ. බෝධිසත්වයන් වහන්සේ වඳූරා දැක තමන් වහන්සේ හා කැටිව ආවාවූ වඳූරන් පන්සියයට බණ වදාරණ සේක් ගම් නියම් ගම් රාජධානියෙක්හි සතුරෝ ඇත්නම් නුවනැත්තෝ එතැන්හි නොවසන්නෝය. ඉදින් කිසියම් කාරියක් නිසා සතුරන් ලඟ දවසක් දෙදවසක් ඉදීනොවි නමුත් දුකසේ වසන්නේය, ලඝුවූ අව්‍යවස්ථි සිත් ඇති නෑ කෙනෙකුන් හෝ මිත්‍රකෙණෙකුන්ගේ බස් ගිවිස යමෙක් සිතුවක් කරන්නේ වීනම් එතෙම බෝහෝදෙනාට සතුරුවන්නේය. කුමක් මෙන්දැයි යතහොත් නොකීකරු මේ වඳූරා වානර සමූහයාට පිඩා කෙළේය. සමූහය රකිණා නුවනැත්තෙමියන සිත් ඇති අඥනතෙම යහපත් නොවන්යයි. ඒ එසේවූ සත්වයා තමාගේ සිත්වූ පරිද්දෙන් ගොස් නොකටයුතු කොටපියා මිය වැදහොත් වඳූරා පරිද්දෙන් ව්‍යාශනයට පැමිණෙන්නේය. නුවනැති තැනැත්තෝ තමාගේ බන්ධූන්ට වැඩ කරන්නේය. නුවනැති ප්‍රජාව කරන්නාවූ උත්තමතෙම තව්තිසා වැසි දෙවියන්ට උත්මවූ සක්දෙව්රජහුමෙන් නුවනැත්තේත් නෑයන්ට මෙලෝ පරලෝ දෙකින් ඉෂ්ට වන්නේය. යම්සත්වයෙක් පිරිසිදු ශිලයද විශිෂ්ටවූ ප්‍රඥාවද බොහෝ ඇසූවිරූ තැන් ඇතියෙමි. තමා දකිද එසේවූ සත්ව තෙම තමාටද අනුන්ටද යන දෙපක්ෂයේ ඇත්තන්ටම වැඩක්ම කරන්නේය. ඒ කාරණය හේතු කොට ගෙණ ශිලප්‍රඥාදී උතුම් ගුණයෙහි තමා පිහිටා ගෙණ බොහෝ දෙනාට අවවාද අනුශාසනාකොට රක්නේ භෝය ගණසංගනිකාවයෙන් දුරුව ඉඳ කුසල් හෝ පුරන්නේ යනාදීන් බෝධිසත්වයෝ ධර්මදේශනා කළෝ වේද මහණෙනි වදාරා මේ කපී ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි නොකිකරුව මරණයට පැමිණියාවූ වඳූරා නම් දේවදත්ත ස්ථවිරයෝය. වනාර රජව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

394 ගන්‍ධාර ජාතකය
392 අ‍ඨිසේන ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.