Skip to main content

390 දසන්නක ජාතකය

තවද මහත්වූ ධෛර්ය ඇති සර්වඥයන් වහන්සේත් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ස්ත්‍රියක් කෙරේ පිළිබඳ සිත් ඇති භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්නව ලදි.

ඒ කෙසේද යත්,

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ස්ත්‍රියක් කෙරේ පිළිබඳ සිත් ඇතිව වාසය කරන සේක. ඒ භික්ෂූන් වහන්සේ භික්ෂූ හූ ගෙණවිත් සර්වඥයන් වහන්සේ පෑ, ස්වාමිනි මේ මහණ ස්ත්‍රියක් කෙරේ පිළිබඳව වාසය කෙරෙයි දැන්වූ කල්හි සැබෑද මහණයැයි වදාරා දැන් මතු නොවෙයි පෙරත් අනාර්ථකාරීවූ මෑ නිසා චෛතසික රෝගයෙන් මරණ ලබන්නේ නුවනැත්තවුන් නිසා ජීවිතය ලද්දාහුයියි වදාරා ඉකුත්වත් කථාව ගෙණහැර දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහ බෝසතානන් වහන්සේ බමුණු කුලයක උපන්සේක, උන් වහන්සේට සේනක කුමාරයෝයයි නම් තුබූහ. උන්වහන්සේ වැඩිවිය පැමිණ තක්සලානුවරට ගොස් සියළු ශිල්ප ඉගණ අවුත් රජහට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාකරන්නාවූ අමාත්‍යවූසේක. සේනක පණ්ඩිතයන් වහන්සේයයි කී කල්හි චන්ද්‍ර සූර්යයන් මෙන් ලොව ප්‍රසිද්ධ සේක. එකල්හි රජහුගේ පුරෝහිත බමුණුගේ පුත්‍රතෙම රාජ සේවයට ආයේය සර්වාභරණයෙන් සැරහුනාවූ උතුම්වූ රූප ශ්‍රි ධරන්නාවූ රජහුගේ අගමෙහෙසුන් බිසවුන් දැක පිළිබඳ සිත්වුයේ ගෙටගොස් නිරාහාරයෙන් හොත්තේය, යහළුවන් විසින් විචාරණලදුව එපවත් කීය. රජතෙම පුරෝහිත පුත්‍රයානෝ දැක එපවත් අසා කැඳවා ගෙන්වා මමතට මේ බිසව සත්දවසකට දෙමි, සත් දවසක් තොපගේ ගෙයි වස්වා අටවෙනිදා කැඳවාගෙණ එවයි කීහ. ඒ තෙමේ යහපතැයි පිළිගෙණ බිසව ගෙට කැඳවාගෙණ ගොස් එක තැන විසීමෙන් ඔවුනොවුන් කෙරේ පිළිබඳ සිත් අතිව කිසිවක් හට නොදන්වාම උදයහල දොරින් ඇම්ටපළමුනික්ම ගොස් අන්රජක්හූගේ ආඥාපවත්නා රකටක වන්නාහුය නැවත ගිය මගකක් මෙන් ඔවුන් ගිය මග කවුරුත් නොදන්නාහු වෙති. රජ නුවර බෙරලවා නොයෙක් පරිද්දෙන් නුවර පරීක්ෂා කරන්නේත් ගිය තැනක් දැනගතනොහී ඇ නිසා ඒ රජහට බලවත් සෝක උපන හෘදය උනුවිය, බඩින් ලේ යන්නට පටන්ගත, බලවත් වෙදවරු ඇවිත් පිළියම් කොට ගුණකරන්නට නොහැකිවූවාහුය.

බෝසතනන් වහන්සේ ඒ දැක මෝහට වාත පිත්තාදියෙන් උපන් ව්‍යාධියෙක් නොවෙයි, භාර්යාව නුදුටුබැවින් මනෝ දුක්ඛයෙන් ආ ව්‍යාධියෙක, උපායකින් ඕහට පිළියම් කෙරෙම්යි, ආයුරනම්වුද පුක්කසනම් වුද පණ්ඩිත අමාත්‍යයන් දෙන්නා කැඳවා රජහට මේ බිසව නොදැක්මෙන් උපන් ලෙඩ විනා වෙන ලෙඩක් නැත, මේ රජ අපට උපකාරී එකෙක, උපායෙන් පිළියම් කරම්හ. රජගෙයි මළුවේ නැටුම්වොදා කඩුවක් ගිලින්නට දන්නා එකෙකු ලවා කඩුව ගිළින්නට සලස්වා රජ සිව් මැදුරු කව්ළුව සමීපයෙහි ඉන්ට සලස්වා ඒ දක්වම්හ, ඒ දැක මීට වඩා දුෂ්කරයෙක් ඇද්දැයි විචාරන්නේය, යහළු අයුරපණ්ඩිතයෙනි තෙපි එබසට අසවල් දෙය දෙමි කියා ප්‍රතිඥාකොට කීම ඊටත් වඩා දුෂ්කරයයි කියාලව, එම්බා පුක්කුස පණ්ඩිතයෙනි තොපි යහක් දෙමි කියා ප්‍රතිඥාකොට ඔහුගේ ආසාවට වඩා නැවත නොදෙමියි කීයා අසා විචේඡදය කිරීම ඊටත් වඩා දුෂ්කරයයි කියාලව, එම්බා පුක්කුස පණ්ඩිතයෙනි, තොපි යමක් දෙමි කියා ප්‍රතිඥාකොට ඔහුගේ ආසාවට වඩා නැවත නොදෙමියි කියා ආසා විචේඡදය කිරීම ඊටත් වඩා දුෂ්කරයයි කියාලව ඉන් ඇත කිය යුත්ත මම දනිමි කියා වදාළසේක. එසේ කියා නැටුම් යොදා රජහුගේ සමීපයට ගොස් මහරජ්ජුරුවන් වහන්ස, නැටුම්බලා වදාල මැනව ශරීර දුක්ඛයත් මඳක් සනාත වෙයි කියා රජහු කැඳවාගෙණ සිව්මැදුරු කව්ළුව සමීපයේ නැටුම් බලා ඉන්ට සැලැස්වූවාහුය, බොහෝ දෙන නැටුම් පෑවාහූය එක් පුරුෂයෙක් තෙතිස් අඟුල් දිග ඇති තියුණු මුවහත් ඇති කඩුවක් ගිළිය, රජ ඒ දැක මේ පුරුෂතෙමේ තියුණු ධාරා ඇති සතුරන් ඇඟ රුධිරපානය කරණ දසන්නක දෙශයෙහි උපන්නාවූ මේ කඩුව ගිළිය, මේ ඉතා දුෂ්කරයෙක් ලොව ඇද්දයි ආයුරා පණ්ඩිතයන් අතින් විචාළේය, එබසට ආයුරපණ්ඩිත තෙම දේවයන් වහන්ස මේ පුරුෂයා තමන් අභ්‍යාෂ කළ හෙයින් කඩුව ගිළින්නේය. ඒ ඉතා දුස්කරයෙක් නොවයි යමෙක් තමාට ආවේනික වූ ධනයක් අනිකක්හට දෙමි කියාද ඒ කිමම දුස්කර වන්නේය, ඉන් පිටත් දුස්කරයෙක් නැතෙයි කියේය.

ඒ අසා රජ කඩුව ගිළීමට වඩා දෙමි කියන බස දුස්කරවේල මමද පුරෝහිත පුත්‍රයාට බිසව දෙමි කිමි මා විසින් දුස්කරයෙක් කරණ ලද සලකන්නහට මඳක් සෝකනැතිවිය, නැවත මේ දෙමි කීමට වඩා අනික් දුස්කරයෙක් ඇද්දැයි පුක්කුස පණ්ඩිතයන් විචාරණුයේ මේ අයුර පණ්ඩිතතෙම කඩුව ගිලීමට වඩා තමාසන්තක දෙයක් දෙමි කිම දුස්කරයෙක් වෙන ඇද්දැයි විචාළේය. එකල්හි පුක්කුසය පණ්ඩිත තෙම දේවයන් වහන්ස යමෙක් කාරිය සිද්ධියට නොපමුණුවන්නාවූ නිෂ්පලවූ තෙපුල් කියන්නේවිනම් ජනයෝ ඔහු ඇසිරුව ජීවත්වම්හයි නොසිතති එබැවින් යමෙක් දෙමි කියා ලබන අයගේ ආසාව වඩා නැවත නොදෙමි කීමට වඩා දුස්කරයෙක් ලොව නැතැයි කිය. රජ ඒ බව අසා මම පුරෝහිත පුත්‍රයාට බිසව දෙමි පළමුකොට කියා දිනිමි. නැවත අර ගන්නා සිතින් පරීක්ෂා කරවීම්, මා කළේ ඉතා දුස්කරයෙකැයි සිතන්නාහූ රජහුගේ සිතෙහි සෝක මඳක් තුනිවිය. ඉක්බිත්තෙන් රජතෙම මේ සේනක පණ්ඩිතයන්ට වැඩි පණ්ඩිත කෙණෙක් ලොව නැත. එබැවින් මේ ප්‍රශ්ණය ඔවුන් අතින් විචාරමි සිතා එම්බා සේනකපණ්ඩිතයෙනි මේ පුක්කුස පණ්ඩිතතෙමෙ යමක් දෙමිකියා නොදෙමි කිම දුෂ්කරයෙකැයි කීය දුෂ්කරයට වැඩි අනික් දුෂ්කරයෙක් ඇත්නම් ඒ තොපි කියවයි කියේය. එකල්හිම මහබෝසතානන් වහන්සේ මෙසේ වදාළසේක. මහරජ යම් කිසිවක් මඳවුවද බොහෝවුද දානයක් දුන්නේද යමෙක් දන්දී පසුතැවිලි නොවේද එතෙම ඊටත් වැඩියෙන් දුෂ්කර වන්නේය. මෙසේ අප මහබෝසතානෝ රජහට දන්වනසේක් දාදානදී අපර චේතනාව පිරිසිදු කොට ගිනිනට දුස්කරබව වෙස්සන්තර ජාතකයෙහි දන්නේය. ජුජක නම් බ්‍රාහ්මණයාට පුත්‍රයන් දී ඔහු විසින් හිංසාව දැකමාගේ පුත්‍රයන්ගෙන් එම්දෝදොයි බෝධිසත්වාදී මහොත්තමයෝ දන්දී කවරෙක් පසුතැවිලි වන්නේහිදැයි සිතූසේක. රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ වචනය අසා සලකාගත් සේක.

මම මාගේ සිතින්ම පුරෝහිත බ්‍රාහ්මණ පුත්‍රයාහට මහේසිකාවදී සිත් දරාගන්නට නොහැකිවූයෙමි සෝක කෙරෙමි මිරිකුනෙමි මට මේ සුදුමු නොවෙයි ඉදින් මා කෙරෙහි ස්නේහ ඇත්නම් මේ ඓශ්වර්යය හැර නොයන්නීය මට ස්නේහ නොකොට ගියාහ. ඇගෙන් මට කවර ප්‍රයොජනදැයි සිතන්නාහුගේ පියුම්පත්හි දියබින්දු සෙයන් සියලු සෝකය පහව ගියේය එකෙණහි කුක්‍ෂිරෝගය සන්හිඳ සුවපත්වහිට බෝසතාණන්ට ස්තූති කරණ සේක් ආයුරපණ්ඩිතයෝද ප්‍රශනය ප්‍රකාශ කළෝය. පුක්කුස පණ්ඩිතයෝද එසේම ප්‍රශ්නය ප්‍රකාශ කළෝය. ඔවුන්ට වැඩියෙන් නුඹ වහන්සේගේ ප්‍රශ්න විසඳීම යහපතැයි සතුති කොට බෝසතානන්වහන්සේට සතුටුව බෝහෝ වස්තු දුන්සේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේට සතුටුව බොහෝ වස්තු දුන්සේක. ශාස්තෘවූ බුදුරජානන් වහන්ස් මේ ජාතක ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශකොට මේ ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යාවසානයෙහි උකටලී භික්ෂූහු සෝවාන් ඵලයෙහි පිහිටිසේක.

එකල්හි රජහුගේ අගමෙහෙසුන් බිසව් නම් දැන් මේ පුරාණ දුතිකාවන්නීය. එකල්හි රජ නම් උකටලී භික්ෂූහුය. ආයුර පණ්ඩිතයෝ නම් මෞද්ගල්‍ය යනස්ථවිරිය. පුක්කුස පණ්ඩිත නම් ශාරිපුත්ත ස්ථවිරියෝය. එකල්හි රජහට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළාවූ සේනක පණ්ඩිතයෝ නම් දැන් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.