381 පුෂ්ප ගන්‍ධ ජාතකය

තවද ජඹෙනද ස්වර්ණයට බඳූවූ ශරීර ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයයෙහි වැඩ වසන සමයෙහි එක් මල් පිදීමක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් භික්ෂූකෙණෙකුන් ජේතවනාරාමයෙන් පිටිසර වස්වසන්ට ගොස් වස්වැස එනසේක් එක් විලක මල්සුගන්ධයක් අස අසා අඝ්‍රාණය කොට සිටිසේක් එක් දේවතාවෙක් එතනට අවුත් ඇයි භික්ෂූකෙනෙකුන් නුඹ වහන්සේට මල් සුගන්ධයෙන් ප්‍රයොජන ඇද්ද මල් පලඳිනා අභිප්‍රායක් ඇද්දැයි කීහ. භික්ෂූන් වහන්සේට කී බසින් එතන නොසිට ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේට එපවත් කීසේක. සර්වඥයන් වහන්සේ දැන්මතු නෙවෙයි මහණෙනි දෙවතාවා පෙර උත්තමයන්ටත් කුකුස් ඉපදවුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජ්‍යකරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක් බ්‍රාහ්මණ ගමෙක ඉපද සෘෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව වාසය කරණසේක් එක් දවසක් එක් පොකුණක් දැක ඒ පොකුණෙහි නාන්ට බැස නානසේක් එක් පියුමක් දැක ඒ පියුමලඟට ගොස් ඒ පියුම ඉඹ ඉඹ සිටිසේක. එවිට දේවතා දුවක් කියනනී ඇයි තාපසයෙනි තොප අදත්තාදානයෙන් ප්‍රයෝජන විඳින්ට කාරණාකින්දැයි කිව, එවිට තාපසයෝ කියන්නාහු පියුම් කඩාගත්තා නැත කෑවා නැත ඉඹපු පමණකින් අදත්තාදානයවෙන්ට කාරණා කින්දැයි කීහ. අනුන්සන්තක විල මල් ඉඹි කල මේ අදත්තාදානය නොවේදැයි කීහ. ඒ වෙලාවට එක් පුරුෂයෙක් අවුත් විලට බැස මල් කඩා අලත් උදුර ඇඹුල දඬුත් කඩන්නට වන. එවිට බෝධිසත්වයෝ මල ඉඹපුවාට අදත්තාදානයයි කිව මලුත් කඩා අලත් උදුරණ තැනැත්තවුවට බැණනෙනැගෙයි සිතා දේවතාදුවට කියන්නාහු ඇයි තෝ මට මල ආඝ්‍රාණය කළපමණින් අදත්තාදානයයි කිව. මේ පුරුෂයාට බැණ නොනැගෙන්නේ ඇයිදැයි කීහ. එවිට දේවතා දූ කියන්නී එම්බා තාපසයෙනි කිරෙහි කසලක් හුනුකලක් පෙණෙයි සුදුකඩෙහි ගැලුනු කසලක් නමුත් පෙණෙයි කසලේ දු කසලක් නොපෙණෙයි කිලුටු කඩෙහි ගැලුනු කසලක් නොපෙණෙයි එසේ මම අසත්පුරුෂයා කුමක්කලත් වැරදි කියනොහැක්ක තොප තාපසව යහපතක්ම කරණය නියැලී ඉඳිනා තැනැත්තන් හෙයින් තොපගේ වේසය නියාවට දවස් අරින්ට උවමැනවයි කිව. බෝධිසත්වයෝ දේවතා දූ කී බසට සමාධිව මෙයින් මතු මාගේ වැරැද්දක් දුටුකල කියවයි කීහ. දේවතා දූ කියන්නී මම තොපගේ වරද බලා පසුපස්සේ ඇවිදිමිද තොප රකිනා සෘෂිප්‍රවෘජ්ජාව නියාවට සිහි ඇතිව වාසය කරවයි කිව, බෝධිසත්වයෝත් දේවතා දූ කි අවවාදය සිතෙහි තබා පංඥාභිඥා අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහුණු ධ්‍යනයෙන් බ්‍රහ්මලෝකයට ගියහයි වදාරා මේ චතුස්සත්‍යය ප්‍රකාශ කොට මේ පුෂ්පගන්ධ ජාතකය නිමවා වදාළ සේක. චතුස්සත්‍යය දේශනාවගේ කෙළවර ඒ භික්ෂූන් වහන්සේ සෝවාන් වූ සේක.

එසමයෙහි දේවතා දූ නම් උපුල්වන් මහාස්ථවිරය. තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

382 විඝාත ජාතකය
380 ධජ විහෙඨ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.