378 මය්හ ජාතකය

තවද චාමිකර සව්රණයට බඳූවු ශරීර ඇති ස්ර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ආගන්තුක සිටානකෙනෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

ආගන්තුක එක් සිටානකෙණෙකුන්ට බොහෝ සම්පත් ඇත්තේය. මසුරු වූහ. අනුන්ට දාහුයක් විවර නොදෙන්නාහ. ලෝභිය. ඒ සිටානෝ කල්යාමකින් එක්තරා ව්‍යාධියක් ඇතිව නටහ. ඒ සිටානන්ට පසු උන්ගේ සම්පත් රජගෙට අදින්නවුන්ට සත්රූ සත්දවාලක් ගියේය. රජ්ජුරුවෝ ඒ පරක්කු වෙන් බුදුන් කරා නොගොස් සත්දවසක් ඉකුත්වූ කල්හි සර්වඥයන් වහන්සේ කරා ගියහ. සර්වඥයන් වහන්සේ මහරජ මෙතෙක් දවස් පමාවුනැයි විචාරා වදාළසේක. ස්වාමිනි. අපගේ ආගන්තුක සිටානෝ නටහ. උන්ගේ සම්පත් අපගේ ගෙට අදිනවුන්ට සත්දවසකගියේය.එහෙයින් අවසර මඳ හෙයින් නො ආමි කීහ. රජ්ජුරුවෝ කියන්නාහූ ස්වාමිනි මේ සිටානන් මෙතෙක් සම්පත් ඇතිව දැන් නොදෙන්ට කාරණා කිම්ද?. මෙතෙක් සම්පත් ඇති වන්ට කාරණා කිම්දැයි කීහ. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහරජ මේ සිටානෝ එක් ජාතියෙක සිටුව ඉපිද තරගසිඛි නම් පසේ බුදුන් වහන්සේ විථියෙහි සිඟා වඩිනා දැක සිටානෝ උන්වහන්සේ ගෙට කැඳවාගෙණ ගොස් ගෙය ඇත්තන්ට කියා රජගෙට ගොස් එනකලට පසේ බුදුන් වහන්සේ දැන් පිළිගෙණ සිටානන් ඉදිරියට වැඩිසේක.

සිටානෝ පසේබුදුන් වහන්සේ දැක දන් ලද්දේ ඇද්දැයි විචාරා එසේය. මහසිටානෙනි. දන් ලදුම්හයි කීසේක. සිටානෝ පාත්‍රය බලා මේ බත් මුන් වහන්සේට දුන්නේය. මාගෙන් එක් මනුෂ්‍යයෙක් මේ බත් කෑයේ නම් මට බොහෝ මෙහෙවර කරන්නේ වේද. මුන් වහන්සේට මේ දීමෙන් ප්‍රයෝජන කින්දැයි සිතූහ.දන්දුන් විපාකයෙන් සම්පත් ලද්දාහ. අන්තිම අවස්ථාවෙහි සිතිවිල්ල නපුරුව ගියහෙයින් සම්පතෙහි ප්‍රයෝජන විඳින්ටත් නොලද්දේයයි වදාළසේක. එවිට රජ්ජුරුවෝ කියන්නාහු ඒ වන්නා එසේමය. ඒ සිටානන්ට දරුකෙණෙකුත් ඇතිනුවුයේ මක්නිසාද විචාළහ. දරුකෙණෙකුන් ඇතිනුවුයේත් උන්නිසාමයයි ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ගිහිගෙයහැර තාපසවූසේක. මලනුවන්දැ බෝධිසත්වයන් වහන්සේගේ පුතනුවන් වඩා පෝෂ්‍ය කරන්නාහ. නොබෝ කලකින් උත්තමයන්ටත් දරුකෙනෙකුන් උපන්නාහ. උන් වැඩිවිය පැමිණිකල්හි මාගේ බෑනන් වහන්සේගේ පුතනුවන්ට කොටසකුත් මාගේ දරුවන්ට කොටසකුත් මාගේ සම්පත් දෙන්ට උවමැනවයි එසේහෙයින් දැම්ම මරාපුවොත් යහපතැයි සිතා තමන්ගේ බෑනන්ගේ පුතනුවන් කැන්දාගෙන නාන්ටයම්හයි. පොකුණට ගොස් බෝධිසත්වයන් වහන්සේගේ පුතනුවන් දියෙහි ඔබා මරූහ. බෑදෑනියෝ විචාරන්නාහු ඇයි ස්වාමිනි මාගේ දරුවෝ කොයිදැයි විචාරන්නා නාන්ට බටගමනේ දිය බී මළහයි කියන්නා අඬා වැලප උන්නාහ.බෝධිසත්වයෝ මාගේ දානය පවතීදෝහෝයි දවසින් බලා දන්හාළුත් විදා මෙසේවූ අකර්මනයකුත් සැලසුනු නියාව දිවසින් දැක තාපසයන් වහන්සේ එතනට අවුත් පනවනලද ආසනයෙහි වැඩඋන්සේක. එවිට සිටානෝ තාපසයන් වැඳ එකස්පස්ව උන්නාහ. එවිට තාපසයන් වහන්සේ මාගේ පුතනුවෝ කොයිදැයි විචාරාවදාළසේක. සිටානෝ කියන්නාහු දියකෙළින්ටලා පොකුණට ගිය ගමනේ දියෙහි මළහයි කීහ. එවිට තාපසසේ කියන්නාහූ තොපල එසේ කියන්ට කාරණා කින්ද තොපගේ සම්පත් දෙකොටසක්ව බෙදෙම්දැයි තොපි නොවේද දියෙහි ඔබා මැරුවා. යයි කියා එඹා මේ සම්පත් නම් එක්කෙනෙකුන් සන්තක දෙයක් නොවෙයි හිමාලය වනයෙහි මහිසනම් පක්ෂියෙක් ගසින් ගසට පැණ මේත් මාගේයයි මේත් මාගේයයි කියති. උන්පසු පස්සෙහි පක්ෂීහු ඵල අනුභව කරන්න. තොපගේ සිතිවිල්ලෙන් ඒ පක්ෂින් මෙන් මෙසේ අස්ථිර සම්පතකට මෙසේ වූ ප්‍රාණවධයක් නොකළෝවේදැයි මල නුවන්ට මතු මෙසේවූ වධයක් නොකරවිය අවවාද කියා හිමාල වනයට ගියාහ.

එසමයෙහි සිටානෝ නම් මේ සිටානෝය. සිටානන්ගේ බෑනෝ නම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

379 ස්වර්ණ කර්‍කටක ජාතකය
377 තුඬිල ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.