Skip to main content

372 බි‍ළාල ජාතකය

තවද අනන්ත වූ කරුණා ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ස්ත්‍රියක් නිසා උකටලී වූ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

ස්ත්‍රියක් නිසා උකටළී වු භික්ෂූ කෙණෙකුන් වහන්සේ ගෙණ ගොසින් සර්වඥයන් වහන්සේට දක්වන්නා සැබෑද මහණ තා ස්ත්‍රියක් නිවා උකටලී වූයේදැයි විචාළ කල්හි සැබෑව ස්වාමින් වහන්ස, මා ස්ත්‍රියක් නිසා උකටළි වුවේදැයි විචාළ කල්හි සැබෑව ස්වාමින් වහන්ස, මා ස්ත්‍රියක් නිසා උකටලී වුයේ යයි කීහ. සර්වඥයන් වහන්සේ එම්බල මහණ ස්ත්‍රියක් නිසා උකටළිවීම දෝෂය ස්ත්‍රි බොහෝ මායමින් පුරුෂයන් ලබාගෙණ දුක් පමුණු වන්නාහ. යම්සේ බැලළෙකු ලබාගන්නට කළ උත්සාහය මෙනැයි වදාරා ඒ කෙසේද යත් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ වනාන්තරයෙහි බොහෝ කුකුළන් පිරිවරා වාසය කරන්නාහ. එසමයෙහි එතනට නුදුරු වූ ස්ථානයක බැළලක් වාසය කරන්නීය. ඕ තොමෝ බෝධිසත්වයන්ගේ බොහෝ කුකුලන් දවස්පතා කා බෝධිසත්වයනුත් අල්වාගන්ට බොහෝ උත්සාහ කරන්නීය. මෙසේ සිතුවාහ. මේ කියන කුකුලා මා විසින් කන්ට අල්වා ගත නොහැක්ක කුකුළාට භාර්යාව ඉඳිනා නියායෙන් සලස්වා ගතොත් කෑ ඇතැයි සිතා කුකුලන් වාසය කරන්නාවූ ගස සමීපයට ගොස් කියන්නී ඝණ පියාපත් ඇති රත්වූ කරමලක් ඇති, ආකාශයෙන් ගමන් යන්නා වූ පක්‍ෂිරාජයානෙනි, මම තොපට බිරින්දට වාසය කෙරෙමි කිව. කුකුළානෝ මෑ කියන්නේ වංචාවෙකැයි සිතා කියන්නාහූ තොපි සිව්පාවෝය. අපි පක්ෂිය එසේ හෙයින් අපගේ වංශයෙන්ම අපට බිරින්ද වෙතොත් විනා තොපගෙන් අපට බිරිද්දව ඉන්ට කාරණා නොවෙයි බෝධිසත්වයෝ කිහ. එවිට බැලළ කියන්නී එසේ නොකිව මැනව, මම නුඹ වහන්සේට මිදි මෙහෙවර කෙරෙමි එසේ නොඅදහනසේක් වී නම් මේ බරණැස් නුවර වාසීන් දන්නා නියායෙන් නුඹ වහන්සේට මිදී මෙහෙවර කරණ නියාව කියා සලස්වා ගත මැනවයි කිව. බෝධිසත්වයෝ කියන්නාහු තී විසින් මාගේ බොහෝ කුකුළන් කා මාත් කන්ට කරණ උත්සාහ විනා මට මිදී මෙවෙහර කෙරෙමියි සිතන උත්සාහයෙක් නොවෙයි. අප පක්ෂින් හෙයින් අපගෙන් පක්ෂියකත් තොප සිව්පාවන් හෙයින් තොපගෙන් සිව්පාවෙකු විනා කාරණා නොවෙයි. බෝධිසත්වයෝ කීහ. සර්වඥයන් වහන්සේ එම්බල මහණ ඒ කුකුලා ඒ බැලළ කෙරෙහි ආසාවෙන් ඈ හා එක්වි නම් ජිවිතක්ෂය වන්නේය. එමෙන් යම් සත්ව කෙනෙක් ස්ත්‍රී වසඟ වූ නම් ජිවිතක්ෂයට පමුනු වන්නාහ. ස්ත්‍රී වසඟ නොවු නම් බැලළගෙන් කුකුළා ගැලවුනා මෙනැයි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කොට මේ බිළාල ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යාගේ කෙළවර උකටලි භික්ෂූන් වහන්සේ සෝවාන් වූසේක.

එසමයෙහි කුකුළුව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.