370 මිගාලොප ජාතකය

තවද පංචගතියෙන් විනිර්මුක්තවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි නොකීකරු භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි,

ඒ කෙසේද යත්,

එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ නොකීකරුව වාසය කරණසේක. එකල බුදුරජානන් වහන්සේ ඒ භික්ෂූහට සැබෑද මහණ තා නොකිකරුව වසන්නේ යයි වදාරා සැබැව ස්වාමිනි, කි කල්හි මහණ තෝ නොකිකරුවුයේ දැන්මතු නොවෙයි පෙරත් නොකිකරුය. ඒ තාගේ නොකිකරුකම නිසා නුව නැත්තන් කිවා නොකිරීමෙන් නොකීකරුව වේරම්බ වාතයට වැද බඩ බඩව විසිර ගියේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගිජුලිහිණි යෝනියෙහි අප රාෂ්ට නම් ගිජුලිහිණිව බොහෝ ගිජුලිහිණියන්ට රජව උපන්නාහ. ඒ බෝධිසත්වයන්ගේ මිගාලොප නම් පුත්වූ ගිජුලිහිණි පැටවෙක් ඇත. ඔහු නොකීකරු හෙයින් බෝධිසත්වයෝ අවවාද කියන්නාහු මිගාලෝප නම් වූ ගිජ්ඣපෝතකය, තෝ, තාගේ, යාදිසීගති, යම්බඳූවූ ආකාශ ගමණෙක් ඇද්ද, තං, ඒ ගතිය මේ මට නරුච්චං නුරුස්නේය, තාත, පුත, අතුචචංපතසි, ඉතාඋස්වූ ආකාශයට පැනයෙයි, අභුමිං, පක්ෂීන්ට විෂයයි හරින්නාවූ අභමිය තාත පුත, සෙවසේ, සෙව්නේයි, තෝ, තට පඨවි, පෘථිවිය, තාත, පුත, චතුක්කණණ, කෙදාරාං, සිවුරැස් කෙතක පරිද්දෙන්, යදා යම්කලෙක්හි, පස්සසී, දක්නෙහි, තාත, පුත, (තෝ එයින්) නිවතතස්සු, වලකුව, ඉනො, මෙයින් පරංමත්තෙහි, මාගමා නොයවා අඤඤපි අනිකුත් පත්තයානං පත්‍රයාන කොට ඇති විහංගමා පක්‍ෂිහු, වාතවෙගෙන, වාත වේගයෙන් අක්ඛිත්තා විසුරුවා දමන ලද්දාහු සස්සති, සමභූමිය හා සමානවූ ආත්ම තර්කනයෙන් ඇත්තාහූ නට්ඨා විනාශයට පැමිණියාහ. අපජනකවූ වැඩිමාළු පියාගේ අවවාද නොකොට කෘෂ්ණ වාතය ඉක්ම, වේරඹ වාතයාගේ වසඟයට පැමිණියෝයි, මිගාලෝප නම් පක්ෂිහූ අවවාද ක්‍ෂම නොවන කල්හි ඔහුගේ පුත්‍රයෝද දාරාවෝද අනුව පවත්නාවූ යම් ගිජ්ඣ කෙණෙක් ඇද්ද ඔහු සියල්ලෝම ඛ්‍යසනයට පැමිණියෝ යයි එපරිද්දෙන් යමෙක් වෘද්ධයන්ගේ වචනය නොගිවිසිද අතික්‍රාන්තවූ අනුශාසනා ඇති සීමාතික්‍රමනය කොට ඇසිරෙනවාද මිගාලෝප නම්වූ ගිජ්ඣ පොතකයා පරිද්දෙන් වෘද්ධානුශාසනා නොකොට ඛ්‍යසන ප්‍රාප්ත වන්නේය යි වදාරා මේ මිගාලෝප ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මිගාලෝප නම්වූ ගිජ්ඣ පෝතකව උපන්නෙම් බුදුවූ මම් මයි වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

371 ශ්‍රී කාලකණ්ණි ජාතකය
369 ආසංඛවතී ජාතකය
IFBC Home Page