365 ආවාරි ජාතකය - IFBC Organization | Dhamma

තවද දහම්ලයැති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් එක් නැවියෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් භික්ෂු කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේ අද දවස් මා දුටුව මැනවැයි යන සිතින් අවුදින් අචිරවති ගංතෙරට පැමිණ තොටියාට කියන සේක් එම්බල මම සර්වඥයන් වහන්සේ දක්නා අභිප්‍රාය ඇතිව යෙමි. වහා එතර කරවයි කී කල්හි ඒ තොටියා කියන්නේ නුඹ වහන්සේ මේ වෙලේ වඩින්නේ කිම්ද උදැසන වැඩිය මැනවැයි කී කල්හි මෙතන මා සැතපෙන තැනක් නැත, වහා මා එතරකරවයි කී කල්හි තොටියා කිපී උන් වහන්සේ නැවට නන්වා ගෙණ තොටට නොවැද උන් වහන්සේගේ සිව්රුත් තෙමා කල්යවා තොටින් එතර කළේය. උන්වහන්සේ වහාරයට ගොස් රැවු හෙයින් සර්වඥයන් වහන්සේ නොදැක දෙවැනි දවස් සර්වඥයන් වහන්සේ වැඳ එකත්පස්ව සිටිසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක් ඇයි භික්ෂූවෙනි කවද අවුදැයි විචාළ කල්හි ස්වාමිනි ඊයේ ආමි යී කීසේක. එබස් අසා සර්වඥයන් වහන්සේ වදාරණසේක් ඊයේ අප නුදුටුයේ ඇයිදැයි විචාළකල්හි භික්ෂූහු කියනසේක් ගංතොට පදිනා තොටියා ගඟ පාතට ඔරුව පැද සිවුරු තෙමා මෙතර කළ හෙයින් සිවුරු වියලාගන්නා පිණිස ඊයේ දකින්ට නුවූයේය යි සැලකළ කල්හි සර්වඥයන් වහන්සේ වදාරණසේක් එම්බා, මහණ තොටියා තොපට මතු නොවෙයි ගහට කළේ. පෙර උත්තමයන්ටත් ගහටකළේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ හිමාලය වනයෙහි තපස්ව වාසය කරන්නාහූ ලුණු ඇඹුල් සපයා බරණැස් නුවරට අවුත් උයනේ වාසයකරන්න්ාහ. රජ්ජුරුවෝත් තාපසයන් ලඟට උයනට අවුත් දකිනාහ. ගියවිට දවස්පතා අවවාද කියන විට භූමිපාලොත්තමවූ රජජුරුවන් වහන්ස කාටත් නොකිපුණ මැනව. කා කෙරෙත් කෝපයක් නොකළ මැනව, එසේවූ කෝප නොවන්නාවූ රජ්ජුරුවන්ගේ යසස සදිසාන්තයේ පූජ්‍යවන්නේය යි කීහ. තවද ග්‍රාමයෙහිද නැවත වනයෙහිද ජලයෙහිද භූමියෙහිද යන සියල්ලෙහිම මෛත්‍රියක් මිසක් කෝපයක් රථොත්තම වූ රජ්ජුරුවන් වහන්සේ කා කෙරෙත් නොකළ මැනවැයි මේ නියායෙන් දවස්පතා රජ්ජුරුවන්ට අවවාද කරන්නාහ. රජ්ජුරුවෝත් තාපසයන් කෙරේ පැහැද ලක්ෂයක් නිමන ගමක් දුන්නාහ. තාපසයෝ නොයිවසූහ. දොළොස් අවුරුද්දක් උපස්ථාන කළාහ. තාපසයෝත් එතන රඳන්ට කලකිරි රජ්ජුරුවන්ට කීවොත් යානොදෙති. උයන්ගොව්වාට කියා සැරිසරා ඇවිදිමියි උයනින් නික්ම පළාගියහ. යන්නෝ බරණැස් නුවර ගඟ සමීපයට ගියාහ. ඒ ගඟ මිනිසුන් ඇත් මෑත් කරන්නාවූ අපරිමාතු නම් නැවියා අඥාන එකෙක මිනිසුන් ගඟ එතරකළ කල එතරදී මිලදෙම්මැයි කියා එතරගොස් මිල නොදි පලායන්නාහ. මෙයින් මිල නොලදින් දුර්වලව ඉන්නේය. බෝධිසත්වයෝත් ගඟ අසල සිට මා එතර ලවයි කිහ. මට කුමන මිල දෙව්දැයි විචාළේය. තොපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කෙරෙමියි කීහ. එවිට නැවියා ඒ වස්තුවෙක් දෝහෝයි සිතා තාපසයන් ගඟින් එතරලා මට වස්තු දෙවයි කීහ. තාපසයෝ කියන්නාහූ වනයෙහිම සියල්ලෙහිම මෛත්‍රී කරවයි අවවාද කියා තොපි මිනිසුන් එතරලා ගන්නාහෙයින් වේද මිල නොදි යන්නේ එතරදීම මිල ඇරගෙණ විනා මිනිසුන් එතර නොකරවයි අවවාද කීහ. එවිට නැවියා තොප මට දෙන වස්තු මේ දැයි කියා තාපසයන් අල්වාගෙණ මූනට ඇන්නේය. රජ්ජුරුවන්ට අවවාද කියා ලක්‍ෂයක් නිමන ගමක් ලද්දාහ. අස්ථානයේ කටයුතු නො දක්නාවූ මුර්ඛයාට අවවාද කියා ඇනුන් ලද්දාහයි සර්වඥයන් වහන්සේ වදාළසේක. ඒ නැවියාගේ අඹු ඇවිදින් ඇයි තෝ කුමක් කෙරෙයිද රජ්ජුරුවන් වහන්සේට කුලුපග තාපසයන් වහන්සේට උන් වහන්සේ කුමට මරව් දැයි කීව්. එවිට තාපසයන් ඇර අඹු මැරීය. අඹුවගේ බඩ දරු ගර්භය වැටි අඹුව මළාය. එවිට එතන සිටියෝ මිනීමරු තැනැත්තේය යි නැවියා බැඳගෙන ගොස් රජ්ජුරුවන්ට පෑවාහ. රජ්ජුරුවෝත් නැවියාට අඥානකර වුවයි සර්වඥයන් වහන්සේ වදාරා අඥානව තාපසයන් කී අවවාද නොගිවිස තමාගේ පුතුන් නොලැබ අඹුවන් නොලැබ ආඥා වීන්නේය යි වදාරා මේ ආචාරී ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි නැවියා නම් මෙසමයෙහි නැවියා මය. බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය, තාපසව උපන්නෙම් බුදුවූ මම් ම යි වදාළසේක. මේ දේශනාවසානයේ භික්ෂූන් වහන්සේ සෝවාන් වූසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

366 සේවතකෙතු ජාතකය
364 වීතිය කපොත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.