363 චුල්ලධනු‍ද්ධර ජාතකය - IFBC Organization | Dhamma

තවද සරණාඝත වජ්‍රපජරවූ තිලෝගුරු බුදුරජානන් වහන්ස් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ස්ත්‍රියක් කෙරේ උකටලීවූ භික්ෂූකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

භික්ෂූකෙණෙකුන් වහන්සේ එක් ස්ත්‍රියක් කෙරේ ලෝභයෙන් උකටළිව වාසය කරණ සෙක්. සර්වඥයන් වහන්සේ එපවත් දැන වදාරා සැබෑද මහණ තෝ ස්ත්‍රියක් කෙරේ ලෝභයෙන් වාසය කරන්නේදැයි විචාළ කල්හි සැබැව ස්වාමිනි දැන්වූ කල්හි මේ ස්ත්‍රිය කෙරේ ලොභ කළේ තොප දැන්මතු නොවෙයි පළමුත් මූ තුමූ තාපට අනර්ථව සිටියෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි ගන්ධාර දේශයෙහි තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට බ්‍රාහ්මණ කුමාරයෙක් ගොස් සියලු සිල්ප ඉගෙණ ඉනුත් ධනුශ්ෂිල්පය නිමවා උගත. දිසාපාමොක් ආචාරී සමාධිව බ්‍රාහ්මණ කුමාරයන්ට චුල්ල ධනුද්ධර කුමාරයෝ යයි නම් තබා තමන්ගේ වැඩිවිය දුවනියන් පාවා දුන්හ. චුල්ලධනුද්ධයෝ තමන්ගේ බිරින්ද කැඳවාගෙණ මාවතෙක යන්නාහූ වනාන්තරයකට පැමිණියාහ. ඒ වනාන්තරයේ ත්‍රිමදගලිත හස්තියෙක් ඇත. ඒ හස්තියා ධනුද්ධරයන් දැක දිවගෙණ ආය. චුල්ලධනුද්ධරයෝ පඤචායුධ සන්නද්ධව ඊ දඬු පන්සියයකුත් ඇරගෙණ යන්නාහු හස්තියා දිවගෙණ එන්නා ඊ දණ්ඩක් ඇදපියා ඇරගෙණ විද්දාහු වාත කුඹයෙන් වැද පළවා ඇතා එතනම ඵලා නික්මුණු කලට, අනික් වනාන්තරයක සොරුන් පන්සියයෙක් දඩමස් මරා පුළුස්සා කනකලට චුල්ලධනුද්ධරයෝ එතනට පැමිණ තමන් බිරින්දට කියන්නාහු දඩමස් පුළුස්සා කන මිනිසුන් උන්තැනට ගොස් දඩමස් ඉල්වාගෙණ එවයි කීයා යවුහ. ඒ කියන සොරු පිලිස්සු දඩමස් නොදී අමු මාංශාදී යවුහ. චුල්ලධනුද්ධර කුමාරයෝ අමු මාංශ දැක කියන්නාහූ පිලිස්සු මාංශ නොදී අමු මාංශ දුන්නේ අප කෙරේ කනස්සළු වෙන්ද?. යි කියා දෙවෙනිව බිරින්ද අත අමු මාංශ යවන්නා සොරු පන්සියය කෝපවන ඉන් එකෙක් අප පන්සියය වෙහෙසයි දැයි කියා කෝපයෙන් දිවුවාවූ චුල්ලධනුද්ධරයෝ එකින් එකාට සොරු පන්සියය එකක් අඩු ඊ දඬු පන්සියයෙන් විද එලුහ. සොරුන් නායක තැනැත්තේ ඉවත්ව සිට අවුත් චුල්ලධනුද්ධරයන් අල්වාගත සොරදෙටුවා හා චුල්ලධනුද්ධරයන් හා උනුන් කා සොරා යට කොට ඔබා ගෙණ චුල්ලධනුද්ධරයෝ සොඳූර කඩුව දිලවයි අත්දික්කොට ලන්නා සොරාට කඩුමිටදී චුල්ලධනුද්ධරයන්ට කොපුව දීලුහ. සොරා චුල්ලධනුද්ධරයන් ඉස කපා මරා යන්ට නික්මුනු කලට ගඟක් සමීපයට පැමිණියාහ.

සොරදෙටුවා සිතන්නේ බාල කල පටන් පරණ පුරුදු පුරුෂයා මරවා මා කෙරේ ලොභකළාය. ඉදිරියේ අනික් පුරුෂයෙකු දුටත් මටත් මේ කාරණ මානයයි සිතා මෑගෙන් සට ප්‍රයෝජන නැතැයි මා මෙතනම ඇරපියා යෙමි සිතා සොඳූර තොප ඉනතුබූ ඉනකඩින් තොප පලන් ආභරණ ගලවා බැඳ දිලන්න එතර තිබා අවුත තොප කැඳවාගෙණ යෙමි කියන්නා යහපතැයි ඒ නියාවට තමා ඉන තිබු ඉනකඩෙහි තමා පලන් ආභරණ ගලවා බැඳ දිලන්නා සොරදෙටු ඇරගෙණ ගඟින් එතරපීනා ගොස් යන්ට ආකාර දක්වා ලීය. ස්ත්‍රිය කියන්නී ඇයි ස්වාමිපුත්‍රයාණෙනි මා ඇරපියා නික්මුනු නියාදැයි කියන්නා තොපගේ පරණ සමණන්ට කළදෑ දුටුකල මට තමාම වේද තීගෙන් මට ප්‍රයෝජන නැතැයි කියා නික්මුණාහ.

ස්ත්‍රී ගඟ සමීපයේ බැද්දේ උන්නීය. ශක්‍රයෝ මෙපවත් දැන පංචසිඛයා හා මාතලී දිව්‍යපුත්‍රයා කැඳවා කියන්නාහූ අසවල් ගඟ සමීපයේ උන් ස්ත්‍රී වෙහෙසන්ට උවමැනවැයි කියා පංචසිඛයා උකුසුවෙසක් හා මාතලී දිව්‍යපුත්‍රයා මත්ස්‍ය වෙසක් හා ශක්‍රයෝ තුමූ කැනහිල් වෙසක් මවාගෙණ කටින් දඩමස් කැටියක් ඩෑගෙණ මම ගඟ සමීපයේ වෙරළ ගාවා යෙමි පංචසිඛය තොපි උකුසුවේසයෙන් ආකාශයෙන් ඇවිදුව මාතලිය තොපි මත්ස්‍ය වේසයෙන් මා යන ඉදිරියට දියෙන් ගොඩ පැනපියව මම කට තිබූ මාංශය දමා මත්ස්‍යයා ඩෑගන්ට යෙමි පංචසිඛය තෝ උකුසුවේසයෙන් මා දැමු මාංශ කැටිය ඩෑගනුව මාතලිය තෝ මත්ස්‍ය වේසයෙන් දියට පැන පියවයි කියා තුන්දෙන අවුත් ඒ ස්ත්‍රිය සමීපයෙහි පෙණගියාහ. කැනහිල් මාංශ කැටියක් ඩෑගෙණ ගඟ සමීපයේ ගොඩ අසල යන කලට මත්ස්‍යයෙක් දියෙන් ගොඩට පැනපිය. උකුසු මාංශකැටිය ඩෑගත එකියන සිඟාලයා මත්ස්‍යයාත් නොලැබ මාංශකැටියත් නොලැබ වික්‍ෂෙපව ගඟ සමීපයේ උන් ස්ත්‍රීයගේ මුන බල බලා සිටියේය. එවිට එකියන ස්ත්‍රී මහත් කොට සිනාසීපුවාහ. ඊට ශක්‍රයෝ කියන්නාහු මෙතන නැවිමක් ගී කීමක් කෙළිනළුවක් නැතිව මහත් කොට අස්ථානයේ සිනාසුනුයේ කිම්දැයි විචාළේය. එවිට ස්ත්‍රිය කියන්නි තොප කටින් ඩෑගෙණ ආ මාංශ කැටිය මත්ස්‍යයා කමියි කටින් දමා මත්ස්‍යයා ඩෑගන්ට ගියකලට මාංශකැටිය උකුසු ඩෑගත. මත්ස්‍යයා දියට පැනපීය, මේ කාරණය දැක සිනාසිමි කීව. එවිට ශක්‍රයෝ කියන්නාහු තොපි මට සිනාසෙන්ට කාරණ කිම්ද තොපගේ පළමු පිසවා කෑ සමුණනුත් නැතිව අළුත් සමුණනුත් නැතිව උභය භ්‍රෂටව ඉඳිනා තොපි මට නින්දා කියා සිනාසෙන්නේයයි ශක්‍රයෝ නින්දාකොට බිනූහ. ඊට ස්ත්‍රි කියන්නි පළමු මෙසේවූ කටයුත්ත කොට මෙසේ වූ දුක්කට පැමිණියෙමි ඉනිබ්බේ පතීව්‍රතා ධර්මය විනා මෙසේවූ දෙයක් නො කරමි කීව, ශක්‍රයෝත් පතිව්‍රතා ධර්මය විනා මෙසේ වූ චතුස්සත්‍යය ප්‍රකාශ කොට මේ චුල්ල ධනුද්ධර ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍ය දේශනාවගේ කෙළවර උකටලී භික්ෂූන් වහන්සේ සෝවාන් වූසේක.

එසමයෙහි චුල්ලධනුද්ධර යෝ නම් මේ භික්ෂුහුය. එසමයෙහි ස්ත්‍රී නම් මේ ස්ත්‍රීමය එසමයෙහි ශක්‍රව උපන්නෙම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

364 වීතිය කපොත ජාතකය
362 මුසික ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.