352 ශීලපරික්ඛ ජාතකය

තවද සමන්තභද්‍ර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සීලය පරීක්ෂා කල බ්‍රහ්මණයකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැවැත්නුවර එක්තරා බ්‍රහ්මණයෙක් ශිලය යහපත්කොට රක්නේය. රජ්ජුරුවෝ මේ නියාව දැන සෙසු බ්‍රාහ්මණයන් නියාවට මේ කියන බ්‍රාහ්මණයාට ආවේනික ඇතිව වාසය කරන්නාහ. බ්‍රාහ්මණ තමා කෙරේ රජ්ජුරුවන් ආවේනික ඇතිවී වාසය කරණ නියාව දැන රජ්ජුරුවන් වහන්සේ මා කෙරේ ආවේනික ව මා රක්ෂාකරන්නාවූ ශිලය ආනුභාවයෙන් දෝහෝ නොහොත් මා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ ඒ නිසාදෝහෝයි මා කෙරේ ආවේනිකය මේ මා පරීක්ෂාකරන්නට උවමැනවයි සිතා සෙට්ඨිවරුන්ගේ පිලට ගොස් තුන් දවසෙක රන් තුන්ගාණක් උකාගෙණ පළමුදා ආචාරීන් කෙරෙහි ගරුත්වයෙන් නොකීහ. දෙවෙනිදා මේ රන් සොරකම් කරණ සොරෙකැයි අල්වාගෙණ ගොස් රජ්ජුැරවන්ට කීහ. රජ්ජුරුවෝ ආචාරීනි මේ කුමක් නිසා කළ දෙයක්දැයි විචාළාහ. ස්වාමිනි සීලය වැඩිදෝහෝයි පරික්ෂාකරණ නිසා කෙළෙමියි කීහ. රජ්ජුරුවෝ කිසිදෙයකුත් නොකීහ. එවිට බ්‍රාහ්මණ ස්වාමිනි මා රක්නාවූ ශිලය ම වැඩිය. එසේහෙයින් ගිහිගෙයින් මට ප්‍රයෝජන නැත. මහණවෙමි කියා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්වාගෙණ සර්වඥයන් වහන්සේ කරා ගොස් මහණව උපසම්පදාව නොබෝ කලකින් විදර්ශනා වඩා රහත්වූසේක. මේ කථාව දම්සභා මණ්ඩපයේ රැස්වූ සංඝයා වහන්සේ ශිලමයගුණ වර්ණනා කර කර වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා පෙර මහෝත්තමයෝ පවා ශිලයම උතුම්දෝහෝයි විචාරා වදාරා එපවත් අසා පෙර මහෝත්තමයෝ පංච ශිලයම උතුම්දෝහෝයි පරීක්ෂා කොටම හුන් නෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බ්‍රාහ්මණ කුලයක ඉපද වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් කරාගොස් ශිල්ප ශාස්ත්‍ර ඉගෙණ බරණැස් නුවරට අවුත් බෝධිසත්වයෝ රජ්ජුරුවන් දුටහ. රජ්ජුරුනක් විසින් බෝධිසත්වයන් පුරෝහිත ස්ථානාන්තරයෙහි සැලැස්වූහ. බෝධිසත්වයෝ අඛංඩවූ ශිලය රක්නාහ. රජ්ජුරුවෝ සෙසු බ්‍රාහ්මණයන් නිසා මට පුරෝහිත බ්‍රාහ්මණයන් කෙරේ මහත්වූ ආවේනික ඇත්තාහ. පුරෝහිතයෝ රජ්ජුරුවන් වහන්සේ මා කෙරේ ආවේනික ඇතිසේක. මේ මා පරීක්ෂාකරණට උවමැනවයි සිතා පළමු කථාව පරිද්දෙන් පරීක්‍ෂාකළාහ. රජ්ජුරුවෝ මේ කිම්ද.ආචාරීනි විචාළාහ. පුරෝහිතයෝ ස්වාමිනි ශිල්ප වැඩිදෝහෝයි ඇසූපිරු ශාස්ත්‍රය වැඩිදෝ හෝයි සිතා පරීක්ෂාකෙළෙමි.ඉන් වඩිනේ ශිලයම දනිමි ස්වාමිනි කීහ. උතුම්වූ ජාති හා උතුම්වූ ශාස්ත්‍රය දනිතත් වඩිනේ ශිලයමයි කීහ. තවද රජ්ජුරුවෝ බ්‍රාහ්මණයෝ වෙළඳ සුද්‍ර ආදීවූ අය අධර්මයෙහි හැසිර සම්පත් උපදවා පොහොසත්ව රැකේනම් එසේවූ පොහොසත්වීමට වඩා දැහැමෙන් සෙමෙන් සීලය රක්ෂාකොට දවස් ඇරිම යහපතැයි ශීලයම වඩිනේය. තවද චතුර්වර්ණයෙහි ඇත්තන් හා නීචකුලයෙහි උපන්නෝද සියලු සත්වයෝම ශිලයෙහි යෙදී ශිල් වඩිනේ යයි කියා බරණැස් රජ්ජුරුවන්ට කියා අවසර ඉල්වාගෙණ පුරෝහිතයෝ වනාන්තරයට වැද සෘෂිප්‍රව්‍රජ්ජ්‍යාවෙන් පැවිදිව පඤචඍධි අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහිනු ධ්‍යානයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහයි වදාරා මේ ශිලපරික්ඛ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බ්‍රාහ්මණව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

353 හිරි ජාතකය
351 චර්ණරෝග ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.