346 කාරඬික ජාතකය

තවද සෞධොදනියවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් ධම්මසේනාපතිවූ සැරියුත් මහස්ථවිරයන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැරියුත් ස්වාමි වැද්දන්ට කෙවුලන්ට උන්ගේ අභිප්‍රාය නොදනම් සිල් දෙන සේක්. වැද්දෝත් කෙවුලොත් සැටියුත් ස්වාමිදෙන හෙයින් සිල්ගන්නා පමණක් විනා ශිලය තාවුරුකොට ගතනොහෙන්නාහ. එපවත් සැරියුත් ස්වාමින් තමන්වහන්සේගේ භික්‍ෂුන් වහන්සේට වදාරණසේක් මහණෙනි වැද්දන් කෙවුලන්ට අප සිල් දෙන පමණක් විනා ශිලය ඌ ඇම තාවුරු කොට ගත නොහෙන්නාහයි වදාළසේක. එවිට භික්ෂූන් වහන්සේ ස්වාමිනි. උන්ගේ අභිප්‍රාය නොදැන ශිල්දෙන හෙයින් උන් ශිල් නොරක්ණෝය. එසේ නොව කියා ආරාධණා කළොත් විනා ශිල්දෙන්ට එපාය යි කියා වදාළසේක. මේ කථාව දම්සභාවට රැස්වූ මාළුවරන්වහන්සේ කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි.පෙරත් ශාරිපුත්‍රස්ථවිරයෝ අභිප්‍රාය නොදැනම් ශිල් දුන්නෝ වේ දැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා බ්‍රාහ්මණ කුලයක ඉපිද කාරඩික නම් කුමාරව ඉපිද වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් ලඟ සිල්ප ඉගෙණ උන්ගේ පන්සියයක් අතවැසින්ට නායකව වසන්නාහ. එසමයෙහි දිසාපාමොක් ආචාරී මනුෂ්‍යයන්ගේ පමණ නොදැන අභිප්‍රායට සිල්දෙන්නාහ. ඒ මනුෂ්‍යයෝ සිල්ගන්නා පමණක් විනා සීලය තාවුරුකොට ගත නොහෙන්නාහ. උන්ගේ අභිප්‍රාය නොදැන සිල්දෙන්ට එපයි ශිෂ්‍යයන් කීවත් නොනැවතම සිල් දෙන්නාහූ එක්තරා මනුෂ්‍යයෙක් දිසාපාමොක් ආචාරීන් අතවැස්සන් පන්සියයට සෙට දවසට දන් මාගෙනැයි පැවරූහ. දිසාපාමොක් ආචාරී තුමූ නොගොස් තමන්ගේ කාරඩිකනම් අතවැස්සානන් ඇතුළුවූ අතවැස්සන් පන්සියය කැඳවා තොපි හැම ගොස් මේ පුරුෂයාට සාන්තිකොට දනුත් කා උන්ගෙන් දුන්නාවූ ලාභසත්කාර ඇත් නුමුත් ඇරගෙණ එවයි කියා යවුහ. එකියන අතවැස්සෝ ත් ඒ පුරුයාගේ ගෙට ගොස් දනුත් කා සාන්තිකොට ලාභත් අරගෙණ එන්නාහූ අතරමග කඳූ මුදුනෙක සැතපී උන්නාහ. එවිට කාරඩික නම් අතවැස්සානෝ සිතන්නාහු අපගේ ආචාරින් වහනසේ මනුෂ්‍යයන්ගේ අභිප්‍රාය නොදැනම සිල්දෙනසේක. මා විසින් අරවන්ට උවමැනවයි සිතා එතනින් ගල්කැට ඇරගෙණ පාත එලන්නාහ. සෙසු අත වැස්සෝ මේ කුමක්දැයි විචාළාහ. උන්හැම කිසි බසකුත් බැන නොනැගී ගල්කැට පාත එලන්නේය. අතවැස්සෝ මුන් ඇඟට අපාසුවක් නිසා වේදැයි කියා එපවත් දිසාපාමොක් ආචාරීන්ට කිහ. දිසාපාමොක් ආචාරී ද එතනට ඇවිත් කියන්නාහු කාරඩික නම් අතවැස්සානෙනි. තොප කරන්නේ කිම්දැයි කීහ. එවිට අතවැස්සානෝ කියන්නාහූ මේ පෘථිවිමණ්ඩලය හෙරිතලයක්සේ තනාපියන නිසාය යි කිහ. එවිට දිසාපාමොක් ආචාරීන් එසේකරන්ට බොහෝ දෙනා විසිනුත් නොලිළිවනැයි කීකල්හි එසේකල ආචාරින් වහන්ස නොයෙක් වර්ගයේ මිනිසුන්ට අභිප්‍රාය නොදැන සිල්දුනැයි කියා සිල් රක්‍ෂා කෙරෙද්දැයි කීහ. එවිට ආචාරී තොප කී නියාව තොප කී නියාව ගිවිස්සම්හ. මෙතැන්පටන් අභිප්‍රාය ඇති කෙණෙකුන්ට විනා සීලය නො දෙම්හයි කියා දෙන්නම් තමන්ගේ ගෙට ගියාහයි වදාරා මේ කාරඩික ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි දිසාපාමොක් ආචාරී නම් ශාරිපුත්‍ර ස්ථවිරය. කාරඩික බ්‍රාහමණ නම් බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

347 ලටුකික ජාතකය
345 ඝන ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.