343 ජෝත ජාතකය

තවද සියළු සත්වයන්හට නායකවූ සර්වඥයන් වහන්සේ භගුනම් රට සුංසුමාර නම් ගුහාව සමීපයෙහි විංසන නම් වනයෙහි වැඩ වසන සමයෙහි බෝධිරාජ කුමාරයන් අරභයා මේ ජතාකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

බෝධිරාජ කුමාරයෝ සෙසු රජදරුවන් ඉඳිනා ගේවලට වඩා යහපත් මාලිගාවක් කරවා ඉන්ට උවමැනවැයි එක් වඩුවෙකු කැඳවා කෝකාලික නම් අනර්ඝ රජගෙය ඉදිකරවා මේ වඩුතෙම මේ මාගේ මාලිගවක්සේම රජගෙයක් අනික් රජදරු කෙණෙකුන්ට ඉදිකළේ වී නම් නපුරුයයි වඩුවාගේ ඇස් උදුරුවපියයි. එදවස් දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ මෙසේ වූ රාජ ගෙයක් කළ වඩුවාට බොහෝ උපකාර කොට ප්‍රසාද දුනමනා තැන වඩුවාගේ ඇස් උදුරුවාපුවෝ වේදැයි කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්ත ව උනුදැයි විචාරා වදාර එපවත් අසා දැන් මතු නොවෙයි මහණෙනි පෙරත් මේ රාජ කුමාර තෙම රජදරුවන් ගේ අව සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීව බොහෝ රාජ කුමාරයන්ට ශාස්ත්‍ර උගන්වා වාසය කරන්නාහ. එසමයෙහි බරණැස් නුවර රජ්ජුරුවන්ගේ පුත්වූ බ්‍රහ්මදත්ත නම් කුමාරයෝ ශිල්ප උගන්ට යයි තක්සලා නුවරට දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගන්නා සඳහා ගියාහ. දිසාපාමොක් ආචාරී රාජකුමාරයන් දැක ලක්ෂණ බලා මේ රාජ කුමාරයා චණ්ඩය මුගේ සන්තානයෙහි ගුණයක් නැත්තේයයි රාජ කුමාරයන්ට අවවාද කරන්නාහූ එම්බා රාජ කුමාරයෙනි තොපි රාජ්ජයට වන්කල කිසිපිහිටක් නොලබන්නාසේ වැඩනැත්තවුව යම් අවසරයක දේවතාවෝත් අත් නොදන්නාහ. මනුෂ්‍යයෝ තමාම අත් නොදන්නාහ සාහසික කළාවූ යම් පාපයෙක් ඇත්නම් එම ජාතියෙහි විපාක දෙන්නේමය, ඒ එසේමය. යම් ඵලයක් රෝපනය කළේ නම් නොබෝ කලකින් එහි ලාභය විඳිද්ද, එසේම සාහසික කළාවූ යම් පාපයක් අත්පිට විපාකදෙයි සහසික නොවමැයි රාජ කුමාරයන්ට බොහෝ අවවාද කියා උන්ගේ නුවරට යවුහ. ඒ රාජ කුමාරයෝත් බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ට ශිල්ප දක්වා පිය රජ්ජුරුවන් විසින් දෙන ලද්දාවූ යුවරජ තනතුරු ලැබ වාසය කරන්නාවූ පියානන්ගේ ඇවෑමෙන් රාජ්ජයට පැමිණ රාජ්ජය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ චණ්ඩ පරුෂ වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් ඇත. ඒ බ්‍රහ්මණයා සිතන්නේ රජ්ජුරුවන් දස දහසක් දඹදිවට නායක කරවාපි නම් අග්‍රපුරෝහිතව බොහෝ සම්පත් ලබන්නෙම් වේදැයි සිතා රජ්ජුරුවන්ලඟට ගොස් මෙපවත් කියා බොහෝ කාරණා කියා රජ්ජුරුවන් පොලඹවාගෙණ යුද්ධයට යන ලෙසට චතුරංගනී සේනාව සන්නද්ධ කරවාගෙණ පළමුකොට ගොස් කුඩා නුවරක් වටලාගෙණ ඒ රජ්ජුරුවන් පොළඹවාගෙණ මේ නියායෙන් දස දහසක් යොදුන් දඹදිව නුවරවල් ඇරගෙණ දහසක් රජ්ජුරුවන් අල්වාගෙණ තක්සලා නුවර රජ්ජුරුවන් අල්ලා ගන්නා පිණිස ගියහ. ඒ නුවර ලඟ ගඟෙක් ඇත.ඒ ගඟ අසල යහපත් ඡායා සම්පන්න නුග ගසෙක් ඇත. ඒ නුගගස මුල රජ්ජුරුවෝ යානක් ලබාගෙණ එනත සැතපී පසු දවස තක්සලා නුවරට සටනට ගියාහ. දිසාපාමොක් ආචාරීන් ඒ රජ්ජුරුවන් යුද්ධයට එන නියාව අසා නුවර අට්ටාල වෙට්ටම් පවුරු වාසල් ආදීවු තැන සේනාව සලස්වාගෙණ යුද්ධකොට නුවරට වැද්ද නුදුන්නාහ. රජ්ජුරුවෝ නුවර සටන්කොට ඇරගත නොහි දෙවෙනිවත් නුගගස මුලට අවුත් පුරෝහිත බ්‍රාහ්මණයාට කියන්නාහූ මේසා මහත් සේනාවක් ඇරගෙණ ගොසින් යුද්ධකොටත් නුවර ඇරගත නුහුනුම්හ කළමනා කිම්ද කැඳවා විචාළාහ. එවිට පු රෝ හිත බ‍්‍ර හ් මණයා කියන්නේ මේ රජ්ජුරුවන් දහස අල් වා ඇස්උදුරා උන් ගේපංචරුධිරමාංශයෙන් මේ නුග ගසේ වසන්නාවූ රාක් ෂයාට බිලි දී ඒ රාක්‍ෂසයාගේ ආනුභාවයෙන් යුද්ධකොට රාජ්ජය අරගණුම්හයි කීහ.

රජ්ජුරුවෝත් යහපතැයි මල්ලවයන් ගෙන්වා තිරය ඇතුලේසිටුවා රජ දරුවන්එකින්එකා ගෙන්වා අල්වාගෙණ ඇස් දෙක උදුරා ලයපලා අතුනු අක් මා පපු කැන් බඩවැල් උදුරා මිණි ගඟට දමා මෙම නියායෙන් රජ දරුවන් දහසම ඇස් උදුරවා රුධිර මාංශ ඇරගෙණ මිණි ගඟට දමා ඒ නුගගස උඩ බඩවැල් එල්වා රුධිර මාංශයත් පුදා පසු දවස් සටනට ගියාහ. ඒ වෙලෙහි අට්ටාලයක සිටි එක් රාක්‍ෂසයෙක් දකු ණැස උදුරා ගෙණ පළා ගියේය. රජ්ජු රුවෝ වේදනාව ඉවසාගත නොහී ඇවිත් නුග ගස මුල උඩබලා වැද ඔත්තාහ. මස්ලියා කාපු ඇටයක් ඩැහැගෙණ උඩින් යන පක්ෂියෙක් ඒ රජ්ජුරුවන් ගේ වම් ඇස ඇටය ඵලාපි ය. ඒ ඇසත් උදුරා ගෙණ දකු ණු ඇසින් නැංගේ ය. වේදනාව ඉවසාගත නොහී අඬන්නාව අනර්ථයක් නොකරව කළවා අනර්ථයෙක් ඇත්නම් අත්පිට විපාක දෙයි කී සේක. උන්වහන්සේට කීවා නොකොට මෙතෙක් රජදරුවන් ඇස් උදුරවා මේ නුගගසට රුධිර මාංශයෙන් පූජා කෙළෙමි. එසේ පුජා ලත් දේවතාවත් මට අත් නුදුන්නේය. මේ පුරෝහිත බ‍්‍රාහ්මණයාත් මට සහයක්නු වුනේය. මම ආචාරීන් කීවා නොකොට අසරණව ගියෙමි. මේ නුගයට රුධිර මාංශයෙන් පූජා කෙළෙමි. අඬා කියන්නාහූ මාගේ රන් වන් වූ විශිෂ්ට රූ ඇති බලා ඇස් ඇද ගත නොහැක්කවූ මාගේ උඬරී නම් බිසවුන් මා විඳිනාවූ වේදනාව දකින්නටත් නුවුයේ ය. උන්ගේ ප‍්‍රිය වචනය මා කණහෙන්ටත් නුවූයේ ය. මාගේ ඇස් දෙක නැති වේදනාවටත් වඩා මාගේ බිසවුන් නොදක්නා වේදනවා ඉවසාගත නොහෙමි. ඇස්දෙකේවේදනාවෙනුත්බිසවුන් කෙරේ සෝකයෙනුත්අඬා විටින්විට පෙරලීප‍්‍රාණය නිරුද්ධ අවිචීමහ නරකයට ගියාහ. දඹදිව ඒ ඒ නු වර වලින් ආ සේනාව තමන්ගේ නුවරටම ගියාහයි වදාරා මේ ජේත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් මේ කියන බෝධිරාජ කුමාරයෝ ය. පිංගල පුරෝහිත බ‍්‍රාහ්මණයා නම් දේ වදත් ත ස් ථවිරය. දිසාපාමොක් ආචාරීව උපන්නෙම් බු දුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේ ක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

344 චිතීය උරග ජාතකය
342 තෘතීය සුජාත ජාතකය
IFBC Home Page