Skip to main content

327 චතුත්‍ර්‍ථසීල රිමංස ජාතකය

තවද භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සීලවිමංස බ්‍රාහ්මණයා අරභයා මේ ජාතකය දක්වන ලදි.

මෙහි වර්තමාන කථාවවත් ජාතක කථාවක්ත පළමු කී ජාතකවල පෙනෙන්නේය. මෙහි වනාහී බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සොරකම් කළේය. ඒ පුරෝහිත බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට ගෙණ ගොස් පෑවාහ. රජ්ජුරුවෝ ඇයි පුරෝහිත බ්‍රාහ්මණය කුමක් නිසා සොරකම් කෙලෙහිදැයි විචාළ කල්හි පුරෝහිත බ්‍රාහ්මණයා කියන්නේ රජ්ජුරුවන් වහන්ස මාගේ වංශය උතුම් දොහෝ ශිලය උතුම්දෝහෝයි පරීක්‍ෂා කරන නිසා සොරකම් කෙළෙමි. සර්පරාජයන් පවා කඩා නොකෑ පමණකින් සිල්වත්වූ යයි ගුණ අසා ගත්තුය මම වනාහි සොරකම් කළ පමණකින් සොරයයි නින්දාවට පැමිණියෙමි ඉතිකින් ගිහිගෙයින් මට කම් නැත. හිමාලය වනයට වැද තපස් කෙරෙමි රජ්ජුරුවන් අතින් අවසර ඉල්වාගෙණ වනයට යන්නාහු අතරමග විථියෙහි එක් උකුස්සෙක් මස් කැටියක් ඩෑගෙණ ආකාශයට පැන නැංගෝය. අනික් උකුස්සෙක් අවුත් ඔහු ඉස ටොකු ඇන පියා පතින් ගසා ගහට කරන්ට වන. ඒ උකුසු වේදනාව ඉවසාග නොහී මස්කැටිය හල. අනික් උකුස්සෙක් මස් කැටිය ඩෑගත. මෙම නියායෙන් මස් කැටිය හළ උකුස්සාට ගහට නැත. ඩෑගත යන උකුස්සාට ගහට කෙරෙති. බොහෝ උකුස්සෝ එක්ව මේ මස් කැටිය නිසා ගහට උනාහු පුරෝහිත බ්‍රාහ්මණයාණෝ ඒ දැක පංචකාම ඇල්ම ඇතිව ගිහිගෙයි වාසය කිරීම නම් මේ උකුස්සා ඩෑගත් මස්කැටිය වන්නැහි පංචකාමයෙහි ආලය හැරපියා යන්නෙම් නම් මස් කැටිය හැරපියා ගියාවූ උකුස්සා වන්නැයි සිත සිතා යන්නාහු එක්දාසියක් පුරුෂයකු එන්ට කියා මග බල බලා ඉඳ පෙරයම දසපැයත් නොනිදා ඉඳ මධ්‍යම දසපැයත් නොනිදා ඉඳ නෙන හෙයින් අළුයම දසපැයේ නේතියි නියමකර ආලය හැර ඇඳේ නිදාපුව බෝධිසත්වයෝ පංචකාමයෙහි ආලය හැර වාසය කන්නාවූන්ටත් මෙම නියායෙන් සැපවිදීම වන්නේමැයි සිතා ගියකලට තාපසකෙනෙකුන් ගසක්මුල ඉඳ භාවනාකොට ධ්‍යානයෙන් උන්නාහ.එවිට පුරෝහිත බ්‍රාහ්මණයාණොත් ඉඳ භාවනාකොට ධ්‍යානයෙන් උන්නාහ. එවිට පුරෝහිත බ්‍රාහ්මණයානෝත් මේ තාපසයන්සේම සැපවිඳිමයි වනයට වැද ඍෂිප්‍රව්‍රජාවෙන් පැවිදිව පංචාභිඥ අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සුවයෙන් වැස නොපිරිහුනු ධ්‍යානයෙන් කම්වු පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මේ සීලවිමංස ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි පුරෝහිත බ්‍රාහ්මණව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.