Skip to main content

324 තෘතීය කාක ජාතකය

තවද සියලු සංස්කාර ධර්මයන් ගුරුපදේශයක් නැතිව ස්වයම් භූඥානයෙන් දත්හෙයින් සර්වඥ නම් වූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ස්ත්‍රියක් කෙරෙහි තෘෂ්ණාවූ භික්‍ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

ක් ස්ත්‍රියක් කෙරේ අභිලාෂ වූ භික්‍ෂු කෙණෙකුන් වහන්සේ ගෙණවුත් සර්වඥයන් වහන්සේට දැක්වූ කල්හි සැබෑද?. මහණ තා ස්ත්‍රියක් කෙරෙහි තෘෂ්ණා ඇතිවුයේදැයි විචාළ කල්හි සැබැව ස්වාමිනි කී කල්හි ඒම්බල මහණ ඉඹුල්වනයෙහි ලා රැකගත නුහුන ස්ත්‍රීන්ට තොප ආලය කරන්නේ කවරකටදැයි වදාරා, ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ බිසවුන්කුස පිළිසිඳ ඉපිද වැඩි විය පැමිණ පිය රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රාජ්ජ්‍යයට පැමිණියාහ. රජ්ජුරුවන්ගේ කාකදේවි නම් අග්‍රමෙහෙසිකා බිසෝකෙණෙක් ඇත්තාහ. ඉතා විශේෂී වූ රූප ඇත්තාහ. ඒ බිසවුන්ගේ රූපශ්‍රී ඉදිරියෙහි කියන්නාවූ කුනාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. ඒ රජ්ජුරුවන් හා එක් ගුරුලෙක් මනුෂ්‍ය වේශයෙන් අවුත් රජ්ජුරුවන් හා කැටිව දුකෙළි කෙළ උන්නේය. කලාතුරකින් බිසවුන් කෙරෙහි අභිලාෂ ඇතිව තමාගේ ඉඹුල් වනයේ තබාගෙණ ඉදිනේය. රජ්ජුරුවෝත් බිසවුන් නොදැක මාගේ බිවස්කොයි පලාගියේදෝහෝයි වික්‍ෂේපයට පැමිණියාහ. නටටකවිරූ නම් ගාන්ධර්වයෙකු කැඳවා මෙපවත් කියා තා දන්නා යම් සැටියකට බිසවුන් ගිය යම් තැනක් පරීක්ෂා කරවයි විධාන කළාහ. ඒ ගන්ධර්වයාත් මට කාරණා කින්දැයි පරීක්‍ෂා කොට අනික්කාරණයක් නොදැක රජ්ජුරුවන් වහන්සේ හා දු කෙළිනා පුරුෂයා වින අනික් සැකයෙක් නැත. මූ පරීක්ෂා කරන්නට උවමැනවැයි රජ්ජුරුවන් හා දූ කෙළාපියා ගුරුලා නික්මෙන්නාවූ පසුපස්සේ ගොසින් තමාගේ යෙල සියයක් යොදුන් ගුරුළු වේසය මවා ගන්නා පියාපත් අස්සේ ගාන්ධර්වයා සැඟවී වැද උන්විට ගුරුළු රාජයාත් සමුද්‍රමධ්‍යයෙන් ගොස් ඉඹුල් වනයට ගියේය. ඒ ගාන්ධර්වයාත් ඒ බිසවුන් හා කැටිව සංවාසයකොට කීප දවසක් ඉඹුල් වනයේ රඳා දෙවෙැනිවත් ගුරුළු රාජයාගේ පියාපත් අස්සේ සැඟවී අවුත් ගුරුළුවා හා සමග රජ්ජුරුවන් දු කෙළිනා තැනසිට මේ වෙලාවට කාකදේවී ගුරුළු විමානයෙහි ඉඳිනා නොවේදැයි කීහ. එවිට ගුරුළා කියන්නේ මහාසමුද්‍රය හා ගංගාවක් හා සිදන්ත සාගරය ඇතුළු වූ සන්තිමහා සාගරයෙන් එපිට ඉඹුල්වනයෙහි කැදැල්ලේ උන්නාවූ බිසවුන් තා දුටුවේ කෙසේදැයි කීහ. එවිට ගාන්ධර්වයා කියන්නේ තොපගේ පියාපත් අස්සේ සැඟවිගෙණ ගොසින් තොපගේ ඉඹුල්වනයේ දෙතුන් විටක් රඳා දෙවැනිවත් තොපගේම පියාපත් අස්සේම සැඟවිගෙන ආමි කීහ. එවිට ගුරුළු රාජයා මෙසේවූ තැන ඉඳත් රැකගත නොහැක්කාවූ ගෑනුන් මට ප්‍රයෝජන කින්දැයි බිසවුන් ගෙනවුත් රජ්ජුරුවන්ට පාවාදී එවක්පටන් රජ්ජුරුවන් හා කැටිව දූ කෙළින්ට නොආයේයයි වදාරා මේ කාක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි නට්ටකවිරු නම් ගාන්ධර්වයා දැන් මේ උකටලී භික්ෂූහුය. බරණැස් රජව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.