304 කස්සප මන්‍දිය ජාතකය

තවද එක්සමයෙහි ෂඩ්හිඥද්‍යානෛනගුණ රත්නා ලංකෘත ශාස්තෘවූ බුදුරජානන් ජේතවනාරමයෙහි වාසය කරන සේක්. එක් මහළු භික්ෂු කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දේශනා කළසේක. සැවැත් නුවර වැසි එක් කුල පුත්‍රයෙක් වස්තුකාම කෙපලශකාමයෙහි ආදීනව දැක. සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදිව කමටහන්හි යෙදී වාසය කරන්නේය. නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය. ඊට මෑත භාගයෙහි උන් වහන්සේගේ මෑණියෝ කළුරිය කළහ. ඒ රහතන් වහන්සේ මෑනියන්ගේ ඇවෑමෙන් දෙපුතුපියන් පැවිදි කරවා දෙව්රම් වෙහෙරරෙහි වැසි වස් එලඹෙන කල්හි චීවර ප්‍රත්‍යයන්ගේ සුලභ බව අසා එක් ගමක විසීමට ගොස් එතැන්හි තුන්දෙනා වහන්සේම වස් එලඹ නිමවන ලද වස් ඇති සේක්. ජේතනාරාමයට ආ සේක. රහත් වූ දහර භික්ෂූන් වහන්සේ කියන සේක්. ජේතවන විහාරස්ථානාසනනයෙහි සිට සාමණේර තෙපි මහළු තෙරුන් වහන්සේ සතප්පා කැන්දාගෙණ එව මම පෙරටුව ගොස් පිරිවෙණ පිළිදගිමියි කියා ජේතවනාරාමයට ගිය සේක. මහළු තෙරුන් වහන්සේ සෙමින් සෙමින් සිට යන සේක. සාමණේරයෝ නැවත නැවත හිසින් පීඩා කරන්නාහුමෙන් සාමිනි, ගිය මැනවැයි කියා ඒ මහළු තෙරුන් බලාත්කාරයෙන් ගෙණ එන්නේය. මහළු තෙරුන්වහන්සේ කියන සේක්. තොපි අප හා ගමන නොකැමැති කරවා ගෙණ යව් දැයි කියා නැවත වැලකී ආපස්සෙහි යන සේක. ඔවුනොවුන් හා විවාද කරන්නාවුම ඔවුන්ට හිරු හස්තඞගත විය. අන් චීතරාගී භික්ෂූන් වහන්සේ පිරිවෙන හැමද දිය සපයා තබා ඔවුන් දෙදෙනාගේ ඊම නොදන්නා සේක්. ගිනිසිළු ගෙණ පෙර ගමන් කොට එන්නා වූ ඔවුන් දැක කල්ගියේ කිම් දැයි විචාළසේක. මහළු භික්ෂූතෙම ඒ වූ කාරණය කී සේක්. ඒ රහත් භික්ෂූන් වහන්සේ ඒ දෙදෙනා සතප්පවා සෙමින් කැඳවා ආ සේක. එදවස්හි බුදුන්ට කළ යුතු උපස්ථානාදියට අවසර නොලත්සේක. නැවත බුදුරජානන් වහන්සේ දෙවැනි දවස්හි බුද්ධුපස්ථානයට අවුත් නමස්කාර කොට අන් භික්ෂුන් වහන්සේට බුදුහු තෙපි කවර කල්හි අවු දැයි විචාළසේක. ස්වාමීනි, ඊයේ ආයෙමි දැන්වූ සේක. තොපි ඊයේ වැනි දවස අවුත් අද බුද්ධොපස්ෘථන කරව්දැයි වදාළ සේක. ස්වාමීනි, බුදුරජානන්වහන්ස එසේයයි කියා ඒ වූ කාරණය දැන්වූසේක. ශාස්තෘ වූ බුදුරජානන්වහන්සේ මහළු තෙරුන් වහන්සේට නින්දා කොට වදාරා මෙතෙම මෙබඳු ක්‍රියා කෙළේ දැන්මතු නොවෙයි, පෙරත් නින්දා කෙළේමවේදැල වදාරා දැන් මතු වනාහි ඒ මහළු භික්ෂූන් ක්ලාන්ත කරවන ලද්දේ නොවෙයි, පෙර නුවනැත්තන් ක්ලාන්ත කරවීයයි වදාත් ඒ රහත් භික්ෂූන් විසින් ආරාධිත වූසේක්. ඉකුත්වත් ගෙණහැර දක්වා වදාල සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරන කල පුරණ ලද බෝධිසමහාර ඇති අප මහබෝසතානන් වහන්සේ කසී නම් නියම්ගම්හි බ්‍රාහ්මණ කුලයෙක්හි උපන්සේක. උවමනා වයසට පැමිණි බ්‍රාහ්මණ කුමාරයන්ගේ මෑණියෝ කළුරිය කළේය. ඒ බ්‍රාහ්මණ කුමාරයා මෑණියන්ගේ අවමඟුල් කෘත්‍යකො මසක් අඩමසක් ඇවෑමෙන් ගෙයි විද්‍යාමාන වස්තූන් දන් දීපියා පියානන්ද මලනුවන්ද ගෙණ හිමාල වන ප්‍රදේශයෙහි දෙවියන් දුන් රිටි සුඹුළු ගෙණ සෘෂීප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව අල මුල්, වනමුල්, පලාහාරයෙන් වර්ෂා කාලයෙහි නොසිඳෙන ලද ජලධාරාවන් ඇතිව වැසි වස්නා කල්හි අලමුල් සාරන්ටද නොහැකිවන්නේය. ඵලා පල වර්ණයෝ පතිත නොවෙති. එසේ හෙයින් තාපසවරයෝ බොහෝ සේ හිමවතින් බැස මනුෂ්‍ය පථයෙහි වෙසෙති. එකල්හි මහ බෝසතානන් වහන්සේද පියානන් හා සමඟ මලනුවනුත් ගෙණ මනුෂ්‍ය පථයෙහි වැස නැවත හිමාලය වනය මල් පිපී ඵල ගත් කල්හි ඔවුන් දෙදෙනාගෙන හිමාලය වන ප්‍රදේශයෙහි පෙර විසූ තමාගේ ආශ්‍රම පදයට එන සේක්. පන්සලට නුදුරු තැන්හිදී හිරු හස්තයට ගතවූ කල්හි තොපි ලසි ගමනින් එව. මම පෙරටුව ගොස් පන්සල පිළිදගිමි කියා ඔවුන් දෙදෙනා හැර ගිය සේක. බාල තාපසයෝ පිය මහළු තාපසයන් හා සමඟ ලැසි ගමනින් යන්නේ ඒ මහළු තාපසයන්ගේ කටි ප්‍රදේශයෙහිත් පීඩා කෙරෙමින් යන්නේය. මහළු තාපසයේ තොපි මාගේ අභිප්‍රායෙන් ගෙන යන්නේ යයි කියා නැවත වැලකී ආපස්සෙහි එන්නේය. මෙපරිද්දෙන්ම කලහ කරන්නාවූ ඔවුන්ට අන්ධකාර විය. මහ බෝසතානන් වහන්සේද පන්සල හැමද දියා පෙරා තබා ගිනිසුළු ගෙන පෙර මගට එන සේක්. ඔවුන් දෙදෙනා දැක මෙතෙක් කල් කුමක් කළ යුතුදැයි කීසේක. බාල තාපසයෝ පිය තාපසයන් විසින් කළමනා කාරණා කීයේය. මහබෝසතානන් වහන්සේ ඔවුන් දෙදෙනා ලැසි ගමනින් ගෙන ගොස් තාපස පරික්ෂ්කාරයන් තැන්පත් කොට තබා පියා තාපසයන් ජලස්නානය කරවා පය මැදීම් තෙල් ගෑවීම් පිට මිරිකීම මෙකී වත් කොට එක් ගිණි කබලක් සමීපයෙහි තබා සන්සිඳුවන ලද සීත ඇති පිය තාපසයාන් වහන්ස, ලදරුවෝ නම් මැටි බඳුනක් හා සම සදෘශය යන මදකින්ම බිඳෙති. වරෙක බිඳුනු කල් තැන් පටන් නැවත ගලපන්ට නොහැකිවන්නේය. ඔවුන් ආක්‍රොශකරණ කල්හිද මහළු සත්වතෙම ඉවසිය යුත්තේයයි කියා පියතාපසයන්ට අවවාද කරන සේක්. අඥාන භාවයෙන් තරනුවූ කාශ්‍යප නම් පිය තාපසයන් වහන්ස නුවනැති සත්වතෙම බාල දරුවෝ ආක්‍රොශ වචන හා පීඩා කෙරෙත්මුත් සියළු නොකමැති ක්‍රීඩාවන් ක්ෂමා කෙරෙති. ඉඳින් අනුවන සත්වයෝ ආක්‍රොශ පරිභව බෙනෙති. නමුදු පහරින් බාලදාරකයන් විසින් කලාවූ සියළු අපරාධයන් සත් පුරුෂවූ වැඩි මහළු නුවනැති සත්වයෝ යුහුව මිත්‍රභාවයෙන් සමඟි වෙති. වැලිදූ අඥාන සත්වයෝ මැටි භාජනයක් මෙන් බිඳෙති. ඒ නුවනැති සත්වතෙම ස්වල්ප මාත්‍රවූ විවාදයක් කෙළේද වෛරයන් සන්සිඳීම් වශයෙන් සමඟි භාවයට නොපැමිණෙන්නේය. මෙලෙව්හි යම් සත්වයෙක් තම විසින් ඉක්මවා පැවතී දෝෂ දනී නම් යම් සත්වයෙක් තමා විසින් ඉක්මවා පැවති දෝෂ දනී නම් යම් සත්වයෙක් තමා කල දෝෂ වරද නියායෙන් පිළිගන්ට දනීද, ඔහු දෙදෙන මිත්‍රභාවයෙන් සමඟි වෙති. එසේ හෙයින් ඔවුන් දෙදෙනාගේ මිත්‍රසම්බන්ධය නොනස්නේය. තවද මේ වේලෙහි යම් සත්වයෙක් වේෂයෙන් මැඩ පවත්නා වූ අපරාධකාරී වූ අන්සත්වයන්ගේ ව්‍යතික්‍රමයෙන් ඔවුන් ක්‍ෂමා නොකළ කල්හිද තමා විසින් භද්‍රමුඛයානෙනි තොපි එසේ එව. පාලි වචනයන් උගනුව, අත්‍ර්‍ඵ කථාවන් අසව භාවනායෙහි යෙදී වාසය කරව. කවර කාරණයක් නිසා බැහැර වාසය කරව් දැයි කියා තෙමේ අන්සත්වයන්ගේ අපරාධ දරු මෛත්‍රී භාවනාවට ප්‍රයත්නය කෙරේද මිත්‍රයන්ගේ අක්‍රියාභාරය උසුලාද මිත්‍රයා විසින් කළ යුතු ධූරාව උසුලාද එහෙයින් මෙබඳු වූ සත්වතෙම විශේෂයෙන් උතුම් වන්නේ යයි මෙසේ කියා මහ බෝසතානන් වහන්සේ පිය තාපසයන්ට අවවාද කළ සේක. ඒ මහළු තාපසයානෝද එතැන් පටන් මොනවට දැපුනේය. ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා මේ කස්සපපමන්දිය ජාතක ධර්ම දේශනාව නිමවා වදාල සේක.

එකල්හි පිය තාපස නම් දැන් මහල්ලක ස්ථවිරයය. එකල්හි සිළු තාපසයෝ නම් දැන් සාමණේරයෝය. එකල්හි පිය තාපසයන්ට අවවාද කළ තාපසයෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

305 ක්‍ෂාන්තිවාද ජාතකය
303 පුචිමන්‍ද ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.