297 විතිය සීලරිමංස ජාතකය

තවද එක්සමයෙක්හි ශාක්‍යකූල තිලකවූ සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසනසේක. කෙලශ නිග්‍රහයක් අරභයා මේ ජාතක ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාළසේක. මෙහි වර්තමාන කථා වස්තුව යට ප්‍රඥා ජාතකයෙහි ප්‍රකාශ වූයේය. මේ කථාවෙහි මතු දක්වන්නේ සංකේෂප මාත්‍රයෙක පන්සියයක් පමණ භික්ෂුහු දෙව්රම් වෙහෙර අබතුරෙහි වාසය කරන්නාහු. මධ්‍යම යාමයට අනතුරු කොට කාමවිතර්කයක් කල්පනා කළාහුය. සර්වඥයන් වහන්සේ රෑ දවල් දශ දශ බැගින් සකොටසෙක්හි දිවසින් බලනසේක්. ඇසක් ඇති පුරුෂයා යම්සේ එක ඇස රක්ෂා කෙරේද එක පුත්‍රයෙක් ඇති පුරුෂයෙක් යම්සේ ඒ පුත්‍රයා රක්ෂා කෙරේද වාලධිය රක්ෂා කරන්නාවූ සෙමර ධෙනුවක් යම්සේ අප්‍රමාදව රක්ෂා කෙරේද එපරිද්දෙන්ම හැම කල්හි බුදුහු භික්ෂූත් බලා වදාරණසේක. මුනීන්‍ද්‍රවූ අප බුදුරජානන් වහන්සේ රාත්‍රී භාගයෙහි දිවසින් සියළු දෙව්රම් වෙහෙර වැසී භික්ෂූන් බලා පරීක්ෂා කරණසේක්. සක්විති රජක්හුගේ රාජභවනය ඇතුලෙහි පහළවූ සොරුන් මෙන් ඒ පන්සියයක් පමණ භික්ෂූන් දැක ශ්‍රී ගන්ධ කුටිචාරය විවර කොට ආනන්ද ස්ථවිරයන් කැඳවා ආනන්දය තෙපි ඇතුළු විහාර කෙළවර සන්නිපාත ශාලාවෙහි භික්ෂූන් රැස් කරවා ගඳ කිළි දොර සමීපයෙහි අස්නක් පණවයි වදාළසේක. එබස් ඇසූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ එලෙස කොට දැන්වූසේක. ශාසතෘවූ බුදුරජානන් වහන්සේ පණවන ලද බුඬාශන මස්තකයෙහි වැඩහිඳ සර්ව සංග්‍රහ වංශයෙන් ආමන්ත්‍රණය කොට වදාරා මහණෙනි පුරාතනයෙහි නුවනැත්තෝ පව් කිරීමෙහි රහසෙක් නම් නැත්තේයි කියා පව් නොකළාහුමයි වදාරා ඉකුත්වත් ගෙණ හැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි මහා බෝසතානන් වහන්සේ බමුණු කුලයෙහි ඉපිද උවමනා වයසට පැමිණ ඒ බරණැස්හි දිසාපාමොක් ආචාරීන්ගේ සමීපයෙහි පන්සියයක් පමණ මානවකයන්ට ප්‍රධානව සිල්ප උගන්නේය. දිසාපාමොක් ආචාරින්ගේ දියනි කෙනෙක් උවමනා වයසට පැමිණියේය. ඒ ආචාරිතෙම මෙසේ සිතුයේය, මානවකයන්ගේ සිල් රක්ෂා කොට ගුණයෙන් සමුර්‍ඩවූවාක්හට මාගේ දියනියන් විවාහකොට දෙමි සිතා ඒ ආචාරී තෙමේ එක් දනයෙක්හි අතවැසි මානවකයන් කැඳවා සගයෙනි මාගේ දියනියෝ උවමනා වයසට පැමිණියෝය. මෑට විවාහයක් කරුණු කැමැත්තෙමි එසේ හෙයින් වස්ත්‍රාභරණ ලැබියයුතු වන්නේය. තොප තොපගේ නෑයන් නොදක්වා සොරා ගෙණවුත් වස්ත්‍රාභරණ ගෙන්වා කිසිවක්හු විසින් නුදුටුදේම හැර ගනිමි පෙනී ගෙනා දෙය ඇර නොගනිමි කීය. ඒ මානවකයෝ ඔහු කී බස් යහපතැයි පිළිගෙණ එතැන් පටන් නෑයන්ට නොදන්වා සොරාගෙණ වස්ත්‍රාභරණ දී ගෙණහැර දෙන්නාහ. ආචාරිතෙම ඔවුන් විසින් ගෙන ගෙනා දෙය වෙන්ව තිබුයේ මහාබෝසතාණෝ කිසිදෙයක් නොගෙනා සේක. ඉක්බිති ආචාරී කියන්නෝ සඟයෙනි තොපි කිසිවක් නොගෙනාහු වේදැයි කීයේය. එසේය ආචාරීන් වහන්ස නොගෙනාමියි කීයේය. සඟයෙනි තොපි කවර කාරණයකින් නොගෙනාහු දැයි විචාළේය. නුඹවහන්සේ වනාහී පෙනී ගෙනා දෙය ඇරනොගන්නාක් සේක් වේදැයි මම වනාහි පව්කිරීමෙහි රහසෙක් නොදන්නෙමි ප්‍රකාශකොට කියන සේක් ආචාර’ීන් වහන්ස මේ ලෝකයෙහි ප්‍රාණඝාතාදී පාපකර්‍මයන් කරන්නාවූ සත්‍වයන්ට රහසක් නම් නැත වනදෙවියෝද ඒ පාපකර්‍මයන් දකිති. ඒ පාප කර්‍මය අඥන සත්‍වයෝ රහසෙකැයි සිතති මම ඒ පාපකර්‍මයට රහස් ස්ථානයක් නොදන්නෙමි. ජන සූන්‍ය ස්ථානය කුදු නැත්තේය. යම් තෙනක්හි ජන සූන්‍ය ස්ථානයක් නොදක්නෙම් කීවේය. මාගේ දියනියන් නුඹ වහන්සේටම සුදුසුයයි වස්ත්‍රාභරණයෙන් සරහා බෝධිසත්වයන් වහන්සේට පාවා දුන්නේය. සෙසු මානවකයන්ට ආචාරී කියන්නෝ තොප විසින් ගෙනා ගෙනා වස්ත්‍රාභරණාදිය තොප තොපගේ ගෙවලටම ගෙනවයි කීයේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි අඥාන දුශ්ශීල මානවකයා තමා දුශ්ශීල බැවින් ඒ කුමාරිකාවන් නොලද්දාහුය. නුවනැති අන් මානවකයෝ නම් සිල්වත් බැවින් විවාහයෙන් ඒ ස්ත්‍රිය ලද්දේයයි වදාරා සම්‍යක් සම්බෝධිඥාය ප්‍රතිවෙධ කළාවූ බුදුහු වදාරණ සේක්. දුජජචචය, අජචචය, නන්‍දය, සුඛවජීජනය, වෙජජය. අර්‍ඬවලිය යන නම්ලත් සදෙනා ප්‍රධාන කොට ඇති සියළු මානවකයෝ ස්ත්‍රී ප්‍රතිලාභය කැමැත්තාහුද තමන්ගේ දුශ්ශීල භාවය හේතු කොට ගෙණ ඒ ස්ත්‍රී ප්‍රතිලාභයෙන් පිරිහුනාහුය. පචසීලය, දසසීලය, ත්‍රිවිධ සුචරිතයයි යන ගුණ ධර්මයන් පිරිමෙන් පරතෙරට පැමිණියාවූ නුවනැත්තාවූ ස්වභාවවූ යථොක්ත වූ ගුණ ධර්මයන් රක්ෂා කිරීමෙහි වීර්‍යය ඇත්තාවූ මම පාප කර්මයට ප්‍රතිචඡනන ස්ථානයක් නොදකිමි. යම් තැනක් මහජනයන් විසින් සූන්‍යද එබඳු ස්ථානයක්ද නැත්තේය. යම් තෙනක්හි ජනයන් විසින් අසූන්‍යවූ අන්කිසි තෙනක් ඇද්ද එබඳු ස්ථානයක්ද නොදක්නා ලද යමෙක් පචසීලය දශසීලය ත්‍රිවිධ සුචරිතය යන ගුණ ධර්මයන් පිරීමෙන් පරතෙරට පැමිණියාවූ සීල සංරක්ෂණය ඥාණයෙන් සමුර්‍ඬවූ යථෝක්ත ගුණ ධර්මයන් රක්ෂා කිරීමෙහි වීය්‍ර්‍ය ඇත්තා වූ යම් බ්‍රාහ්මණයෙක් සීලාදී ගුණ ධර්මයන් රක්ෂා කෙරේද එබඳුවූ බ්‍රාහ්මණයාම කවර කාරණයකින් ස්ත්‍රී ප්‍රතිලාභය හරණේයයි වදාළ සේකි. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුරාය්‍ර්‍ය සත්‍යයන් ප්‍රකාශ කොට සීල වීමංස ජාතකය නිමවා වදාළසේක. චතු සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ පන්සියයක් පමණ භික්ෂූහූ රහත් ඵලයෙහි පිහිටියාහුය.

එකල්හි දිසාපාමොක් ආචාරී නම් දැන් ශාරිපුත්‍ර ස්ථවිරය, එකල්හි නුවණැති බ්‍රාහ්මණ කුමාරයෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි වදාරා තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

298 විතිය සුජාත ජාතකය
296 මහාඅස්වාරොහක ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.