Skip to main content

284 ජඹුඛාද ජාතකය

තවද හුදුකරුණාවෙන් මවා ලු රුවක්වැනි සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ හා කොකාලිකස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

කෝකාලිකස්ථවිරයෝ තැනින්තැන ගොස් උපාසකවරුන්ට දේවදත්ත ස්ථවිරයන්ගේ ගුණ කියන්නාහූ දේවදත්ත ස්ථවිරයෝ නම් කෝලිය වංසයේ උපන්නාහ. ධුතරංගයහ ධ්‍යානලාභිව ධම්මකථිකයාහයිකියා නොයෙක් ලාභ සත්කාර උපදවන්නාහ. දේවදත්ත ස්ථවිරයන් වහන්සේත් කෝකාලිකස්ථවිරයන්ගේ ගුණ කියන්නාහූ කෝකාලිකස්ථවිරයෝ නම් බ්‍රාහමණ කුලයෙහි උපන්නාහ. ත්‍රිපටකධරයහ, ධුතංගධරයහ, ධ්‍යාලාභිහයි, යනාදීන් ඔවුන්ගේ ගුණ කියා උපාසකවරුන්ගෙන් ලාබ උපදවාගන්නාහයි කීහ. මේ කථාව කිය කියා භික්ෂූන් වහන්සේ ධම්සභාවේ රැස්ව උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි. මා එන්නට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි පෙරත් කෝකාලිකස්ථවිරයන් හා දේවදත්ත ස්ථවිරයෝ උනුනුන්ගේ ගුණ කියා උන්නෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආධිනවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි දඹගසක් උඩ ඉඳ කවුඩෙක් දඹ කකා උන්නේය. එතනට කැණහිලෙක් ඇවිත් ගසඋඩ උන් කපුටුවා දැක් මේ කපුටුවාගේ නැතිගුණ කියා මොහු සිත්ගෙණ දඹ කමි සිතා මොහුගේ ගුණ කියන්නේ මිහිරිකට හඬක් ඇති මොනරකුගේ පැහැයට බදුවූ නිල්වූ යහපත් පැහැයක් ඇති පක්ෂින්ට උතුම්වූ කපුටුවාණෙනි. දඹ අත්ත උඩ ඉඳ කුමක් කරණසේක්දැයි විචාළේය. එවිට කපුටුවා කියන්නේ ව්‍යාඝ්‍රපොතකයෙකු හා සමාන කැණහිලාණෙනි. උත්තමයන්ගේ ගුණ දන්නෝ උත්තමයෝයයි කියා තට දඹ දෙමි දඹ අනුභවකරවයි කියා දඹ සලා එලීය. ඒ දඹවනයෙහි වසන්නාවූ වෘක්‍ෂදේවතාවෙක් බොරු කියාන්නාවූ නිචක්‍රියා ඇති දෙන්නෙකු දුටුනියායයි කියා භයංකාර වේසයක් පා භයගන්වා උන්දෙන්නා එතනින් පහකළෙමියි කියා වදාරා මේ ජඹුඛාද ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කවුඩානම් දේවදත්ත ස්ථවිරයන්ය. කැණහිලා නම් කෝකාලිකස්ථවිරය. වෘක්‍ෂදේවතාවඋපන්නෙම් බුදුවු මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.