Skip to main content

283 සුපත්ත ජාතකය

තවද මාම නිසා මේ සද්ධර්මය දේශනා කොට තබාලු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සැරියුත් සාමින් යසෝධරා ස්ථවිරීන් වහන්සේට දුන් රේමස් මුසු ඇල්සාලේ බතක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

අභ්‍යන්තර ජාතකයෙහි අඹ ලද්දාමෙන් රාහුල ස්ථවිරයන් වහන්සේ සැරියුත් සාමින්ට කියා කොසොල් රජ්ජුරුවන්ගෙන් රේමස්මුසු ඇල්සාලේ බතක්ගෙණ ගොසින් යසොධරා ස්ථවිරීන්ට දෙවයි කියා රාහුල ස්ථවිරින්ට දුන්සේක. එපවත් රජ්ජුරුවෝ අසා එවක් පටන් රේමස් මුසු ඇල්සාලේ බත් යසෝධරා ස්ථවිරීන්ට දුන්නාහ. මේ කථාව ධම්සභාවේ රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බොධිසත්වයන් වහන්සේ අසූදහසක් කවුඩන්ට නායකවූ සුපතක නම් රජ්ජුරුවෝය, සුමුඛ නම් සෙනෙවිරද්දුය, සුඵස්සා නම් බිසවිය යනාදීන් තුන්දෙන බරණැස් නුවර වාසය කරන්නාහුය. එක් දවසක් බෝධි සත්වයන් හා අග්‍රමෙහෙසිකාවන් හා දෙන්න මුළුතැන් ගෙය මුදුනෙන් ආකාශයෙන් යන්නාහුය.එකල අරක්කැමියා මාළු උෂ්ණ නිවන්ට යයි කියා අත්පතලා වලමලා ඇර තිබූහ. ඒ වෙලාවට බෝධිසත්වයන්ගේ බිරින්ද මත්ස්‍ය ගොදුරට යන්නාහු භාර්‍යාවන් කැඳවුහ. එවිට සුඵස්සාවෝ කියන්නාහු ස්වාමිනි, මට දොළෙක් උපන, එසේහෙයින් නුඹවහන්සේ ගොදුරට ගිය මැනව, මම යා නොහෙමි කීහ. බෝධිසත්වයෝ කෙබඳු දොළෙක් දැයි විචාරන්නා රජ්ජුරුවන්ගේ අග්‍රභෝජනය ලබන්නා කැමැත්තෙමි එය මට ලැබෙන්නේ නැත. එසේ හෙයින් මාගේ ප්‍රාණය යන පමණෙකැයි කියා වැදහොත්තාහ, බෝධිසත්වයෝත් වික්‍ෂේපව උන්කලට සුමුඛ නම් සෙනෙවිරද්දු බෝධිසත්වයන් ලඟට අවුත් ඇයි මුණ මලානිකව මුසුප්පුව ඉන්නේ කිම්දැයි විචාරා එපවත් අසා යහපත, ස්වමිනි, මට භාරය නුඹවහන්සේලා දෙදෙනා වහන්සේ ගොදුරට නොවඩින්නමෝ යයි කියා කවුඩන් එකෙණෙහිම එක්කරවා ගෙණ බරණැස් නුවරට ගොස් කවුඩන් මොත්තන් නියායෙන් රැකවල් සලස්වා ශක්ති සම්පන්න කවුඩන් අටදෙනෙකු ඇරගෙණ රජ්ජුරුවන්ගේ මුළුතැන් ගෙයි පලය පිට ඉඳ කියන්නාහු රජ්ජුරුවන් වහන්සේට මේ වඩන්ට ගෙණ යන වේලාවට මම ගොසින් වස්න ඵලාපියමි. තොපි සතරදෙනෙක් ගොසින් බත් උකාගණුව, මම අසූවයෙමි මා අසුවූ නියාව නොකියව මා අසුවු නියාව ඇසුවොත් බත් මේ නොනිමන සේක. පසුපස්සේ එන නියාව කීය. ස්වාමිනුත් අග්‍රමහේසිකාවන් වහන්සේත් බත් කවයි කියා උන්කලට අරක්කැමියත් වසුන්කද කරතබා ගෙණ මේ වඩා ගෙනෙන කලට කවුඩු සෙනෙවිරද ගොසින් ලැමද්දේ ඉඳ නාසය ඩෑගෙණ පියාපත් දෙකින් දෑස වසාගත, ඒ වෙලාවට රජ්ජුරුවෝ මතුමාලේ සිටියාහු මේ ක්‍රියාව දැක අරක්කැමියා වසනේන් අපට කම් නැත. ඒ දෙමාපියා කවුඩා නොහැර අල්වයි කීය. යහපතැයි කියා වස්න දමා කවුඩා නොහැර අල්වාගත, එවිට කවුඩෝ අටදෙන තමන්ගේ බඩ පුරා කන්නක් කා තමන්ගේ රජ්ජුරුවන්ට හා බිසවුන්ටත් බත් හැරගෙණ ගියහ. බිරින්දත් කවුඩු රජ්ජුරුවෝත් බඩපුරා කෑහ. රජ්ජුරුවන්ට ඒ සුමුඛ නම් සෙනෙවිරදුන් පාන්නා ඇයි තොපගේ ප්‍රාණයටත් නොසිතා රජ්ජුරුවන් වහන්සේට ගෙනන වසුනැයි කියාත් නොසිතා අරක්කැමියාගේ නාහයත් ඩෑ වණකලේ කුමක් නිසාදැයි විචාළාහ. දේවයන් වහන්ස. නුඹ වහන්සේගේ මේ නුවරම අපගේ අසූදහසක් කවුඩන්ට රජව ඉන්නාවූ සුප්තක නම් කවුඩු රජ්ජුරු කෙණෙක් ඇත. ඒ රජ්ජුරුවන්ගේ සුප්තතා නම් බිසෝ කෙනෙකුන් වහන්සේ නුඹවහන්සේගේ භොජනයට දොළ ඇතිව ආයාසය විඳිනා මාගේ රජ්ජුරුවන් වහන්සේට ජීවිතය පුදා උන්වහන්සේට බත්දෙන නිසා මාගේ ප්‍රාණයට නොසිතා කෙළෙමි කීහ. එසේ හෙයින් යම්කෙනෙක් තමන්ගේද දෙමව්පියන්ගේද ස්වාමිපුත්‍රයාගේද යම් මනෝරථයක් නිසා ප්‍රාණය දුන්නත් මෙලොවත් පරලොවත් යහපතක් විනා නපුරෙක් නැත, නුඹ වහන්සේගේ වස්නත් බිඳ මෙසේවූ ද්‍රෝහයක් කෙළෙමි කැමති යම් ආඥාවක් කරවා වදාරණ බවයයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ එම්බල මාගේ බොහෝ සත්කාර සම්මාන විඳ ඉඳිනා අමාත්‍ය ආදීවූ අය අපට මෙසේවූ පක්ෂපාතකමක් කරණ කෙණෙක් නැත. තොප මෙකළ පක්ෂපාතකම ඒ කවුඩු රජ්ජුරුවන්ට කලදෙයෙක් නොවෙයි මට කල පක්ෂ පාතකමය එසේහෙයින් තොපට ආඥාවක් නොකරවමි. තොපට මාගේ රාජ්ජයෙන් පූජාකෙරෙමි කියා රාජ්ජය පූජාකලහ. එවිට සුමුඛනම් සෙනෙවිරදිදු කියන්නාහූ දේවයන්වහන්ස, අපි තිරිසන්නුය, අපට සේසතින් ප්‍රයොජන නැතැයි කියා තමන්ගේ සුප්ත්තා නම් කවුඩු රජ්ජුරුවන්ගේ ගුණ විස්තරවශයෙන් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ කියන්නාහූ තොපගේ කවුඩුරජ්ජුරුවනුත් උන්ගේ බිරින්දත් අප දකින්ට උවමැනවයි කියන්නා සුමුඛ නම් සෙනෙවිරද්දු තමන්ගේ රජ්ජුරුවනුත් බිසවුනුත් රජ්ජුරුවන්ට පෑහ. එවිට රජ්ජුරුවෝ බෝධිසත්වයනුත් බිසවුනුත් දැක මහාසමාධිව තමන්ගේ මේ නිමන බතින් සුපත්ත නම් කවඩුරජ්ජුරුවන්ට හා සුඵස්සානම් බිසවුන්ට හා සුමුඛ නම් සෙනවිරදුන්ට හා තුන්දෙනාට බත්දෙවා සෙසු කවුඩන්ට සාල්තුනමුනෙක බත්දෙන්ට සලස්වාලුහ. කවුඩුරජ්ජුරුවන්ට කවුඩුව කී බණ සත්සියයක් අවුරුදු නොනැසී පැවැත්තෙයයි වදාරා සුපත්ත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරිය. සුමුඛනම් සෙනෙවිරද්දු නම් ශාරීපුත්ත ස්ථිවිරිය. සුඵස්සා නම් බිසව් නම් යසෝධරා ස්ථවිරිය සුපත්තා නම් කවුඩුරජ්ජුරුවෝ නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.