Skip to main content

282 භද්දඝට ජාතකය

තවද මා නිසා බුදුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි අනේපිඬු මහා සිටානන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

අනේපිඬු මහා සිටානන්ගේ එක්පිතෙක් අක්‍ෂ ධුර්තී සුරා ධුර්තී ස්ත්‍රී ධූර්තී නොයෙක් දෙයෙහි වාසය කොට ඇති සම්පත් නසා දුක්පත්ව තමන්ගේ පියානන් කරා අවුත් දුක්ඛිතයෙමි කියන්නා පියාණෝ මසුරන් පන්සියයක් දුන්නාහ. ඒ මසුරන් පන්සියත් වෙළඳාම් ආදීවූ දෙය කොට සම්පත් උපදවා නොගෙණ එයිත් ධුර්තිකමින් නසා පෙරලා අවුත් පියානන් අතින් සම්පත් ඉල්වුහ. පියාණෝ පෙරළා සම්පත් දී ඒ බව සර්වඥයන් වහන්සේට දැන්වූශ. සර්වඥයන් වහන්සේ පළමුත් මුන්ට උත්තමයෝ සම්පත් දීම ගියාහ. මේ සම්පත් නසාම ගියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්ජ්ය කරණ සමයෙහි බෝධිසත්වයෝ එනුවර සිටු ව ඉපිද සදන්හල් කරවා මහත්වූ දන්දී මිය ගොස් දෙදෙව්ලොවට නායකවූ ශක්‍රදේවේන්ද්‍රව තෙමේ තමාගේ පුත්‍රයා කුමක් කොට වාසයකෙරේදෝහෝයි බලා දුක්ඛිතව සිඟාකා වාසය කරණ නියාව දැක දයාවෙන් මොහුට මා විසින් සම්පතක් දෙන්ට උවමැනවැයි සිතා භද්‍රඝටයක් දී කියන්නාහූ මේ පූර්ණඝටය ඉඳුරා තිබාගෙණ උන්නුනම් තොපට කිසි සම්පතකිනුත් අඩුවෙක් නැතැයි කියා පූර්ණඝටය දී දෙව්ලොවටම ගියේය. ඒ තෙම පූර්ණඝටයෙන් උපන් සම්පත් ඇරගෙණ සුරාව අනුභව කොට උන් කලට එක්දවසක් තෙමේ පූර්ණඝටය රා බී මත්ව ආකාශයට දම දමා උන්කලට පූර්ණඝටය බිම වැටී බිඳුනි. එතැන්පටන් තමන් දුක්ඛිත විය. ඒ අර්ථය දක්වන සර්වඥයෝ සබ්බකාමදදං, සියලු කැමැතියෙක් දෙන්ට සමර්ථවූහ. කුම්භං සංඛ්‍යාතවූ කුම්භඝටය ධර්තිකොට ඒ ධර්තීයාට යම් පමණ කාලයක් රක්ෂා කෙරේද?. තාව, ඒ තාක්, සුඛං සුව, වඩ්ඪති, වඩායදා, යම් කලෙක්හි මතෙතා, සුරාමදයෙන් මත්ව, දදිතෙතාව, දර්පිතද, එකල්හි, පමාදං ප්‍රමාදයෙන්, කුම්භං පූර්ණඝටය, අබභිදා, බින්දේද, තාතො, ඉක්බිත්තෙන්, නගොගාව, නග්නවුයේද, පොතෙච, කැතිරිකඩ, අඳනාලද්දාවූද, බාලො, අඥානයා, පච්ඡා, පසුව, විභඤ්ඤති, පශ්චාත්තාපයෙන් තැවෙන්නේයි, යෝ යමෙක් තෙම, ඉමං, මේ ධනං, ධනය, එවමේවං, එපරිද්දෙන්ම, අමත්තා, පමණ නොදැන, ස්පොපාති, ප්‍රයොජන විඳිද, සො දුමේමධො, ඒ අඥාන සත්වතෙමේ, කුම්භංභිත්වා, ධුත්තෙක, භද්‍රඝටය බිඳ වික්‍ෂේපයට පැමිණියාවූ ධූර්තීයා පරිද්දෙන් පච්ඡාතංපති, පසුතැවිලි බවට පැමිණෙන්නේයයි වදාරා භද්ද්‍රඝට ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි පූර්ණඝටය බිඳි සිටුපුත්‍රයා නම් මේ කියන සිටුපුත්‍රයාය.එසමයෙහි ශක්‍රව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.