Skip to main content

280 නානාච්ඡන්‍ද ජාතකය

තවද සරණවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ආනන්ද සවාමින් ලත් වර අටක් අරභයා මේ ජාතකය දක්වන ලද මෙහි වර්ථමාන කථාව එකක නිපාතයේ ජුණ්හ ජාතකයෙහි සෙ වන්නේය.

හේ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්තනම් රජ්ජුරු කෙණෙක් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝත් ඒ රජ්ජුරුවන්ට පුත්ව ඉපද පියානන්ගේ ඇවෑමෙන් රාජ්ජයට පැමිණ පියානන් සමයේ පුරෝහිතව සිටි බමුණා හැර අනික් බමුණකු පුරෝහිත ස්ථානන්තරයට ගත්හ. ඒ බමුණුත් එක්මාර්ගයෙක වාසය කරන්නේය. එක්දවසක් බරණැස් රජ්ජුරුවෝත් නගර සෝධන දිනයේ තනිව ඇවිදිනාහ. එකල පන්සියයක් රාබී මත්ව යන්නාවු සොරු රජ්ජ්රුවන් දැක කවුරුන් බවත් නොදැන තළා උතුරුසළුවත් උදුරා ගෙණ රා කලයක් ඉස තබා ගෙණ යන්නාහු රජ්ජුරුවෝත් තනි විසින් කුමකුත් කියාගත නොහී සොරුන් පස්සේම නික්මුණාහ. එවෙලාවට දුක්පත් පුරෝහිතයා තමාගේ මිදුලේ සිට ආකාශය බලන්නේ ආකාශයේ තාරකා විශේෂයක් දැක තමාගේ බැමිණිය කැන්දා එම්බල බැමිණිය අපගේ රජ්ජුරුවන් වහන්සේ පසමිතුරන්ට අසුව ගිය සේකැයි කීහ. බැමිණිත් නුඹ කෙසේ දතුසේක්දැයි කියන්නා තාරකා විසෙසයකින් දනිමි කීහ. රජ්ජුරුවෝ බමුණා කීබස් කථාව ඇසුවාහ. රජ්ජුරුවෝත් සොරුන්ට කියන්නාහූ සාමිවරුනි මම නිකම් දුක්ඛිතයෙකිමි. මා නිකම් ගෙණගොස් තොපට ප්‍රයෝජන කිම්ද?, මාගේ උතුරුසලුව පමණක් ඇරගෙණ මා ඇරපියවයි දුප්පත් නියා කීකල්හි සෙරුන් සැබැව, මේ නිකම් දුක්ඛිතයාගෙන් කම් කිම්දැයි කියා දයාවෙන් ඇරපීහ. එවිට බමුණා එම්බල පින්වත අපගේ රජ්ජුරුවන් වහන්සේ දැන් ගැලවි ගිය සේකැයි කීහ. ඒත් රජ්ජුරුවෝ අසා රජගෙට ගොස් උදෑසනක්සේම පුරෝහිත බ්‍රාහ්මණයා ඇතුලුවු බොහෝ බමුණන් රැස්කරවා විචාරන්නාහු කුමක් ඊයේ රෑ අපට වූ ලාභ අලාභයක්වත් අපට වූ දුකක්වත් ඇද්දැයි විචාළාහ. බමුණෝ කියන්නෝ ස්වාමින්ට වූ ලාභයකුත් නැත, අන්තරායකුත් නැත, ග්‍රහයෝත් සිටිහයි කිසිම අමුත්තක් නැතැයි කීහ. එවිට රජ්ජුරුවෝ අසවල් මාලුගෙයි පුරාතන පුරෝහිත බමුණා ගෙන්වයි කියා ගෙන්වා තමා විසින් දුටුකාරණයකින් මටවූ අන්තරායක් ඇත්නම් කියවයි කියා ගෙන්වා තමා විසින් දුටුකාරණයකින් මටවූ අන්තරායක් ඇත්නම් කියවයි කියා කිහ. එසේය දේවයන්වහන්ස, තාරකා විශේෂයකින් නුඹ වහන්සේ සෙරුන්ට අසුව එවිට ගැලවි ගිය නියාව දිටිමි කීහ. එවිට රජ්ජුරුවෝ මේ කියන කොල්ලෝමෙපමණෙක් නුදුටුවෝය. ශාස්ත්‍ර උගනිතොත් මෙසේ උගන්ට එපාද, තෙල කොල්ලන් පිටත ලවයි පුරෝහිත බමුණා ඇතුළුව බමුණන් පිටත් කරවා පරණ පුරෝහිත බමුණා පුරෝහිත ධුරයෙහි සලස්වා තොපි කී ශාස්ත්‍රයෙහි ඉතා සතුටු වුම්හ. තොප කැමති වරයක් ගණුවයි කීහ. එවිට බමුණු කියන්නෝ මා කැමති වරයක් මා ගත්කල මාගේ බිරින්ද දරුවන් යෙහෙළියන් කොල්ලන් කෙල්ලන්ගේ අභිප්‍රාව නොදැනෙයි ගෙටගොස් විචාරා ඇවිත් කියමි කීහ. එවිට රජ්ජුරුවෝත් යහපතැයි විචාරා එවයි කී කල්හි බමුණු ගෙට ගොස් අඹදරුවන් යෙහෙලියන් කෙල්ලන් කොල්ලන් එක්කරවා විචාරන්නේ රජ්ජුරුවන් වහන්සේ මට කැමති වරයක් ගණුවයි වදාළසේක. මම තොප ඇම විචාරමියි තොපට කැමැත්තක් කියවයි කී කල්හි ඔහුගේ අඹුව කියන්නී මට කිරිදෙනුන් සියයක් දෙවයි කීහ. ඡත්තපාණී නම් පුත්‍ර කියන්නේ යහපත් සවින්‍ධයන් යෙදු රථයක් ඉල්වා දෙවයි කීය. යෙහෙලි කියන්නේ මට යහපත් මැණික් කුණ්ඩලාභරණ දෙකක් ඉල්ලා දෙවයි කීය. කෙළි කියන්නී මට යහපත් වනක් මෝලක් කුල්ලක් ඉල්වාදෙවයි කීය. එකියන බ්‍රාහමණතෙම සිතන්නේ මට ගමක් උවමැනවැයි සිතා රජ්ජුරුවන් කරා ගොස් කියන්නේ අප ඇමගේ සිතිවිල්ලම එකඟ නොවෙයි නානාච්ඡන්ද යයි කියන්නේ මම ගමක් ලබන්නා කැමැත්තෙමි. මාගේ ගෙයි බිරින්ද කිරිදෙනුන් සියයක් කැමැත්තීය. මාගේ ඡත්තපාණි නම් පුත් අසුන් දෙදෙනකු යොදනලද රථයක් ලබන්නා කැමැත්තේය. මාගේ යෙහෙලි මැණික්මය කුණ්ඩලාභරණ දෙකක් කැමැත්තීය. මාගේ පුණ්‍යා නම් දාසී වනක් මෝලක් ලබන්ට කැමැත්තිය කීය. එවිට රජ්ජුරුවෝ පුරෝහිත බමුණාට ගමක් දෙවා ඌගේ් අඹුවට කිරිදෙනුන් සියයක් දෙවා ඌගේ පුතාට අසුන්දෙන්නෙකු යොදනලද රථයක් දෙවා යෙහෙළියට කුණ්ඩලාභරණ දෙවා පුණ්‍යා නම් දාසියට වනක් මෝලක් කුල්ලක් දෙවයි යන මේ සියල්ලම දී බොහෝ සම්පත් රජ්ජුරුවෝ දුන්හයි වදාරා මේ නානාච්ඡන්ද ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි පුරෝහිත බ්‍රාහ්මණයා නම් ආනන්ද ස්ථවිරිය. රජව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.