274 අභ්‍යන්තර ජාතකය

තවද සංස්කාර ලෝකය සේ කලපනාවට ආවිෂයවූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි යශෝධරා ස්ථවිරියන් වහන්සේට අඹ දුන් සැරියුත් ස්වාමින් අරභයා මේ ජාතකය දක්ව ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙහි ප්‍රජාපති ගෝතමින් වහන්සේ ගැහැනුන් පන්සියයක් පිරිවරා කූටාගාර ශාලාවට අවුත් බුදුන් අතින් භික්ෂූණි ශාසනයට අනුදැක භික්ෂූණී කරවා ගත් පසු උන්වහන්සේ උපසම්පදාව ලදින් සෝවාන්ව භාවනා උපදවා රහත්වූපසු යශෝධරා ස්ථවිරයන් වහන්සේ සිතනසේක්, රාහුල ස්වාමින් වහන්සේත් යසෝධරා ස්ථවිරයන් වහන්සේත් සිතන සේක් රාහුල ස්වාමින් වහන්සේත් මහණ වූ පසු සුද්ධෝදන රජ්ජුරුවන් වහන්සේත් අතීතවූ පසු ඉතකින් මා ඉඳිනේ කිම්දැයි සිතා සැවැත්නුවරට අවුත් ජේතවනාරාමයේ වැඩ උන් සර්වඥයන් වහන්සේ අතින් පැවිදි ඉල්වාගෙණ මහණව උපසම්බදාව ලදින් යසෝධරා ස්ථවිරීන් වහන්සේ යයි ප්‍රසිද්ධව ඉන්නා සමයේ දවස විටක් යසෝධරා ස්ථවිරින් වහන්සේ තමන් වහන්සේගේ පුත්වූ රාහුල ස්වාමින් දකින්ට රාහුල ස්වාමින් වසන්නාවූ විහාරයට වඩනාසේක. එක්දවසක් යසෝධරා ස්ථිවීරින් වහන්සේවහන්සේට බඩරුජාවක් ඇතිව රාහුල ස්වාමින් දකින්ට නොආසේක. උන්වහනසේගේ අතවැසි භික්ෂූණි කෙණෙකුන් වහන්සේ එපවත් රාහුල ස්වාමින්ට කීසේක. රාහුල ස්වාමින් තමන්ගේ මෑනියන් වහන්සේ යසෝධරා ස්ථවිරයන්ගෙන් ආඵාසු කිම්දැයි විචාරා පුතනුවන් වහන්ස බඩරුජාවක් ඇත. එසේ හෙයින් මට බොහො ්ආයසයයි වදාළසේක. ආදින් ලමන්දුනි මෙසේවූ අවස්ථාවක කරන්නේ කිම්දැයි විචාළසේක. පැනි අඹ හා සකරා කෑකල පළමුත් මේ රුජාව සමනයවෙයි කීහ. රාහුල ස්වාමිත් යහපතැයි කියා තමන්වහන්සේට පියවූ සර්වඥයන් වහන්සේ කරානො ගොසින් සුලුපිය වූ ආනන්ද ස්වාමින් කරාත් නො ගොසින් උපාධ්‍යායවූ මුගලන් ස්වාමිත් කරාත් නොගොසින් ගුරුවූ සැරියුත් සාමින් ලඟට ගොසින් ස්වාමිනි යසෝධරා ස්ථවිරයන්ට බඩරුජාවක් ඇත. පෙරත් සකිරා හා අඹ කෑකල බඩරුජා සන්හිඳෙයි එය ලබන්නේ කෙසේදැයි විචාළසේක. සැරියුත් ස්වාමින් යහපත, ලද්දමෝනම් දෙන්නමෝ වේදැයි වදාරා රාහුල ස්වාමිනුත් පස්සේලා පසේනදී කෝසල රජ්ජුරුවන්ගේ රජගෙට ගොස් රාහුල සාමණේරයන් වහන්සේ රාජඟනයෙහි සිටුවා තමන් වහන්සේ රජගෙට ගොස් රජ්ජුරුවන් ලඟ සිඟා සිටියේය. එවෙලාවටම එක්තරා උයන්ගොව්වෙක් විලිස්සගිය අඹකැනක් ගෙණවිත් රජ්ජුරුවන් අතට දීන. රජ්ජුරවෝ තමන්ගේ ස්වහස්තයෙන් අඹලොලා ශකිරා හා අඹ පාත්‍රය පුරා දුන්හ. සැරියුත් ස්වාමින් අඹ පාත්‍රය ගෙණ මෙය තොපගේ මැනියන්ට දෙවයි කියා රාහුල ස්වාමින් අතට දුන්සේක. රාහුල ස්වාමින් වහන්සේත් ඒ අඹ ගෙණ ගොස් යසෝධරා ස්ථවිරයන් වහන්සේ අතට දුන්සේක. යශෝධරා ස්ථවිරීන් වහන්සේත් අඹ වැළඳුසේක. අඹ වැළඳූ ගමනේ බඩරුජාව ගුණය විය. කෝසල රජ්ජුරුවෝත් සැරියුත් ස්වාමින් අඹ මා ලඟදී නොවළදා ගෙණ ගියසේක. කාට දෙන්න ගෙණ ගියසේක් දොහෝයි බලවයි පස්සේ මිනිසුන් යවා රාහුල ස්වාමින්ට දුන් නියාව හා රාහුල ස්වාමින් තමන්වහන්සේගේ මෑනියන් වහන්සේට දුන් පවත් අසා කෝසල රජ්ජුරුවෝ සිතන්නාහූ ඉදින් සර්වඥයන් වහන්සේ බුදුවූ හෙයින් අපගෙන් සිඟා වළඳා ඉන්නා පමණක් මිසක් නැත් නම් චක්‍රවර්තී රාජ්ජය කරණ සේක් නම් අපි ඇමම උන්වහන්සේගේ පරිවාර වේද, චක්‍රවර්තී රාජ්ජය කරණ දවසට පරිනායක රත්නව රාහුල ස්වාමින් වහන්සේ තමන්වහන්සේගේ මෑනියන් වහන්සේට බඩ රුජාව නිසා අඹ සිඟා වැඩිසේක. අපි ඇම උපාසකව ඉඳ යසෝධරා ස්ථවිරින් වහනසේට ඇඟි නොදත්තම්හ. එසේ හෙයින් අප කළසේ නොයෙදයි කියා යසෝධරා ස්ථවිරින් වහන්සේට අඹ හා ශකිරා ඇම දවස්ම යවුහ. සැරියුත් ස්වාමින් නිසා යසෝධරා ස්ථවිරයන් වහන්සේට අඹ රසය නිසා බඩජාරු පහවූ බව දම්සභා මණ්ඩපයට රැස්වූ මාළුවරුන්වහන්සේ කිය කියා උන්තැනට සර්වඥයන්වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කවරනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් ශාරිපුත්‍ර ස්ථවිරයෝ රාහුල මාතාවන්ට අඹ දුන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා බමුණුගමෙක බමුණුව ඉපිද වැඩිවිය පැමිණ පඤකාමයෙහි ආදිනව දැක සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව බොහෝ තාපසවරුන් පිරිවරා බරණැස් රජ්ජුරුවන්ගේ මගුල් උයනෙහි වාසය කරන්න්හ. එසමයෙහි එකියන තාපසවරුන්ගේ ගුණ තේජසින් ශක්‍රයන්ගේ පාඩු කම්ඹලශෛලාසනය හුනුවිය. ශක්‍රයෝ මා නො කැමති පරිද්දෙන්උනු වන්ට කාරණා කිම්දැයි තමන්ගේ දිවසින් බලා එපවත් දැක ඒ තාපසවරුන් මෙකීයන උයනේ නොයිඳිනා මානයක් කෙරෙමියි ඉඳිනා තැනින් උගුළුවාපු කල එක තැන ඉඳ එකඟව භාවනා කිරීම් නැතිව ඒ නියාවට අද මම ගොසින් රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකාවන්ට අභ්‍යන්තර නම් අඹ කෑවාහු වූනම් චක්‍රවර්තී රාජ්ජය කරන්ට පින් ඇත්තවූ ප්‍රතනුකෙණෙකුන් උපදියි කියමි ඒ බිසවු යහපතැයි කියා රජ්ජුරුවන්ට කියති. රජ්ජුරුවෝ යහපතැයි උයන අඹගස්වල අඹ බලවති. ඒවෙලාවට මම උයනේ අඹගස්වල අඹ අන්තර්ධාන කරවා පියමි. රජ්ජුරුවෝ එවිට මේ කියන උයනේ අඹ කෑවෝ කවුරුන්දැයි උයන්ගොව්වා විචාරති. එවිට උයන්ගොව්වා තාපසවරු අඹ කෑවෝයයි කියා රජ්ජුරුවන්ට කියන්නාහ. රජ්ජුරුවෝ එවිට එසේ විනම් තාපසවරු මෙතනින් පහකරවයි පහකරන්වාහු වෙති. එවිට තාපසරුන් එකතැන විසීම නොලබන්නාහූ සිල්රක්ෂා කිරීමෙහි පමාවන්නාහ. තාපසවරුන් සිල භේද කරන්ට මේ කාරණා වන්නේයයි සිතා එදවස් මධ්‍යම රාත්‍රී වේලාවේ රජ්ජුරුවන්ගේ බිසවුන්ගේ ශ්‍රී යහන් ගබඩාවට ගොසින් කියන්නාහූ අභ්‍යන්තර නම් අඹගසක අඹ තොපගේ රජ්ජුරුවන්ට කිය ගෙන්වූ නම් චක්‍රවර්තී රාජ්ජය කරන්ට පින් ඇති පුතනු කෙණෙක් උපදිති කියා දෙව්ලොවට ගියහ. බිසවුන් පින් ඇති පුතනු කෙණෙක් උපදිති කියා දෙව්ලොවට ගියහ. බිසවුන් එදවස් පසුව බොරු ලෙඩක් ගෙණ තමන්ගේ පරිවාර ස්ත්‍රීන්ව රජ්ජුරුවෝ මා කොයිදැයි විචාලෝ නම් මා ලෙඩ නියාව කියවයි කියා වැදහොත්තාහ. රජ්ජුරුවෝ සිංහාසනාරූඪව සොළොස් දහසක් බිසෝවරුන් පිරිවරා උන්නාහූ අග්‍රමෙහෙසිකාවන් වහන්සේ ලෙඩට වැදහොත්සේකැයි කියන්නා ලෙඩකින්දැයි විචාරන්ට රජ්ජ්ුරුවෝ ගෙට ගියාහ. ගෙට ගොසින් බිසවුන්ගේ යහනේ එක් පාර්ශවයෙක ඉඳගෙණ බිසවුන්ගේ පිට පිරිමැද බිසවුනි ඇති අපාසු කිම්දැයි විචාළාහ. බිසවු කියන්නාහූ දෙවියන් වහන්ස මට වෙන අපාසු නැත අබ්‍යන්තර නම් අඹ කන්ට දොළොක් උපන මේ අඹ ලදිම් නම් විනා මාගේ ප්‍රාණය නැතැයි කීහ. එවිට රජ්ජුරුවෝ අමාත්‍යයන් අතින් විචාරා ලදිමි නම් ගෙණෙන්නෙම් වේදැයි කියා අමාත්‍යයන් ලගට ගොසින් අමාත්‍යයන් කැඳවා කියන්නාහූ අභ්‍යන්තර අඹ නම් කිම්ද?, තොපි අම දැනුදැයි විචාළාහ. එවිට අමාත්‍යයෝ කියන්නාහූ අභ්‍යන්තර අඹ නම් අඹගස් දෙකට මධ්‍යයේ සිටිනා අඹගස් වන්නේය. නුඹ වහන්සේගේ උයනට මිනිසුන් යවා ගස් දෙකට මධ්‍යයෙහි සිටියාවූ අඹගස ඵලකඩා ගෙන්වාගත මැනවැයි කීහ. රජ්ජුරුවෝ එවිට උයන බලන්ට මිනිසුන් යව්වාහ. මිනිසුන් යනකලට ශක්‍රයන්ගේ ආනුභාවයෙන් එකගසකත් අඹ නැත්තාහ. එපවත් රජ්ජුරුවෝ අසා ඇයි මේ කාලයට අඹ නැතිවෙන්ට කාරණා කිම්දැයි උයන්ගොව්වා විචාරා උයන් ගොව්වා විසින් තාපසවරුන් කෑවායයි කියන්නා රජ්ජුරුවෝ තාපසවරුන් එතනින් පහකර වූහ. රජ්ජුරුවෝ අබ්‍යන්තර නම් අඹ නොලැබ අමාත්‍යයන් අතින් පෙරලා අබ්භ්‍යන්තර අඹ කොයිදැයි විචාළේය. එවිට බමුණෝ කියන්නාහූ හිමාලය වනයෙහි පර්වත වලළු සතකින් ඇතුළත සවර්ණ පර්වතයක් සමීපයෙහි ලෝදැල් සතකින් වසා තබනලද වෙසවුණු රජ්ජුරුවන්ගේ අබ්භ්‍යන්තර නම් අඹ ගසක් ඇතැයි අසා දැනුම්හ. දුටුදෑ නැතැයි කීහ. රජ්ජුරුවෝ එවිට මිනිසුන් විසින් එතනට යන්ට නොපිළිවනැයි කියා තමන් වඩවන්නාවූ මහත්වූ ශරීරයක් ඇත්තාවූ ගිරාපෝතකයා රන් මැදිරියෙන් මෑත්කොට ලඟ තබා ඉඳ කියන්නාහූ සබඳ තොපට අප විසින් බොහෝ උපකාර කරණලද, ඊටත් උපකාරයට අප කී කටයුත්තක් සාදා දීලුවොත් යහපතැයි කීහ. එවිට ගිරවා යහපත, දෙවයන් වහන්ස, කීවක් කරමි කියන්නා රජ්ජුරුවෝ ගිරවාට යහපතැයි කියා මී හා විළඳ කවා මී පැන් පොවා ශතපාක සහශ්‍රපාක තෛලයෙන් දෙපියා මැද සබඳ හිමාලය වනයෙහි සත්වන පව්වක වලල්ලෙන් ඇතුලෙහි ස්වර්ණ පර්වතයක් ලඟ අබ්භ්‍යන්තර නම් අඹගසෙක් ඇත්ල ඒ අඹ ගසින් අඹ ගෙණවුත් දී බිසවුන්ගේ දොල සන්සිඳවයි කියා ගිරා පෝතකයානන් දැතින් අල්වාගෙණ සිවු මැදුරු කවුළුව සමීපයෙහි සිට අළහ. ඒ කියන ගිරවාත් රජ්ජුරුවන්ට ආදර දක්වා පියා අඹාගෙණ රාජ්ජ සීමා ගෙවාගෙණ වනාන්තරයට වැද හිමාලය වනයෙහි පළමුවන පර්වත වලල්ලට ගොසින් එහි වසන්නාවූ ගිරවුන් අතින් අබ්භ්‍යන්තර නම් අඹ ගස දනුදැයි අපි නොදනුම්හ. දෙවන වලල්ලෙහි ගිරවුන් අතින් විචාරන්න් යහපතැයි කියන්නාවූ ඔවුනුත් විචාරා මෙම නියායෙන් දෙවන වලල්ලය තුන්වන වලල්ලය සතරවන වලල්ලය පස්වන වලල්ලය සවෙනි වලල්ලය යයි කියා සවන වලල්ලට ගොස් එහි උන් ගිරවුන් අතින් විචාළාහ. ගිරව් කියන්නෝ සැබැව, සවර්ණ පර්වත සමීපයෙහි අබ්භ්‍යන්තර නම් අඹ ගසෙක් ඇතැයි කීහ. එවිට ගිරවා කියන්නේ ඒ අඹගසෙන් මට ප්‍රයෝජනයෙන් ඇත. ඉන් මට අඹගෙඩි කීපයක් ගෙණවිත් දීලවයි කිය. එවිට කියන්නාහු අඹගස නම් වෙසවුණු රජ්ජුරුවන් වහන්සේ ප්‍රයෝජන විඳිනා අඹගසය, ලෝදැලින් වසාතිබෙයි, කුමභාණ්ඩයන්ගෙන් රැකවල් ලද, ඒ අඹ කඩා ගන්නා තබා ඒ අඹ ගස ලඟටත් යන්ට නොපිළිවනැයි කීහ. එවිට ගිරවා කියන්නේ කෙසේවුවත් මම අඹ කඩාගණිමි, මට සලකුණු කියවයි සලකුණු විචාරාගෙණ රෑ කුම්භාණ්ඩයන් නිදාපු වේලෙහි එකියන අඹ ගස මුල සමීපයෙන් ලෝදැල යටින් ගස සමීපයට ගොස් ගසට වන ඒ වෙලාවට ලෝදැල් ක්‍රිංයන ශබ්දය පවත්වා ලෝදැල් ඇඬුහ. එවිට කුම්භාණ්ඩයෝ පිබිද ගිරවා අල්වාගෙණ මේ ගිරවා ගැලපීයම්හයි කියාද කඩකොට පලා කාපියම්හයි කියාද පුලුස්සා කාපියම්හයි කියාද යනාදීන් ගිරවා භය ගන්වා බස් කීහ. එකියන ගිරවාත් එවිට නිර්භීතව කියන්නේ දෙමව්පියන් කී මෙවරටත් බත්ලත් සාමින් කී මෙවරවත් කොට ප්‍රාණය ගියේ නම් දිව්‍යලෝකය ලැබෙන්නේ වේදැයි එසේ හෙයින් තගේ රජ්ජුරුවන් වහන්සේ කී මෙවර නිසා බිසවුන් වහන්සේගේ දොළ සන්සිදුවනු නිසා අඹ ගෙණයන්ට මෙවර මා ආයේය. ඒ නිසා මාගේ ප්‍රාණය ගියෙහි වී නමුත් යහපතැයි කියා කීහ. එබස් අසා කුම්භාණ්ඩයෝ සතුටුව යහපත, තොප කීබස් අප සිත්ගත, තොප නොමරා අරුම්භයි කීවාහ, එවිට ගිරවා කියන්නේ මා ආ කාරිය මුදුන් පත් නුවු කල මා ගොසින් කම් කිම්දැයි කියන්නාහූ තොපට මේ ගසින් අඹ ගෙඩියකුත් දෙන්ට බැරි නොවෙයි, රජ්ජුරුවන් වහන්සේගෙන් ඇතිව තිබෙන අඹය ඒ නිසා දෙන්ට බැරිය. දුන්නොත් අපට බොහෝ නිග්‍රහ පැමිණෙයි තොපට උපායක් කියම්හයි අඤජන ගුහාවෙයි වසන ජෝතිය තාපසයන්ට දවස දවස අඹගෙඩි සතරක් දෙති. උන් අතින් අඹගෙඩියෙක් ඉල්වා ගණුවයි ඒ තාපසවන් කරා යවුහ. ඒ ගිරවාත් තාපසයන්ට එපවත් කියා තාපසයෝත් යහපතැයි කියා දෙකක් තුමූ කා එකක් ගිරවා කවා එක අඹගෙඩියක් ඉල්වා සාල්ලෙක ලා ගිරවා කර බැඳ රජ්ජුරුවන් කරා යවුහ. ඒ ගිරවා අඹගෙඩිය රජ්ජුරුවන් අතට දීන, රජ්ජුරුවෝ බිසවුන් කරා යවුහ. ඒ ගිරවා අඹගෙඩිය රජ්ජුරුවන් අතට දින, රජ්ජුරුවෝ බිසවුන්ට දුන්හ. ඒ අඹ කාත් දරුවෝ ඇතිනුවුහයි වදාරා මේ අභ්‍යන්තර ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසව් නම් යශෝධරා ස්ථවිරය, ගිරාපෝතකයා නම් ආනන්ද ස්ථවිරයෝය. හිමාලය වනයෙහි තාපසයෝ නම් ශාරිපුත්‍ර ස්ථවිරය. බරණැස් නුවර උයනේ විසු තාපසයෝ නම් බුදුවූ මම්මයයි දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

275 සෙය්‍යංස ජාතකය
273 කාම විලෝපන ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.