273 කාම විලෝපන ජාතකය

තවද හුදුසීලයෙන් මවාලු රුවක් වැනි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පුරාන දුතියිකාව අරභයා මේ ජතකය දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

මෙහි වර්ථමාන කථාව යටකී පුෂ්ප ජාතකයෙහි පෙණෙන්නේය. මෙහි වණුක්මල් කඩාගිය පුරුෂයා උලපිට උන්නේය. තමා විඳිනා දුක්ඛ වේදනාවට වඩා මා මෙසේවූ නියානොදැන කොයිගියේ දෝහෝයි සිතා මාගේ ස්ත්‍රී වික්‍ෂේප දෝහෝයි යන දුක්ඛය මට වේදනායයි සිත සිතා උන්තැනට එක් වාහනයක් කොට ඇත්තාවූ කවුඩුව මාගේ භාර්යාව වනාහී මා විඳිනා දුක්වේදනා නොදැන ඔබ්බට ගියයි මා කෙරේ වික්‍ෂේපව සිටියි යන සෝකය මට මේ වේදනාවටත් වඩා වේදනාය එසේ හෙයින් තොපි ගොස් මා දුක්ඛයට පැමිණ නියාවත් කියලා මාගෙයි ඇඳ ඉස්දොර උපුල්මලට බඳූ පැහැ ඇති සන්නාහයකුත් රන් පසළෝස්කළදකින් කරණලද පේරැස්මුද්දකුත් ශුභ්‍රවූ කසීසළුවකුත් තුබූයේ මේ වස්තු තුන ඇරගෙණ මා දුටුවාසේ ශොකනොගෙණ ප්‍රයෝජන විඳින්ට කියවයි කියා යවා එම උලපිට ඉඳම කාලක්‍රියාකොට නරකයෙයි උපනැයි වදාරාමේ කාමවිලෝපන ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි මේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට දුටු නාගරාජ දේවතාවා නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

274 අභ්‍යන්තර ජාතකය
272 සාලොහිත ජාතකය
IFBC Home Page