Skip to main content

271 ලාභගරු ජාතකය

තවද මාගේම දෙවිවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සැරියුත් ස්වාමින් ගණයේ ලාභගරුවූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද්දේය.

ඒ කෙසේද යත්,

සැරියුත් සාමින්ගේ ගණයේ එක්තරා භික්ෂූ කෙනෙකුන් වහන්සේ සැරියුත් සාමින් අතින් ලාභ කුමන කාරණයකින් උපදවා ගතහැකිදැයි විචාළ සේක. සැරියුත් ස්වාමින් කියන සේක් යම් කෙණෙක් උමතුව වාසය කෙරෙද්ද යම් කෙණෙක් කේලාම් කියා වාසය කෙරෙද්ද, යම් කෙණෙක් නටා ගී කියා වාසය කෙරෙද්ද, යම් කෙණෙක් කටට ආවක් කියා දවස අරිද්ද, එසේවූ මේ සතර පක්ෂයේ ඇත්තෝ ලාභය ලබති කීහ. එබස් අසා මෙසේ ලබන්නාවූ ලාභයෙන් මට ප්‍රයෝජන කිම්දැයි නින්දා කොට කියා ගියහ. මේ කථාව සර්වඥයන් වහනසේට සැරියුත් ස්වාසින් දැන්වූසේක. මේ බස් අසා සර්වඥයන් වහන්සේ පළමුත් මේ ලාභයට නින්දා කොමටම ගියෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහ්නසේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය පාලනය කරණ සමයෙහි බෝධිසත්වයෝ දිසාපාමොක් ආචාරීව ඉපිද පන්සියයයක් අත වැස්සන්ට ශිල්ප උගන්වා ඉන්නා අවස්ථාවෙහි ඉන් එක් අතවැස්සෙක් දිසාපාමොක් ආචාරීන් අතින් විචාරන්නේ ස්වාමිනි ලාභය උපදවා ගන්නේ කෙසේදැයි විචාළේය. ආචාරීහු කියන්නේ යම් කෙණෙක් උමතුව වාසය කෙරෙද්ද, එසේවූ මේ සතරපක්ෂයේ ඇත්තෝ ලාභය ලභති කීහ. අතවැසි කියන්නේ ජනාපවාදය නිසා ලබන්නාවූ ලාභය නින්දා වෙයි. එසේවූ ලාභය අපට එපයි මෙසේවූ බස් අපට නොකියව මැනවයි කියා කිවයි වදාරා ලාභ ගරු ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ඒ ලාභයට නින්දා කළ අත වැස්සා නම් මේ භික්ෂූහුය.

එසමයෙහි දිසාපාමොක් ආචාරීව උපන්නේනම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.