269 සතපත්‍ර ජාතකය

තවද සක්වළ අනන්ත වූවා සේ අපරියන්ත ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමහෙි වැඩ වසන සමයෙහි වහන්දෑ දෙනමක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

පඬුකය ලෝභිතකය යන සවගවහන්දෑගෙන් දෙනමක් බොහෝ භික්ෂූන් වහන්සේට නුඹ වහන්සේ අසවලුන් වහන්සේ නියාවට ගුණ නුවණ නැද්ද. නුඹ වහන්සේ අඩුව ඉදිනේ ඇයිද?. යනාදීන් වෙෂ උපදින්ට නිසි බස් කියා කුප්පවා තමන් වහන්සේ ලාපනත ක්‍රියාවට කරවන සේක. මෙපවත් දම්සභා මණ්ඩපයේ රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි. මා එන්නට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මා කීවා නොගිවිස සවග වහන්දෑගේ බස් අසන වහන්දෑ නම් සතපත්‍ර පක්ෂියාගේ බස් අසා සන්තෝෂ වූ මානවකයා මෙනැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේදැයි යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් වනාන්තරයක පන්සියයක් සොරුන්ට නායකව සොරදෙටුව වාසය කරන්නාහ. එ සමයෙහි එක් පුරුෂයෙක් දහසක් ඔබ්බකට නය දී ඒ නය එළවාගත නොහි මළ. ඔහුගේ බිරින්දදනය එළවාගත නොහී මියයන අවස්ථාවෙහි තමාගේ වැඩසිටියාවූ පුත කැන්දා කියන්නී පුත දාසක් ඔබ්බෙන් නය ඇරගත් කෙණෙක් ඇත. මා මළකළ ඒ නය තොපට නොදෙති. මා ඉන්දදී ඒ නය එලවාගෙණ එවයි පුතා නය එලවා යවිය. ඌ දෙන්නා අතින් නය එලවාගෙණ එනකලට මෑනියෝ මිය ගොසින් පුතා කෙරේ සෙනහයෙන් පුත එන ඉදිරියේ කැණහිල් බැලිව ඉපද ගියාය. පුතාත් මස්සෙන් දාස ඇරගෙණ සොරුන් ඉදිනා වනාන්තරය සමීපයට පැමිණියේය. ඒ විට ඒ කියන කැනහිල් දෙන් තමාගේ පුතු සොරුන් මරණ හෙයින් මත අවුරා යානොදී වැදහොත්තීය. ඒ කියන පුරුෂයා අවලක්ෂණ සීපාවා දැක ජිම් කියා කැට මුගුරු ආදියෙන් ගසා වනාන්තරයට ගියේය. ඒ වෙලාවට එක්තරා කැරලෙක් සොරුන්ට අසවල් පුරුෂයෙක් දාසක් ඇරගෙන එයි කියා කැරුල් ශබ්දයෙන් ඇඬීය. එවිට එ කියන පුරුෂයා තමාට යහපත් කොට ඇඬු අඬෙකැයි සිතා කැරළා වැඳ තවත් අඬව තවත් අඬව යි කීහ. බෝධිසත්වයෝ මේ කැණහිල් ධේනවු කළ දෙයත් කෑරලා කළ දෙයත් දෙකම බලා සිටියාහ. බලා සිට මෙකියන කැනහිල් ධේනුව පූර්ව ජාතියෙහි මූට මව්ව උපන් කෙනෙකුන් උවමැනව, එසේ නිසා තමන්ගේ පුතා කෙරේ සෙනෙහයෙන් අප ලඟට ආකලට මරාපියති සිතා මග අවුරා වැදහොත්තීය. මේ කියන පුරුෂයා තමා වැඩ සිතා කැණහිල් ධේනුව කළදෙය නොදැන උන් මරා පහකොට පියවයි අපට හිතව තමාට විපක්ෂව ඇඬු කෑරලාට සමාධිව වැන්දෝයයි සිත සිතා උන්කලට සොරුන් මධ්‍යයට එකියන පුරුෂයා ඇවිත් වැද ගියේය. බෝධි සත්වයෝ තුළු අල්ලවයි කියා අල්වා ගත්තාහ. අල්වාගෙණ බෝධිසත්වයෝ විචාරන්නාහූ තොප මෙතනට ආයේ කුමක් සන්දාදැයි විචාළාහ. එවිට ඒ කියන්නේ තමා මවගේ වන දුන්තැන් එලවාගෙණ එන්ට කී නිසා නය එලවාගෙණ යෙමි කියන්නා ඇයි මසුරන් දාස තොප අතදැයි විචාරන්නා ගෙණාමි කිහ. එවිට බෝධිසත්වයෝ තොපගේ මෑනියන්ගෙන් තත්වය දනුදැයි විචාරන්නා මම නොදනිමි කීහ. තොපගේ මෑනියෝ මිය ගොසින් කැණහිල්ව ඉපද අතරමගදී තොප වැලකුවෝ ඌයයි කියා ඒ තොපි නොදැන අවැඩැට කළ දෙයෙකැයි සිතා උන්ව පහකොටපුව. තොපට අවැඩව අපට පක්ෂව ඇඬු කෑරළාගේ ශබ්දය අසා තොපි සතුටු වූව. එසේ හෙයින් තොප සේ වූ අඥානයෝ නැත. එසේවූ තොප මා නසන්නේ කිම්දැයි කියා තොපට ජීවිත හානිත් අර්ථහානිත් නො කෙරෙමියි අළහයි වදාරා බුදුව වැඩ ඉඳ වදාරණසේක් යම්සේ ඒ පුරුෂයාට වැඩ කී කැණහිල්ධේනුව අවැඩ කොට අවැඩ කී කෑරලා ශබ්දය වැඩ කොට සිතා විනාශයට පැමිණෙන්ට ගියේද. එලෙස යම් කෙණෙක් මා කීවා නොගිවිස මේ අඥාන භික්ෂූන් කීවා ගිවිසිකෙනෙක් ඇත්නම් මේ කෑරලා කීවා කොට විනාශයට පැමිණි පුරුෂයා මෙනැයි වදාරා මේ සතපත්‍ර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සොරුන් පන්සියයට නායකව උපන්නෙම් බුදුවු මම්ම යයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

270 කූටසාක ජාතකය
268 මහීස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.